ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 1, 2017

කර්මානුරූපව ඉපදී කර්මානූරූපව මිය යන දිනය කල්තබන අයුරු...!!!

කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ තියෙනවා...!!!


 නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.
ප්‍රශ්නය ( ඔබවහන්සේගෙන් මං අහන්න බලාපොරොත්තු වුණ ප්‍රශ්නය ළඟට ඔබ වහන්සේ මාව යොමුකළා. නාඩි වාක්‍ය කියවපු බොහො දෙනා කියනවා තමන්ට මුහුණදීමට සිදුවන අපල උපද්‍රව ආදියට කළ යුතු පිළියම් වශයෙන් විවිධ පුද පූජා පවත්වන්න කියලා තියෙනවා කියලා. ඇතැම් හින්දු දෙවිවරුන්ටයි පුද පූජා පවත්වන්න කියලා තියෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක්‌ කළොත් වටිනවා ස්‌වාමීනි.

නාහිමි ( හොඳයි මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කළ බොහෝ සෘෂිවරු බෞද්ධයෝ නෙවෙයි. බුදුන් වහන්සේ උපත ලබන්නට අවුරුදු 3500 කට විතර ඉස්‌සර ජීවත් වුණු අය. ඔවුන් හින්දු භක්‌තිකයෝ. සෘෂිවරු පිහිට පැතුවේ දෙවිවරුන්ගෙන්. සමහර දෙවිවරු සෘෂිවරුන්ට නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා මීට පෙර මං කීවා. ශිව පාර්වතී, ස්‌කන්ධ ගණදෙවි, සරස්‌වතී, ලක්‌ෂ්මී ආදි දෙවිවරුන්ගේ පිහිට මේ සෘෂිවරුන්ටත් තිබුණා. එම නිසා නාඩි වාක්‍ය කියවන අයට මේ දෙවිවරුන්ට පුද පූජා කරන ලෙසට එම සෘෂිවරු ලෝකවාසීන්ට කියලා තියනවා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි, ඇතැම් දෙනා මේ නාඩි වාක්‍ය කියලා තියෙන කළ යුතු පුද පූජා විධි අහලා, මේ දේවල් උපහාසයකින් බැහැර කරලා, අමතක කරනවා. ඔබවහන්සේට මෙවැනි අත්දැකීම් තියෙනව ද? ස්‌වාමීනි මෙහෙම පුද පූජා කිරීම පැහැර හැරීම නිසා දුෂ්කරතාවට, අමාරුවට පත්වුණු අවස්‌ථා පිළිබඳව.

නාහිමි( හොඳයි මං පිට අය ගැන විස්‌තර කියන්නේ නැහැ. මගේ නංගිට සිද්ධ වුණු සිද්ධියක්‌ මං පැහැදිලි කරන්නම්. ඒ පවුලේ ඇත්තෝ දැන් මේ භවයෙන් ඉකුත්වෙලා. එම නිසා ඒ අයට අපහාසයක්‌ සිදුවෙන්නේ නැහැ. මගේ නංගි රංමැණිකේ. මම කුඩා කාලයේ නංගිත් එක්‌කයි කෑවේ බීවේ නිදා ගත්තේ එකටයි. මම මහණ වෙන්න යනකොට නංගි නිදාගෙන හිටියේ. මම යන බව දැනගෙන නංගි අ`ඩයි කියලා හිතලා නංගිට මං කතා කෙරුවේවත් නැහැ. නංගි විවාහ වුණේ රත්නපුර ප්‍රදේශයේ සිටි රටේ මහත්තයෙක්‌ එක්‌ක. ඒ දවස්‌වල මේ රටේ මහත්තයාගේ තනතුර ඉතා ඉහළ තනතුරක්‌. ඒජන්ත ළඟට තියෙන තනතුරක්‌. උන්නැහේ හරි පෝසත්. ඒ කාලේ ඉඩම් වතුපිටි කුඹුරු හරකබාන හිමි මහා ධනපතියෙක්‌. උන්නැහේට තිබුණා කාර් හතරක්‌. ඒ දවස්‌වල ඒජන්ත උන්නාන්සේටත් තිබුණේ කාර් එකයි. එතකොට ඒ පවුලේ අයගේ තත්ත්වය ගැන මුන්නැහේට හිතා ගන්න පුළුවන්. අපේ නංගිට අවුරුදු හතළිස්‌ එකක්‌ වෙනකොට දකුණු කකුල උකුලෙන් පහළ පණ නැතිවෙලා, ඇඳට වැටුණා. රටේ මහත්තයා හුඟාක්‌ වියදම් කරලා එක එක දොස්‌තර මහත්තුරුන්ට, වෙද මහත්තුරුන්ට පෙන්නලා බෙහෙත් කළා. ඒත් හරි ගියේ නැහැ. දවසක්‌ මං හම්බ වෙන්න රටේ මහත්තයා ආවා. ඇවිදින් කීවා ඉන්දියාවේ ගියාම මං සාස්‌තර අහන තැනින් විස්‌තර අහගෙන එන්න කියලා. මං සාමාන්‍යයෙන් ඉන්දියාවට යනකොට ඔහොම අසරණ තත්ත්වයට පත්වුණු අය යම් දෙයක්‌ කීවොත් ඒ දේ රෝගියට කරන ගිලානෝපස්‌ථානයක්‌ වශයෙන් සලකලා කරනවා. බෞද්ධ භික්‌ෂුන්ට, ගිහියන්ගේ පණිවුඩ පායික්‌කුඩම් කිරීම විනය විරෝධීයි. එහෙත් රෝගී සත්කාරයක්‌ වශයෙන් මං ඒ කාර්යය කළා. නංගිගේ නාඩි වාක්‍යයේ කියෑවුණේ පෙර භවයේදී කරන ලද අකුසල කර්මයක්‌ හේතුවෙන් මෙම භවයේ හතළිස්‌ එක්‌ වැනි වියේදී දකුණු කකුල තුනටියෙන් පහළ පණ නැති වෙන බවත්, මෙය කර්මජ රෝගයක්‌ නිසා කිසිදු වෛද්‍ය ප්‍රතිකර්ම වලින් සුව නොවන බවත් කියලා තිබුණා.

ප්‍රශ්නය ( පෙර භවයේ කළ අකුසල කර්මයක්‌ නිසා වූ කර්මජ රෝගයක්‌ කියලා කීවද ස්‌වාමීනි,

නාහිමි( ඔව්, නංගි මීට පෙර භව දෙකකට පෙර යාපන ප්‍රදේශයේ මහා කුලවත් පවුලක කාන්තාවක්‌ විදිහටයි ඉපදිලා තියෙන්නේ. පෙර කරන ලද කුසල් හේතුවෙන් භවභෝග සම්පත් ඇතිව ඉඳලා, ඒ භවයේදී මහත් වූ පිංකම්, දානමානාදිය කිරීම නිසා මේ භවයේ භවභෝග සම්පත් සහිත තැනක උපත ලබලා තියෙනවා. ඒත්, ඒ භවයේ කුල මානයෙන් හිස උදුම්මගෙන ඉඳලා තියෙනවා. දවසක්‌ මහා බලසම්පන්න අඩු කුලයක සන්නාසියෙක්‌ ආධාර ඉල්ලගෙන ගෙයි ඉස්‌සර පඩියක වාඩිවෙලා ඉඳලා තියෙනවා. මේ අවස්‌ථාවේ කේන්ති ගත් ඇය අර බලසම්පන්න කුලහීන සන්නාසියාට දකුණු කකුලෙන් පහර දී දානමාන කිසිවක්‌ නොදී එලවල දාල තියෙනවා. එම පාප කර්මය නිසා මෙම භවයේ හතළිස්‌ එක්‌ වැනි වියේදී ඇයගේ තුනටියෙන් පහළ දකුණු කකුල අප්‍රාණික වෙනවා. වෛද්‍ය ක්‍රම කිසිවෙකින්වත් සුව වෙන්නේ නැහැ. මේක කර්මජ රෝගයක්‌ කියලා නාඩි වාක්‍යයේ විස්‌තර කරලා තිබුණා.

ප්‍රශ්නය ( මේ කර්මජ රෝගයට ප්‍රතිකර්මයක්‌ කියලා තිබුණද ස්‌වාමීනි,?

නාහිමි(ඔව් මහත්තයා, පැහැදිලිව ප්‍රතිකර්මයක්‌ කියලා තිබුණා.

ප්‍රශ්නය( අපිත් දැන ගන්න කැමැතියි ස්‌වාමීනි,

නාහිමි ( හොඳයි, ප්‍රතිකර්මය වශයෙන් කියලා තිබුණේ එදා ඒ සන්නාසියාට කළ පාපකර්මයෙන් මිදෙන්න තමන්ගේ ආගමට අනුව සිල්වත් පිරිස පස්‌ දෙනෙක්‌ නිවසට කැඳවලා, දහවල් දානය පිරිනමලා, ඒ සන්නාසියාට පෙර භවයේදී සිදුවූ වරද ඒ සිල්වත් අයට කියලා ඒ සන්නාසියා වෙනුවෙන් සමාව අයෑද සිටින්න කියලා. මෙම සත්කාරය තුන් මසක්‌ අඛණ්‌ඩව සිදුකරන ලෙසත් කියා තිබුණා. මම මේ ගැන රටේ මහතට කීවා. ඒ කටයුතු සූදානම් කිරීමට උදව් කරන්න කියලා රටේ මහත්තයා මගෙන් ඉල්ලා සිටියා. ඒ කාලේ මං බලංගොඩ පිරිවෙනේ හිටියේ. එම නිසා සිල්වත් හාමුදුරුවරු පස්‌ නමක්‌ දිනපතා යෑවීමට කටයුතු කළා. රටේ මහත්තයා දිනපතාම කාර් එකක්‌ පිරිවෙනට එවනවා. මේ කටයුතු සතියක්‌ විතර කෙරුණා.

ඒ අතර මට බුරුමයේ සංගායනාවට යැමට සිදුවුණා. අවුරුද්දකට වැඩි කාලයක්‌ මම ඒ සංගායනාවේ කටයුතු වලට කැපවෙලා හිටියා. ඒක මහා භාරදූර කාර්යයක්‌. එම නිසා මට අනිත් ප්‍රශ්න ගැන හිත යොමු කරන්න වෙලාවක්‌ තිබුණේ නැහැ. සංගායනාව අවසන් වුණාම මට අග්ගමහා පණ්‌ඩිත යන ගෞරව නාමයක්‌ ලැබුණා. මං නං ඒවා ගැන එච්චර සලකන්නේ නැහැ. මට සන්නස්‌ පත්‍රයක්‌ ලංකාවට එවලා තිබුණා. බලංගොඩ පන්සලට ආවට පස්‌සේ රටේ මහත්තයා මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කීවා නංගිට හොඳටම අමාරුයි කොළඹ ඩර්ඩන්ස්‌ ඉස්‌පිරිතාලේ නවත්තලා ඉන්නේ කියලා. මං ඇහැව්වා අර නාඩි වාක්‍යයේ කියලා තිබුණු පූජාවල් කළා ද කියලා.උන්නැහේ කීවේ සති දෙකක්‌ විතර කෙරුවා වියදම් වැඩි හින්දා නවත්තලා දැම්මා කියලා. මං ඇහැව්වා වස්‌තු සම්පත් දේපළ ද වටින්නේ, නංගිගේ ජීවිතය ද වටින්නේ කියලා.

ඊට සතියකට දෙකකට විතර පස්‌සේ උන්නැහේ ඇවිල්ලා කීවා නංගි අන්ත්‍රා වුණා නාඩි වාක්‍යයේ කියලා තිබුණු දිනයටම, වේලාවටම සිද්ධ වුණා කියලා. මං කිව්වා දැන් ඕවා ගැන කතා කරලා වැඩක්‌ නැහැ කියලා. නංගිගේ ජීවිතය බේරගන්න තිබුණු ක්‍රමය කියලා දීලා තිබුණත්, වස්‌තු තණ්‌හාවට ඒ දේවල් කෙරුවේ නැහැ. අපරාදේ නංගිගේ ජීවිතය නැති වුණා කියලා මං කිව්වා. ඔය මගේ පවුලේ කෙනකුට වෙච්ච සිද්ධියක්‌.

ප්‍රශ්නය ( ඒ සිද්ධිය නම් හරිම අනුවේදනීය සිද්ධියක්‌ ස්‌වාමිනි. අහගෙන ඉන්නකොට දුක හිතෙනවා.

නාහිමි ( ඒ ගැන කම්පා වීම අර්ථ විරහිතයි. බුද්ධ ධර්මයට, බුද්ධ භාෂිතයට පටහැනි බව සිතාගෙන මම සිත සනසාගත්තා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි, නාඩි වාක්‍යවල මරණය සිදුවන කාලය, දිනය, වේලාවත් සඳහන් කරලා තියෙන බව දැනගන්න ලැබුණා. ඒත් සමහරුන්ගේ ඒ කරුණු මේ අයුරින්ම සිදුවෙන්නේ නෑ. සමහරු කියපු දිනයට කලින් මැරෙනවා. තවත් සමහරුන්ගේ මරණය සිදුවන්නේ දිනයට බොහෝ කලකට පස්‌සේ.

නාහිමි ( ඒ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං කලිනුත් කීවා සෑම කෙනෙක්‌ම මෙලොව බිහිවන්නේ පෙර කර්මයක්‌ නිසා කියලා. ඒක උප්පත්ති කර්මයයි. ඒ උප්පත්ති කර්මයේම ඔහුගේ මරණයත් සටහන් වෙලා තිබෙනවා. උත්පත්ති කර්මය අනුව මේ භව ගමන සිදුවෙනවා. හැබැයි නාඩි වාක්‍යයෙන් කියලා දෙනවා උප්පත්ති කර්මය වෙනස්‌ කරගන්න හැටි. ඒ අනුව ඕනෑම කෙනකුට තමන්ගේ උප්පත්ති කර්මය අනුව ලැබිල තියෙන ජීවිතය වෙනස්‌ කරගන්න පුළුවන්. නාඩි වාක්‍ය මාර්ග දෙකක්‌ කියනවා. ඔබ යහපත් විදිහට ජීවිතය ගත කළොත් ඔබට මේ මේ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ජීවිතය වැරදි අන්දමට ගත කළොත් ඔබට මේ ආත්මේදීම එහි ඵල විපාක භුක්‌ති විඳින්න වෙනවා. තෝරාගැනීම තිබෙන්නේ තමන් අතෙයි කියලා.

මරණය පිළිබඳවත් එහෙමයි. දැන් උදාහරණයක්‌ වශයෙන් මා පිළිබඳව හැම නාඩි වාක්‍යයකම කියලා තියෙන්නේ අවුරුදු 80 දක්‌වා විතරයි. ප්‍රශ්න කිරීම් වලින් දැනගන්න ලැබුණා යෝගී භාවනා කිරීමෙන් දීර්ඝායුෂ ලබන්න පුළුවන් කියලා. දැන් මට වයස අවුරුදු 93 යි. අවුරුදු 13 ක්‌ මං වැඩිපුර ජීවත්වෙනවා. තවත් සිද්ධියක්‌ මං කියන්නං.

මගේ නංගිගේ මරණය සිද්ධ වුණේ නාඩි වාක්‍යවල කියලා තිබුණ දිනේටම, ඒ වෙලාවටම. මේ කරුණ මට කීවේ රටේ මහත්තයා. ඒ කියන්නේ අපේ නංගිගේ ස්‌වාමිපුරුෂයා. නංගි වෙනුවෙන් කළ යුතුව තිබූ පූජා විධි නිසි අයුරින් කෙරුවේ නෑ. ඒ පුද පූජාවන් වත් පිළිවෙත් කළා නං ඇයට දීර්ඝායුෂ විඳින්න තිබුණා කියලා මට අදත් හිතෙනවා.

තවත් සිද්ධියක්‌ මට සිහිවෙනවා ඉන්දියාවේ මහ කොමසාරිස්‌ වෙලා හිටිය ඩී. බී. ජයතිලක මහත්තයා නාඩි වාක්‍ය ගැන දැඩිව විශ්වාස කළ කෙනෙක්‌. එතුමාගේ නාඩි වාක්‍යවල කියලා තිබිල තියෙනවා කිසියම් කාලයක අසනීප වෙනවා. විදේශගතව සිටියොත් ඒ අසනීපයෙන්ම මිය යනවා. තමන්ගේ මවු රටට ගියොත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ අනුව එතුමා වහාම ගුවන් මඟින් ලංකාවට ඒමට පිටත් වෙලා තියෙනවා. එහෙත් ඒ මහතාට මවුබිමට ඒමට වාසනාව අහිමි වුණා. නාඩි වාක්‍යයේ සඳහන් පරිදිම ගුවන් යානයේදී උන්නැහේ අභාවප්‍රාප්ත වුණා. මුන්නැහේත් මගෙන් ඇහැව්වෙ සමහරුන්ගේ මරණය නාඩි වාක්‍යවල කියූ දිනයට වේලාවටම සිදුවෙනවා. සමහරුන්ගේ එහෙම සිද්ධ වෙන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක නේද ප්‍රශ්නය.

ප්‍රශ්නය ( එහෙමයි ස්‌වාමීනි.

නාහිමි ( ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං මීට කලිනුත් කීවා අපි මේ භවයේ උප්පත්තිය ලබා තියෙන්නේ පෙරභවයක කර්මයක්‌ මුල් කරගෙන කියලා. එහෙම උප්පත්තිය ලබපු කෙනෙක්‌ගේ මරණයත්, ඒ සම`ගම රැගෙන එනවා. එම පුද්ගලයා පවු පිං දෙකෙන්ම වැළකිලා මේ භවයේ ජීවත් වුණොත් ඒ තැනැත්තා ගෙනා ආයුෂ අවසන් කරලා නියම දිනේට දිවංගත වෙනවා. තවත් සමහරු මේ භවයේ උත්පත්තිය ලබල සත්ත්ව ඝාතන කරමින් මසුන්, කුකුළන්, හරකුන් වැනි සතුන් ඝාතනය කරලා ජීවත් වුණොත් ඒ තැනැත්තා තමන්ට කර්ම බලයෙන් ගෙන ආ ආයුෂයට කලින් මියෑදෙනවා. තවත් සමහරු මේ භවයේ දැන හෝ නොදැන පිංකම් කරනවා. සතුන්ට අභයදාන දෙනවා. ඒ පිංකම් වලට දායක වෙනවා. අඩුම තරමින් සතෙක්‌ නිදහස්‌ වෙන තැනක ඉඳලා ඒ පිංකම කරන මොහොතේ සාධුකාර දෙනවා.

ඒ තැනැත්තාගේ ආයුෂ දීර්ඝ වෙනවා. ලෙඩ දුක්‌ සුව වෙනවා. එම නිසා සතුන්, කුරුල්ලන් වැනි මරණයට කැපවුණු සතුන් නිදහස්‌ කළොත් එය මහත් පිංකමක්‌ වෙනවා. උප්පත්තියේදී ලැබුණු කර්මයන් ප්‍රහීන වෙනවා. එවැනි පිංකමක්‌ තමන්ට තනියම කරන්ඩ බැරි නං මුදලින් පුංචි ආධාරයක්‌ කරලා සිත සනසා ගත්තොත් ඒකත් මේ භව ගමන සැපවත් වීමට හේතු වෙනවා, ඉදිරි භව ගමන යහපත් වෙන්නත් හේතු වෙනවා. බොහෝ දෙනකුට අකල් මරණය සිදු වීමට හේතු වන්නේ පෙර භවයේදී සත්ව ඝාතනය කළ නිසා ඒවායේ ප්‍රතිඵල හේතුවෙන් මේ භවයේ අකාලයේ මිය යනවා.

එම නිසා දීර්ඝායුෂ ලබන්න කැමැති ඇත්තෝ සත්aත්ව ඝාතනයෙන් මිදී, සත්ත්ව හිංසාවෙන් මිදී මරණයට කැපවෙලා ඉන්න හරක්‌, එළුවන්, කුකුළන් වැනි සත්ත්වයන් ඉන් මුදවා ජීවිත දානය දීම, අභය දානය ලබාදීම මහත්ඵල මහා පිංකමක්‌. ඉන් මේ භවයේදී දීර්ඝායුෂත්, මතු භවයේ දීර්ඝායුෂත් ලැබෙනවා. මරණය නාඩි වාක්‍යයෙන් විතරක්‌ නෙවෙයි, මරණය පිළිබ`දව සෘෂිවරුන්ට විතරක්‌ නෙවෙයි ප්‍රකාශ කිරීමේ ශක්‌තිය තිබුණේ. අපේ ගෞතම බුදුන්වහන්සේත් හුඟක්‌ අවස්‌ථාවල තමන්ගේ විශිෂ්ට ඥානය තුළින් මනුස්‌සයන්ගේ මරණය සිදුවන අවස්‌ථාවන් දුටුවා. මට්‌ටකුණ්‌ඩලී කතාව එක අවස්‌ථාවක්‌. ඒ වගේ අවස්‌ථාවන් රාශියක්‌ම තියෙනවා. තවත් අවස්‌ථාවක බුදුන්වහන්සේ පිඬු සිඟා වඩින කොට එක බමුණෙක්‌ මට ඒ බමුණාගේ නම මේ මොහොතේ කල්පනාවට එන්නේ නෑ. බුදුන් වහන්සේ පසු පසින් ඇවිදින් ධර්මය දේශනා කරන ලෙස බල කරමින් උන්වහන්සේ පසුපසින් ආවා. බුදුන් වහන්සේ දිවැසින් මේ තැනැත්තා දිහා බැලුවා. ඒ තැනැත්තාගේ ජීවිතය තව ස්‌වල්ප වේලාවකින් අහිමි වන බව දුටුව බුදුන් වහන්සේ පිඬු සි`ගන අවස්‌ථාවේම දහම් පදයක්‌ දේශනා කෙරුවා.

ඒ දහම් පදය අසා ප්‍රීතියෙන් දිව යනකොට පාරේ අයිනේ හිටිය ගොනෙක්‌ මේ බමුණට ඇනලා ඒ තැනැත්තා මරණයට පත්වුණා. ඒ තැනැත්තාට අනිත්‍ය මෙනෙහි වුණා. ඒ මොහොතේම බමුණා රහත් වුණා. මේ වගේ බුදුන් වහන්සේ විතරක්‌ නෙවෙයි, මහ රහතුන් වහන්සේලා පිළිබඳවත් විස්‌තර තියෙනවා. බොහෝ මහ රහතන් වහන්සේලා පිරිනිවන් පෑමට පළමු බුදුන් වහන්සේ දැක වැඳ පුදාගෙන පිරිනිවන් පෑමට තම ගම් පළාත්වලට වැඩියා. සැරියුත් හාමුදුරුවොත් මේ විදිහට පිරිනිවන් පෑමට කලින් තමන්ගේ මව වන සාරි බැමිණිය අවිද්‍යාවෙන් මුදවාගෙන පිරිනිවන් පෑමට ගමට වැඩියා. ඊට පස්‌සේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ.

ප්‍රශ්නය ( එහෙමයි ස්‌වාමීනි, සමාවෙන්න මේ අවස්‌ථාවේම මේ ප්‍රශ්නය අහන එක ගැන. පුද පූජා පැවැත්වීමෙන්, සුව වුණ අවස්‌ථා එහෙම තියනවද?

නාහිමි ( මේ සිද්ධියත් වුණේ මගේ ඥාතියකුට. ඒ තැනැත්තා බොහොම දුප්පත් කෙනෙක්‌. රස්‌සාවට කෙරුවේ ඇඳුම් මැසීම, ටේලර් කෙනෙක්‌. මේ තැනැත්තාගේ වයස අමතකයි. හිටිහැටියේම තුනටියෙන් පහළ අප්‍රාණික වුණා. දන්න කියන සිංහල, ඉංග්‍රීසි බෙහෙත් හේත් කළා. කිසිම සුවයක්‌ ලැබුණේ නැහැ. දවසක්‌ මම ඉන්දියාවේ යන්න සූදානම් වෙලා ඉන්නකොට, පවුලේ කෙනෙක්‌ මගෙන් ඉල්ලීමක්‌ කළා, ඉන්දියාවේ මං දන්න සාස්‌තර කියන්නන්ගෙන් අහලා, කළ යුතු දෑ පිළිබඳ අහගෙන එන්න කියලා. ඒ අය මේ නාඩි වාක්‍ය ක්‍රමය ගැන දන්නේ නැහැ. ඒ මනුස්‌සයා ගැන අනුකම්පාවෙන් නාඩි වාක්‍යවල ප්‍රශ්න කාණ්‌ඩයෙන්, මම විමසීමක්‌ කළා. පිළිතුරට ආවේ මෙහෙමයි. දැනට මේ පුද්ගලයා කර්මජ රෝගයකින් ඔත්පල වෙලා යහන්ගත වෙලා ඉන්නවා. කිසිම වෛද්‍ය ප්‍රතිකර්මයක්‌ කරලා ඵලක්‌ නැහැ. කර්මජ රෝගයට අදාළ පුද පූජා කිරීමෙන් සුව වෙනවා කියලා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි, කර්මජ රෝගයට හේතුවත් නාඩි වාක්‍යයේ කියලා තිබුණද ස්‌වාමීනි.?

නාහිමි ( හැම කෙනෙකුගේම නාඩි වාක්‍ය කියවන කොට ඔහුට හෝ ඇයට බලපෑ පෙර භවයේ කර්මය පැහැදිලි කරලා දෙනවා. මේ තැනැත්තා ගැන විස්‌තර කළේ මෙහෙමයි. දැනට යහන් ගතව සිටින රෝගියා මීට පෙර භවයකදී අශ්ව වෙළෙන්දෙක්‌ වශයෙන් මහා ධනයක්‌ උපයාගෙන තිබෙනවා. ධන ලෝභයෙන් මේ තැනැත්තා අශ්වයන්ට හරි හැටි කෑම බීම දුන්නේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ අශ්වයින් කෘශ වුණා. ඇතැම් අශ්වයන් ඒ හේතුවෙන් මැරිලා තියෙනවා. අශ්වයන් බලා ගන්න සේවකයන්ට නිසි පඩි නඩි නොදී ඔවුන් මහත් දුකින් ජීවිත ගෙව්වා. ඔවුන්ට ආහාර හිඟ නිසා කෘශ වුණා. ඒ හේතුව නිසා ඔහු මේ භවයේදී ඔහුගේ කොන්දෙන් පහළ පණ නැති වෙනවා. දුප්පත් වෙලා ඉපදිලා, අන් අයගේ වස්‌ත්‍ර අතපත ගෑමට සිද්ධ වෙනවා.

ප්‍රශ්නය( ස්‌වාමීනි, ප්‍රතිකර්මයක්‌ කීවද ස්‌වාමීනි?

නාහිමි ( හැම නාඩි වාක්‍යයේදීම පෙර කර්මය පැහැදිලි කරලා, මේ භවයේදී අනුගමනය කළ යුතු පූජා විධි කියලා තියෙනවා. පූජා විධි වශයෙන් කියලා තිබුණේ ඉතා සුළු ප්‍රතිකර්මයක්‌. දින හතක්‌ සෙසු අයගේ ආධාරය, උපකාරය ඇතිව, තමුන්ගේ ආගමට අනුව පුද සත්කාර කරන තැනකට ගොස්‌ හත්වරක්‌ එම පූජනීය වස්‌තුව පැදකුණු කරලා, අවසාන පූජාව කරන සත්වැනි දිනයෙදී සුවපත් වෙනවා කියලා. ඒ පවුලේ අය මගෙන් ඇහැව්වා, ඒ පූජාව කරන විදිහ කොහොමද කියලා. ඒ අනුව මං උපදෙස්‌ දුන්නා උදේ හවස පන්සලේ බෝධීන් වහන්සේට පුද පූජා කරලා, සත් වටක්‌ දකුණු අත බෝධීන් වහන්සේ පැත්තට වෙන විදිහට පැදකුණු කරල බෝධි පූජාවක්‌ කරන්න කියලා. ඒ ඇත්තෝ ඒ විදිහට මහත් ගෞරවයෙන්, ශ්‍රාද්ධාවෙන් මේ බෝධි පූජාව කළා. ගමේ තරුණ පිරිසත් මේ රෝගීයාව බෝධි පූජාවට උස්‌සගෙන ගියා. මහත්තයා පිළිගන්න එකක්‌ නැහැ හත්වැනි දවසේ අන්තිම බෝධි පූජාව කරලා, මේ රෝගියා දෙපයින් පන්සලට ආවා. මට වැඳවැටුණා. මං සෙත්පිරිත් ටිකක්‌ කියලා, පිරිත් පැන් ටිකක්‌ දුන්නා. පිරිත් නූලකුත් බැන්දා. මේ මට ලැබුණු සැබෑ අත්දැකීමක්‌. ඕනෑම කෙනෙක්‌ ඉමහත් ශ්‍රාද්ධාවෙන් බුදු පිළිමවලට ගරු සත්කාර කරනවා නම්, බෝධි පූජා කරනවා නම්, තමන්ට නොපෙනෙන අන්දමින් බලපාන අපල ග්‍රහ උපද්‍රව ආදිය අහෝසි වෙනවා.

ප්‍රශ්නය ( හරි පුදුමයි ස්‌වාමීනි, විශ්වාස කරන්නත් අමාරුයි.

නාහිමි ( විශ්වාස කළත්, නොකළත් ඒක තමයි ඇත්ත. මේ වගේ සිද්ධි බුදුන් වහන්සේගේ කාලයෙත් තිබුණා. මුන්නැහේ බුදුන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ දේශනා විශ්වාස කරනවාද?

ප්‍රශ්නය ( එහෙමයි ස්‌වාමීනි.

නාහිමි ( මේ සිද්ධියත් ඒ වගේ අවස්‌ථාවක්‌. බුදුන්වහන්සේගේ කාලයේ මහ රහතන් වහන්සේලා, දහම් දෙසමින් ගම් දනව් සිසාර වඩිනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ, පන්සීය නමක්‌ මහරහතන් වහන්සේලා සමඟ ගම්දනව් සිසාරා තමන්ගේ උපන් ගමට, නැදෑයන් වසන ගමට වැඩියා. නැදෑයන් සියලුම දෙනා උන්වහන්සේ හමුවීමට පැමිණ වැඳ නමස්‌කාර කළා.

ඒත් උන්වහන්සේගේ එකම නැඟණිය රෝහිණි කුමරිය පැමිණියේ නැහැ. උන්වහන්සේ ඇහුවා කෝ නංගි කියලා. ඇයගේ මුළු ඇඟ පුරාම කුෂ්ට රෝගයක්‌ වැළඳිලා, සැරව බේරෙනවා. ඇඳුම් අඳින්නත් බැහැ. දුහුල් ඇඳුම් විතරයි අඳින්නේ. ඒ ඇඳුම පිටින් තම සහෝදරියට මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණිය නොහැකි බව ඔවුන් කීවා. මහ රහතන් වහන්සේ පැහැදිලි කළා, වැඩමවා සිටින සියලුම භික්‌ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිසා දුහුල් ඇඳුමකින් සැරසිලා වුණත් පැමිණ වන්දනා කොට පිං ලබාගන්නා ලෙසට.

ඒ අනුව රෝහිණි කුමරිය දුහුල් ඇඳුමින් සැරසිලා, මහරහතුන්ට වන්දනා මාන කෙරුවා. මහ රහතන් වහන්සේ රෝහිsණිගෙන් ඇසුවා මේ කර්මජ රෝගයෙන් සුවපත් වෙන්න කැමැතිද කියලා. ඇය බොහෝ ආශාවෙන් කැමැත්ත පළ කළා.

එසේ නම් මහා සංඝයා වෙනුවෙන් දාන ශාලාවක්‌ ඉදිකරලා, මහා සංඝයාට දානයක්‌ පිරිනමන ලෙසට උපදෙස්‌ දුන්නා. ඇය ඇසුවා, සැබවින්ම මට මුදල් නැහැ, මට මේ දේ තනියෙන් කරන්න බැහැ කියලා. මහරහතන්වහන්සේ කීවා, ඔබේ රන් ආභරණ විකුණලා, මුදල් සොයා ගන්න, නැදෑයන් ගොඩනැඟිල්ල හැදීමට උදව් කරයි කියලා. ඒ අන්දමට රෝහිණි කුමරිය කටයුතු කළා. ශාලාව සාදා ඉවර වෙනකොට ඇගේ කුෂ්ට රෝගය මුළුමණින්ම සුවපත් වුණා. ඊට පසු මහරහතන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයක්‌ සූදානම් කළා. මේ දානයට බුදුන් වහන්සේට ද ආරාධනා කෙරුවා. බුදුන් වහන්සේ දානයට වැඩම කර, දානය දීමේ හේතුව විමසුවා. අනුරුද්ධ හිමියන් විසින් සියලුම විස්‌තර පැහැදිලි කරනු ලැබුවා. බුදුන් වහන්සේ මේ කුෂ්ට රෝගයට හේතුව කුමක්‌දැයි කියා දැනගන්න කැමති දැයි පිරිසගෙන් ඇහුවා. පිරිස පූර්ව කර්මය දැන ගන්න කැමැත්ත ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ දේශනා කළා මීට පෙර භවයකදී රෝහණී කුමරිය රජ කෙනකුගේ අග බිසව හැටියටයි ජීවත් වුණේ. රජතුමා තවත් හැඩරුව ඇති කාන්තාවක්‌ අන්තඃපුරයට ගෙන ආවා. රජතුමාගේ ඇල්ම බැල්ම වැඩිපුරම අලුත ගෙනා රජ කුමරියට යොමු වුණා. අග මෙහෙසිය මේ පිළිබඳ දැඩි නොසතුටින් සිටියේ. දවසක්‌ අග මෙහෙසිය කහඹිලියා යෙදූ වතුර ඇයට නෑමට ඉතා සුදුසු ඖෂධ ජලයක්‌ ලෙස හඟවලා කහඹිලියා යෙදු ජලය නෑමට සැලැස්‌සුවා. කහඹිලියා ජලය නිසා ඇගේ ඇඟ වණ වුණා. තවත් දවසක කහඹිලියා යෙදූ යහනක ඇයට සැතපෙන්නට සැලැස්‌සුවා. ඒ නිසා ඇය අපමණ දුක්‌ වින්දා.

මේ පාප කර්මය නිසා ඇය මේ භවයේදී මේ අයුරින් කුෂ්ට රෝගයකට භාජන වුණා කියල. මේ දේශනාව කළේ බුදුන්වහන්සේ විසින්. පැමිණි සිටි මහරහතන් වහන්සේලාත්, ජනතාවත්, මේ දේශනාව ඉතා ගෞරව සම්ප්‍රයුක්‌තව ශ්‍රවණය කළා.



බදුල්ලේ මෛත්‍රී රත්නායක


Funeral of Ananda Maitreya Ven. Bhikkhu Khantiko reports on the passing of this much loved Sri Lankan monk.
On 18 July 1998, Ven. Balangoda Ananda Maitreya, the most eminent contemporary Buddhist monk of Sri Lanka, passed away at a hospital near Colombo after a brief illness. At the time of his death he was 101 years of age and would have celebrated his 102nd birthday on 23 August. In 1969 he was elected the first president (Mahanayaka Thera) of the United Amarapura Nikaya, the monastic fraternity to which he belonged, and though he relinquished this position in 1975 he still continued to bear the honorary title Mahanayaka Thera. Ven. Ananda Maitreya's manifold services to the cause of Buddhism were not confined to Sri Lanka but extended over many countries. Perfectly fluent in English and at home with Western modes of thought as well as with classical Buddhism of several schools, he was as popular with Western Buddhists as he was with traditional Asian Buddhists who admired his vast learning and simple, humble ways. During the 1980's and l990's he had been particularly active in Britain and the United States. The monks of the Amaravati and Chithurst monasteries in Britain regarded him as a trusted spiritual friend and often sought his advice and help. Last year the government of Myanmar conferred on him Myanmar's highest ecclesiastical title, Abhidhaja Maharatthaguru, which means something like "His Eminence, the Great Spiritual Teacher of the Nation."

Before I describe the funeral itself, I wish to give a brief account of the background to his death. Earlier this year Ven. Ananda Maitreya had been invited to visit Taiwan, Singapore, and Thailand, and had gone there in May. On returning to Sri Lanka he had developed chest problems - a build-up of phlegm in the lungs - for which he was warded in the Sri Jayawardhanapura Hospital, near Colombo, for perhaps a week or two. On Saturday, 13 June, Ven. Bodhi, Ven. Vimalo, and I, along with a lay supporter, went to visit him. When we arrived at the hospital we learned that he had been discharged that same morning and had returned to his branch temple at Maharagama, close to Colombo. We immediately went there to find him apparently fully recovered and in good spirits. We had a very nice talk with him, for about half an hour, in the course of which he gave us some illuminating insights into his own approach to the practice of insight meditation.
 
The body rested on a raised bier covered with a shining golden silk cloth. Four youths stood guard with ornamental spears at the corners; others supported ornamental fans.

 
Five weeks after that meeting, close to midnight on 18 July, Ven. Ananda Maitreya passed away in that same Sri Jayawardhanapura Hospital. Apparently the phlegm had continued to accumulate in the lungs and pneumonia set in, bringing his life to a close. He had been in the hospital for twenty-four days prior to his death. Thus he must have been re-admitted about ten days after we met him.

The funeral was announced for the following Thursday, 23 July, at Balangoda. It was to be a state funeral, attended by government ministers and numerous dignitaries, both Sri Lankan and foreign. Ven. Bodhi and I decided to make the trip out to Balangoda (a 5-6 hour drive from Kandy), and we were joined by a third monk, Ven. Kosiya (originally from Surinam), who had been ordained by Ven. Ananda Maitreya and also wanted to attend the funeral. We decided to go the day before the actual cremation so that we could pay respects to the Mahanayaka Thera's body. The body had been brought out to Balangoda in a solemn procession on Tuesday (the 21st), after a stopover the previous day in Ratnapura (about 50 miles out towards Balangoda) to enable the people in that area to pay final respects to him.

As we left Udawattakele (the Kandyan forest reserve where the Forest Hermitage is located) after the midday meal the first thing we came upon at the entrance to the access road was a banner stretched across the road, expressing grief at the demise of the late Venerable Ananda Maitreya. Many shops and houses in the city also displayed yellow or orange flags. It seemed that his passing had affected the whole nation; but obviously, in contrast to such events in the West, there was no sense of sombreness in such displays.
This was only the beginning. When the southbound road down from Kandy linked up with the cross-country road leading from Colombo to Balangoda, we found to our pleasant surprise that every town and village we passed through was decked out with yellow and orange banners and streamers inscribed with words of homage to the Mahanayaka Thera. Almost every home and shop had yellow flags and plastic strips hanging out from their windows and facades. It seemed more like a carnival than a funeral that we were heading towards. Many vehicles we passed also displayed yellow flags, signifying their owner's grief over the death of the monk. We were all deeply moved by this, and the feeling became stronger the closer we came to Balangoda.

When we reached Balangoda, a little after 6 pm, we found the town fully decorated from end to end with banners, pennants, and pictures of Ven. Ananda Maitreya. People were thronging the streets, drifting towards the Sri Dhammananda Pirivena - the monastic college that the Mahanayaka Thera had founded in 1936 - where the body was laid out in state. On the long road to this temple the "mourners" - hardly the appropriate word for this generally smiling and happy looking crowd - were channelled and directed by an army of attendants and supervisors. I was struck by the orderliness of the whole affair: people of all ages, who had probably travelled long distances, often on rickety and uncomfortable public transport, inched their way towards the pirivena in the late afternoon light, but with hardly a sign of fatigue or impatience. The column, two or three abreast, must have stretched well over a mile, and was constantly being added to from the rear as more people arrived.

Along the side of the road a number of Muslim households had set up stands and were offering the people on line glasses of water. Later we learned that other Muslim establishments in the town had offered free meals as well. Ven. Ananda Maitreya had enjoyed very cordial relations with the local Muslim community and had a number of close Muslim friends from the time of his childhood.

Once we had arrived at the pirivena and had refreshed ourselves with a soft drink, we went over to the open hall where Ven. Ananda Maitreya's body had been laid out. The body rested on a raised bier covered with a shining golden silk cloth. Four youths stood guard with ornamental spears at the corners; others supported ornamental fans. Below the coffin there were photos of Ven. Ananda Maitreya at different periods of his life. Monks sat on the ground at two corners with their heads to their knees, a small fan resting against the top of their heads. These seemed to be the ones keeping the wake. We were ushered through the crowd and could pay our respects as we circumambulated the body. I was most deeply struck by the complete composure of Ven. Ananda Maitreya's face in death: though he had passed away the previous Saturday night, in that light he looked as if he were just asleep. The file of lay people continued to pass by, as they had done all day and would continue doing late into the night.
At about 7:30 pm, after we made a second visit to the hall, we went out to Udumulla, the tiny village about three miles from the pirivena, on the other side of the town. This is the site of Sri Nandaramaya, the small temple where Ven. Ananda Maitreya had been ordained in 1911 and had received his training during his first nine years in robes. The temple had been constructed by Ven. Ananda Maitreya's father at the beginning of the century. In his later years, the Mahanayaka Thera had spent most of his time here, but it was only in the last few years of his life that any significant changes had taken place in the physical premises. Ven. Bodhi remarked that the only changes he could see in the main residence and refectory, since the time he had lived there (1972-75), were the installation of electricity and some cement to replace the compacted cowdung-&-mud floor of the verandah. In fact it seems likely that this building, constructed along with the other original buildings, had not changed at all. I did notice, however, that a new roof had been raised on the vihara. In his biography, Ven. Ananda Maitreya makes the comment about his teacher, Ven. Denihene Silananda, the first incumbent of the temple, "He was not at all interested in things like beautifying the body, decorating the residence, and amassing possessions. I also acquired this way of life from him."

More recently, on the hill above the old temple complex, a large cottage for the Mahanayaka Thera along with an even larger library-meeting hall had been built by a group from Japan. The library houses most of Ven. Ananda Maitreya's enormous collection of books. The fiction section in English was an interesting browse. The Collected Works of Agatha Christie stands out in my memory now. Ven. Bodhi was struck by a novella by Hermann Hesse, translated from the German, placed among the "Classics of English Literature."

The next day, after breakfast, we returned to the pirivena and once again joined the throng of lay folk and monks paying final respects to the body. This time the mood was accentuated by the somehow appropriate dirge of a Japanese Nichiren monk chanting "Nam mo myoho renge kyo." In the morning light Ven. Ananda Maitreya's features were truly those of a dead person. It seemed right that the cremation would take place that afternoon.

The funeral rites commenced in the early afternoon, at the playing field of the Balangoda Mahavidyalaya, the local high school right next to the pirivena. A public holiday had been declared for the town of Balangoda, which allowed the town's citizens to attend the cremation. It would seem hard to believe that any residents of Balangoda, apart from the sick and their caretakers, did not turn out for the occasion. When we arrived we found that a very large gathering of people had already settled down to await the proceedings. People sat on rooftops and in the trees; all available space was filled. The next day's newspapers estimated that 100,000 lay people and 4,000 monks had attended. There were also government ministers, opposition politicians, and delegates, both monastic and civilian, from foreign countries.

The funeral pyre was again, in keeping with the Mahanayaka Thera's ways, a rather simple construction: the pile of wood was covered by a kind of decorative tent of four tiers, with a wooden frame and pinkish orange cloth. Funerals in this country tend to be rather long-winded affairs, and this one was no exception. The various speeches and addresses continued from 3 pm until shortly after 5 pm. All this time the coffin was displayed in front of the large makeshift hall erected to accommodate the monks.

By the time the actual cremation took place many of the Sangha members had left. The last rite began when the direct disciples of Ven. Ananda Maitreya lifted the coffin and bore it to the awaiting pyre, where it was placed on the heap of wood inside the tent. One could feel the intensity of emotions building up, and as this small group made the triple circumambulation of the pyre many of the close disciples shed tears. Finally two lay disciples, bearing flaming torches behind their backs, made a triple run around the pyre - in opposite directions - before depositing the flaming brands in amongst the wood to start the incineration of the body. The doors to the pyre were then closed so that the coffin was not in view.

At this point most of the monks left, but some of us waited around a while longer. The lay people moved in close to the pyre; some had brought incense which they cast in towards the flames through a small slit in the orange tent around the pyre. I felt sorry for one old lady who had brought a few small pieces of firewood but had nowhere to put them! Finally, as we made our way back to the pirivena, we were waylaid by large numbers of lay people of all ages who wished to pay respects to us. It took us some time to cross that small space of a few hundred metres to get back.

It seemed as though some benign influence prevailed up above to hold off the rains that might well have made the cremation a washout. A thin cloud cover shielded us from the overhead sun and allowed us to sit or stand outside quite comfortably all afternoon. Ven. Nandasara, the chief incumbent of Sri Nandaramaya, insisted we return to Udumulla for the night. It seemed the better choice, as the pirivena was still in disarray after having had so many monks passing through it over the previous few days and nights.

The next day at 5 am we left Balangoda for Kandy. As soon as we were out of Balangoda the rain began - one of the heaviest rainfalls I can ever remember - and continued almost nonstop for most of the journey. It abated only when we were within a few miles of our destination.

The papers reporting on the funeral quote a number of different people, both monks and lay people, who believe that Ven. Ananda Maitreya was probably the most important monk to have lived in Sri Lanka in this century. Yet the temple where he lived speaks volumes for his simple, unostentatious ways. His funeral a very dignified affair but also low-key, was the same.

Although the Mahanayaka Thera is no longer in our midst, the example he set will inspire all those who came within the orbit of his wisdom and compassion.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.