පාහර කොටියාගේ ඉල්ලීමට රජය ඉඩ දෙන ලකුණු....!!! නපුංසක සංහිඳියාව...!!!
මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්රයෝජනයක් නොමැති බවද මන්ත්රීවරයා විසින් වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.
රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැණුම්දී තිබේ.
මීට පෙරද යුද හමුදාව එම කඳවුරේ සිටින අවස්ථාවේදීද අදාල බුදු පිළිමය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම මන්ත්රීවරයා ඇතුලු තවත් දේශපාලඥයින් හා සිවිල් සංවිධාන කිහිපයක් විසින්ද දැණුම් දෙනු ලැබීය.