ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]ail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 11, 2017

අනෝමාගේ සුපිරි මොන්ටේරෝව නීතියට පිටින් යයි ...!!!

මාසික වාරිකය රුපියල් දෙලක්ෂ පනස්පන්දහස් හත්සිය අසූහතර (255,784) මොහොතකට සිතන්න මේ ගැහැණියට කොහෙන්ද මෙතරම් මුදල්...!!! ඒ රටේ මුදල් ඔබෙන් මගෙන් සොරාගන්නා මුදල්...!!! රණවිරු සේවා අධිකාරියේ මුදල් වැය කරමින් හා මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා  Mitsubhishi Montero V98 WXR වර්ගයේ මොන්ටේරෝ රථයක් මිලදීගෙන තිබේ.
රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමක් සහිත නවීන රථය මිල දී ගැනීම සඳහා ලීසිං පහසුකම් ලබාගෙන ඇත්තේ කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමෙනි. මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව සභාපතිවරුන්ට සිය පාවිච්චිය වෙනුවෙන් ලීසිං පදනම යටතේ මෝටර් රථ ලබා ගැනීමේ දී ගෙවිය හැකි මාසික ලීසිං වාරිකය රුපියල් එක්ලක්ෂ දහනවදහස් පන්සියය (119,500)කි. අනෝමා ෆොන්සේකා  අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් රුපියල් දෙලක්ෂ පනස්පන්දහස් හත්සිය අසූහතර (255,784)ක මාසික වාරිකයකට මිට්සුබිෂි මොන්ටේරෝ ජීප් රථය ලබාගෙන ඇත.

රාජපක්ෂලාගේ මජර කෙළි හෙළි කළ "දෙණියාය මාලිගය"

උනුත් ඵකයි මුනුත් ඵකයි...!!! අද දේශපාළුවෝ සේරම ඵකයි...!!!


නමුදු රාජපක්ෂවරුන්ගේ පාලන සමය මෙරට  දූෂිතම යුගය බවට වන වාර්තාගත ඉතිහාසය කෙලසන්නට තවම යහපාලන ආණ්ඩුව සමත් ව නැත.
එහෙත් වසර දහයක ඒ යුගය වසර කිහිපයක් තුළ දී පරාජය කරන්නට යහපාලනයේ ඇතැමුන් ගන්නා උත්සාහය ද අත්හැර නොමැති තත්ත්ව හමුවේ දෙණියාය මාලිගය සම්බන්ධයෙන් වන සාකච්ඡාව වැදගත් වනු ඇත. 2005 වසරේ දී මහින්ද චින්තනයනම් ආකර්ෂණීය ලියැවිල්ල නැතිනම් මැතිවරණ පොරොන්දු පත්‍රයජනතාව හමුවේ තැබූ රාජපක්ෂවරු පාලන බලය අත්පත් කරගැනීමෙන් පසුව ඒ පොරොන්දු පත්‍රය බල්ලට දමා කටයුතු කළ ආකාරය අද බොහෝ දෙනකුට අමතකව ඇත. කොටින්ම යුද්ධය සහ යුද ජයග්‍රහණය විසින් මහින්ද චින්තනයයන්න තවදුරටත් වලංගු ලියැවිල්ලක් නොවූ අතර යුද උන්මාදය විසින් සියල්ල මිලිටරිකරණයකට යටත් කරනු ලැබිණි. මහින්ද චින්තනය ගැන පවා කතා කිරීම රාජ්‍යද්‍රෝහී හෝ ජනාධිපතිවරයාට අපහාස කිරීමක් වන තැනට පත්ව තිබිණි.  

බැදුම්කර බෑණාට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමත්.. ??

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නට සූදානම් වන්නේ ආන්දෝලනයට ලක් වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන ඇමෙරිකාවේ ටී.පී.ජී. හෙවත් ටෙක්සාස් පැසිෆික් ගෘෘප් සමාගම සමඟ බවට ආරංචි පැතිර යමින් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ආයතන 10ක් ඉදිරිපත් වී තිබූ බවත් ඒ අතරින් පීස් එයාර්වේස්, ටී.පී.ජී. සහ සුපර් ගෘෘප් පාට්නර්ස් යන ආයතන 3 මූලික වටයේදී තෝරා ගත් බව රජය මීට පෙර නිවේදනය කොට තිබිණි.
එම සමාගම් 3 පිළිවෙළින් ශ්‍රී ලංකාවට, ඇමෙරිකාවට සහ මාලදිවයිනට සම්බන්ධ ආයතන වෙයි.
එම සමාගම් 3 අතරිනුත් ටී.පී.ජී. සමාගම සමඟ එක්ව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු බවට යෝජනා වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න  සඳහන් කොට ඇත. එහෙත් තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කරයි.

ජඩයන්ගේ තුරුම්පු....!!!

විගණකාධිපති වරයාගේ වැටුප් අනුමත නොකොට කෙසේ හෝ ඔහුව ඵම තනතුරින් ඉවත් කිරීමට මුදල් ඇමති කරුපයියා ඇතුළු හොර දේශපාළු නඩයක් කටයුතු කරමින් සිටී.රුපියල් ට්‍රිලියන 11 මුදලක් මේවන විට සොරා කා ඇති බැඳුම්කර හොරාගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් විසින් ඵසේ සොරා කෑ ජාතික ධනය  කඩිනමින් විවිධ ආයෝජණ සඳහා යොදවා තිබෙනවා.මේ මගඩි හොරුන් මේවන විට  මෙන්ඩිස් ඉස්කාගාර සමාගමත් මිළදී ගෙන අවසන්.

පර්පචුවල් ටේ‍රෂරීස් වැඩේ අත් නොහරි….මහ බැංකු අධිපතිවරයාට,රහස් ‍පොලිසියට තහනම් නියෝගයක් ඉල්ලයි...වීඩියෝ

ප්‍රබල ඇමතිගේ අමු රෝස මල් කිලෝ 53 රේගුව භාරයට

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වූ අමු රෝස මල් කිලෝ 53 ක් , කටුනායක ගුවන්තොටුපළ ශාඛ නිරෝධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන්දියාවෙන් නිතී විරෝධි ලෙස මෙරට ගෙන්වා ඇති එම රතු රෝස මල් තොගය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ උවමනාව මත මෙරටට ගෙන්වා ඇත්තේ පෙබරවාරි 14 වනදාට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙනි.
කෝට්ටේ බැද්දගාන පාර ලිපිනයක් සදහන් කරමින් ද්‍රවිඩ ව්‍යාපාරකයෙකුගේ නමට , අදාළ මල් තොගය UL 124 දරන ගුවන් යානයෙන් මෙරටට ගෙන්වා ඇත්තේ ,පසුගිය 08 වනදායි.

සේවක අර්ථසාධකේ මුදලටත් බදු ගසයි...!!!

EPF-ETF සදහා පළමුවැනිදා සිට බද්දක්...!!!
එළැඹෙන අප්‍රෙල් මස පළමුවැනිදා සිට සේවක අර්ථසාධක අරමුදල හා පාරිතෝෂික දීමනාවටද බදු අයකිරීමට රජය සැලසුම් කර ඇති බව හිටපු ඇමති මහාචාර්ය තිස්ස විතාරණ  පවසයි.
මේ සදහා දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ඉන් පසු බදු එකතු කිරිම ඇමෙරිකානු සමාගමක් විසින් සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

අගමැති රනිල් ඔස්ටේ‍්‍රලියාවට.. එරට ලාංකිකයෝ වටකර විරෝධතා..!!!

නව ෆෙඩරල්වාදි ව්‍යවස්ථාව ,ETCA ගිවිසුම , රටේ සම්පත් විකිණීම, රණවිරු දඩයම සහ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව ලබන 16 වන බ්‍රහස්පතින්දා මෙල්බර්න් නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රි ලාංකීය ජනතාව විසින් මෙය සංවිධානය කරනු ලබයි.ලබන 16 වනදා පස්වරු 5.00 ට මෙල්බර්න් Federation Square හි River Terrace අසල Princess Walk වෙත පැමිණෙන ලෙසට රටට ආදරය කරන සියළු දෙනාගෙන් ඉල්ලා සිටී.
එදින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙල්බර්න් හී විශේෂ දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත් , අදාළ දේශනය සිදු කරන පරිශ්‍රය පිටත සිට මේ විරෝධතාවය පැවැත්වීමට මෙල්බර්න්හී ජීවත්වන ශ්‍රි ලාංකීය ජනතාව කටයුතු සූදානම් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.