ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 4, 2017

ඕන නැති දේපල, බාගෙට හදපු හෝටල ටික විකුණලා, අපිත් හදමු අපේම විදේශ මුදල් සංචිතයක්...!

එළඹෙන 9 වෙනිදා සිට ලංකාවේ නමට විදේශ මුදල් සංචිතයක් ඇති කර ගැනිමට හැකියාවක් ලැබෙන බවත් එය අවුරුදු 10 කට පසුව ලංකාව ලැබෙන අවස්ථාවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අම්පාර බස් නැවතුම්පොළ හා වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.
“මම දැන් ඊයේ පාර්ලිමේන්තුවේදිත් කිව්වේ, රුපියල් මියන 4000ක් තියනවා කාගේවත් අනුමැතිය නැතුව අරගෙන තියෙන්නෙ. මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියවත් නෑ. ඒ ණය ගෙවන්න තියනවා. විදේශ ණය ගෙවන්න තියනවා. මෙහෙම ආර්ථිකයක් ගත්තම ජාතික ආණ්ඩුවක් හදන්නේ නැතුව වෙන මොනවද කරන්නේ. දැන් අපි කතා කරලා චීන මර්චන්ට් සමාගමයි අපේ වරාය අධිකාරියයි අපි එක හවුල් ව්‍යාපාරයකටගිහිල්ලා තියනවා.
අපේ ණයත් බේර ගෙන තියනවා. චීනේ අපේ කොටස වෙනුවෙන් ඩොලර් බිලියන 1.1ක් අපිට දෙන්න යනවා. මේ මාසයේ ඉදලා පටන් ගන්නවා 9 වෙනිදා අත්සන් කළායින් පස්සේ. ඒ ටික අපි දානවා මහ බැංකුවේ වෙනම තැන්පත් අරමුදලක පළවෙනි වතාවට අවුරුදු දහයකට පස්සේ අපේ නමට විදේශ විනිමය සංචිතයක් තියනවා. තවත් ඕන නැති දේපල, බාගෙට හදපු හෝටල විකුණුවම මම හිතන්නේ අපිට එන අවුරුද්දේ මැද වෙනකොට ඩොලර් බිලියන 1.5ක් අපේ නමට තියනවා අපේ සල්ලී. අපි බාර දුන්නා සිංගප්පූරුවේ ජොහානා ජොරාන සමාගමට ත්‍රිකුණාමලය හදන සැළැස්ම සංවර්ධනය කරන්න. ඔය තෙල් ටැංකි ටික අරගෙන ලංකාවේ ඉන්දීයාවට ඕන නම් තෙල් ටික තියාගන්න. ඕනෑ නම් තෙල් පිරිපසදුවක් දාන්න දියුණුවක් ගේන්න පුළුවන්,” අගමැතිවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.