ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 2, 2017

බැඳුම්කර චූදිතයින් නීතිය හමුවේ කර ඇති බරපතළ වැරදි හය මෙන්න - ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමේ සාක්‌ෂි විමසීම පසුගියදා අවසන් විය. එම වංචාව පිළිබඳ ගත යුතු ඊළඟ පියවර පිළිබඳ  කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාමයන් සමඟ සිදුකළ සාකච්ඡාවයි මේ.
  මහබැංකුවේ සිදුවී තිබෙන බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ සාක්‌ෂි විමසීම අවසන් වී තිබෙනවා. කිසිවකුට දඬුවම් කිරීමට බලයක්‌ මෙම කොමිසමට නොමැති බවත් ප්‍රකාශ වී තිබෙනවා. ජනාධිපති කොමිසමකට පැවරී ඇති බලතල මොනවාද?

  යම් ආයතනයක කිසියම් අක්‍රමිකතාවක්‌, මහජන මුදල් අවභාවිතයක්‌ සිදුව තිබෙනවා නම් ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයාට කොමිසමක්‌ පත්කරන්න පුළුවන්. එම කොමිසමට හිමිවන බලතල අතිවිශේෂ ගැසට්‌ පත්‍රයකින් ප්‍රකාශ කර තිබෙනවා. මේ ජනාධිපති කොමිසම හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කළ අති විශේෂ ජනාධිපති කොමිසමක්‌ නෙමෙයි. මහ බැංකුවේ සිදුවුණු මෙම මුදල් වංචාව සොයන්නට එවැනි කොමිසමක්‌ පත් කළා නම් මේ වන විටත් වරදකරුවන්ට දඬුවම් ලැබී හමාරයි. මෙම කොමිසමට බලතල පැවරී තිබෙන්නේ කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුවී ඇද්ද යන්න සොයා බැලීමට පමණයි. ඕනෑම පුද්ගලයෙක්‌ කැඳවා සාක්‌ෂි විමසීමට කොමිසමට බලතල පවරා තිබෙනවා. කොමිසමට බලය තිබෙන්නේ සාක්‌ෂි විමසා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණයි. එම නිර්දේශ ලබාදෙන්නේ කොමිසම පත් කළ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයාට බාර දෙනු ලබන එම නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමට, අඩක්‌ ප්‍රකාශයට පත් කිරීමට හෝ මුළුමනින්ම ප්‍රකාශ නොකර සිටීමට පනතින් ජනාධිපතිවරයාට බලතල තිබෙනවා.

බැඳුම්කර වංචාව ගැන ජනාධිපති කොමිසම පත්කිරීමට පෙර ඒ වංචාව ගැන යම් යම් විමර්ශන සිදුවුණා නේද? ඒවට මොකද වුණේ?

 මගේ පුද්ගලික මතය නම් මේ සියවස තුළ අපේ රටේ සිදුවූ විශාලතම මහජන මුදල් කොල්ලය මේ බැඳුම්කර වංචාවයි. මේ ගැන සොයන්න ජනාධිපති කොමිසමක්‌ පත් කරන්න කලින් අගමැතිවරයා නීතිඥවරුන් තිදෙනෙක්‌ පත්කළා. ඒ වාර්තාවේ දැක්‌වුණේ කිසිදු වංචාවක්‌ සිදුවී නැති බවයි. මේ මහා ජනතා මුදල් මංකොල්ල හෙළිදරව් කරගැනීම ගැන මුලින් පොදු ව්‍යාපාර කාරකසභාවේ සභාපතිවරයාට අපි ගරු කළ යුතුයි. ඇත්ත වශයෙන්ම ඔහු ඉතාම නිවැරදිව මේ පිළිබඳ වාර්තාවක්‌ ඉදිරිපත් කළා. එයම නීතිපතිවරයාට ඉදිරිපත් කළා නම් වූදිතයන්ට චෝදනා ගොනු කිරීමට එයම ප්‍රමාණවත්.

 ජනාධිපති කොමිසම සාක්‌ෂි විමසා අවසන් වීමෙන් පසු ඊළඟ පියවර කුමක්‌ද?

 කොමිසම ජනාධිපතිවරයාට ලබාදෙන නිර්දේශ නීතිපතිවරයාට ලබාදිය යුතුයි. චූදිතයන්ට චෝදනා ගොනු කළ යුතු එකම තැනැත්තා නීතිපතිවරයායි. නීතිපතිවරයාට අවශ්‍ය නම් සාක්‌ෂි නැතැයි කියා ඕනෑම චෝදනාවක්‌ ඉවත දමන්නටත් පුළුවන්. වර්තමාන නීතිපතිවරයා මෙම කොමිසමට විශාල සහයක්‌ ලබාදුන් පුද්ගලයෙක්‌ නිසා මෙම මහා වංචාවේ චූදිතයන්ට චෝදනා බාරදීල කෙටි කාලයක්‌ තුළ ඔවුන්ට දඬුවම් ලබාදීමට ඔහු කටයුතු කරනු ඇතැයි මා තුළ විශ්වාසයක්‌ තිබෙනවා. දැන් මේ මහා වංචාව පිළිබඳ සියලු විමර්ශන සිදුකර හමාරයි. මේ මුදල් වංචාව ගැන ඉතා පැහැදිලි වාර්තා දෙකක්‌ මේවන විට තිබෙනවා. ඒ නිසා බොහොම කෙටි කාලයක්‌ තුළ මෙහි වරදකරුවන්ට දඬුවම් දිය හැකියි. ආණ්‌ඩුව දැන් විශේෂ මහාධිකරණයක්‌ ආරම්භ කරන්නට තීරණය කර තිබෙනවා. මහා මුදල් වංචාවක්‌ ලෙස සලකා මේ නඩුව එහි විභාග කරන්නත් පුළුවන්.

 අපේ රටේ ප්‍රබල පුද්ගලයින් රැසක්‌ම මේ මහා මුදල් වංචාවට සම්බන්ධ බවට දැනට සිදුකර ඇති විමර්ශන තුළින් හෙළි වී තිබෙනවා නේද?

 මෙය ඉතාම සැලසුම් සහගතව කළ මුදල් වංචාවක්‌. එය ඉතාම නිවැරදිව හෙළිදරව් කරගැනීමටත් මේ කොමිසමට හැකිවී තිබෙනවා. මෙම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා දෙදෙනෙක්‌ සහ හිටපු විගණකාධිපතිතුමා ද ඇතුළත්. එම සංයුතිය කොමිසමට සුවිශේෂ වැදගත්කමක්‌ එක්‌ කර තිබෙනවා. මේ කොමිසමේ සංයුතිය දෙස බලන විට ජනාධිපතිතුමා මේ කොමිසම පත් කළේ මේ මහා මුදල් වංචාව සෙවීමේ ඇත්ත උවමනාවකින් බව පෙනෙනවා. මේ කොමිසම ක්‍රියාත්මක වන අතරේ මහ බැංකුවේ කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඔවුන්ට එරෙහිව විනය පරීක්‌ෂණ සිදුකරගෙන යනවා. දැන් හඬ පටි ගැන තොරතුරු හෙළිවෙනවා. මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු පවා හෙළිදරව් වෙමින් තිබෙනවා. මේ කොමිසමේ කාලය දෙවරක්‌ම දීර්ඝ කිරීමෙන් පෙනෙන්නෙත් මෙයින් කිසියම් ප්‍රතිඵලයක්‌ ලබාගැනීමේ ඇති අරමුණයි.

 දැන් සාක්‌ෂි විභාග කර අවසන්. ඊළඟට සිදුවන්නේ වාර්තාව සකස්‌ කිරීම. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ කිසිවක්‌ නෙමෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ මේ මහා මුදල් වංචාව සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමයි?

 වාර්තාව බාර දෙන්නේ ජනාධිපතිවරයාට. මේ වාර්තාවට අමතරව පිටු 55 ක කෝප් වාර්තාවකුත් තිබෙනවා. ජනාධිපතිතුමා මේ වාර්තාවන් නීතිපතිවරයාට බාරදෙනවා. ඉන්පසු චූදිතයන්ට චෝදනා ගොනු කර නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ඔහුයි. මට පෙනෙන විදිහට මේ මහා මුදල් වංචාවේදී ප්‍රධාන වැරදි හයක්‌ ගැන චූදිතයන්ට චෝදනා ගොනු කරන්න පුළුවන්.

bedumkara3පළමුවැනි එක දණ්‌ඩ නීති සංග්‍රහයේ 388 වැනි වගන්තිය අනුව එනම් සාපරාධී විශ්වාසය කඩකිරීම යටතේ චෝදනා ගොනු කරන්න පුළුවන්. දණ්‌ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්තියට අනුව සාපරාධී විශ්වාසය කඩ කළ විට අවුරුදු 3 ක සිරදඬුවමක්‌ සහ වංචා කළ මුළු මුදල දඩයක්‌ ලෙස අයකරගන්නත් පුළුවන්. අපේ රටේ රාජා රාජරත්න ඇමරිකාවේදී මේ විදිහේ වරදක්‌ කරල අද එහේ සිරදඬුවම් විඳිනව. අපේ රටෙත් මේවගේ නඩු ගණනාවක්‌ම විභාග වුණත් තවම කාටවත් දඬුවම් දුන්න බවක්‌ දැනගන්න නෑ. දණ්‌ඩ නීති සංග්‍රහයේ 391 සහ 392 වගන්තිත් මේ සම්බන්ධයෙන් වැදගත්. එනම් රාජ්‍ය නිලධාරියෙක්‌, බැංකුකරුවෙක්‌ වැනි පුද්ගලයෙක්‌ සාපරාධි විශ්වාසය කඩකළ හොත් ඔහුට වසර 7 ක සිරදඬුවමක්‌ නියම කළ හැකියි. රාජ්‍ය සේවකයා සාපරාධී විශ්වාසය කඩ කරන්නේ මුදල් සම්බන්ධයෙන් නම් ඔහුට වසර 10 ක සිරදඬුවමක්‌ නියම කළ හැකි බව 392 වගන්තියේ සඳහන් වෙනවා.

 ඊළඟට කිසියම් රාජ්‍ය ආයතනයක අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කිරීම සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බරපතළ වරදක්‌. මමත් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්‌වරයෙක්‌. මෙම පනතේ 31 1 සහ 2 වගන්ති ඉතාමත් වැදගත්. මේ වගන්ති දෙක යටතේ මීට කලින් පැවරූ නඩුවලින් සාක්‌ෂි නැති නිසා චූදිතයන් බේරුණා. මේ වංචාව ගැන දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව ප්‍රසිද්ධ නොකළ සංවේදී මිල ගැන තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ පැහැදිලි සාක්‌ෂි තිබෙනවා. වර්තමාන නීතිය අනුව මේවාට ලැබෙන්නෙ සුළු සිරදඬුවම්. ඒනිසා සමහර විට මේ අය හොඳට නීති උපදෙස්‌ එහෙම අරගෙන මේ පිළිබඳ තිබෙන නීති උල්ලංඝනය කළහම ලැබෙන සුළු දඬුවම් ගැනත් දැනගෙන මේ මහා විශාල වංචාව කළා වෙන්න පුළුවන්. එමනිසා මෙවැනි වංචා වළක්‌වන්නට නම් මේවාට දෙන දඬුවම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමක්‌ බවට වෙනස්‌ වෙන්න ඕන.

 මෙම වංචාව සම්බන්ධව ඊළඟට චෝදනා ගොනු කළ හැකි පනත වන්නේ අල්ලස්‌ සහ දූෂණ කොමිෂන් සභා පනත. මේවන විට විවිධ පුද්ගලයන් අල්ලස්‌ සහ දූෂණ කොමිෂන් සභාවට මේ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා. විවිධ අවස්‌ථාවලදී සිදුකළ සංවාද ඇතුළත් හඬ පට ඉදිරිපත් කර තිබෙනවා. මේ ඔස්‌සේ ඉතාමත් පැහැදිලිව චෝදනා ගොනු කරන්න පුළුවන්.

 මේ චෝදනා ගොනු කිරීම පිළිබඳ වගකීම පැවරෙන්නේ කාටද?

 ජනාධිපතිතුමාට සහ නීතිපතිතුමාට. පොලිසිය සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අපක්‌ෂපාතීව කටයුතු කළා. ඇත්තවශයෙන්ම අපි හිසනමා ඒ ආයතන දෙකට අපේ ගෞරවය පුද කරන්න ඕන. ජනාධිපති කොමිසම ලබාදෙන නිර්දේශ දෙසත්, ජනාධිපතිතුමා සහ නීතිපතිතුමා ඒ පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳවත් අද මුළුමහත් ජනතාවම බලාගෙන සිටිනවා. තමා මේ රට තුළ පිහිටුවන බවට සපථ කළ යහපාලනය යථාර්ථයක්‌ බව පෙන්වීමට ජනාධිපතිතුමාටත්, තම ස්‌වාධීනත්වය රටට පෙන්වීම සඳහා නීතිපතිවරයාටත් මෙය අගනා අවස්‌ථාවක්‌.

 මෙහි ප්‍රධාන වගඋත්තරකරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්‌ නොවෙයි. එවිට ඔබ සඳහන් කළ නීති ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය කුමක්‌ද?

 ඉතාම පැහැදිලිව ඔහු එම තනතුරට පත්කළ අධිකාරිය එහි වගකීම භාරගත යුතුයි. ඔහු ලංකාවේ පුරවැසියකු නොවීම ඔහුට මෙම වංචාව සිදුකරන්නට යම්කිසි පෙලඹවීමක්‌ වූවා වන්නට පුළුවන්. යමෙකු යම් වරදක්‌ සිදුකිරීම මෙන්ම තවෙකකු ඊට අනුබල දීමත් නීතිය ඉදිරියේ වරදක්‌. එමනිසා මා කියන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයක්‌ හමුවේ මේ අපරාධයට නඩු පවරන්න. එය අගවිනිසුරුතුමාට කරන්නට පුළුවන්. එක දිගට මේ නඩුව ඇහුවොත් දවස්‌ හතකදී අවසන් කළ හැකියි. සමන් කුමාර නඩුවට, විද්‍යා ඝාතන නඩුවට එලෙස කරන්නට පුළුවන් වුණා නම් මුළු රටටම මහා විනාශයක්‌ කළ මේ අති විශාල මුදල් වංචාවට එලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට කිසිදු බාධාවක්‌ නෑ.


 සාකච්ඡා කළේ
 පාලිත සේනානායක
 ඡායාරූපය නිමල් දයාරත්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.