ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 4, 2017

බුදු මැදුර සුරකින මහරූෆ් උපාසක මහත්තයා.... !!!

ශ්‍රී ලංකාවේ පුංචි අරාබිය ලෙස ප්‍රචලිත වී ඇත්තේ, මූතූර්ය. ත්‍රිකුණාමලයේ දකුණු කොනට වන්නට පිහිටි මූතූර්  “පුංචි අරාබිය” ලෙස හඳුන්වන්නේ ඇයිදැයි යමෙකු විමසුවහොත්, ඊට පිළිතුර ලෙස කීමට ඇත්තේ,  අරාබිය  සිහි ගන්වන්නට මූතූර්හි ඇත්තේ නොව  නැත්තේ, ඔටුවන් සහ කාන්තාර පමණක් බවයි.
මූතූර් ජනයා ඒ සංස්කෘතිය හා  කොතරම් බද්ධ වී සිටීදැයි කීමට එහි සිටුවා ඇති රටඉඳි ගස්ම ප්‍රමාණවත්ය. වෙනත් ස්ථානවලින් මහත් වියදමක් හා පරිශ්‍රමයක් දරා ගලවා ගෙනැවිත් මෙසේ රටඉඳි ගස් රෝපණය කරනුයේ, පරිභෝජනයට නොව අරාබි සිරි ගන්වන්නට බව අමුතුවෙන් කිව යුතු නැත. එබඳු සන්දර්බයක් තුළ මූතුර් හි බුදු රුවට පෙම් බඳින මුසල්මානු බෞද්ධ උපාසකයකු ගැන අපූරූ කථාවකි මේ,

මේ හඬටද සවන් යොමන්න...!!! වික්ටර් රත්නායක

පසුගියදා වික්ටර්ගේ පෞද්ගලිකත්වය   පිළිබඳවවූ ප්‍රශ්ණයකදී අප ලංකානිව්ස් ප්‍රචාරයක් නොදුන්නේ ඵම ගාන්ධර්වයාණන්ගේ පෞද්ගලිකත්වයට මඩගසා ජනප්‍රියවීම අප ලංකානිව්ස් ප්‍රතිපත්තියක් නොවන නිසාය.මේ පිළිබඳව  වික්ටර් රත්නායකයන් මාධ්‍ය ප්‍රකාශයක්    නිකුත් කොට ඇත ඵය  පළකිරීම අපගේ යුතුකමය.
තමන්ගේ දෙවන විවාහය සම්බන්ධයෙන් තම පුතුන් දෙදෙනා හා අන්තර්ජාලය ඔස්සේ පලවන විවේචන සම්බන්ධයෙන් ප‍්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා අදහස් පල කරයි.
ඔහු සදහන් කරන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් කිසිත් නොදැන තමන්ව විවේචනය කිරීම අසාධාරණ බවයි.
තමන් තම රසිකයන්ට කිසි දිනෙක අසාධාරණයක් සිදු කර නැතියිද බවසන ඔහු මෙම සිදුවීමේදී සමාජ මාධ්‍ය තම පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වී ඇතැයිද කියයි.

එළිච්චියකගේ බෑ...බෑ... ගර්ජණාව....!!!

තොරතුරු ඉල්ලූ විට පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය උඩු බුරයි…

තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීම සදහා අයදුම් කල අප සංවිධානය ඒ පිළිබදව විමසිම සදහා පාරිභෝගික අධිකාරියේ තොරතුරු නිළධාරිනිය ලෙස පත්කර ඇති එස්. සජීවනී කස්තුරිආරච්චි නියෝජ්‍ය අධ්‍යක්ෂ- අනුකුලවීම් හා බලගැන්වීම් යන අය  ඇමතූ විට  තොරතුරු ඉල්ලා සිටීම පිළිබදව උරණවී ඇය අප සංවිධානයේ සභාපතිවරයා වෙත අද දින දෝෂාරෝපණය කර ඇත. අප සංවිධානය විසින් ඉල්ලුමි කරන ලද තොරතුරැ අපවෙත එවා ඇති බවත් ලිපිනය වැරදියැයි සදහන් කර එම ලිපිය අධිකාරිය වෙත නැවත එවා ඇති බවත් නිළධාරිනිය පැවසූ නිසා නැවතත් අධිකාරිය විසින් එම ලිපිනයට අදාල ලිපිය යවා ඇති බැවින් අප සංවිධානයෙන් ලිපිනය පිළිබදව විමසීමක් නොකර නැවත තැපෑලට ලිපිය යොමු කිරීම පිළිබදව නිළධාරිනිය විමසන ලදී.
තොරතුරු ලබා ගැනීමේ පනත මෙරට මහජනතාවගේ අයිතියක් බව රජයේ නිළධාරින් වටහාගත යුතු සේම එම නිළධාරින්ට වැටුප් ගෙවනු ලබන්නේද මෙරට ජනතාවගේ මුදලින් බව මෙම නිළධාරීන් වටහා නොගතහොත් මෙරට ජනතාව ඔවුන්ට එය වටහාදිමට සුදානම්ය.අදාල හඬ පට මෙහි දැක්වෙයි.

බළලා පැනීමට ආසන්නයි....!!!

දුමින්දගේ මොලයට බර හානි වෙලා.. – ජාතික රෝහල් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් අධිකරණයට දන්වයි..
මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ මොලයට දැඩි හානි සිදුව ඇති බව අධිකරණය වෙත වාර්තාවක් සපයමින් කොළඹ ජාතික රෝහල පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවට තවත් විශේෂඥ වෛද්‍යවරුන් නව දෙනෙකු අත්සන් තබා ඇත.

“අනේ මේ මී හරක් රැලක් පාර්ලිමේන්තුවට රිංගලා , අපි විදින දුකක් . ....!!!

බස්නාහිර පළාතේ රෝහල් තුළ වෛද්‍යවරුන්  (03) උදෑසන ආරම්භ කල වැඩ වර්ජනය නිසා රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වුණා.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පාමිනුයි රජයේ වෛද්‍ය නිළධාරින් විසින් මෙලෙස වැඩවර්ජනයේ නියැළුනේ.
 (04)උදෑසන 08.00 දක්වා මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනු ඇති.
වැඩවර්ජනය හේතුවෙන් දැඩී අසීරුතාවයට පත්වූ රෝගි ජනතාවට ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනාත්මකව අදහස් පල කරන්නට විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.