ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 19, 2017

මිනිස් වෙසින් සිටින තිරිසන් සුණඛයන් කළ අපරාධයට දඬුවම් කෝ....!!!

අවු 25ක් අතුරුදන්ව සිටි තරුණියක් ගෙදර එයි - නිවසක බලහත්කාරයෙන් රඳවාගෙන ඉඳළා...!!! 
88-89 මෙරට පැවති භීෂණ යුගයේ අතුරුදහන්වූ බව කියන එවක 18 හැවිරිදි තරුණියක අවුරුදු 25ට පසුව තම නිවස සොයා ගම්පොල, ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
පද්මා කුමාරි නමැති මෙම තරුණිය අද වන විට 43 වන වියේ පසුවන අතර එවක ඇය අතුරුදහන්වීමෙන් පසුව ගඟ ඉහළකෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇයගේ පවුලේ උදවිය විසින් ලබාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

ඡන්දයෙන් පැරදීත් ..පිනට පාර්ළිමේන්තු ගිය මිනීමරු සුණඛයා තප්පුළයි...!!!

ඉන්දියාවට ත්‍රිකුණාමලය වරාය ලබා දෙන බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඉන්දීය ‘ද හින්දු’ පුවත්පතට අදහස් පල කරමිනි.
අදාල ගනුදෙනුව ඉතා ඉක්මනින්ම සිදුවනු ඇතැයිද ඇමතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් ජනතා ඉඩම් බදු දුන් දේශපාළු කාළකණ්නි...!!!

හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..
 ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් සදහන් කළේය.
එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.

ඇසූ විට සරලව සිනාසුණි අහෝ තොපි මෝඩයි කියා...!!!

මේ තරම් සියුමැලිද කොස්කොළ
හිතන්නටවත් බැරි නිසා...
මම ගියා බත් කන හරක්ටත්
මොළේ දුන් මිනිසා සොයා...//

පොළොන්නරුවේ සරල නිවෙසක
මැටි පිළෙක පැදුරක් එළා..
සරල ලෙස අනුභව කරයි ඔහු
කොස් කොළේ කදිමයි කියා...//

උතුර ඒකීය – දකුණ ෆෙඩරල්…..බෙදුම්වාදීන්ගේ අරුම ලොජික්....!!!

උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම හරහා ඒ ප්‍රදේශ එක් කරගෙන ජීවත් වීමේ ඒකීය යෝජනාවක් ගෙන එන දෙමළ ජාතික සංධානය සහ බෙදුම්වාදී න්‍යායාචාර්‍යවරුන් දකුණට ඒ න්‍යාය කපිට ගසා බෙදා වෙන් කිරීමේ ෆෙඩරල් යෝජනාවක් ගෙන ඒම පුදුම සහගත බව ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.
ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධ යයි අද කෙඳිරි ගාන චම්පික රණවක ඇමතිවරයා ඇතුළු හෙළ උරුමයද මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට අත් වැල් ඇල්ලූ බවද ගෙවිඳු කුමාරතුංග  පෙන්වා දෙයි.”අගමැති වරයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පොදු යෝජනාවක් ගෙනාවේ 8 දෙනෙකුගේ නම් සහිතවයි. ( VIDEO )

සරත් ෆොන්සේකාගේ ඝාතන ලැයිස්තුවේ අංක එක සිරිසේන ජනපතිට..!!!

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට වැඩිම තර්ජනයක් පවතින්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් බවට බුද්ධි අංශ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලයට වාර්තාකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ජනවාරියේ සිරිසේන ජනාධිපතිවරයාට ඇතිවු මරණ භිය හේතුවෙන් ඔහුගේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමකට භාජනය කල අතර ඊට සමගාමිව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනය සම්බන්ධයෙන් වු විශේෂ වාර්තාවක් බුද්ධි අංශ විසින් සකස් කර ආරක්ෂක මණ්ඩලයට ලබාදි තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාට වැඩිම ආරක්ෂක තර්ජනයක් ඇති පුද්ගලයා ලෙස සටහහන් කර ඇත්තේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වන අතර ඊට ආසන්නතම හේතු ලෙස දක්වා ඇත්තේ ප‍්‍රධාන ආරක්ෂක මරමස්ථාන හා කාර්යාල , තානාපති කාර්යාලවල ෆොන්සේකාගේ ගෝලයින් පත් කර සිටිම බවද පෙන්වා දි තිබේ.

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !!!

                               පුදබිමට පිවිසෙන මාර්ගයේ නවීකරණය කර ඇති ඉස්ලාම් තොරණ
වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් සහිත, මහ රහතුන් වැඩ සිටි ඓතිහාසි කුරගල පුදබිමේ අනවසරයෙන් රැදී සිටින මුස්ලිම් ජාතිකයන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම පුදබිමෙන් ඉවත් වන ලෙස අදාළ පිරිසට අධිකරණය මගින් ද නියෝග කර ඇතත් නීතිය නොකතා එම පිරිස තවමත් එහි රැදී සිටින අතර ඉකිරීම්ද යළි අරඹා තිබේ.

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ කමිටු ඉදිරිපත් කළ වාර්තා මගින් රටේ ඒකීයභාවය අහෝසි කරන යෝජනා ඉදිරිපත් කර ඇති බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
කොළඹ පදනම් ආයතනයේ දී  (16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
“මම ඉදිරි කාලයේදී මේ රටේ සියලු විද්වතුන්ට ආරාධනා කරනවා.. ජාතික සභාවක් ඇති කරන්න එන්න කියලා. ඒක විකල්ප පාර්ලිමේන්තුවක් වෙයි කියලා මම හිතනවා. මේ රට යා යුත්තේ කොතනටද කියලා ගමින් ගමට ගිහින් මහජනයා දැනුවත් කරන්න කටයුතු කරනවා.මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මගෙත් එක්ක කවුරුත් තරහා වෙන්න ඕන නැහැ. රටට ආදරය කරන සියලු දෙනා මම එකතු කර ගන්නවා.

රතනහිමියන් පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස්වීම වඩාත් හොඳයි...!!!

පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම අගය කරන බව ජාතික හෙළ උරුමයේ උත්තරීතර සංඝමණ්ඩලයේ සභාපති, ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
එහෙත් මෙම ස්වාධීනවීම වඩාත් ඵලදායිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද, ඉල්ලා අස්වීමෙන් බව සෝභිත හිමියන් කියා සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ  (18) පැවති මාධ්‍ය හමුවකදීය.
එලෙස මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්නොවී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පමණක් රතන හිමියන්ගේ අරමුණ අර්ථවත් නොවන බව සෝභිත හිමියන් අවධාරණය කළේය.

හම්බන්තොටින් අක්කර 15,000ක් දෙන බවට සාක්ෂි මෙන්න

"ආණ්ඩුවේ හැමෝම කියන්නේ ඒකාබද්ධ විපක්ෂය බොරුවට කලබල වෙලා. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන්නේ නෑ. හම්බන්තොට, රත්නපුර, මොණරාගල, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සියල්ලෙන්ම දෙන ඉඩම් ප්‍රමාණය තමයි අක්කර 15,000ක්වෙන්නේ කියලා අගමැතිත් කිව්වා. මේ කතාව ඇමතිවරු විතරක් නොවේ ජනාධිපතිත් කිව්වා. ජනාධිපති කියනවා තාම තැන තීරණය කර නැත. හම්බන්තොටට එපානම් පොළොන්නරුවට  ලබාදෙනු මැන කියලා. එහෙම කියද්දිනම් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. පොළොන්නරුවෙත් වරායක් තියෙනවද කියලා. ජනපති දන්නැතුව ඇති වරායක් ආශ්‍රිතව තමයි මේ කර්මාන්ත ගොඩ නගන්න යන්නේ. නමුත් ජනාධිපති නියෝජනය කරන පොළොන්නරුව තියෙන්නේ රට මැද.දෙවෙනි කාරණය තමයි රටේ විධායක බලය ජනතාව ලබා දුන්නේ අගමැතිට නෙමෙයි ජනපතිට. නමුත් ජනපති අගමැතිගෙන් ඉල්ලනවා. කොහොම නමුත් අපේ අතේ ලිඛිත සාක්ෂි තියෙනවා මේ සම්බන්ධව.“හම්බන්තොටින් අක්කර 15,000ක් චීන තානාපති ඉල්ලුවා. අපි දැනටමත් ඒ සඳහා අක්කර 17,000ක් නැති නම් හෙක්ටයාර් 6,800ක් හඳුනා ගෙන තිබෙනවා“ කියලා අගමැති ලේකම් ඊඑම්එස්බී ඒකනායක භාණ්ඩාගාර ලේකම්ට ලිපියකින් දැනුම් දෙනවා. ලිපියේ යොමු අංකය PMO/01/ASP/2016/01 . ලිපියේ දිනය 19.09.2016. ඒ කියන්නේ මීට මාස හතරකට කලින් ඉඩම් හඳුනා ගෙන ඉවරයි. ජනතාවගේ විරෝධතා නිසා තමයි දැන් ආණ්ඩුව රිවර්ස් ගියර් දාගෙන ඉන්නේ.
මේ ලිපිය ඉංග්‍රිසියෙන් යැවූ නිසා ජනාධිපතිට තේරෙන්නේ නෑ කියලා අගමැති හිතුවා ද දන්නේ නෑ.( සාක්ෂි මෙන්න )

කොස්‌ කොළ වෙනුවට පුන්නක්‌කුම කමු...!!!

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් පවුල් සංඛ්‍යාව පසුගිය 17 වැනිදා වන විට එක්‌ලක්‍ෂ දහතුන්දහස්‌ හාරසිය තිස්‌ හයක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය එදිනට නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිස්‌ත්‍රික්‌ක 12 කින් එම පවුල් සංඛ්‍යාව වාර්තා වේ.
ඉඩෝරය පෑවිල්ල ගැන අංක එකේ පෙර සූදානමක්‌ ගැන කතා කරන වගකිව යුතු හැම කෙනෙකුටම අපට කියන්නට ඇත්තේ මේවා අලුත්ම අලුත් නිව්ස්‌ නොවන බවය. 2016 ඔක්‌තෝබර් මාසයේදී මේ ''නියං'' කතාව ඉඩෝරය, පෑවිල්ල ගැන සරල කතාවලට ලඝූකරමින් කරළියට එනවිට අප මෙවැනිම සටහනකින් සඳහන් කළේ උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට ඉක්‌මන් සැලසුම් අවශ්‍ය බවය. ඒ වනවිටත් රටේ විවිධ ප්‍රදේශවලට උග්‍ර ජල ප්‍රශ්නත් ඇතිව තිබිණි. අද වන විට උද්ගතව ඇත්තේ බරපතළ තත්ත්වයකි. වියළි කාලගුණය රටට බලපෑම් කරන්නට පටන්ගෙන මේ වන විට මාස හතරක්‌ පමණ ගතවී තිබේ.

අගමැති, මුදල් ඇමති රටේ නෑ.. විධායක ජනාධිපති බලවත් වේ.. !!!

කැබිනට් තීරණයන් වෙනස් කිරිමෙන් ව්‍යාපාර ප්‍රජාව කැලඹේ.. එජා පාක්ෂිකයින් කලබල වේ..!!!
 නිවාස ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 6 ක් පසුගිය අයවැයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කොට තිබු බවට පුරසාරම් දොඩමින් සජිත් ප්‍රේමදාස  පසුගිය අයවැය සම්බන්ධව කතා කලද ඔහු විසින් අයවැය යෝජනාවේ තිබු ගණන් මිමි වරදවාගෙන ඇති බව පැහැදිලි වනුයේ එම රුපියල් බිලියන 6 න් 3 ක්ම රිෂාඩ් බදුර්දින්ට උතුරු පලාතේ අවතැන් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව නිවාස සැදිමට ලබා දීමයි. තව බිලියනයක් වතුකරයේ නිවාස සැදිමට පලනි දිගම්බරම් අමාත්‍යවරයාට වෙන් කොට ඇති අතර ස්වාමිනාදන් ඇමතිවරයා විදේශ ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් බිලියන 7 ක් නිවාස වෙනමම උතුරේ සෑදිමට කටයුතු කරගෙන යයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.