ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 8, 2017

ඈවරයි ...! දෑවරයි...!! ඒකත් ඉවරයි...!!!

ශ්‍රී ලන්කන් ඇමරිකාවේ ටීපීජී ගුවන් සමාගමට
- නි. ඇමැති එරාන් වික්‍රමසිංහ

 ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමෙරිකාවේ ටී. පී. ජී. ගුවන් සමාගමට විකිණීමට රජය තීරණය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පැවසීය.එම සමාගම 1992 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන අවස්‌ථාවේදී ද ඉල්ලුම් කර තිබූ බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ මොහොතේ එවකට පැවැති රජය එමිරේට්‌ස්‌ ගුවන් සමාගමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවරූ බව කීවේය.
ටී. පී. ජී. ගුවන් සමාගම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හා කිසිදු සම්බන්ධතාවක්‌ නැති අතර ඔවුන් පිළිගත් ගුවන් සමාගමක්‌ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දිනේෂ්ට සතියක්‌ මැතිසබය තහනම්

විමල්ගේ ස්‌වාධීන වීමේ ඉල්ලීම කථානායක
ප්‍රතික්‍ෂේප කිරීමෙන් මැතිසබය උණුසුම් වේ....!!!
දිනේෂ් ඉවත් කරන්න පොලිසිය මැතිසබයට .....!!!
පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ  කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීම නිසා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට පොලිසිය ගෙන්වුවත් ඔහු ඉවත් කිරීමට නොහැකි වීම නිසා මන්ත්‍රීවරුන් හැට තුනක වැඩි ඡන්දය මත ගුණවර්ධනට සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් කිරීමට ඊයේ (08 වැනිදා) කථානායක කරු ජයසූරිය  තීරණය කළේය.
මෙම සිද්ධිය නිසා පැය පහකට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තුව තුළ දැඩි ඝෝෂා කිරීම් මැද කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවිය. කථානායකවරයාට පාර්ලිමේන්තුව තුන් සැරයක්‌ අත්හිටුවීමට ද සිදුවිය.
1987 දී මුලසුනට අවනත නොවූ අස්‌වර් මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරීම සඳහා සභාගැබට පොලිස්‌ නිලධාරීන් ගෙන්වූ පසු යළිත් පොලිසිය සභාවට ගෙන්වීමට සිදුවූයේ ඊයේ දිනේෂ් ගුණවර්ධන  ඉවත් කිරීම සඳහා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.[Video/Photo]

මහාචාර්ය සෙනරත් පරණවිතාන

මහාචාර්ය සෙනරත් පරණවිතාන


විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වුණු මහා විද්‍යාර්ථියෙකු සහ යුග පුරුෂයකු ලෙස මොහු හැඳින්විය හැකිය. ඇතැම්හු, තම තනතුරු නිසා බැබළේ. එහෙත්, මෙතුමා නිසා සිදුවූයේ තනතුරට කිසියම් ප්‍රභාෂ්වරයක් හිමිවීමයි.
ඒ අන් කවරෙක් වත් නොව, නම ඇසූ පමණින් ඔබ හඳුනන, ශ්‍රී ලංකා පුරා විද්‍යාවේ පියා යන ආදර නමින් ඔබගේ හදවත්වල රැඳී ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහා ප්‍රඥයා ය.
  (උපත 1896- 12-26 වනදා) මේ මහා පඩිවරයා, පුරා විද්‍යාඥයා, සිහිපත් කිරීම, රටට, දැයට, සේවය කළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයෙක් පිළිබඳ වූ මතකය අවදි කිරීමකි. අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහාත් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසත්, විශේෂයෙන්ම, මේ සටහන  තබමි. එතුමා, ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ පුරාවිද්‍යාඥයන් අතර “සිළුමිණ” ය.
ශ්‍රී ලංකාවේ සාඩම්බර ඉතිහාසය ලොවට පසක් කරමින්, එතුමා ඉටුකළ සේවාව අති විශිෂ්ට ය. සීගිරි මහා මේකුල පවතිනා තාක් කල්, සීගිරි ගලේ ලියවී ඇති කුරුටු ගී සහ අප්සරාවන්, විජ්ජුලතාවන්, මේඝලතාවන් නිහඬව අප දෙස බලා සිටින තාක් කල්, ඒ සමඟ ම බැඳී ඇති පරණවිතාන නාමය, අපට අමතක කළ නොහැකි ය.

තම ජීවිතයේ හිරිකිතම දසුන හෙලි කරයි..

තම ජීවිතයේදී මුහුණ දුන් හිරිකිතම අවස්තාව කුමක්දැයි මේජර් ජනරාල් කමල් ගුණරත්න  අදහස් පල කරයි.
ඔහු මේ අදහස් පල කලේ පසුගියදා බොරලස්ගමුවේදී පැවති ‘වියත්මග’ උත්සව සභාව අමතමිනි.
ආබාදිත රණ විරුවන්ට එල්ල වූ පොලිස් ප‍්‍රහාරය තම ජීවිතයේ හිරිකිතම සිදුවීම යයිද කී ඔහු බොහෝ කැපකිරීම් කර බේරාගත් රට බන්දේසියක තබා අලුත් ව්‍යවස්ථාවකින් පාවා දෙන තෙක් නිහඩව සිටියොත් රටට ද්‍රෝහින් වන බවද කීය.video

පිසාච කරුපයියා විල්පත්තුවේ තවත් පැත්තක් කා දමයි...!!!

විල්පත්තු රක්ෂිත දෙකක වනාන්තර අක්කර 175 ක් නීති විරෝධීව පුද්ගලික සමාගමකට දෙයි…!!!
මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ උපදෙස් පරිදි රොහාන් ප‍්‍රනාන්දු ගේ සභාපතිත්වයෙන් යුත් එච්.වී.එ්. ෆුඞ් සමාගම යටතේ කි‍්‍රයාත්මක වන එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස ලබා දී තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔය හා සම්බන්ධ ව ඇති වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් මෙම ඉඩම් ලබා දීම සිදු කර ඇත. දැනට මේ සමාගම මෙම රක්ෂිත ප‍්‍රදේශ දෙකට හා රාල්මඩුව – අච්චිමලේ පුරා විද්‍යා රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 35 ක් නීති විරෝධීව එළිපෙහෙළි කර පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වගා බිම පවත්වාගෙන යයි. පුත්තලම දිස්ති‍්‍රක්කයේල වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේල අංක 635 රාල්මඩුව ග‍්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග‍්‍රාමයේ මෙම නියමු වගා ව්‍යාපෘති භූමිය පිහිටා ඇති අතර ඊට යාබදව පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් අලූතින් වනාන්තර අක්කර 175 ලබා දී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.