ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 15, 2017

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ අභාවප්‍රාප්ත විය


ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු වූ, ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමචන්ද්‍ර රූපසිංහ මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. 
මිය යන විට 56 වැනි වියේ පසුවූ රූපසිංහ මහතා රජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ප්‍රවීණ ගත්කතුවරයෙකු ද වනවා.  පුවත්පත් කලාවේදියෙකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ප්‍රේමචන්ද්‍ර රූපසිංහ මහතා රූපවාහිනී සංස්ථාවේ සේවයට එක්වුණේ, 1990 වසරේදී. 
 ප්‍රවෘත්ති සහ වැඩසටහන් අංශවල ඔහු කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළා.  දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ යුගයේ ගම්උදාව, ජනපති ජංගම සේවය ඇතුළු ජනාධිපති මාධ්‍ය ආවරණ රැසක ප්‍රමුඛ නිෂ්පාදකවරයා වූයේ රූපසිංහ මහතායි. 

වෛද්‍ය කලා සාන්ත මහත්මිය අද උදෑසන අභාව ප්‍රාප්ත වී ඇත...!!!

සගයු වෙසරද ගුරු දෙවි සුනිල් සාන්තයන්ගේ දයාබර දියණිය වූ වෛද්‍ය කලා සාන්ත මහත්මිය අද උදෑසන අභාව ප්‍රාප්ත වී ඇත. සුනිල් සාන්තයන්ගේ ගී ඇතුලත් කැසට් පට කිහිපයක් ගුවන් විදුලියෙන් නිපදවූ අවස්ථා වලදී ඇය ගායනයෙන් දායක විය. සුනිල් ගී නව පටිගතකිරීම් බොහොමයක අයිවෝ ඩෙනිස් මහතාගේ හඬ සමග කලා සාන්ත මහත්මියගේ හඬත් මුසුව ඇත. කලා සාන්ත මහත්මියගේ දේහය අද සවස 6.00 - රාත්‍රි 10.00 කාලයේත් හෙට උදෑසන පැය කිහිපයකුත් කොළඹ ජයරත්න මල් ශාලාවේ තබා ඇති අතර අවසන් කටයුතු හෙට (16) ජාඇල දෙහියාගතදී සිදුකෙරෙන බව ඇගේ සොයුරු ලංකා සාන්ත  සඳහන් කර ඇත. කිතුසමයානුකූලව වෛද්‍ය කලා සාන්ත මහත්මියගේ ආත්මයට දෙව් මව් තුරුලේ සාමදාන ස්වර්ග මෝක්ෂය පතන අතර අපි එතුමියට සසර කෙළවර අජරාමර නිර්වාණයද ප්‍රාර්ථනා කරමු.
  Remembering Sunil Shantha....

පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල ද්‍රෝහීන්ය.

රටේ සංහිඳියා ක්‍රියාවලියක්‌ සම්බන්ධ කමිටුවක සභාපති ලෙස සිටින චන්ද්‍රිකා බණ්‌ඩාරනායක  නොහොත් ඵකැස් යකින්න යටතේ පත් කළ කණ්‌ඩායමක්‌ විසින් ඉදිරිපත් කළ නිර්දේශ දැන් පිටව තිබේ. එම කණ්‌ඩායමේ නායිකාව ලෙස ක්‍රියා කළේ මනෝරි මුත්තෙට්‌ටුවේගම වන අතර ඉතිරි සාමාජිකයන් අතර පාක්‍යසෝති සරවනමුත්තු සහ ගාමිණි වියන්ගොඩ ද වේ. මොවුන් නිර්දේශ කර ඇත්තේ අපේ රණවිරුවන්ට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විදේශීය විනිසුරුවන් ද සිටිය යුතු බවයි. එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් හුසේන්ද කියා ඇත්තේ අපේ රණවිරුවෝ අතිශය භයානක යුද අපරාධ කර ඇති බවත් ඒවා විභාග කිරීමට විදේශීය විනිසුරුකරුවන් සහභාගී කළ යුතු බවත් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල ද්‍රෝහීන්ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ පිලිකුළට භාජන වී අවසන්ය.

මෙහෙම චීනයට ඉඩම් දෙන්න මුං ගම්බාර දෙවිවරුද ...!!!

 යහපාලන පෙරගමන්වරුන් ...!!!
හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් ප‍්‍රමාණයක් චීනයට පැවරීමට තමන් දැඩි විරෝධය පල කරන බව සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.වීඩියෝ

අක්කර 25,000 ක වනය වනසා ජනාවාස හදති...!!! පඹපති නිහඬයි...!!!


ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.
වව්නියාව මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් රක්ෂිත හතක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර අක්කර 17,780 ක් එළිපෙහෙළි කරමින් අලූත් ජනාවාස පිහිටුවමින් සිටින බවත් උමා ඔය, මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර 10,000 කට ආසන්න කැලෑ එළිවෙමින් පවතින බවත් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර   කීවේය.

ගායන ශිල්පී දීපාල් සිල්වා (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.


ප්‍රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්‍රිය වූ දීපාල් 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.
වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.වීඩියෝ

යහපාලන මුවාවෙන් එළියට පැමිණ ඇති යූ.ඵන්.පී .හෝ හපුටු රැළ ඵදා කළේද අද කරමින් සිටින දෙයමය....!!!


පෙළපාලියේ ගියේ ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට එරෙහිවයි
ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දඹරාවේ හිමි ඝාතනය කළ හැටි...!!!

මෙවර මාගම් ප්‍රහාරයට වසර පනහකට පෙර....දම්බරාවේ රතනසාර කුඩා හිමියන් ඝාතනය කිරීමෙන් නොනැවතුණු එක්‌සත් ජාතික පක්‌ෂය භාෂා පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළහ. එය බෙදුම්වාදයේ තවත් අවස්‌ථාවකි. ඉන්දියාවට යන්නට සිටි දෙමළ වතු කම්කරුවන් නවත්වාගෙන පුරවැසි කම් ලබා දුන්හ. හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් අක්‌කර පහළොස්‌දාහක්‌ චීන සමාගම් සඳහා පැවරීමට වත්මන් යහපාලන ආණ්‌ඩුව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. එම මූලික උත්සවයට විරෝධය පාමින් හම්බන්තොට ජනතාව සහ දේශප්‍රේමීන් මිරිඡ්ජවිල අවට කළ උද්ඝෝෂණයට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින්ද කොළඹ සිට පැමිණුන මැරයන්ද පහර දුන්හ. එම පහර දීමෙන් මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසකට තුවාල සිදු විය. සාමණේර හිමි නමකගෙන් පැහැර ගත් චීවරයකටද ගිනිතැබූ බව ආරංචි පැතිරුණි. මේ සිද්ධිය සිදුවූයේ 2017 ජනවාරි හත් වැනිදාය. හරියටම වසර පණස්‌ එකකට පෙරද එක්‌සත් ජාතික පක්‌ෂ රජය සංඝයා වහන්සේ පෙරටු කොට ගත් පෙළපාලියකට පහරදී සාමණේර හිමි නමක්‌ ඝාතනය කළහ. එය සිදුවූයේ මෙලෙසය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.