ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 9, 2017

යාපනයේ නීතිය මිනීමරුවන් නිදහස් කිරීමද...?


ගුවන් හමුදා යානාවක්‌ විනාශ කළැයි චෝදනා ලත් හිටපු කොටියා නිදහස්‌....!!!
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානාවකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වැනසූ බවට චෝදනා ලැබ සිටි සිවසුබ්‍රමනියම් තිලයිරාජා නමැති හිටපු කොටි ක්‍රියාකාරියා යාපනය අධිකරණය මගින් නිදහස්‌ කර ඇත.
මොහු ත්‍රස්‌ත මර්දන ඒකකයට කර තිබූ බව කියන පාපොච්චාරණය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. තමා රැඳවුම් භාරයේ සිටියදී පාපොච්චාරණ ලබාගත් බව සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

කටුනායක 'ඩියුටි fප්‍රී‍' සාප්පු සංකීර්ණයත් ඉන්දියාවට දීමේ තැතක්‌...!!! ඒකත් ඉවරයි...!!!

සේවක සේවිකාවන් තුන් සියයකට පමණ රැකියා අහිමි කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ඉන්දියානුකරණය කිරීමේ මහා පරිමාණ සැලැස්‌මක්‌ ක්‍රියාත්මකව ඇතැයි එහි සේවක පිරිස්‌ සඳහන් කරති.
අතයට සිදු වන රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්‌ මත ටෙන්ඩර් මගඩියකින් ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ අයිතිය වසර පහකට ඉන්දීය සමාගමකට ලබා දීමෙන් මෙය සිදු කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති.
දැනටමත් අදාළ ඉන්දීය සමාගමට තීරුබදු රහිත ගුවන්තොටුපළ සාප්පු සංකීර්ණයේ කාණ්‌ඩඩ අංක 01 ට අයත් ඉහළ වෙළෙඳ ධාරිතාවක්‌ ඇති කුටිවල වෙළෙඳ අයිතිය පවරා අවසන්ව ඇතැයිද එම සේවකයෝ සඳහන් කරති.

පෙර පින මතක් කරන ජනතා පිම්පියෙක්...!!!

පෙර පිනට අපට ලැබී ඇති වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ ඒ ගැන නොදන්නා අයයි ....!!!
බස්‌නාහිර ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය
 "අපි ඉහත ආත්මවල රජවාසලවල ජීවත් වන්න ඇති. ඒ නිසා අපට මේ තානාන්තර ලැබිලා තිබෙන්නේ. පෙර කර ඇති පිංබලයෙන් අපට ලැබී තිබෙන වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ කිසිවක්‌ නොදන්නා පිරිසක්‌ බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය  ඉළුක්‌ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සව සභාවක්‌ අමතා ප්‍රකාශ කළේය.
වසර 52 කට වඩා වැඩි කාලයක්‌ දිගන, හා ඉළුක්‌ඕවිට ග්‍රාම නිලධාරි වසම්වල රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින ජනතාවට එම ඉඩම්වල, අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් බලපත් ලබා දීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ප්‍රධාන ඇමැති පිම්පියා, ඔබ සැමත්, මමත්, සීතාවක හා කෝට්‌ටේ රාජධානිවල ජීවත්වන අය පෙර ආත්මවල බොහොම පිංකරලා ඇති. ඒ නිසයි, අද ඔබට ඉඩමක හිමිකම ලැබෙන්නේ. ඔබේ ඉඩම් අයිතිය ලබා දෙන්න පැමිණි මට මේ පොළවේ කිසිම තැනක බිම් අඟලක අයිතියක්‌ නැහැ.
නමුත් පෙර පිං මහිමයෙන් මා අද කැබිනට්‌ ඇමැතිවරයකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව මිලියන ගණනක්‌ වටිනා නිවසක ජීවත් වෙනවා. දැන් බලන්න මහ මග අගුපිල්වල කොතරම් නම් පිරිසක්‌ බිම් අඟලක අයිතිය නැතිව සිටිනවද? ඒ ඔවුන්ට පෙර පිං නොමැති කමිනුයි. මිලියන 20 ක්‌ ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත්වන්නේ 225 ක්‌ වැනි සංඛ්‍යාවක්‌. ඒ පිං කරපු පිරිසක්‌. ඒ ගැන විවේචන චෝදනා කරන්නෙ අවබෝධයක්‌ නැති අයයි.

අන්තිමේ රජයේ මුද්‍රණාලාධිපතිනිය වරදකරු වෙයි.. නඩු වැටෙයි..?

1895/19 දරන ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය චෝදනා ලබන තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලය තුලද සාකච්චාවට ලක්ව ඇති අතර අදාළ ගැසට් නිවේදනය නිවැරැදි කිරීමට වහා පියවර ගත යුතු යයි ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් පල කර ඇත.
එසේ නොවුවහොත් කූඨ ලේඛන සකස් කිරීමේ අපරාධ චෝදනාවක් රජයට එල්ල වනු ඇති බවත් සාතච්චා වී තිබේ.

සෞඛ්‍ය ඇමතිගේ වකුගඩු රෝග සම්බන්ධීකාරකත් හොර දොස්තර කෙනෙක්..!!!

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ ‘වකුගඩු රෝග සම්බන්ධීකාරක’ ලෙස ක්‍රියා කරන තැනැත්තා වෛද්‍යවරයකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පුර්ණ නොකළ පුද්ගලයකු බව හෙළි වී ඇත. ඔහු රුසියානු උපාධියක් ලබා ඇත ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නැත. තවද රජයේ සේවයේ නියැලෙන වෛද්‍යවරයකු සමත් විය යුතු මුලික කඩයිම් පරීක්ෂණය (EBA) සමත් වී නැති බව ද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් සාමාන්‍ය වෛද්‍යවරයකුවත් නොවන මේ පුද්ගලයා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ වරප්‍රසාද රැසක් භුක්ති විදින බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළි කරයි.

LTTE ගුවන් ධාවන පථ හයකින් හමුදාව ඉවත් වෙයි.. ආපසු බාර දෙයි..

කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්‍රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.
ඉරනමඩු ජලාශය අසල පිහිටි ඉරණමඩු ධාවන පථය කොටින්ට ප්‍රයෝජනවත් වූයේ පනරොට්‌ රොට්‌ ඇතුළු වෙනත් උපාංග ගෙන ඒම සඳහායි. මේ නිසා එහි ඇති වැදගත්කම තේරුම් ගත් ගුවන් හමුදාව ඉරනමඩු ධාවන පඨය මීටර් 1500 ක්‌ දිග හා මීටර් 25 ක්‌ පළල ලෙසද පුළුල් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.