ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 3, 2017

කොහොමද ඇන්දිල්ල...!!!

වොක්ස්වාගන් නිෂ්පාදන ෆැක්ටරියක් නොවේ - වාහන කෑලි ගෙන්වා එකලස් කරන තැනක්...වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව වාර්තා වෙයි. එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන26.5 ආයෝජනයකිනි.

විගණකාධිපති නිර්දේශ නොතැකේ - ගල් අගුරු ටෙන්ඩරය ප්‍රශ්ණගත ස්විස් සිංගප්පූරු සමාගමටම දෙයි...!!!

විදුලිබල හා පුණර්ජිවන බලශක්ති අමාත්‍යාංශය රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවේ විසින් ලබා දුන් නිර්දේශ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයය මගින් ලබා දුන් නියෝග නොතකා රජයට රුපියල් මිලියන 3900 ක් එනම් රුපියල් බිලියන 3.9 ක අලාභයක් කරමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ උපදෙස් මත ලංකා කෝල් සමගාම ගල් අගුරු සැපයීමේ දීර්ඝකාලීන ටෙන්ඩරය ස්විස් සිංගප්පූර් ඔවර්සීස් එන්ටර්ප්‍රයිසස් වෙත පිරිනමා ඇති බව සති අන්තයේ සන්ඩේ ටෛම්ස් පුවත් පතේ මුල් පිටුවේ වාර්තා කොට ඇත.
එම පුවත්පත සඳහන් කරන අන්දමට මෙම ප්‍රශ්නකාරි ගල් අගුරු ටෙන්ඩරය අවලංගු කිරීමට උත්සහ ගත් අවස්ථාවේ අමාත්‍යාංශයේ 2016 අගෝස්තු මස නිර්දේශය වී ඇත්තේ එම ගිවිසුම අවලංගු කලහොත් එම සමාගම මගින් ජාත්‍යන්තර බේරුම්කරනය තුලින් වන්දි ලබාගැනිමට හැකියාවක් ඇති බවත්ය.

ජනපති, ASPව කටාර්හි තානාපති කරයි....!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් කෝටිපති ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ කටාර් රාජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
ඔහුට අදාළ පත්වීම ලබාදී ඇත්තේ ඉකුත් 31 වැනිදා බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් අප ලියනගේගෙන් කළ විමසීමකදී ඔහු අදාළ කාරණාව සත්‍යබව කියා සිටි අතර මේ පත්වීම සිදුකරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවද පිළිගත්තේය.

‘නැගිටින දෙමළු’ නැගෙනහිරටත් -දෙවන රැළිය මඩකලපුවේ...!!!

එළුග තමිල් (නැගිටින දෙමළු) දෙවන රැළිය මඩකලපුවේදී පැවැත්වීමට දෙමල මහජන සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත.
සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිවරයා ‘දෙමළ මහජන සභාව’ සංවිධනායේ ප‍්‍රධානත්වය දරන අතර මඩකලපුවේ රැළිය ජනවාරි 21 වන දින පැවැත්වෙන්නේ යයි ප‍්‍රදේශය පුරා අත් පත‍්‍රිකා බෙදා හැර ඇත.

බත් බුදින ජනතාවට කෙළවා තමුන් ගොඩ යන මීමා...!!!

ඩඩ්ලි සහ හැරිසන්

ඉහළ යන හාල් මිලට වගකිව යුත්තේ කවුද? ආණ්‌ඩුවද, ඩඩ්ලි ද, හැරිසන් ද? ආණ්‌ඩුව යනු මේ රටේ ජනයා ලාබෙට බත් කන්නට පත් කරගත් පරිපාලන දේහයය. හැරිසන් යනු ඒ පරිපාලන දේහයේ වී නිෂ්පාදනය සහ බෙදාහැරීමට වගකියන ඇමැතිය. ඩඩ්ලි යනු සුප්‍රකට ඩඩ්ලි සිරිසේනය. ( වත්මන් ජනාධිපතිගේ සොයුරාය ) ශ්‍රී ලංකාවේ හාල් ව්‍යාපාරිකයන් අතුරින් ඉහළින්ම ඉන්නේ ඔහුය. තරාදියක්‌ ගෙන (මේ සඳහා විශාල තරාදියක්‌ තැනිය යුතු අතර එය තැනීමේ කොන්ත්‍රාත්තුව චීනයට දුන්නොත් ඉන්දියාවත්, ඉන්දියාවට දුන්නොත් චීනයත් හරහා වන නිසා වෙනත් රටකට බාර දිය යුතුය) එහි එක පැත්තකට ඩඩ්ලි සිරිසේනගේ අරලිය හාල් මෝලත්, අනෙක්‌ පැත්තට රටේ සෙසු සියලු හාල් මෝල් සමූහයත් දැමූ විට යට යන්නේ ඩඩ්ලි සිරිසේනගේ පැත්තය.

ද්‍රවිධ ජාතික සන්ධානයට ඇමතිකම් 5ක් -ජනපතිගෙන් ඇරයුමක්...!!!

ජාතික ආණ්ඩුවේ ඇමතිකම් සදහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු නිර්දේශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන්ට දැනුම් දි තිබෙන බවද  අනාවරණයවී තිබේ. පසුගිය නොවැම්බර් 25 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි මේ බව සාකච්ඡා කර තිබේන අතර ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ කාර්යය ඉතා ඉක්මනින්ම සිදුකිරිමට අපහසු බැවින් එම කාලය තුල උතුරේ සංවර්ධනය සක්‍රිය කිරිම සදහා මෙම ඇමතිකම් භාර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා ද්‍රවිඩ සන්ධානයට දැනුම් දි ඇත්තේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.