ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 17, 2017

බොරුව හෙලිවෙද්දී සයිටම් ලොක්කා රුසියාවට පනී..!

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න  පොලිසියට දැනුම් දීමකින් තොරව හදිසියේම විදේශ ගත වී තිබේ. ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බවයි පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු පැවසුවේ.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් 300කට නීතිමය ක්‍රියාමාර්ග – මහින්ද දේශප්‍රිය

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් දේශපාලනඥයන් 300කගේ නම් ලැයිස්තුවක් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
යම් ලෙසකින් අදාළ දේශපාලනඥයෝ එයින් වරදකරුවන් වුවහොත් ඔවුන්ට ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමේ හැකියාවක් නොමැති බවද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කලේ ය. මෙම දේශපාලනඥයන් අතර පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ වත්මන් පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරු, හිටපු නගරාධිපතිවරු, පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරු, ඇතුළු පිරිසක් සිටින බවද වාර්තා වේ.

25,000 දඩය 50,000 දක්වා වැඩිවෙයි - !!!

රථ වාහන වැරදිවලට මාස 3 ක් සිරභාරයට ගන්නත් බන්ධනාගාර ගත කරන්නත් නව නීති...!!!
2017 අයවැය මඟින් යෝජනා කර තිබූ රථවාහන වැරදි සඳහා ගෙවීමට වන දඩය වූ රුපියල් 25000ක මුදල ඉදිරියේදී රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමට ඒ සඳහා සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බවට වාර්තා වෙනවා.
මෙම දඩයට එරෙහිව රටපුරා බස්රථ මෙන්ම ත්‍රී රෝද රියදුරුන් වර්ජනයේ නිරතවූ නිසාවෙන් ඒ සඳහා සොයාබැලීමට ජනපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබුණා.

කොළඹ ආනන්ද - නාලන්ද පාසැල් අතර ගැටුම CCTV කැමරාවේ...!!!

අද පාසැල් සිසුන්ගේ විනය..!!!


 අපේ රටේ බෞද්ධ පුනරුදය, ජාතිකත්වය ඉහළටම ඔසවා තැබූ කීර්තිමත් ඉතිහාසයක්‌ ඇති පාසල් දෙකක්‌ ලෙස කොළඹ ආනන්ද විදුහලත්, නාලන්ද විදුහලත් පිළිගැනේ. රට විනාශ කළ කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ මානුෂීය මෙහෙයුමට සහභාගි වූ විශිෂ්ට සෙන්පතියන්, රණවිරුවන්ද එම පාසල්වලින් බිහිව ඇති බව කිව යුතුය. දැන් යුද වැදී සිටින්නේ එවැනි පාසල් දෙකක සිසුන්ය. VIDEO

හාල් ප්‍රශ්නයෙන් රටම අවුලක – ඉරිදට කොළඹ කෑම නෑ...!!

සහල් මිල දරාගත නොහැකි තරමට ඉහළ යෑමත්, ඇතැම් ප්‍රදේශවල පවතින සහල් හිඟයත් රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට බොහෝ ප්‍රදේශවල නොමැති වීමත් හේතුවෙන් බත් කන පාරිභෝගික ජනතාව මේ දිනවල මහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. සහල් වෙළෙන්දන් පවසන්නේ රජයේ පාලන මිලට දෙන්නට සහල් තොග තමන් සතුව නැති බවයි.
සතොස වෙළෙඳසල්වල හැර වෙනත් කිසිම තැනක රජයේ පාලන මිලට කිසිදු සහල් වර්ගයක් ලබා ගැනීමට නොමැත. ලක් සතොස වෙළෙඳපොළ ඉදිරිපිට බොහෝ කලකට පසුව දිගු පෝලිම් දක්නට ලැබිණි.
විදේශීය සහල් ඇතැම් වෙළෙඳසල්වල අලෙවිය සඳහා තිබුණද ඒවා ගුණාත්මක භාවයෙන් තොර බවත් රුපියල් 78ක මිලකට අලෙවි වූ බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.

ඔන්න කුඩු ලංසත් රටින් පැනලා..!!!

ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මේ වන විට සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් ඇතැයි වාර්තා වේ. මීට මසකට ඉහතදී පමණ සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රෙලියාට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා, පෙබරවාරි 08 දා යළිත් මෙරටට පැමිණෙන බවට වාර්තා වී තිබුණද ඔහු තවමත් පැමිණ නැත.
මේ අතර, රාජපක්ෂ සමයේ දී කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) අතරතුරදී සිදුව ඇතැයි පැවැසෙන මූල්‍යමය වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (FCID) මේ වන විට කටයුතු කර තිබෙන අතර, එම සමුළුව සංවිධානය කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් අතර නිමල් ලංසා ද සිටියි.

චිචීලා කරන කොට නරකයි..! චතූලා කරන කොට හොඳයි..!! ඔක්කොම හොරු...!!!

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති 20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පිටත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙන් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ගෙන්වා කොළඹ දී විශාල උත්සවයක් පැවැත්වූ බවත් එහි සංවිධානය ජනපති දියණි චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්’ ප්‍රචාරක ආයතනයට ලබා දී තිබූ බවත් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
මෙම උත්සවය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ගෙවා දමා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.