ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 8, 2017

ජනතාවට ක්‍රෝටන් හිරුණිකාලට රට ඇපල්...!!!

 හිරුණිකාගේ ලක්‍ෂ හාරසීයක අධි සුඛෝපභෝගී වාහනය මාගම්පුරට ගොඩබායි..
අති නවීන ටොයොටා ලැන්ඞ් කෲෂර් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රියක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර  නමින් ගෙන්වා තිබේ.
මේ වන විට එන රථය හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ගොඩබා ඇති අයුරුයි මේ.[Photo]

ඔටු දෙන කූඩාරමට ඔළුව දමයි...!!!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේන  මින්නේරිය ශ‍්‍රීලනිප සංවිධායිකාව ලෙස දේශපාලනයට පිවිසීමට නියමිත බවට නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
මෑතකදී සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ චන්ද්‍රසිරි සූරියආරච්චිගේ පුරප්පාඩුව වෙනුවෙන් ඇය පත් කරනු ඇති බවද එකී ආරංචි මාර්ග කියයි.

මහා පරිමාණ හොරු සුළු පරිමාණ හොරුන්ට දඬුවම් දීම හෙවත් ජහපාලනය....!!!

සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සිදුකරන ලද දූෂණ හා අක්‍රමිකතා රාශියක් පිළිබඳ පසුගිය මාස කිහිපය පුරාවටම හෙළි කරන ලද අතර අවසානයේ ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවධානය යොමුව ඇත.
හිතවතුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් විදේශ සංචාර, විවිධ අමාත්‍යවරුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් අවිධිමත් තනතුරු, නාස්තිකාර ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණන් වැය කිරීම, රජයේ වාහන අවභාවිතය, නාස්තිකාර ඉන්ධන වියදම් සහ පසුගිය වසර 05 සඳහා අධිකාරිය ඉපයූ මුදල් පිළිබඳ තොරතුරු මෙසේ ලබාදෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝග කොට ඇත.
මෑතකදී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රියංකර ජයරක්න ගේ දියණිය අධිකාරියේ කරන ලද රැකියාව සම්බන්දයෙන්ද කරුණු විමසා තිබේ.

දිවුලපිටියෙ පස් හොරා ඉන්දික අනුරුද්ධ ෆෝම්වූ සැටි....!!!

තමන්ගේ හොර වසා ගැන්මට රන්ජන්ට චෝදනා ඵල්ල කළ කුප්‍රකට පස් හොරා ඉන්දික අනුරුද්ධ....!!!
පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව අලුත් සම්ප්‍රදායක් ඇති නොකරන ලෙස කතානායක කරු ජයසූරිය  අගමැති රනිල් වික්‍රමසිංහ හා සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ට පාර්ලිමේන්තුවේදී ඊයේ (7දා) නියෝග කළේය.
ඉඩම් ඇමැතිවරයාගෙන් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ (එ.ජ.නි.ස.) අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේ අවස්ථාව අගමැතිවරයා විසින් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සේවා නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට පැවැරීමෙන් පසු විපක්‍ෂයෙන් මතුවූ විරෝධයත් සභාවේ නොසන්සුන්තාවත් මැද කතානායකවරයා එම නියෝගය කරමින්.වීඩියෝ සහිතයි

ලංකාවේ හොර සල්ලි ගහ වටා මාධ්‍යය බත් බැලයෝ රොක් වෙතී....!!!

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!! 
 මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් විසින් ළගදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත්පත් ජාලයට සහ, රූපවාහිනී හා ගුවන්විදුලි ආයතනයට, ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හා නිර්මාණ ශිල්පීන් රැසක් එක්වෙමින් සිටින බව වාර්තා වේ. ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත්කරන විජය නිව්ස්පේපර්ස් ආයතනයේ මාධ්‍යවේදීන් හා කාර්ය මණ්ඩලයේ 25ක් පමණ එක්වීමට සූදානමින් සිටින අතර, ‘දේශය‘ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ප්‍රසාද් අබේවික්‍රම මේ සතියේ ඉවත්ව ගොස් ඇත. මව්බිම පුවත්පතේ හිටපු කර්තෘවරයා සහ සේවකයන් පිරිසක් මීට පෙර ඉන් ඉවත්ව බැදුම්කර සමාගම සමග එක් වී තිබිණි.

NGO ඩොලර් සඳහා වටේටම කඩේ යන ජාති ද්‍රෝහී අපතයන් සෙට් ඵක නෝන්ඩිලූ...!!! පිරිමි හෙද ගණිකාවත් ඒ අතර....!!!

බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත්, වියන්ගොඩලා රත්නප්‍රියලා ඇදගෙන නාගනී ....!!!
 රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන්, වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී විල්පත්තුව විනාශ කර නැතැයි ද, විල්පත්තුව විනාශ කරනවා යැයි කෑ ගසන පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් බූරුවන් යැයි ද එම මාධය හමුව ඇමතූ පුද්ගලයින් ඉතාමත් ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කළහ.
තිලක් කාරියවසම්, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, සජීව විජේවීර යන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍ය හමුව ඊයේ (07) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්විණි.(Video)

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!!

ජිනීවා මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ යුද අපරාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට රජය තීන්දු කර තිබේ.
යුද්ධයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සදහා යොදාගත යුතු යාන්ත්‍රණය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ ‘සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බළකා‘ කමිටුවේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. !!!

පෝය දිනයේදී දෙවියන්ගේ බලයෙන් ලෙඩ සුව කරගැනීමට පැමිණෙන්නැයි සදහන් පුවත්පත් දැන්වීමක් දැඩි විවේචනයට ලක්වෙමින් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. සෑම පෝය දිනකම මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වෙන බව, ජා-ඇල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඇමරිකානු එවැන්ජලික සංවිධානයක් පලකර ඇති එම දැන්වීමේ දැක්වේ.
ඒ පිළිබදව අදහස් දක්වමින් බෞද්ධ සංවිධාන නියෝජිතයකු පැවසුවේ, ලෙඩ සුවකරන මුවාවෙන් ඉවැන්ජලික සංවිධාන අසරණ රෝගීන් බිලිබාගෙන අන්‍යාගම්කරණය කිරීමේ නිරතව සිටින බවයි. විශේෂයෙන් සෑම පොහොය දිනකදීම මෙම කටයුත්ත යොදා ගැනීම තුළින් බෞද්ධයන් වැඩි වශයෙන් බිලිබා ගැනීමට මොවුන් කටයුතු කරමින් සිටින බවද පැවසීය.

රටේ නෝන්ජල්කම ඉහවහා යයි...!!!මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!!

පසුගිය මාස දෙකක කාලය ඇතුළත ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළුවී ඇති බව සඳහන් කරමින් බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආගමන හා විගමන පාලක එම්.එම්. රණසිංහට ඊයේ (7දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණ සිදු කළ පැමිණිල්ලෙන් අනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ පැවැසූහ.
බටහිර රටවලට එන්න එන්නම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වන ත්‍රස්තවාදී තර්ජන වැඩි වුණා. ඒ හේතුවෙන් මෑතකදී ඇමෙරිකාව ඇතුළු බොහොමයක් බටහිර රටවල් ඔවුන්ගේ ආගමන විගමන නීති රීති දැඩි කළා.

බැදුම්කර මගඩියෙන් රටට වන පාඩුව නිමක් නෑ.. වාර්තාවෙන් කිවුවේ එදිනට පාඩුව පමණයි.. – විගණකාධිපති

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව හේතුවෙන් විශාල පාඩුවක් රටට සිදුවෙමින් ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

හිවල් මුදල් ඇමති කරුපයියාට ඌගේ හොර මගඩි වසා ගැන්මට ගෙනෙන ප්ලෑනක්...!!!

සම්ප්‍රදායන් බිඳ මහ බැංකුවට පිටින් නි. අධිපතිවරයකු පත්කර ගැනීමේ යෝජනාවක්‌...!!! ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙතෙක්‌ පැවැති සම්ප්‍රදායන් කඩකරමින් මහ බැංකුව සඳහා පිටින් නියෝජ්‍ය අධිපතිවරයකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවක්‌ මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත්ව තිබේ.
මෙය මුදල් ඇමැතිවරයාගේ අවශ්‍යතාව මත ඉදිරිපත්ව ඇති යෝජනාවක්‌ බවද මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.

මහ බැංකුවේ සිටින නිලධාරීන්ගෙන් බැහැරව පිටතින් පුද්ගලයෙකු මහ බැංකුව නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පත් කර ගැනීමේ යෝජනාව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග  විසින් බව මහ බැංකු ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකාවට තවත් කල්දෙන්න එපා.....!!! සුණඛ දේනුවක් ගිය උඩ...!!!

ආනන්දි මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට තවත් කල් ලබා නොදෙන ලෙස උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

සයිටම් විධායක නිලධාරිට වෙඩිතැබුවේ මුදල් ඇමති කරුප්පයියාගේ පාතාලයන්....!!!

අළුත් මගක් ගත් තොරතුරක් හෙළිවේ.මෙය සයිටම් හිමිකරු නෙවිල්ගේ සහ කරුපයියාගේ ගජ ඵකමුතුවෙන් ක්‍රියාත්මක කරන ලද ජනතා අවධානය නොමග යැවීමේ උත්සාහයකී.නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරවලින් අනූනවයෙන් දිවි ගලවාගත් මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්නට සති දෙකකට ආසන්න කාලයක සිට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වී තිබූ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
දුරකථන මාර්ගවලින් සහ ලිපි මගින් එල්ල වූ මෙම මරණ තර්ජන පිළිබඳව ඒ මහතා මුල්ලේරියාව පොලිසියට අවස්‌ථා කීපයකදීම පැමිණිලි කර තිබූ බව ද පොලිසිය පවසයි.

ඉතිහාසයේ ප්‍රතිවර්තනය....!!! බණේ සිටින දෙවියෝ අද ඇත්නම් රවියව හතරට පලනවනේ....!!!

වැසිකිළියටත් වැට්‌ බදු ....ඉවසීමට නොහැකි ලෙසින් අහිංසක ජනතාව වෙත බදු බර පටවා රටම විනාශ කරමින් සිටින මේ ආණ්ඩුව ගැන ජනතාවට  ඇත්තේ විශාල කළකිරීමකී. ඵදා සුද්දන් පවා නොගැසු බදු අද අය කරමින් මේ හිරිකිත අපත දේශපාළුවන් යහපාලන බෝඩ් ලෑල්ල පෙන්වා රටම රවටා ඇත්තේ හරි අපූරුවට නොවේද....!!!
පසුගිය ඔක්‌තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් 'මහජන අවධානය පිණිසයි' මැයෙන් පිටුවක්‌ පුරා විශේෂ දැන්වීමක්‌ පළකර තිබිණි. මෙහි සඳහන් වූයේ කුමක්‌ද..? ජනතාවට සතුටුදායක දෙයක්‌ නම් නොවේ. 2016 ඔක්‌තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට්‌ සහ ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව වැට්‌ බද්ද 11% සිට 15% දක්‌වා ඉහළ යන බවත් එහි සඳහන් විය. වැට්‌ ප්‍රහාරයෙන් ජනතාව හාන්සි වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජංගම දුරකථනයට, පෙර ගෙවුම් රුපියල් පනහේ කාඩ්පතක්‌ දමා දුරකථන ඇමතුම් දෙකක්‌ තුනක්‌ ගන්නා විටම එය අවලංගු වී යයි. එවිට සිදුවන්නේ කුමක්‌ද? ජංගම දුරකථනය දෙස බලා සුසුම් හෙළීම පමණද? වැට්‌ ගැන නැවත කතා කිරීමට උනන්දුව ඇති වන පුවතක්‌ ඊයේ ජාතික පුවත්පතක පළ වී තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.