ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 27, 2017

‘අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයේ උපදෙස් නොතකා විවෘත ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කළා‘


ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති  අර්ජුන් මහෙන්ද්‍රන් මුල්‍ය මණඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඝෘජු ස්ථාන ක‍්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කරන ලදැයි බැදුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග  (27) පැවසීය.
කොටස් හා සුරැකුම් නීතීය කඩකරන අයෙකු අපරාධමය වරදක් කළා සේ සළකා එම පණත අනුව වසර පහකට නොවැඩි සිර දඩුවමක් හා රුපියල් මිලියන 10ක දඩයක් නියම කිරීමට හැකියාව ඇතැයි ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග  කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළේය.

සමයංගේ පාපෝච්ඡාරණය...!!!


පාදඩ මුදල් ඇමති රවී කරුණානායක හෙවත් කරුප්පයියාගේ පාතලයන්ගේ ඵළිපිට මෙහෙයුමෙන් අවසන් ගමන් ගිය සමයංගේ ප්‍රථම සහ අවසන් පුවත් සාකච්ඡාව....රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ පුවත සමගය.  දකුණු උරහිසට වැදුණු වෙඩිපහරින් ජීවිතය බේරාගන්නට රණාලේ සමයංට එදා හැකිවිණි. එහෙත් තමන්ගේ ජීවිතයට ද අකාල මරණයක සෙවණැලි වැටී ඇති වගත් පාතාලයේම උණ්ඩයක් ඉතා ඉක්මණින්ම තමා සොයා එන බව සමයං එදින පසක් කරගත්තේය.
මහඋළුගෙදරින් පිටත ලෝකයට නැවත පියමැන පාතාල ඉසව්වේ අවි අත නොදරා අතීතයට සමුදෙන්නට හැකිද යන සිතුවිලි මාලාවක සමයං තනි වූ මොහොතක් ද විය. සමයංට පාපොච්චාරණයක් කරන්නට අවශ්‍ය විය.
 ලියුම්කරු සමංයව සම්බන්ධ කරගත්තේ ඒ අනුවය. මතුදැක්වෙන්නේ මාරයා දැක දැක තම අතීතය හා අනාගතය ගැන ඔහු පුවත්පතක් හමුවේ කළ එකම කතාවයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන ලෝක නියමයට අනුව අද සමයං ජීවතුන් අතර නැත. එහෙත් සමයංලා බිහි කරන සමාජ වටපිටාව වෙනුවට වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් දරදිය අදින්නට මුළු මහත් සමාජයට ඔහු වැටී සිටි අඩිය තේරුම්ගැනීම වැදගත් වනු ඇත.  

කූඨ ගැසට් පත‍්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්‍ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..

ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් සදහන් කර ඇත.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දිනයේ ප‍්‍රකාශක් ලබා දෙමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මේ බව පවසා තිබේ.

මූල්‍ය වෙළෙඳපොළ රත්වේ.. මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව බෑනාගේ බැදුම්කරය ඇතුළු බිලියන 3500ක් නිතී විරෝධීයි.. ආණ්ඩුව පොලිය ගෙවිය යුතු නෑ..

2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ  විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය, මුදල් අමාත්‍ය රවි කරුනානයක ( තක්කඩි කරුප්පයියා )  අතට පත්ව ඇත.
එම ගැසට් පත්‍රය සම්බන්ධව 2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල නිල නිවේදනය 7 වෙනි ඡේදයේ මෙසේ සඳහන් වේ.
“7. මේ ආකාරයට, සියලූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ඇත්තේ ලියාපදිංචි කොටස් හා සුරැම්පත් ආඥාපනතේ අඩංගු ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මහ බැංකුවේ විශේෂඥයින් සහ වෘත්තිකයන් යැයි කියා ගන්නා නිලධාරීන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂට හා අජිත් නිවාඞ් කබ්රාල්ට පහසුකම් සැලැසීම සඳහා දැනට ප‍්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය ණය අවකළමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේඛකාධිකාරීවරයා විසින් වෙන්දේසිවල දී නිකුත් කරනු ලැබු බවට නිවේදනය කරමින් සියලුම පෞද්ගලික නිකුතු නීත්‍යානුකූල භාවයට පත් කිරීමට පෙර කී ගැසට් නිවේදන යොදාගෙන ඇත.”
(උපුටා ගැනිම 2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල නිල නිවේදනය)
ඒ අනුව එම ගැසට් පත්‍රයේ සඳහන් භණ්ඩාගර බැදුම්කර සියල්ලමත් ඉන් පසු අවසන් වරට 2017 පෙබරවාරි 23 දින එම අයුරින්ම වෙන්දේසි කල භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 57.746 ද නිතී විරෝධී වනු ඇත. ( ශ්‍රීලංකා මහා බැංකු නිල නිවේදනය පහත පලවේ)

නිල් හැළියේ ගොන් නරියා....!!!


සයිටම් ආයතනයෙන් ලබාදෙන වෛද්‍ය උපාධිය පිළිගැනීමට කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා වහා තනතුරින් ඉවත් විය යුතු බව හෙද සේවක සමන් රත්නප්‍රිය නමැත්තා මාධ්‍ය හමුවකදී පවසා ඇත. එසේම, ඔහු ඉල්ලා අස්‌ නොවන්නේ නම් සෞඛ්‍ය ඇමැති ඔහු නෙරපිය යුතු බවත් රත්නප්‍රිය තවදුරටත් කියා තිබේ.
සමන් රත්නප්‍රිය යනු පුරවැසි පෙරමුණ නමැති සංවිධානයේ කැඳවුම්කරුය. එම පෙරමුණේ සෙසු ප්‍රධානීන් වන මහාචාර්ය සරත් විඡේසූරිය  වැනි උගතුන් ඇසුරු කිරීමට ගොස්‌ ඔහු බෙහෙවින් නරක්‌ විය. උගතුන් ඇසුරු කිරීමට යැමෙන් උගතකු බවට පත්වීමට නූගතකුට හැකිද? කෙසේවත් බැරිය. එහෙත් උගතුන් සතු හොඳ දෙයින් කිසියම් හොඳ දෙයක්‌ ලබාගැනීමට නූගතාට හැකිය.

පාතාලයෝ බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් තියති.. පාතාල ‘සමයං’ ඇතුළු හතක් මරා දමති..

රිමාන්ඞ් කර සිටින පාතාල ප‍්‍රබලයෙකු වන ‘සමයං’ නැමැත්තා අද පෙරවරුවේ කඩුවෙල අධිකරණය වෙත ගෙන යමින් සිටි බස් රථයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
කලූතර ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් 07ක් මිය ගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ලබා රෝහල්ගත කර ඇත. [Video/Photo]

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.