සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමින් NGO වලින් ඩොලර් ලබාගැනීමට අටවාගත් සංවිධානයක සභාපති යයි තමන් හදුන්වා ගත් මෙම ඩොලර් කාක්කා වන සරත් විජේසූරිය (මහාචාරී) , ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී.
2017 නොවැම්බර් මස 8 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙදී පැවති මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරු වැඩසටහනේදීද මොහු ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි ප්‍රකාශ කර ඇත.එය හුදෙක් වෛරී ප්‍රකාශයක් බව පහත විස්තරයෙන් ඔබට වටහා ගත හැක.
ඇවන්ගාර්ඩ් ආයතනය කිසිදු වංචාවක් හෝ දුෂණයක් කර නොමැති බවට තරයේ ප්‍රකාශ කරන අතර මේ පිලිබදව අප හා සාකච්චා කර ඇත්ත වටහා ගන්නා ලෙස ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සරත් විජේසූරිය (මහාචාරී) වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇත (පහත අදාල හඬ පටය ශ්‍රවනය කල හැක).
අදාල දුරකථන සංවාදයේදී සරත් විජේසූරිය (මහාචාරී) අප ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති සිදුකරන සමාජ සේවා කටයුතු පිළිබඳව එතුමාගේ මිතුරන් මාර්ගයෙන් දැනුවත් බවත් සෑම කතාවකම දෙපැත්තක් ඇතිබවට තමාද පිළිගන්නා නිසා ඔහුගේ දිනපොත පරීක්ෂා කර නිශ්ශංක සේනාධිපති සමග සාකච්චා කිරීමට වෙලාවක් ලබා දීමට පොරොන්දු වූ නමුත්(මේ සමග ඇති හඬ පටයේ 3.10 මිනිත්තුවේදී), අද වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වනතුරු අප සමග කිසිඳු සාකච්චාවකට ඔහු නොපැමිණියේ ඔහුගේ දිනපොත බැලීමට වෙලාවක් නොමැති වූ නිසාද නොඑසේනම් අපගේ සභාපති හමුවීමට තරම් කොන්දක් නොමැති වූ නිසාදැයි නොවැටහේ.
නමුත් විල්පත්තු කැලය කපන්නේ යයි මේ රටේ මතයක් ගොඩ නැගෙන විට මෙම ඩොලර් කාක්කන් විල්පත්තුව වෙත ස්වේච්චාවෙන් ගොස් කැලය මැන බලා අදාල ප්‍රදේශ වල ජනතාව හමු වී කරුණු හදාරා එසේ වන සංහාරයක් නොවන්නේයැයි තහවුරු කරමින් මාද්‍ය සාකච්චා පැවැත්වුහ.
මෙසේ විල්පත්තු කැලය කපන්නේය යන චෝදනා ලැබුවන් එම චෝදනාවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙතරම් කැපවීමක් කල මෙම නඩය ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද කිසිදු විමසීමක් අප සමග මේ වනතුරු සිදු නොකර මාද්‍ය ඉදිරියේ අප වංචා කරුවන් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටී. මොවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත අප රණ විරුවන් වූ නිසාදැයි හෝ අප විසින් මොවුන් සඳහා කප්පම් ලෙස ඩොලර් ලබානොදෙන නිසාදැයි සැක මතුව ඇත.
අප ආයතනය තුල සේවයකළ රණවිරුවනි, ඔබ වැනි රණවිරුවන් 6000 අසන්න ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමට මුල්වූ දුෂ්ට කුහක නඩයේ ප්‍රධානියෙකු, මෙම සරත් විජේසූරිය (මහාචාරී) බවද අවධාරණය කරමු.
ඇවන්ගාඩ් ආයතනය නීති විරෝධී ආයතනයක් බවට රජයේ සමහරක් මාත්යවරුන් සහ ඩොලර් කාක්කන් විසින් පුන පුනා ප්‍රකාශ කළද අප ආයතනය නීත්‍යානුකුල ආයතනයක් බවට මෙම රජය මගින් ලබාදී ඇති පහත ලිපි ලේඛනවලින් ඔබට මනාව තහවුරු කරගත හැකි බව අප විශ්වාස කරමි
ඇමුණුම 1
නයිජීරියානු රජය සමඟ රුපියල් බිලියන 154 (මිලියන 15400) පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් සදහා ගිවිසුම් ගත වීමට ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නම් කොට මෙම රජයේ රාජ්‍ය ආරක්ෂක අමාතංශය විසින් නිශ්ශංක සේනාධිපති මහතා ලබාදී ඇති ලිපිය ඔබලාගේ දැනගැනීම සඳහා මෙය සමග ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම නිශ්ශංක සේනාධිපති නජීරියානු නාවික හමුදාව සමග සාර්ථකව අත්සන් කරන ලදී නමුත් අමන මාත්යවරුන් ගේ මැදිහත් වීම මත මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කල අතර අමගින් අතිමහත් විදේශ විනිමයක් අපරටට අහිමි කළහ.
ඇමුණුම 2
මෙම රජය පත්වූ පසු ද ශ්‍රී ලංකා රජයට අයත් අවි ආයුධ ගබඩා කරනුයේ ඇවන්ගාඩ් ආයතනය විසින් රතු මුහුද අශ්‍රිතව සහ ඕමාන් මුහුද ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන පාවෙන අවි ගබඩා තුළයි, මේ වන විටද ශ්‍රී ලංකා රජයට අයත් අවි ආයුධ 500 අසන්න ප්‍රමාණයක් අප ආයතනය මගින් පවත්වා ගෙනයනු ලබන පාවෙන අවි ගබඩා තුල ගබඩා කර ඇත. මීට සති කිහිපයකට පෙර ඒ බව සනාථ කරමින් මෙම රජය විසින් ලබාදී ඇති ලිපි ඔබගේ දැනගැනීම සඳහා මේ සමග ඉදිරිපත් කරමි. අප නීති විරෝධී ආයතනයක් නම් මෙම රජය තව දුරටත් අපගේ සේවාවන් ලබා ගනු ලබනුයේ කුමන ආරමුනකින් යුතුව දැයි සොයා බැලීම මහාචාර්ය තුමා සතු වගකීමක් නොවන්නේද?
අප ආයතනය මෙම ව්‍යාපාරය සිදුකරන සමයේදී අපගේ ආදායමෙන් (ලාභයෙන් නොව) 45% ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් අතර වසර 2 ක කාලයකට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 4.2කි (මිලියන 4200කි). මෙම පාවෙන අවිගබඩා ව්‍යාපෘතිය ඇතුළුව අප ආයතනය සිදුකල අනෙකුත් ව්‍යාපෘති වලින් වසරකට ශ්‍රී ලංකාවට රැගෙන ආ මුදල රුපියල් බිලියන 5.5කි. නමුත් මෙම ව්‍යාපාරය ඇවන්ගාඩ් ආයතනයට පැවරීමට පෙර එනම් නාවික හමුදාව සිදුකරමින් සිටි සමයේ ඔවුන් වසර 3 කාලයක් තුල උපයාගනු ලැබුසම්පුර්ණ රුපියල් බිලියන 1.8 කි(මිලියන 1800කි). මෙය සනාථ කරමින් නාවික හමුදාපති විසින් නිකුත් කර ඇති ලිපියක් අප සතුව ඇත. මෙම ව්‍යාපාරය මෙම රජය විසින් නාවික හමුදාවට පැවරීමෙන් පසුව ඔවුන් විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 1 කටත් අඩු ප්රමාණයකි(මෙය ලාභය නොව අදායම පමණි). මෙමගින්ද අප රටට ලැබිය යුතුව තිබු මහා දනස් කන්දයක් අහිමි කල අතර රණවිරුවන් 6000 ක පවුල්ද මහමගට ඇද දමා ඇතිබවද මහාචාර්ය තුමා සහ එම නඩයේ අනුගාමිකයින් අවභෝද කරගත යුතුව අට.
මෙම සියලූ කරුණු මඟින් පැහැදිලි වන සත්‍ය වනුයේ අප ආයතනය කොපමණ නීත්‍යානුකූල ආයතනයක් වූව ද සමහරක්ගේ උවමනාවට අප ආයතනය නීති විරෝධී ආයතනයක් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටීමයි.
හැකිනම් ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද ඕනෑම රුපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සරත් විජේසූරිය (මහාචාරී) වෙත අභියෝග කරන අතර එම විවාදයේදී අප ආයතනය වංචාවක් සිදුකර ඇති බවට ඔවුන් විසින් ඔප්පුකළහොත් අපගේ සභාපති තුමා ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් අතර, එසේ ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි උවහොත් සරත් විජේසූරිය (මහාචාරී) විසින් අටවාගෙන ඇති සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමැති සංවිධානයේ දරන සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වී අප ආයතනයෙන් ප්‍රසිද්දියේ සමාව ගත යුතු බවත් අප ආයතනය මින් අභියෝග කර සිටින්නෙමු.
මීට
ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
sihanethmedia[email protected]

Monday, December 4, 2017
සරත් විජේසූරිය (මහාවනචාරී) වෙත කරන අභියෝගයි....!!!
Posted by
lankanews
at
December 04, 2017
Labels: avengard, avengard ship, nishshanka, nisshanka senadhipathi, purawesi balaya, sarath wijesuriya, yahapalanaya
සරත් විජේසූරිය (මහාවනචාරී) වෙත කරන අභියෝගයි....!!!
2017-12-04T21:55:00+01:00
lankanews
avengard|avengard ship|nishshanka|nisshanka senadhipathi|purawesi balaya|sarath wijesuriya|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
