ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 2, 2017

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව සාක්‍ෂි ලැබේ..!!!

 බැදුම්කර කොමිසම හමුවේ සහකාර අධිකාරී සාක්‍ෂි දෙයි…!!!
2015 පෙබරවාරි මස 27 වන දා මතභේදාත්මක බැඳුම්කර නිකුතුවේදී එවක මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්  ගනුදෙනු කාලසීමාවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය.
එම්.ඉසෙඩ්.එම්. අසීම් පැවසුවේ, පෙරවරු 8.30 ට ආරම්භ කළ වෙන්දේසිය පෙරවරු 11 ට අවසන්වීමට නියමිතව වුව ද මහේන්ද්‍රන්  රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සිටියදී වෙන්දේසිය අවසන්වීමට විනාඩි කිහිපයකට පෙර ඉදිරි කාර්යාලයේ ප්‍රධානියා එම ස්ථානයට පැමිණි බව ය.
ප්‍රාථමික ගැනුම්කරුවෙකු වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට ඉල්ලීමක් ඇති ඔහු රාජ්‍ය ණය අධිකාරීවරියට කළ දැනුම්දීම අනුව පෙරවරු 11 යි 5 දක්වා වෙන්දේසිය දීර්ඝ කිරීමට අනුමැතිය ලැබී තිබේ.
මේ අතර වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බැංකුව බිලියන 13.58 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර එය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කර ඇතැය පසුව අනාවරණවූ බව සාක්ෂිවිමසීමේදී හෙළිවිය. VIDEO

ශ්‍රී ලංකාවට එරෙහිව ගතු කියන්න ඊළාම්වාදීහු 30 ක්‌ ජිනීවා එති...!!!

 ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊළාම් ක්‍රියාකාරීහු 30 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටිති.
මොවුන්  (03 දා) සිට මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීම් 13 ක්‌ පැවැත්වීමට ශාලා වෙන්කරගෙන තිබේ.මේ සඳහා ලංකාවෙන් පැමිණි දේශද්‍රෝහී  ඵන්.ජී.ඕ. ඩොලර් කාකයන්ද රැසක් සිටී.ඵකල ගැහැණුන්ගේ යට ඇඳුම් මැසූ සන්නාලියෙකුවන වත්මන් විදේශ ඇමති මංගලද රටට ඵරෙහිව සිටී.

දේශප්‍රේමී හොරා...!!!

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ට ව්‍යාපාර කටයුතු කිරීමේ බලය පවරමින් තමා හෝ තම බිරිය කිසිඳු අවස්ථාවක ඇටෝනි බලපත්‍රයකින් බලය නොපැවරූ බව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර තමාගේ ව්‍යාපාර කොටස්
විකිණීමෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේදී සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්  ඊයේ (01) කොළඹ මහාධිකරණයේදී පැවසීය. ෂෑන් ඒෂියා බැංකුව වෙත ඉදිරිපත් කර ඇති ව්‍යාජ ඇටෝනි බලපත්‍රයේ යොදා ඇති අත්සන් තමන්ගේ හෝ තම බිරියගේ නොවන බවට තමාට සහතික කර පැවසිය හැකි බවත් බ්‍රයන් ෂැඩික්  පැවසීය.

කීත් නොයාර් පැහැරගෙන වධ හිංසා කිරීමේ සුලමුල



කාලයේ වැලිතලා අතර සැඟව යන්නට තිබූ තවත් එක් අපරාධයක සුලමුල පසුගිය සතියේ දිග හැරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. වසර අටක් තිස්සේ සැඟවී තිබූ තොරතුරු රැසක් එකිනෙක ගලා එන්නට වූයේ රහස් පොලිස් විමර්ශකයන්ට තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි ඉඟි මතු කරමිනි.

දශක තුනක් තිස්සේ දිග්ගැස්සුණු සිවිල් යුද්ධය යුදමය වශයෙන් පරාජය කිරීමට තිබුණේ හරියටම වසරක් පමණි. ඒ 2008 වසරයි. උතුරුකරයේ වෙඩි හඬ නිතර දෙවේලේ ඇසෙද්දී දකුණද වරින් වර ගිනියම් විය.

කීත් ලෙරෝයි නොයාර්  එවකට ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා විය. ඔහු ප්‍රසිද්ධව සිටියේ විවිධ මාතෘකා ඔස්සේ විචාරශීලි ලිපි ලියන මාධ්‍යවේදියකු ලෙසය.

බණ්ඩාරවෙල නගරයේ වෙන්න ගිය විනාශයක් වලකන්න කළ විනාඩි දෙකේ මෙහෙයුම (VIDEO)

බණ්ඩාරවෙල නගරයේ මාහා මාර්ගයක් අයිනේ තිබූ ගසක් වර්ෂා අවස්ථාවක ඉදිරී වැටෙනවා. ගසේ අසාමාන්‍ය සෙලවීමක් දකින පොලිස් අධිකාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ගස අසල නවාතා තිබූ වාහන සියල්ල ඉවත්කරවීමටත් මාර්ගයේ ගමන්ගත් වාහන නවතා දමන්නටත් කටයුතු යොදනවා. එසේ නොවන්නට ගස පෙරලීමෙන් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබුණා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.