ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 13, 2017

ආතක් පාතක් නැතිව කොරවූ කැළෑපාළු ජාතිවාදියා...!!!

දෙරණ රූපවාහිණියේ 360 වැඩසටහන  (9) දිනයේ සහභාගී වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් එහිදී දැඩි අපසුතාවට ලක්විය. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපොහොසත් වූ මේ  තකතීරු කපටි ඇමතිවරයා විල්පත්තු ප්‍රේරක කළාපයේ කිසිදු වන සංහාරයක් සිදු නොවන බව දිගින් දිගටම කියා සිටියේය.
දැනට නැවත වන විනාශය සිදුවන විල්පත්තු රක්ෂිත මායිමේ මරිච්චිකට්ටු සිට සිලාවතුර දක්වා අතරමැදි ප්‍රදේශයේ ජනාවාස පැවති බවත් යුද්ධය හේතුවෙන් එහි වැසියන් 1990දී එම ප්‍රදේශ හැරගිය බවත් ඇමතිවරයා සදහන් කළේය. 1984 සිට 1990 දක්වා එම ප්‍රදේශයේ චන්ද්‍රිකා සිතියම් පෙන්වා 1990ට පෙර එහි ජනාවාස පැවති බව පෙනේන්නට නෑ නේදැයි විමසීමේදී, එම සිතියම් සත්‍ය ඒවා නොවන්නේ යැයි ඇමතිවරයා අභියෝග කර සිටියේය.වීඩියෝ

පාලන මිල ගැසට් පත‍්‍රය කැලේ.. නම් කල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට..

ආණ්ඩුව විසින් ජනතාවට සහන සැලසීමට යයි කියමින් දැනට මාස කිහිපයකට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ 16කට උපරිම සිල්ලර මිලක් නියම කලත් අද වන විට එම භාණ්ඩවලද මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
2016 ජූලි 14 දා නිකුත් කළ ගැසට් පත‍්‍රයකින් සුදු සීනි කිලෝවක් රුපියල් 95ක උපරිම සිල්ලර මිලකට නම් කර තිබුනද අද සීනි කිලෝවක් රුපියල් 110-115 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

ත්‍රී වීල් වලට නව නීති ගැසට් කරයි

කුලියට
මගීන් ප්‍රවාහනය කරන සෑම ත්‍රී රෝද රථයක්ම ටැක්සි මීටරයක් සවිකළ යුතු බව සඳහන් කරමින් මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මීට අමතරව තවත් නීති කිහිපයක් එමගින් පනවා ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින්...

කොළඹ කට්ටිය බොන්නේ අසූචි...?

කොළඹ නගරයට ජලය සපයනු ලබන කැලණි ගඟේ පෝෂක ප්‍රදේශවලට මළ ද්‍රව්‍ය එකතුවන බව විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වේ.එම වාර්තාවට අනුව මේ බව තහවුරුව ඇත්තේ කැලණි ගංකාවේ ඉහල සීමාවේ සිට ඉංගිරියවත්ත ප්‍රදේශය දක්වා සිදු කළ සමීක්ෂණයකින් පසුවය.ගංගා ජලයට මළ මුසුවීමත්, ගංගා දෙපස බොහෝ නිවෙස්වල වැසිකිලි ගංගාවලට හරවා තිබීමත් නිසා ගංගා ජලය අපිරිසිදු බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි  කියා සිටී.

ප්ලාස්ටික් ජල ටැංකි සහ ජල නළ දරුණු සෞඛ්‍ය අවදානමක්...!!!

ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ පවතින ප්ලාස්ටික් ජල ටැංකි සහ පී.වී.සී. ජල නළ හරහා දරුණු සෞඛ්‍ය අවදානමක් පවතින බව කොළඹ මහ රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය වරුණ ගුණතිලක පවසයි.
ජලය සහ ආහාර බහාලීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට ඇති වන හානිය සම්බන්ධයෙන්  (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය වරුණ ගුණතිලක  මේ අදහස් පළ කළේය.
ඒ අනුව මෙරට නිෂ්පාදනය කර වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන ජල ටැංකි සඳහා නියමිත ප්‍රම්තියක් නොමැති බවත් ඒ හරහා එම ජලය පරිභෝජනය කරන්නන්ගේ සෞඛ්‍ය අවදානම ඉහළ බවත් සඳහන් කළේය.
"අතීතයේදී මේ ජල ටැංකි විදියට පාවිච්චි කළේ යකඩ, මල නොකන වානේ හරි සිමෙන්තිවලින් ගොඩනගපු ටැංකියක්. ඒත් අද වෙන කොට මේ ටැංකි නිපදවන්නේ ප්ලාස්ටික්වලින්. ඒත් ප්‍රශ්නය තමයි මේ සඳහා නියමිතව ප්‍රමිතියක් නොමැතිවීම. කොතැනකවත් ඒ ගැන සඳහනක් වෙලා නැහැ." වෛද්‍ය ගුණතිලක පවසයි.
එසේම ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කර ඇති ජලය අධික උෂ්ණත්වයකට ලක්වීමෙන් එම ජලයට ප්ලාස්ටික්වල ඇති විෂ කාන්දුවීමේ හැකියාව පවතින බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව සමකය ආසන්නයේ පිහිටි රටක් ලෙස ශ්‍රී ලංකාවේ නිවෙස්වල වහල මත පිහිටුවා ඇති මෙවැනි ජල ටැංකි තුළ අනිවාර්යයෙන්ම විෂ රසායනික පවතින බවත් ඔහු සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.