අගමැති
රනිල් වික්‍රමසිංහට ඕස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ ගෞරව
සම්මාන ආචාර්ය උපාධියක් හිමිවී තිබෙනවා.නීති විෂය සම්බන්ධයෙන් මෙම ගෞරව
සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව
හිමිකම් ක්ෂේත්රයේ උන්නතියට කරන ලද දායකත්වය සංකේතවත් කරමින් මෙම
ජාත්‍යන්තර ඇගයීම හිමිව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා
පැවසුවා.සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු බව සදහන් කර ඇත .
ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ
(13) දින මෙල්බර්න් ගුවන් තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ළඟා විය.මෙරට
අග්‍රාමාත්‍යවරයෙකු මෙලෙස ද්විපාර්ශික සාකච්ඡා සදහා ඕස්ට්‍රේලියාව බලා
පිටත්ව ගියේ වසර 60 කට පසුවයි.
රජය සතු ලේක්හවුස් ආයතනයේ 49%ක කොටස් පුද්ගලීකරණය කිරීම සදහා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත.
ආයතනයට ඇති රාජ්‍ය බලපෑම අඩු කර මූල්‍ය අස්ථාවරත්වය, සේවක අතිරික්තය ආදී
ගැටළු නිසි ලෙස කළමණාකරනය කිරීමේ උවමනාව පෙන්වා දෙමින් පුද්ගලීකරණය කිරීම
යෝජනා කර තිබේ.
මහ බැංකුවේ විගණන වාර්තා බොරු.. අර්ජුන මහේන්ද්‍රන්ගේ නම කැත කරන්න හදනවා..!!!
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාව සිටි කාලයේදී ඔහු කළේ
යැයි කියන විය හියදම් ගැන පැවැත්වුණු අභ්‍යන්තර විගණන වාර්තාව සාවද්‍ය
වාර්තාවක් බවට ඔප්පු වූ බවත් එම වාර්තාව වත්මන් අධිපතිවරයා විසින් අනුමත
කිරීම පවා ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික
නිලධාරී ජගත් කාරියවසම් සදහන් කරයි.
පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කාරියවසම් මෙසේද සදහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි කියන
අභ්‍යන්තර විගණන වාර්තාවක් විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට
පත්වීමත් සමගම එළිදැක්වූ මාධ්‍ය හරඹය සහ එයට එක් වූ තවත් නොයෙකුත් අටුවා
ටීකා අපි පසුගිය දින කිහිපයේම අත් වින්දෙමු.ඊනියා විගණන වාර්තාවට පසුබිම්
වු සත්‍ය කතාව මෙසේය.
පරීක්ෂණ වලට බාධා පිට බාධා …මෙහෙම ගියොත් , බැදුම්කර හොරු නිදොස් කොට නිදහස් !
මහ
බැංකුවේ බැදුම්කර වංචා වලට එරෙහිව සිදු කරන පරීක්ෂණ වලට , බාධා එල්ල වෙමින්
පවතින බව වාර්තා වෙනවා. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ,
බැදුම්කර ගණුදෙනු ගැන තීන්දු තීරණ ගන්නා , මහ බැංකුවේ අදාළ ටෙන්ඩර් කමිටුවේ
සභාපති පි . සමරසිරි තවමත් ඒ තනතුරේම රදවා ගෙන සිටීම සිදු කරන පරීක්ෂණ වලට
බාධාවක්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.ඔහු එම තනතුරේ රැදි සිටින තාක්
කල් , මේ පරීක්ෂණ සදහා සාධාරණයක් ඉටු නොවෙනු ඇති බව මහ බැංකුවේ
නියෝජිතයින්ගේ අදහසයි.
හිටපු මහ
බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා සම්බන්ධ බැදුම්කර වංචාව සම්බන්ධයෙන්
තොරතුරු අනාවරණය කල , මහ බැංකුවේ විගණන අංශයේ නිලධාරිණියක්ව පුද්ගලිකවම
ඉලක්ක කරමින් මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීවරයෙකු විසින් ඇයට මානසිකව
පීඩාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි
මාර්ග සදහන් කරයි.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මේ
වන විට මාධ්‍ය කරුණු අනාවරණය කරමින් සිටී.මහ බැංකුවේ අභ්‍යන්තර විගණන
වාර්තා හෙළි කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මේ වන විට මාධ්‍ය කටයුතු කරමින්
සිටී.
රටම හාමතේ තබා මෝල් හිමියන් නින්දිත වැඩක…ජනයා හූරගෙනම කාලා …කොමිස් කුට්ටි ගණන් අත යට … හාල් හොරා …හැරිසන්ට ගැළවීමක් නෑ …
ඉන්දියාවෙන්
මෙරටට ගෙන්වනු ලබන සහල් මෙරට මෝල් හිමියන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත
ඔවුන්ගේ ඇසුරුම්වල දමා වෙළදපොළට නිකුත් කරමින් සිටින බවත් එය විෂය භාර ඇමති
පි .හැරිසන්ගේ සහ තවත් ප්‍රබලයන් කිහිප දෙනෙකුගේම අනුදැනුම මත සිදු වන්නක්
බව , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අනාවරණය
කරනවා .ඔහු පෙන්වා දෙන්නේ,අමාත්‍යවරයා කොමිස් මුදලට යටවී මහා පරිමාණ මෝල්
හිමියන් කිහිප දෙනෙකු හා එකට එක්වී සහල් ජාවාරමේ නියැලෙන බවයි.
රට තුළ කිසිදු ආකාරයේ සහල් හිගයක් නැති
බවත් සහල් හිගයක් මවා පාමින් , මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකුම,
සහල් මාෆියාවක් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කළා. සහල් මාෆියාව පිටුපස සිටින
මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා වෙළඳපොළට නිකුත් කර තිබූ සහල් තොග ආපසු
තම ගබඩාවලට අදිමින් සිටින බවත් ඒ සහල් වෙළද පොලට නිකුත් කිරීමට රජයට
නොහැකි නම් එය සිදු කිරීමට අප සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.