ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 3, 2017

මුස්ලිම් ජාතිකයන්ට ප්‍රංශයෙනුත් වැටක්

මුස්ලිම් රටවල් හතක ජනතාව ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වන නියෝගය ප්‍රංශයේද ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන බව ස්ටීව් බ්‍රිඕස් ප්‍රකාශ කර ඇත.  මැයි මස ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින මැරයින් ලී පෙන්ගේ සමීපතමයා වන ස්ටීව් මෙසේ පවසා ඇත්තේ පෙන් ජයග්‍රහණය කළහොත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානමින් සිටින බවය. ස්ටීව් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම නියෝගය යුරෝපයේද ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවය.මේ අතර ප්‍රංශ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ට්‍රම්ප් විසින් තහනමට ලක් කර ඇති රටවලින් නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සහිතව හෝ එවන් රටවල සිට ඇමෙරිකාවට ඇතුළුවීමෙන් වැළකී සිටින ලෙසය.

ප්‍රසන්නගේ මිනුවන්ගොඩ වාහන මස් කඩය වටලයි......!!!

රේගු බදු නොගෙවමින් නීති විරොධීව මෙරටට ගෙන්වන ලද වාහන කොටස් එකලස් කිරීම හරහා රුපියල් කෝටි 32 පමණ බදු වංචාවක් සිදුකල මහා පරිමාණ වාහන අලෙවි මධ්‍යස්ථානයක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී වැටලීමෙන් අනතුරුව එහි කළමනාකරු සහ එකලස් කර අලෙවියට සූදානම් කල සුඛෝපභෝගී වාහන 54 අත් අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන කොට්ඨාසය  (01) සමත්වී තිබේ.
මෙම වාහන එකලස් කිරීමේ මධ්‍යස්ථානය පා.ම ප්‍රසන්න රණතුංගගේ සහාය ඇතුව පවත්වාගෙන යන්නක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

බේරුවල “රත්තරං” ගහපු හැටි ඉස්තරම්...!!!

2012 – 2014 කාලය තුළ අමාත්‍යවරයා ලෙස සිටියදි නීත්‍යානුකූල අකාරයෙන් උපයා ගැනීමට නොහැකි මිලියන 41ක වටිනාකමින් යුත් මුදල් හා දේපල වල හිමිකාරිත්වය දැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනුකර තිබේන අතර ඊට් අදාළ නඩුව  (2017-01-31)කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනුණා. ඊට අමතරව හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරිමේ දී සිදු වු බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බරපතල වංචා දුෂණ විමර්ශන ජනපති කොමිසම පරික්ෂන කරමින් සිටි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදි අහම්බයක් ලෙස බිහිවුනු අද වන විට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයෙද සිටින බහුතර හොරා කෑ මන්ත්‍රීවරුන් අතරට රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාද එකතු වේ.බේරුවල වෙරළේ Beach Boy ලෙස සිටි රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං ඒ කාලයේ සිටම කප්පම් ගැනිමේ විශිෂ්ට හැකියාවක් තිබු අයෙකු වේ.රත්තරං බඩු කොල්ලකමින් ජීවත් වූ බව කියන මොහු දේශපාලනයට පැමිණි පසු මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය මත කෝටි ගණනක දේපොල හිමිකර ගත්තෙකි. ඔහු අවස්ථා ගණනකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇතත් එය මග හරිමින් සිටී.

ශිරන්ති රාජපක්ෂ කොරියාවේ පියානෝ 100 එකපාර ගහපු හැටි ලැජ්ජයි නේ....!!!

රාජපක්ෂ දශකයේදී පාසල් වලට බෙදාහැරීමට කොරියාවෙන් පරිත්‍යාග කළ පියානෝ 3000 කින් 100ක් හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් ලබාගෙන ඇති ආකාරය හෙළි වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාවට අනුමැතිය දී ඇත්තේ බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමැතිය.
ඊට අදාල ලිපිය මෙහි දැක්වේ. ‘ජනාධිපති ආර්යාවගේ කාර්යාලයට‘ යනුවෙන් එහි හැඳින්වුව ද ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරුන්ගේ බිරිදට රජයේ වියදමින් කාර්යාල පවත්වාගෙන යා නොහැකිය.
ජනාධිපතිවරයෙකු මිය ගිය හොත් බිරිඳට කැබිනට් ඇමැතිවරයෙකුගේ වරප්‍රසාද සහ වැටුප් හිමි වනවා මිස ජනාධිපති ජීවත් වන කාලයේදී වෙනම වරප්‍රසාදයක් බිරිඳට නොමැති ය.(PHOTO)

ලොව වයස්ගතම මඟුල...!!! මනාලි 106 මනාලයා 66 යි...!!!

බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ වයස අවුරුදු 106 වන වැල්ඩමීරා රොඩ්‍රිගෝස් ඩි ඔලිවේරා නම් යුවතිය (Valdemira Rodrigues de Olivera) සමඟ 66 වියැති ඩයස් ජැකොබ් (Aparecido Dias Jacob) නමැති එම වැඩිහිටි නිවාසයේම ජීවත් වූ පුද්ගලයෙකු සමඟ විවාහ ගිවිසගෙන තිබේ.
මෙය ලොව දෙපළක් විවාහ වූ වියපත්ම අවස්ථාව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලා.

මුදල් ඇමති කම්බ හොරා කරුප්පයියාගේ තවත් හොරකමක් හෙළිවේ....!!!

නීති විරෝධිව ලංකාව හරහා ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රි ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 100 පමණ වටිනාකමකින් යුත් රෝස් වුඩ් දැව තොගයක් වෙන්දේසි කිරීමේ ක්‍රියාපටිපාටියේදී මහාපරිමාණ වංචාවක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
මෙම වෙන්දේසියට සිදුසුකම් ලැබීම සඳහා නැවත නොගෙවන රුපියල් මිලියන 10 තැන්පතුවක් සහ නැවත ගෙනව රුපියල් මිලියන 12 තැන්පතුවක් ලෙස ඉතා විශාල මුදලක් රේගු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටීම නිසා ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන් ලංසු ඉදිරිපත් කිරීමෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.

බැප්ටිස් ප්‍රනාන්දු සමුගනී....!!!

අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු බැප්ටිස් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු හෙට (03) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව. කලක් තිස්සේ රෝගීව සිටි ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කෝමා තත්වයෙහි පසුවී  (01) ජීවිත කතාව අවසන් කර තිබිණි.වීඩියෝ සහ ඡායාරූප

ප්‍රාග් ඓතිහාසික සිතුවම් සිය ගණනක් මොනරාගල ලෙනකින් හමුවෙයි....!!!

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යුගයට අයත් ගුහා සිතුවම් හමුවන තන්තිරිමලය, බිල්ලෑව, රජගල, ගොනාගොල්ල ආදී ස්ථාන අතරින් වැඩිම සිතුවම් ප්‍රමාණයක් ඇති විශාලතම ප්‍රාථමික සිතුවම් එකතුවක් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙට්ටඹුගලින් හමු වී ඇmonaragalaත.
මෙහි ඇති ලෙන දිග මීටර් 75 ක් හා උස මීටර් 20ක් පමණ වේ. ලෙනෙහි දිගින් මීටර් 60ක් හා උසින් මීටර් 03ක පමණ ප්‍රදේශයක් පුරා මෙම සිතුවම් දැකගත හැකිය. ප්‍රාථමික සිතුවම් ගණයට අයත් සිතුවම් 200ත් -300ත් අතර සංඛ්‍යාවක් මෙහි ඇති අතර මානව රූප, සත්ත්ව රූප හා සංකේත වැනි දේ පැහැදිලිව හඳුනාගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.