ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 26, 2017

සෙනසුරු මාරුව 2017 ගැන ඔබ දැනුවත්ද? මෙන්න ඇත්ත…!!!

2014-11-02 වනදා සෙනසුරු එතෙක් ගමන්කල තුලා රාශියේ ග්‍රහ ගමන අවසන් කරමින් වෘශ්චික රාශියට පිවිසි අතර වසර දෙකයි මාස දෙකයි දින 24 ක් පුරා වෘශ්චික රාශියේ ගමන්කල සෙනසුරු 2017-01-25 වනදා ධනු රාශියට පිවිසීම සිදුවේ.
.2017 වසරේ ජනවාරියේ සෙනසුරු  ධනු රාශිගත වීමත් සමග එක් පිරිසකට සෙනසුරුගේ ඒරාශ්ටක අපල උදාවන අතර තවත් පිරිසකට කෙටි සහ දිගු අපල අසුබ කාලසීමාවක් අවසන්වේ.

සමලිංගිකත්වය ...!!! තිරිසනුන් පවා කරන නිසා මිනිසුන් වන අපටද සුදුසුයි දීපිකා උඩුගම කියයි...!!!

 සමලිංගිකත්වය නීතිගත නොකිරීමෙන් විශාල පිරිසක් දුක් විදිනවා.. සතුනුත් කරනවා නම් අපිට බැරි ඇයි..!!!
 වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින ‘උත්ප්‍රාසය’ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

කපටි දේශපාළු අපතයන්ගේ පුවත් සමාලෝචනය ...!!!

රවි සජිත්ට එරෙහි වෙලා
යෝජනා අංක 45 යටතේ විවාදයට ගත්තේ ජාතික මානව හිමිකම්, ක්‍රියාකාරී සැලැස්මයි. රජය වෙනුවෙන් එය සැකසීම විදේශ අමාත්‍යාංශයට භාරවී තිබිණි. විදේශ ඇමැති මංගල සමරවිර වෙනුවට වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කොට තිබිණි. 2017 - 2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම අනුව ප්‍රධාන ලෙසම උණුසුම් කතාබහට ලක් වූයේ "ලිංගික අනුහුරුව සහ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව වෙනස්කම්වලට භාජන වීම වැළැක්වීම තහවුරු කිරීම සඳහා ලිංගික හැසිරීමට අදාළ නීතිමය වැරැදි යළි විමසා බැලීම" නමැති යෝජනාවය. එමඟින් වසර 175ක් පැරැණි 1842 අදාළ ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා කොට තිබිණි. පසුගිය පොහෝ දින අගමැතිවරයා සහ වැඩ බලන විදේශ ඇමැති හර්ෂ ඇතුළු පිරිසක් එම යෝජනාව සකස් කොට තිබිණි. විදේශ ඇමැතිවරයා විදේශගතවී සිටීම නිසා හර්ෂ ඊට මැදිහත් වී තිබිණි.
සමලිංගික යන වචනය යෝජනාවේ සඳහන් නොවුණත් Sex Freedom  යනුවෙන් සඳහන් කොට තිබිණි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමත් සමඟ ඊට ශ්‍රී ලනිප ඇමැතිවරු සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරමින් අදහස් දක්වන්නට වූහ. එම නිසා කැබිනට් මණ්ඩලය ගාලගෝට්ටියක් බවට පත් වුණේය. "මේකට කිසිසේත් එකඟ වෙන්න බැහැ. ආගමික නායකයොත් උද්ඝෝෂණය කරාවි. රජයටත් හොඳ නැහැ" මහින්ද අමරවීර කීවේය. "මේකෙන් සමලිංගිකයන් සමඟ විතරක් නෙවෙයි, සත්තු එක්කත් එකතු වෙන්න නිදහස දීල තිබෙනවා. මේවා අපි වගේ රටකට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. තවත් අවුරුදු තිහ හතළිහකින් ඕන නම් කෙනකුට මේවා ගෙනාවට කමක් නැහැ" නියෝජ්‍ය ඇමැති සුජීව කීවේ වැඩබලන ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස සහභාගි වෙමින්ය. "මේ වැඩ අනවශ්‍ය දේවල්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. බදු සහන ඕන වුණු පලියට මේවට එකඟ වෙන්න බැහැ" රාජිත කීවේය.
මේ අදහස්වලට වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් "මේ වගේ ලිහිල් කොන්දේසි යුරෝපා රටවල තිබෙනවා" යැයි පැවැසීය. "ඒ වුණාට සංස්කෘතියට, සභ්‍යත්වයට නොගැළපෙන ඒවාට එකඟ වෙන්න බැහැ" ජනාධිපතිවරයා කීවේය.

රට පුරා ATMවලට සුපිරි ගේම් දෙන කථිකාචාර්ය හොරා අහුවෙයි...!!!

ගෑස් යන්ත්‍ර උපයෝගී කර ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර ( ATM ) කඩා රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කළ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඇතුළු තිදෙනකු මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් රුපියල් ලක්ෂ 30ක මුදලක් සමඟ (24දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක 75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29) නමැත්තෙකි. ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති අයෙකි.
මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව, මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

බැදුම්කර මගඩිය කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ ජනපතිගේ මූණටම අහයි..!!!

බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් ඇති බවත් ජනාධිපතිවරයාද සහභාගී වූ උත්සවයකදී බෙල්ලන්විල විමලරතන හිමියෝ ප‍්‍රශ්න කලහ.
උන් වහන්සේ මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ විමසූහ.වීඩියෝ සහිතයි

යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කෙරේ..!!!

ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබේ. 2015 වසරේ මෙම වාර්තාවට අනුව රටවල් 168 ක් අතුරින් 83 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.
යම් රටක රාජ්‍ය අංශය කොතරම් දුරකට දූෂිත ද නැතිද යන වග මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කර සිටී. 0 සිට 100 දක්වා සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් මෙම අධ්‍යයනයේ දී අනාවරණය කෙරෙනු ලබන අතර එහිදී 100 අගයට ආසන්න වීම දූෂිත බව අඩුම රටවල් ලෙසත්, 0 අගයයට ආසන්න වීම දූෂිත බවින් ඉහළම රටවල් ලෙසත් වර්ගීකරණය කෙරෙනු ඇත.
2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ලකුණු 37ක්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන්ව තිබුණු අතර පසුගිය 2016 වසරේ දී එම අගය 36 ක් දක්වා පහත වැටී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.