ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 5, 2017

කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති

ආණ්ඩුවෙන් තමාට සිදුවන කෙනෙහිලිකම් තවදුරටත් පැවතුණහොත් විශ්‍රාම යනතුරු බලා නොසිට තනතුර අතහැර දමා ගමට ගොස් කුඹුරු කොටන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ තමාට විගණනය හා ගිණුම්කරණය පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති නමුත් ඇතැම් දේශපාලනඥයන් විගණන වාර්තා විවේචනය කරන්නේ තම වංචා දූෂණ වසා ගැනීමට මිස අන් හේතුවක් නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

විල්පතු සංහාරයට වග කිවයුත්තේ රජයයි - ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්


විල්පත්තුවේ කැලෑ කැපීමක් සිදු නොවන බව කීවත් සැබෑ ලෙසම කැලෑ කැපීම සිදු වන බවත්, ඊට වග කිව යුත්තේ මුස්ලිම් ජනතාව නොව පසුගිය රජය සහ වත්මන් රජය බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්  කියයි.
“විල්පත්තුව අවට ආරක්ෂා වි තිබු රජයේ කැලෑ ඉඩමි මෙන්ම රක්ෂිත ප්‍රදේශ මේවන විට රජයේ උවමනාව පරිදි   විනාශ කරමින් තිබෙනවා.   එය කවුරුන් විසින් සිදුකළද බරපතළ වැරැද්දක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය.  එම වැරැද්දම තව තවත් තීව්ර කරමින් වවුනියාව හා මුලතිව් යන දිස්ත්රික්කවල වනාන්තර අක්කර 16,000 කට අධික ප්රමාණයක් මේ වන විට විනාශ කර දමා  තිබෙනවා” යැයිද ආචාර්ය කාරියවසම්  පවසයි.

ඔස්ට්‍රියාවත් බුර්කා තහනම් කරයි !

අධිකරණ පරිශ්‍ර, පාසල් සහ පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම තහනම් කිරීමට ඕස්ට්‍රියාවේ පාලක සන්ධානය තීරණය කොට තිබේ. 
'සෝෂල් ඩිමොක්‍රටික්' පක්ෂය සහ 'කොන්සර්වේටිව් පීපල්ස්' පක්ෂය අතර සතියක කාලයක් පුරා පැවති පාර්ලිමේන්තු විවාදයේ ප්‍රතිපලයක් ලෙස ඕස්ට්‍රියාව මෙම එකඟතාවට පැමිණ ඇත.
පසුගිය කාලය තුළ යුරෝපා රටවල් කිහිපයක්ම පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම සහ නිකාබ් ඇඳුම සපුරා තහනම් කිරීමට පියවර ගනු ලැබුණි.

අර්ජුන මහේන්ද්‍රන් බැදුම්කර මගඩියට අමතරව කෝටි 66ක් ගසාකාලා..

ලක්ෂ 20ක අදුමකුත් අරන්.. විගණන වාර්තා මෙන්න..*
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාෙ ලස කටයුතු කරමින් සිටියදී 163 වතාවකදී මහ බැංකුවේ මුදල් ලක්ෂ 660ක් අයථා පරිහරණයේ යොදවා ඇති බව මහ බැංකු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කර ඇති විගණන වාර්තා දෙකකින් හෙලිව තිබේ.මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇත. 

අතීතය ලියා තැබූ පුස්‌කොළ පොතේ ආරම්භය....!!!

පුස්‌කොළ හෙවත් තල්පත පුරාණයේ විසූ ජනයා තම ලේඛනය උදෙසා භාවිතා කළහ. පුස්‌කොළ ලේඛනය ආරම්භ වූයේ ක්‍රි.පූ. 01 වන සියවසේය. විශේෂයෙන් මලයාසියාව, නේපාලය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ලාඕසෙ, වියට්‌නාමය, පිලිපීනය හා ශ්‍රී ලංකාව ආදී රටවල ජනයා ඉපැරණි වැදගත් ශාස්‌ත්‍ර ලිවීමට මෙම තල්පත භාවිතා කළහ. එයින් බුදුදහම, ත්‍රිපිටකය, ආයුර්වේදය, ජ්‍යෙතිෂය, ගුප්ත විද්‍යාව, මන්ත්‍ර ශාස්‌ත්‍රය ආදිය පුමුඛ වේ. තල්පතේ එදා ලියූ මෙම ශාස්‌ත්‍ර අද දක්‌වාද විනාශ නොවී පවතිනුයේ නිසි ප්‍රමිතියකට සැකසු තල්පතක ආයුකාලය වසර දස දහස්‌ ගනණක්‌ වන නිසාය. තල්පත භ්‍රමනයේ ඇති කඩදාසි මෙන් ඉරීම්, සිදුරුවීම්, දිරීම්, කාවන්, වේයන් කෑම හා ගුල්ලන් වැනි කෘමීන්ගෙන් හානි සිදුවීම ඉතාම අවමය.
පුරාණයේ තල්කොළ මත සකස්‌ කළ ලේඛන එකතුව පුස්‌කොළ පොත විය.

මෙන්න අද රූපවාහිනී මාධ්‍යයේ නිවේදක වෘෂභයෝ...!!!

නිදහස් දිනයේදී ඉතිහාසයත් විකෘති කරයි.. පොලිස් කාන්තා බලකාය ඇරඹුවේ විහාර මහා දේවියලූ…!!!
 69 වන නිදහස් සමරුවේ විකාශණ කටයුතු කල නිවේදකයින් ඉතිහාසය විකෘති කර ඇති බවට චෝදනා එල්ල වෙමින් ඇත.

MBBS කියන්නේ ‘මුංගෙන් බෙහෙත් බිවුවොත් සුං’

මුගෙ මාමා මූට කියූ කථාවක්...!!!

MBBS යන්නේ තේරුම ‘මුන්ගෙන් බෙහෙත් බිවුවොත් සුං’ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක  පවසයි.
තම මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මෙසේ  කියා දුන් බවද ඔහු සදහන් කලේය.
ජාඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.