ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 10, 2017

තවත් ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයෙකු අපට අහිමිවේ....!!!

ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් සමුගනී
ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන් වන ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතා අද සවස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.මිය යන විට 91 වන වියේ පසුවූ ඒ මහතා ලංකාවේ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ පැරණීම ශිල්පීන්ගෙන් කෙනෙකි.
වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස සැලකෙන්නේද ඔහුය. ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ද වැඩසටහන් මෙහෙයවූ බව කියැවේ.ඔහු ‘ආධුනික පැය’  ‘පිබිදෙන ගායක පරපුර’
“ඔව්. නෑ බෑ ‘ ,‘මිනිත්තුවක් පමණයි‘, ‘පැන පොඩි‘,‘එඩීගෙන් අහන්න‘, ‘ අම්බිගා ගීතයෙන් ගීතය‘, නිවේදක තෝරයි“ වැනි ජනප්‍රිය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ගෙන ආ අයෙකි.video

සැමගේ ඇස් වසා හොර කරුප්පයා මිම්මට ,සීරු මාරුවට වැඩදෙන හැටි මෙන්න...!!!

රේගුව හොර ගුහාවක් …වාහන 250 ක් මුදල් ඇමතිගේ අණින් පන්නයි …පාඩුව කෝටි 1500 ක් FCID බකංනිලා සිටිති.
ශ්‍රි ලංකා රේගුව අද වන විට රටේ දුෂිතම ආයතනය බවට පත්ව ඇති බව , රේගුව විසින් වාහන නිදහස් කිරීමේ පාඩුව රුපියල් කෝටි 1500 ක් බව , පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අධිකරණ තීන්දුවක්‌ නොතකා වාහන 250 ක්‌ නිදහස්‌ කරන ලෙස මුදල් ඇමැති කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළ බවත් දැන් එම වාහන විකුණාගෙන යන බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

මේවා දසවැඩ හලෝ....!!!

පොලොන්නරුවේ සහල් රජෙක් නින්දිත වැඩක.. ඉන්දියා අඩුමිල හාල් ලංකාවේ නාමයෙන් වෙලදපලට.. කිලෝවකින් තිහක් ලාබයි..

දුප්පතුන්ගේ බත් ඇටයටත් විද ඵයිනුත් ඒ අසරණයන්ව රවටන කාළකණ්නි නරුමයන් අප රටේ ඇත.වෙනස නම් රටේ මහ ඵකාගේ එවුන්ම මේවා කිරීමය.ස්වභාව ධර්මයේ හෙණ ඇත්තේ මෙවැනි දුෂ්ඨ දූෂිතයන් හටය .වෙනස නම් ඒවා මුන්ට නොපිරීමය .නමුත් ඊළඟ භවයේ අනිවාර්‍යයෙන් ඒ ජනතා සාපය මුන්ට ලැබී කල්පාන්තරයක් විඳවනු ඇත.  ජනතා සාප වැදෙනු ඇත.
පොලොන්නරුවේ ප‍්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවට ගොස් ඉන්දියාවෙන් සහල් අඩු මිලට ගෙන මෙරට වෙලද නාමයෙන් දේශීය වෙලද පොලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පොලොන්නරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි. VIDEO

ගුවන්විදුලියේ ඉඩම් ටිකටත් චම්පිකයා කෙළවන ලකුණු....!!!

හිගන පාත්තරේට හෙනහුරා වැටේ.. බංකොලොත් ගුවන් විදුලියේ ඉඩම චම්පිකගේ අමාත්‍යංශයෙන් පවරා ගනී..
දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඒකල ප්‍රදේශයේ පිහිටි අක්කර 72ක විශාල, රුපියල් බිලියන 57කට වැඩි වටිනාකමකින් යුත් ඉඩම බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා ගෙන තිබේ.
ගුවන් විදුලි සංස්ථාවට අයත් මෙම ඉඩම ජා ඇළ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති මෙම ඉඩම පවරා ගෙන ඇත්තේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජා ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන අතර ඒ සඳහා වන ගැසට් පත්‍රය පෙබරවාරි මස 02 වැනි දා නිකුත් කර ඇත.

රජයේ නපුංසක රැළ තදියමේ ලූ...!!!

සමලිංගික ආයතනයක් නීතිගත කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..?මෙරට තුල ලිංගික අධ්‍යාපනය, මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා යයි පවසමින් නිදහසේ සමලිංගික සබදතා පැවැත්වීමට ඉඩ පහසුකම් සලසන ආයතනයක් පිහිටුවීම සදහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති දෙපලක් වන මංගල සහ අකිල විරාජ් මේ සදහා සහයෝගය ලබා දෙන බවත් මෙය සමලිංගිකත්වය නීතිගත කිරීමේ මුල් පියවරක් බවත් දැනගැනීමට ඇත.මෙයට අග්‍රාමාත්‍ය රනිල් ගේ නොමද සහය සහ ආශීර්වාදය හිමිව ඇත.

සිරා වෙනුවට අසා ජයටම හොර මැණික් ගැරීමේ....!!!

ඉහළ පුද්ගලයකුගේ සහෝදරයකුගේ මැදිහත්විමක් මත මෙසේ අනවසරයෙන් ජනතාව මෙන්ම වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි රජයේ කොටි ගනනක් වියදම් කොට තැනු පාලමක් විනාශ කරමින් මෙම අනවසරයෙන් සිදු කරන මැණික් ගැරීම සම්බන්ධව බලධාරීන් මුනිවත රකින්නේ යයි සබරගමුවේ පළාත් සභා මන්ත‍්‍රීහු පෙන්වා දෙති.අහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝජිතයකු ලෙස පෙනි සිටිමින් ඇහැලියගොඩ බටහිර මුදුන්කොටුව පාලම යට සිදු කරන නීති විරෝධී මැණික් ගැරිම නතර කිරිමට වහාම මැදිහත් වන්නයයි සබරගමු පලාත් සභා මන්ත්‍රීවරුන් වන එජාපෙ සිරිපාල ගම්ලත් මෙන්ම ශ්‍රිලනිපෙ මන්ත්‍රී නමින්ද ඉන්ද්‍රප්‍රිය  7 වෙනිදා පැවති සබරගමු පලාත් සභා රැස්වීමේ දි එක හඩින් ඉල්ලා ඇත.

සිංහරාජයත් කපෝතියි....!!! සිරා මර නින්දේ....!!!

සිංහරාජය තුල ගස් කැපීමේ මහ ජාවාරමක්...!!!
මෙය පිටුපස සිටින්නේද වත්මන් රජයේ ප්‍රබල ඇමති වරයෙකී.සියළු විස්තර අප ලත් සැණින් ලංකානිව්ස් වෙතින් හෙළිදරව් කරන්නෙමු.
 සිංහරාජ වනාන්තරයේ ගාල්ල නෙළුව ලංකාගමට ආසන්න ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ගස් කැපීමේ ජාවාරමක් සිදුවන බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි.

යූ.ඵන්.පී. හොර තක්කඩියන්ගේ පළමු ඇන්දවීම මාට්ටු...!!! ගෙඩි පිටින් රැවටීමක්...!!!

ගූගල් බැලූන් කතාවක් කෙප්පයක්.. ගූගල් සමාගම දන්නෙවත් නෑ..?
රටටම අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දීම සදහා යයි කියමින් මෙරටදී ගූගල් බැලූනයක් ගුවන් ගත කිරීමට ගත් උත්සායහ සම්බන්දයෙන් ජාත්‍යන්තර ගූගල් සමාගමේ සෘජු සම්බන්ධයක් නැති බවට තොරතුරු පල වෙමින් තිබේ.
මෙම කටයුත්තට මැදිහත් වී ඇත්තේ ICTA බලධාරියෙකු වන මුහුන්දන් කනකි හා නාදන් ශිවගනනාදන් නම් පුද්ලයින් විසින් ‘රාමා ප්‍රොජෙක්ට්’ නම් සංවිධානයක් හරහා බවද සදහන්ය.

හොරුනුත් නඩුදායි....!!! නිවට ආණ්ඩුව නිහඬයි...!!!

CID පරීක්‍ෂණ නවත්වා ගිණුම් නිදහස් කරන්නැයි බැදුම්කර බෑණගේ සමාගම නඩු දමයි..!!! 
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවන් මහ බැංකුව විසින් ගිණුම් සීමා කිරීමකට ලක් කර රහස් පොලීසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති අදාල පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම එම පරීක්‍ෂණ වහා අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොන් කර ඇත.

හොරා නම් හොරාමය ඌගේ වෙනස ටයි කෝට් හැඳ පැළඳ සිටීම පමණී...!!!

මහ බැංකුවම සුද්දයි …රුපියල් හයකෝටි හැටලක්‍ෂයක් කම්බස් කල ටයි කෝට් කම්බ හොරා
තමන් මහබැංකු අධිපතිධුරය දැරූ සමයේ එහි මූල්‍ය විනය හා රෙගුලාසි උල්ලංඝනය කරමින් අර්ඡුන් මහේන්ද්‍රන් නැමැත්තා විදේශ සංචාර හා අනෙකුත් වියදමි සඳහා රුපියල් හයකෝටි හැටලක්‍ෂයක් (6,60,00,000.00) වැය කොට තිබෙන බව 2016 අගෝස්තු 01 වැනිදා මහබැංකුව නිකුත් කළ විගණන පසුවිපරම උපුටා දක්වමින් ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අනාවරණය කර සිටියේය.
මේ වියදම් අතර සනීපාරක්‍ෂකතුවා සඳහා වන වියදම්, ලන්ඩන් සමාජ ශාලා වියදම්, සුඛෝපබෝගී හෝටල් කාමර ආදී අරුම පුදුම වියදම් වන බව ජයන්ත සමරවීර ඉහත වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

කදුළු ගෑස් ,බැටන් පොළු නෑ එළුග තමිල් අදියර දෙක ආරම්භ වේ...!!!

හමුදා කදවුරු ඉවත් කිරීම , දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ,ෆෙඩරල් ඉල්ලා විග්නේෂ්වරන් වීදී බසී
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් අද (10)‘එළුග තමිල් – නැගිටිව් දෙමළුනි“ පෙළපාලියක් පැවැත්වුණා.මේ සදහා විශාල පිරිසක් එක්ව සිටී අතර , මඩකලපුව කල්ලඩි ඔරලෝසු කනුව අසලින් විරෝධතාවය ආරම්භ වූවා.
විග්නේෂ්වරන් මහ ඇමතිවරයා සමග, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.