ලොව පුරා වෙසෙන බිලියනයකට අධික කිතුනුවෝ
සිය අසිරිමත් නත්තල සැමරීමට අද එක්වෙති. බෞද්ධයෝ මහත් බැතියෙන් වෙසඟ
සමරන්නාසේම කිතුනුවෝද කිතු උපත සමරති. සියලු දෙනාම එක හා සමානය. මනුෂ්‍යයෝ
සමානයෝය, ඔවුන් අතර වෙසෙසි කෙනෙක් නොවෙතිය තිරසරව පැවසූ ආගම් කතුවරයකු ලෙස
ක්‍රිස්තුස් වහන්සේ සද් ජනයාගේ ගෞවරයට පාත්රව සිටිති.
මීට
වසර දෙදහස් දහහතකට පෙර මැදියම් රැයක සිදුවූ ඒ අසිරිමත් උපත ලෝකවාසීන් මහත්
බැතියෙන් හරසරින් සමරන බව පැහැදිලිව සටහන් කළ හැකිය. එදින දිළිඳු ගවලෙනකදී
ඉපැදුනේ ඡේසු ස්වාමි දරුවන් පමණක් නොවේ. සාමයේ පණිවුඩය ද උපත ලද බව අපි
අමතක කළ යුතු නැත. එනිසාම නත්තල අමරණීය සැමරුමක් වේ.
එහෙත් අද
නත්තල සාද සැමරුමක් බවට පත්ව තිබෙන්නේ කෙසේද? නත්තල් හුදු ආටෝපයක් පමණද?
නත්තල් සීයා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව නොතිබෙන්නේද? සුපිරි සේවාහල්වල
වෙළෙ¹ම් කරන යුවතියන්ද නත්තල් සීයාට අන්දා ඇත. මෙය සැබවින්ම නත්තල අරුත්
ගැන්වීමක්ද? නැත්නම් නත්තල විකුණා ලාභ ගැනීමක්ද?
අද වැනි දිනක
උපන් ඒ දිව්යකුමරුන්ගේ නමට දහමට ගරු කරන්නෝ කොපමණ සිටිත්ද? අප ජීවත් වන
සමාජය තුළ යුක්තිය ධර්මය යට කරන්නට වෙර දරන අය බොහෝය.
නත්තල
සමරන ඔබ එහි හරය දකීනම් ඔබ තුළට කිතු සමි¹නෝ එතියි පල්ලියේ පියතුමා කියති.
නැතත් නත්තලේ හරය දකින්නේ කවරකුද? එය කන බොන සැණකෙළියක් බවට පත්ව නැද්ද?
එදා නත්තල සැමරූ ආදර්ශවත්භාවය අද ගිලහී ඇත්තේ කෙසේද?
කිතු
සමිඳුන් උපන් ගවලෙන උන්වහන්සේගේ සරල චාම් ජීවිතය පිළිබඳ සංකේතය වැන්න.
එහෙත් අද නත්තල් සැණකෙළි තුළ ඒ චාම් බව රැකෙන්නේද? දිළින්දාට සතුට සාමය
ලැබෙන්නේද?
නත්තල මේ ලෝකයට බිහිකළ උසස් පුරුෂාර්ථයන් රැසක්ද
සුවිශිෂ්ට ගුණදහම් රාශියක්ද තිබේ. ආගම් ජාති භේදයෙන් තොරව සියලු මනුෂ්‍යයෝ
කිතු උපත පිළිබඳ තම ගෞරවය පළ කරති. මනුෂ්‍යයා කෙරෙහි දෙවියන්ගේ ප්‍රේමය
අත්‍යවශ්‍යය. මෙම දිව්‍ය ප්‍රේමය මනුෂ්‍යයාට ලබාදීමේ මාර්ගය පැහැදිලි කිරීම
සඳහා දෙවියන් වහන්සේ විසින් තම පුත්‍රයා මනුෂ්‍ය ලෝකයට එවූ බව කිතුනුවන්ගේ
විශ්වාසයයි. නත්තල් සමරන අද වැනි දිනක ඒ දිව්‍ය කුමරුවාගේ නමට දහමට ගරු
කරන්නෝ කොපමණ සිටී ද යන්න මෙනෙහි කළ යුතුය. යුක්ති ධර්මය යට කරන්නට වෙර
දරන්නෝ කොපමණ ද? වරද වරදමය එයට ආගමක් ධර්මයක් නැත.
තමන්ගේ
අසල්වැසියාට හෙවත් අනෙකාට ප්‍රේම කරන්න යන උදාර සංකල්පනාවෙන් ආරම්භ වන
ඡේසුස් වහන්සේගේ ආදර්ශ වදන් මාලාව තමා ජීවත්වන සමාජය පිළිබඳව කිහිපවරක්
සිතන්නට මිනිසා පොළඹවයි. ප්‍රේමයක දයාවත් කරුණාවත් යන උත්තරීතර මනෝභාවයන්
විඳින්නට සේම ඒවා තුළ ක්‍රියාකාරීවන්නට මනුෂ්‍යයා කැඳවයි.
මානව
සංහතියේ බිහිසුණු ගමන් මග වෙනස් කරන්නට මිනිසා අඳුරෙන් ආලෝකයට රැගෙන යන්නට
අනුබල දෙන්නේ දහමයි. දරදඬු කෲර පුද්ගලයන් මුදු බවට පත් කරන්නේ දහමයි.
සාහසිකයන් ශාන්ත බවට පත් කරන්නේද මේ උතුම් දහම බව අප සිත්හි තබා ගත යුතුය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, December 25, 2017
සුබ නත්තලක් වේවා !
2017-12-25T12:51:00+01:00
lankanews
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...