ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 7, 2017

‘බලාගෙන සමලිංගික කට්ටිය ඉන්නවා..’ මාමයි-බෑණයි මහ සභාවක් සිනා සාගරයේ ගිල්වයි..

බොරල්ස්ලගමුවේදී පැවති ‘වියත්මග’ මහ සමුළුවේදී ප‍්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන බන්දුල විජේවීර හා රෝහන බැද්දගේ විසින් ඉදිරිපත් කරන ලද රංගනයට සබාවේ උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.මෙම උත්සවයටද පසුගිය රජය ජනතාවට ඵපා කළ සාටක සුණඛ බැසිල්ද ඵක්ව සිටිනු දක්නට ලැබිණ. රටේ මුදල් මිලියන ගණනක් සොරා කා ඒවා ඇමෙරිකාවේ සුඛෝපභෝගී නිවාස මිළදී ගත් මෙරටද නිවාස ඉදිකළ ජනතා ද්‍රෝහී මෙවැනි කපටීන් ගෙන්වීම නිසා මෙවැනි වටිනා උත්සව මස්තබාල්දු වේ යැයි සහභාගී වූ අය පවසනු ඇසිණ.[Video]

රටම අගාධයේ නමුත් දේශපාළු පිසාච කාළකණ්නි නැවතත් වාහන ගෙන්වති...!!!

ඇමැති - නි. ඇමැති 11 කට වාහන ගන්න කෝටි 49 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌
ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක්‌ ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42000000 ක්‌ද වාරි මාර්ග හා ජල සම්පත කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 86000000 ක්‌ ද විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ ඇමතිවරයා වෙනුවෙන් වාහනයක්‌ මිලදී ගැනීමට රුපියල් 41000000 ක්‌ද සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමතිවරයාට රුපියල් 43000000 ක මුදලක්‌ද, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 43000000 ක මුදලක්‌, තිරසර සංවර්ධන හා වනජීවි ඇමැතිවරයාට රුපියල් 43000000 ක මුදලක්‌ ද ඉල්ලා ඇත.

බැඳුම්කර ණය පියවීමට මහා භාණ්‌ඩාගාරයට දුෂ්කරලූ...!!!


බැඳුම්කර ණය පියවීමට මහා භාණ්‌ඩාගාරයට විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ තිබෙනවා ...මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි බැඳුම්කර කොමිසම හමුවේ කියයි...!!!
භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර  ඊයේ (07 දා) හෙළි කළේය.
මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාට කරුණු පැහැදිලි කිරීමට මහ බැංකුව පියවර ගත් බව ද සරත්චන්ද්‍ර මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පරීක්‍ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

කාළකණ්නි නරුම ඵන්.ජී.ඕ හැතිරිය වහා ඉවත් කරනු...!!!

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන පරීක්‍ෂණ...!!! දරු ප්‍රසූතියෙන් පසුව බලහත්කාරයෙන් උපත් පාලන සැත්කම් සිදු කරන බව කියන දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මෙම වෛද්‍යවරිය කිසියම් රාජ්‍ය නොවන සංවිධානයක්‌ සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක්‌ මතුව ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම  පවසයි.
දඹුල්ල රෝහලේදී දරුවන් බිහිකළ මවුවරුන්ට රෝහලෙන් පිටව යැමට නොදී උපත් පාලන සැත්කම් සිදු කර ගන්නා ලෙස බලපෑම් කළ බවට මෙම වෛද්‍යවරියට චෝදනා එල්ලවීම නිසා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහගේ මෙහෙයවීමෙන් මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇත. අදාල වෛද්‍යවරිය ( කාළකණ්නි නරුම හැතිරිය ) දඹුල්ල රෝහලට පැමිණ ඇත්තේ දෙසතියකට පෙර බවත් ඊට පෙර රත්නපුර රෝහලේ සේවය කර ඇති බවත්, එහිදී ද මෙලෙස බලෙන් උපත් පාලන සැත්කම් සඳහා මවුවරුන් යොමු කොට ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

හදිසියේ දිස්වූ අරුම පුදුම ඡායාව...!!!

වීර කැප්පෙටිපොල නිලමේ තුමා ඇතුළු 1818 කැරැල්ලට සහභාගී වූ රණ ශුරයන් දේශද්‍රෝහීන් ලෙස සියවස දෙකක් පුරාවට ලංකා ඉතිහාසයේ නම් කොට තිබියදී ඒ සියලු දෙනාම මාර්තු 1 වනදා ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන  විසින් ඓතිහාසික මගුල් මඩුවේදී දේශප්‍රේමින් ලෙස නම් කිරීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනා කරන අවස්ථාවේදී ක්ෂණිකව මහා නාහිමිවරුන්ගේ වටාපතට හැඩි දැඩි රැවුලක් සහිත පුද්ගලයකුගේ මුහුණක සේයාවක් වැටුන බව දියවඩන නිලමේ තැන්පත්  නිලංග දෑල බණ්ඩාර  විසින් දැක ඇති අතර එය දුටු විගස එය සතර මහා දේවාල වල බස්නායක නිලමේ වරුන් ඇතුළු පිරිසට එය පෙන්වා ඇත.

සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් ඵළි දැක්වේ....!!!

ලෝකයම මවිත කරමින් වොක්ස් වැගන් ආයතනය  රියදුරෙකු රහිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නවීන තාක්ෂණයෙන් යුත් මොටර් රථයක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනෙවා. වොක්ස් වැගන් ආයතනය වසර ගණනාවක් පරික්ෂණ කොට සාදා ඇති මෙම මෝටර් රථය සඳහා ඔවුන් Sedric යනුවෙන් නම් තබා ඇති අතර පසුගිය දිනක මෙය ජිනීවා මොටර් රථ ප්‍රදර්ශනයකදී හදුන්වා දී තිබෙනවා.video

හසුවූ ලක්ෂ 8000ක කුඩුවල හිමිකරුගේ කෝටිපති වත්කම් මෙන්න..!!!

රුපියල් ලක්ෂ 8,000ක් පමණ වටිනා හෙරෝයින් කිලෝ 13ක් සමඟ සැකකරුවකු  (6) සවස ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තොටළඟ වික්‍රමසිංහ මුදියන්සේලාගේ දොන් අමරසිරි නොහොත් ජපන් චූටි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවදානය යළිත් යොමුව තිබෙනවා.
ඒ, ජපන් චූටි නැමති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව සහ ඊට අදාළ නිවස චූටිගේ බිරිඳ හෝ නෑනාට අයත් බව ග්‍රෑන්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත ඇතුළු කණ්ඩායම විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.

තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා....!!!

තම සමීප ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට ගමන් කරමින් සිටි මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වාහනයට සුනඛයෙකුට බියේ පැනයමින් සිටි වසුපැටවෙකු අහම්බයෙන් හැපීමේ සිද්ධියක් පසුගියදා ඒකල ප්‍රදේශයේදී සිදුව තිබේ.
මෙම අවස්ථාවේ තුවාල ලද ඌ වේදනාවෙන් කෑගසමින් එතැන වැටී
තිබේ. අනතුරින් අලාබවූ තම වාහනය හෝ ගමන ගැන නොසලකා හරින ලද වෛද්‍යවරයා වහාම වාහනයෙන් බැස එතැනදීම ඌව සුවපත් කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කර තිබුනේ ඒ වෙලාවේ සොයාගන්නට හැකිවූ අඬු කම්බි ආධාරයෙනි.
මෙම සත්ක්‍රියාවෙන් පසු වසු පැටවා සුව කොට අයිතිකාරිය වෙත භාරදෙන්නට ඔහුට හැකිව තිබේ.
මෙම සිදුවීම ගැන වෛද්‍යවරයාගේ සොයුරෙකු විසින් සමාජ මාධ්‍ය වෙත පහත පරිදි වාර්තා කර තිබුණි.
‘මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛ්‍යෛ රන්දිල් ප්‍රමෝද් ද අල්විස් ඔහුගේ බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට එදින උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් විය.
ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් මා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ ” ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන ලෙසය”.Video

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.