2020 ජනාධිපතිවරණ මෙහෙයුම කරළියට දායකත්වය බැදුම්කර බෑණාගෙන් ..!!!
2020 ජනපතිවරණයට ඇලෝසියස් අරක්කු වලින් අරමුදල් සොයයි
ජනපතිවරණයේ දී කිව්වේ මතින් තොර රටක්
කියලා. දැන් මොකද වෙලා තිබෙන්නේ? යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28% කින්
වර්ධනය වෙලා. 2014 දී මාසික අරක්කු වෙළඳාම ලීටර් මිලියන 74යි. 2016 දී
මාසික අරක්කු වෙළඳාම ලීටර් මිලියන 94යි. ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමේ අරක්කු
වෙළඳාම ලීටර් මිලියන 2.9 සිට 9.7 දක්වා 300%කින් වර්ධනය වෙලා.
ත්‍රිකුණාමල
වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සාකච්ඡා කෙරමින් පවතින බවක් පිළිබඳව සම්මුඛ
සාකච්ඡාවක අමාත්‍ය සරත් ෆොන්සේකා ත්‍රිමලේ පිළිබද අසත්‍ය ප්‍රකාශ කළා නම්
තනතුරෙන් පහකළ යුතු බව ජාතික ඒකාබද්ධ කමිටුව ජනාධිපතිවරයාට ලිපියක් යවමින්
ඉල්ලිමක් කර තිබේ.
ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීම
ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව කැකිල්ලේ තීන්දුවක් යයි පාරිභෝගික
අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
එම සංගමය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව කැකිල්ලේ තීන්දුවක්
සහල් සදහා පාලන මිලක් නියම කර තිබියදී අදාල නිතිය ක්‍රියාත්මක නොකර
ආනයනික සහල් සදහා වෙනත් මිලකුත් දේශීය සහල් සදහා තවත් මිලකුත් නිකුත්
කීරීමට ජනාධිපතිවරයා අද දිනයේ නිකුත් කල නියෝගය තමන්ගේ සහෝදරයට මෙරට සහල්
පාරිභෝගිකයා ගස කෑමට ඉඩ දීමකි. මක්නිසාද යත් මේ වනවිට මෙරට සහල් මාෆියාවේ
ප්‍රධානියා ලෙස හදුන්වන ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙහයවන පුද්ගලයෙක් විසින්
සහල් ආනයන කර ඇති අතර පාරිභෝගිකයාට පහසුවෙන් හදුනා ගත නොහැකි නිසා ආනයනික
සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයා
මෙම ජාවාරම සදහා කෙළින්ම සහය ලබා දි ඇත.