අංගසම්පූර්ණව වැඩ අවසන් කර නොමැති අතර කච්චිමඩුව වැවේ නියමිත සංවර්ධනය අඩක්වත් හමාර වී නොමැත.
පුත්තලම දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂවරයා එම කොන්ත්රාක්තරුගේ වැඩ නැවැත්වූවත් නැවත ඔහුගේ අභියාචනය මත වැඩ නිම කිරීමට ඉඩ දී තිබුණත් මෙතෙක් හමාර වී නොමැත.
වැව් දෙකම මෙසේ පුරන් වී ඇත්තේ ජනපදය ආරම්භ කළ 1946න් පසු ප්‍රථම වතාවට බවයි පැරණි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.
කන්න පහක ගොවිතැන් නොමැතිවීම හේතු කොට ගෙන ගොවි සංවිධාන ද නිදි කිරා වැටෙන තැනට පත් ව ඇති අතර

එම සංවිධාන වසර හයක් තිස්සේ සංවත්සර පවත්වා නිලධාරීන් පත් කර ගැනීමක් ද සිදු වී නොමැත.
කොට්ටුකච්චියේ මේසා විශාල ජනතාවකට ජීවත්වීම සඳහා ස්ථිර වාරි කර්මාන්තයක් නොමැතිකකමේ බරපතලකම නිසාවෙන් 2015 පැවති රජයට පෙන්වා දීම මත විකල්පයක් ලෙස දැදුරු ඔය යෝජනා ක්‍රමයෙන් ඉඟිණිමිටිය ජලාශයෙන් ලැබෙන ජලයෙන් ඌරියාව හරහා වාරි කර්මාන්තයක් ලබා ගැනීමට මූලක වැඩ ඇරඹුවත් කැපූ පළමු පස් පිඩැල්ල මතම නැවතී ඇත.
ආරම්භ කිරමේ පලකයන් වන වැදී ඇත. ගොවි සංවිධන ගමේ නායකයන් ප්‍රකාශ කර සිටින්නේ හැකි කඩිනමින් ජනාධිපත්තුමගේ මැදිහත් වීම යටතේ මොරගහකන්ද ජලාශයෙන් දැදුරු ඔයට මුදා හරින ජලයෙන් වත් කොට්ටුකච්චියේ වාරි කර්මාන්තයට ජලය ලබා දෙන ලෙසයි.
එසේ නොවුනහොත් ඩී.එස්.සේනානයක යුගයේ ඇරඹුණු මෙම සංවර්ධන ව්‍යාපාර පුරන් ව යාමට බොහෝ දුරට ඉඩ ඇත.

කොට්ටුකච්චිය වැව අක්කර අඩි 7826 ප්‍රමාණයක් වන අතර,කච්චිමඩුව වැව අක්කර අඩි 6100 ප්‍රමාණයක් වන අතර වැව් දෙක යටතේ සංවර්ධනය කෙරුණු කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්ක866ක් වුවත් වෙල්පහු වතුර හා වාන් ජලය තුලින් අනෙක් සියළු කුඹුරු ප්‍රමාණය වගා කන්න වල දී අස්වද්දා ගත් ගොවියන් ගේ නිවෙස් වල වී ඇටයක් තබා දහයියා පොත්තක්වත් නොමැති වීම මහා ඛේචවාචකයකි.
සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර