ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 6, 2017

බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා....!!!

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ  හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න 
 රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ මහ බැංකු අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන්  තමා වෙත තරයේ උපදෙස්‌ දුන් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න  (6 දා) මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවාය.
නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සහ තම දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මේ තීරණය පිළිගන්නා ලෙස තමාට තරයේ උපදෙස්‌ දුන්විට එම තීරණය ක්‍රියාත්මක කරනවා හැරෙන්නට තමාට වෙනත් විකල්පයක්‌ නොතිබූ බවද ඇය කීවාය.
අධිපතිවරයා එහිදී තමා දෙසට හැරී .DO IT . යන වචන භාවිතා කරමින් එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස තමාට නියෝග කළ බවද ඇය කියා සිටියාය.
අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආසිම් එම තීරණයේ අහිතකර බව සිව් වතාවක්‌ පෙන්වා දුන්නත් පළක්‌ නොවූ බවද නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා නිහඬව බලා සිටි බවද ඇය කියා සිටියාය.

සට්ටඹි මෝංගලයා රහසේම රට පාවා දෙයි...!!!

 ජිනීවා ශාලාවකදී  මංගල සමඟ විනාඩි 45ක්‌ සාකච්ඡා කළා ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම කියයි ....  ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක දොර අගුල්ලා තමා සහ විදේශ ඇමැති මංගල සමරවීර  ඇතුළු දූත කණ්‌ඩායම සමඟ විනාඩි 45 ක්‌ සාකච්ඡා කළ බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම විසින් හෙළිකර ඇත.  මෙහිදී රජයේ වගවීමේ ක්‍රියාදාමය ගැන තමා අතෘප්තිමත් බව දූත කණ්‌ඩායමට පැවසූ බව එමානුවෙල් පියනම සඳහන් කර තිබේ.

රජයෙන් කෝටි 120 ක්‌ සාලාවට ....!!!

සාලාව අනතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් රජය රුපියල් කෝටි එකසිය විස්‌සකට අධික මුදලක්‌ වෙන්කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් එස්‌. එස්‌. මියනවල  පැවසීය.නිවාස රැකියා ස්‌ථාන, රථවාහන ඇතුළු කාණ්‌ඩ කිහිපයක්‌ වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කළ බව හෙතෙම කියා සිටියේය.
තක්‌සේරු වටිනාකම ලක්‍ෂ 10 ට වැඩි නිවාස සඳහා රුපියල් මිලියන පන්සිය අසූඅටක්‌ (588 ක්‌) එම වටිනාකම අඩු නිවාස සඳහා මිලියන එකසිය විසිදෙකක්‌ (122 ක්‌) ලබාදී ඇති බවත් පූර්ණ හානි වූ හා වාසයට නුසුදුසු නිවාස සඳහා රුපියල් මිලියන හැත්තෑදෙකයි දශම දෙකක්‌ (72.3) වැය කළ බවත් හෙතෙම කීවේය.

පිසාචයන්ගේ බුද්ධි අංශ දඩයම....!!!

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිලධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID අයද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.
ජනාධිපති සිරිසේන  බොහෝ අවස්‌ථාවල සේනාධි නායකයා ලෙස තමන්ගේ හමුදාවන් රකින බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මාර්තු 04 වන දා පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්‌ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අදහස්‌ දැක්‌වූ ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමන් සූදානම් නැතැයි එඩිතරව ප්‍රකාශ කළේය. එහෙත් CID ය බුද්ධි අංශ නිළධාරීන් පසුපස යමින් ඔවුන් රිමාන්ඩ් කිරීම නතර කර නැත. ඒ වෙනුවෙන් ඇතැම් CID යේ ඇතැමුන්ට අතීතයට ද බලපාන පරිදි "ඩබල් ප්‍රමෝෂන්" ද ලැබේ.

කොන්ද පණ ඇති නායකයන් වෙනුවට දැන් සිටින්නේ පඹයන්...!!!


( මාර්තු 4) දින පස්වරුවේ පැවති“වියත්මග” වාර්ෂික මහා සමුළුව, වර්තමානයේ අප රට හමුවේ ඇති විෂය ක්ෂේත්‍රයන් දහයක් පිළිබඳ සාකච්ඡාවක් සහිත ඉතා සුවිශේෂී වූ මහා සමුළුවක් බවට පත් වුනු බව ඊට සහභාගී වූ සැමට දැනුනේ එහි ආරම්භයේ සිටය. එහි කථිකයින් අතුරින් සෞඛ්‍ය ක්ශේත්‍රය පිළිබඳව දේශණය සිදුකල විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ කථාව මුළු “වියත්මග” සභාවම තුෂ්ණිම්භූත කිරීමට සමත් විය.මේ උත්සවය සඳහා සාටක සුණඛ බැසිලාද සහභාගීවී සිටිනු දක්නා ලදී. Video

රාජිතයා හොරා උගෙ පුතා ඊටත් හොරා...!!!

රාජිතගේ පුත් කාණු කටාත් පිලිකා එන්නත් ජාවාරමක...!!!සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බලපෑම මත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ටුස්ටුසුමැබ් නැමැති පිලිකා එන්නත ලංකාවට ගෙන්වනු ලබන ඖෂධ සමාගම වන Pharmace (Pvt) Ltd හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ රාජිතගේ පුත් චතුර සේනාරත්න සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් කලමණාකරණය කිරීමේ සුදුසුකම් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට පත් එචි.එම්.එම් රූමි බව වාර්තා වේ. ලෝක සම්භාවනාවට පත් කීර්තිමත් විද්වත් දෙපළක් වූ මහාචාර්ය ලාල් ජයකොඩිත්, හා මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස හා ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන වකවානුවේ මෙම ඖෂධය ලියාපදිංචි කිරීම සදහා සෞඛ්‍ය ඇමතිවරයා දැඩි බලපෑමක් කරනු ලැබුවේය.

සීනි, ලූණු ඇති ආහාරවලට තවත් බදු පැනවිය යුතුයි...!!!

රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 68 ක් මියයන බෝනොවන රෝග පාලනය කිරීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක ෙවි. එහිදී පාසල් පෝෂණ වැඩසටහන ඉන් ප‍්‍රධාන වෙයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වයස අවුරුදු 06-10 දක්වා වයස් සීමාෙවි දරුවන් සිටින පාසල් 400 කට පෝෂණය පිළිබද දැනුම ලබාදීම සදහා වූ කරුණු ඇතුලත් පොත් ලක්ෂ 10 ක් ඉදිරියේ දී බෙදාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සකස් කොට ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන අතර, පාසල් අපනශාලා ප‍්‍රතිපත්තිය ද අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.

හරියට කියන්න බැරිනම් මගෙ ගීත ගයන්න එපා ....!!!! සුජාතා අත්තනායක...!!!

“සූරියවංශේ සිංහල පුතුනේ
නැලවිලි ගී මා හද ආදරේ
මේ රණ ගීතය සවන තියා
මව්බිම නලවා ගන්න පුතේ”

ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් විසින් රචනා කළ ප්‍රවීණ සංගීතවේදී ලයනල් අල්ගම සංගීතවත් කළ මේ ගීතය ගායනා කළේ ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක විසිනුයි. හැත්තෑව දශකයේ බිහි වූ මේ ගීතය අදත් එදා වගේම එක සේ ජනප්‍රිය ගීතයක්. එක්තරා රූපවාහිනී නාලිකාවක් සතිපතා විකාශය කරන රියැලිටි වැඩසටහනකදී  වත්මන් පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා මේ ගීතය ගායනා කළා. එදා එම වැඩසටහනට නිමිත්ත වෙලා තිබුණේ නිදහසයි. ඒ අවස්ථාවේ ඇය මෙම ගීතය සමග මාලනී බුලත්සිංහල ගයන මේ රට මගෙ රට කියන ගීතයත් ගායනා කළා. වැඩසටහනේදී එම ගීත ගැන සඳහන් වෙන විට මාලනී බුලත්සිංහලගේ නම සඳහන් වුණත් සුජාතා අත්තනායකගේ නම සඳහන් නොවීම ගැන තමන් තුළ ඇත්තේ බලවත් කලකිරීමක් බවයි ඇය  කියා සිටියේ.
සූරියවංශේ ගීතය උමාරියා ගායනා කළේ හරිම අසාර්ථක මට්ටමකට. ඊට හේතුව අනවශ්‍ය දෑ ඊට එකතු කරන්නට යාම. ලයනල් අල්ගම මීට අවශ්‍ය හැමදේම එකතු කරලා තිබුණා. මම ඒ හැමදේම ගැයුවා. මේකට තව අනවශ්‍ය දේ එකතුවිය යුතු නැහැ. පැරණි ගීතයක් ගයද්දි ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
 වෙනත් ගායිකාවන් ගැයූ මගේ ගීත විකාශය කරන්න එපා කියලා මම නීතිඥයන් හරහා සියලුම නාලිකාවලට ලිඛිතව දැනුම් දීලයි තියෙන්නේ. 

යුධ වැදුණු බුද්ධි නිළධාරින් 5000 කට රජයෙන් දැඩි පීඩා ....!!!

වත්මන් ආණ්ඩුව විසින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සදහා , මෙරට යුධ හමුදාව පිලිපීන හමුදාවක් බවට පත් කිරීමේ ද්‍රෝහි සැලසුමක් ආරම්භ කර ඇති බවට , දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසනවා .බත්තරමුල්ල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර  ,
“මේ ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා ආණ්ඩුව බලයට පත් කල ,බෙදුම්වාදි බලවේග සතුටු කරන්න.ඒ බෙදුම්වාදි න්‍යාය පත්‍රයට අනුකූලව හැසිරෙන එක .ඒ වගේම තමා මේ අයට ඕනෑ වෙලා තියෙනවා මේ රාජ්‍ය දුර්වල කරලා ,වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් විසින් මෙහෙය වන දුර්වල රාජ්‍යයක් බිහි කරන එක .එවැනි රාජ්‍යක් තුළ තමා සිවිල් බලවේග යටපත් කරලා , දේශපාලන ආධිපත්‍ය පතුරුවන්න පුළුවන් වෙන්නේ .

අමෙරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශ ගිවිසුම තවදුරටත් පවත්වා ගෙන යෑම...!!!

ඇමරිකාව ආසියාවේ රටක යුධ වැදුණොත් ආහාර, ජලය, කූඩාරම් ඉදිකිරීම සඳහා භූමිය, ප‍්‍රවාහන පහසුකම්, (ගුවන් පහසුකම් ඇතුළුව) ඛනිජ තෙල්, ලිහිසි තෙල්, ඇඳුම්, සන්නිවේදන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, උණ්ඩ සහ පතරොම්, ඇතුළු සියලූම පහසුකම් අපෙන්
007 රාජපක්ෂ ආණ්ඩුව සමයේ අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අමෙරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කල බවත් , එම ගිවිසුම තවදුරටත් පවත්වා ගෙන යෑමට රජය කටයුතු කිරීම රටට ඉතා අහිතකර බව , ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ටිල්වින් සිල්වා පවසනවා. (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .
අදාළ ගිවිසුමට අනුකූලව , කිසියම් යුදමය කටයුතුවලදී දෙරටම එකිනෙකාට උදවු කළ යුතු බවත් ,ඇමෙරිකා එක්සත් ජනපදය මේ කලාපයේ කිසියම් යුදමය කටයුත්තක් කරනවා නම් ඔවුන්ගේ යුද යානාවලට, නැව්වලට සහ සෙබලූන්ට පහසුකම් ලබාදෙන්න අපේ රට බැදී සිටිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.