ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 2, 2017

තුරුම්පුව වතුරේ දමා 'ගේම' නා ගැනීම...!!!

යුද අපරාධ වලට එරෙහිව මේ සාක්‌ෂි භාවිතා නොකරන්නේ ඇයි...?
 මයිකල් වොල්ෆ්ගැන්ග් ලෝරන්ස්‌ මොරිස්‌ (නේස්‌බීහි සාමිවරයා) බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තම රට හා අනෙකුත් බටහිර බලවතුන් නැඟූ බොරු යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කර ඇත. මියගිය මුළු සංඛ්‍යාව 40,000 නොව උපරිමය 8000 ක්‌ විය හැකි බවත් එයිනුත් 1/4 කොටි ත්‍රස්‌තවාදීන් බවත් ඔහු බ්‍රිතාන්‍ය හමුදා වාර්තා අනුව පෙන්වාදී ඇත. එලෙසම එවකට රජය කිසි විටෙක සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව එල්ල කර ප්‍රහාර සිදුනොකළ බවද පෙන්වාදී ඇත. 2017 ඔක්‌තෝබර් 12 දින කළ මෙම ප්‍රකාශය මෙම ලිපිය ලියන නොවැම්බර් 22 දින දක්‌වාම යුද අපරාධ චෝදනා ගෙන ඒමට මුල්වූ කිසිදු බටහිර රජයක්‌ හෝ ද්‍රවිඩ ඩයස්‌පෝරාව හෝ අභියෝගයට ලක්‌කර නැත. ඒ ගැන පුදුම විය යුතුද නැත. පුදුමය වන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ මෙවැනි අසත්‍ය කරුණු කාරණා ගැන අප රටේ කැබිනට්‌ මණ්‌ඩලය නොවැම්බර් මස 15 දා තෙක්‌ම සාකච්ඡාවට ගෙන නොතිබීමය. ත්‍රස්‌තවාදය පැරදවූ ලොව එකම රට ලෙස ශ්‍රී ලංකාව 2009 මැයි මාසයේදී ලෝක ඉතිහාසයට එක්‌විය. එලෙසම යුද්ධය දිනූ පාර්ශ්වය යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසා අවඥවට ලක්‌වූ එකම අවස්‌ථාවද මෙයම විය. දැන් තවත් කාරණයක්‌ වෙනුවෙන් අප රට මුල් තැන ගැනීමට කටයුතු කරමින් සිටින බවක්‌ පෙනේ. එනම් එම බොරු යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය එංගලන්ත පාර්ලිමේන්තුව හරහා අප හට ලබාදී ඇති මෙම අවස්‌ථාව නොසලකා හැරීම මගිනි.
අවාසනාවකට යහපාලන රජය රට වෙනුවෙන් පැහැදිලි ස්‌ථාවරයක්‌ ගැනීම තවදුරටත් පමා කරමින් සිටී. එය දේශපාලන කාරණයකි. නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය පිළිගතහොත් එවකට පැවැති රාජපක්‍ෂ රජයට විරුද්ධව කරන ප්‍රධානම චෝදනාව කඩා වැටෙනු ඇත. තවදුරටත් 2015 ජනවාරි මස ආණ්‌ඩු පෙරළිය සිදුනොවුණා නම් අප රටට ආර්ථික සම්බාධක පැනවීමට තිබුණේ යෑයි කිසිවෙකුටත් පැවසීමටද හැකියාවක්‌ නැත.
යුද්ධයේ අවසන් කාලයේදී රාජපක්‍ෂ රජය සහ එවකට හමුදා නායකත්වය ගත් තීන්දු තීරණ නැගෙනහිර වන්නියේ හමුදා මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතුවිය. කොටි ත්‍රස්‌තවාදීන් විසින් මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගත් එම ජනතාවගේ සුබ සිද්ධිය සලකා ගත් එම තීරණ බටහිර බලවතුන් නොසලකා හැරීය. මේ පිළිබඳව කෙටි විග්‍රහයක්‌ කිරීම ප්‍රබල අවශ්‍යතාවකි. මෙම පැහැදිලි කිරීම තුළ ද්‍රවිඩ ජනතාව මිනිස්‌ සංහාරයකට බඳුන් කළේ යෑයි කියන චෝදනාව පුස්‌සක්‌ වනු ඇත. (ජාත්‍යන්තර රතු කුරුසියේ හෙළිදරව්ව) ඇත්ත වශයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා නියමුවකු සහ උතුරු අත්ලාන්තික්‌ යුද සංවිධානයේ ගුවන් නියමුවකු ලෙස කටයුතු කළ නේස්‌බි සාමිවරයා කළ ප්‍රකාශය අධ්‍යයනය කළ යුත්තේ ජාත්‍යන්තර රතු කුරුසිය, ශ්‍රී ලංකා හමුදා පිළිබඳව කල ප්‍රකාශයත් සමග සැසඳීමෙනි. 2009 ජුලි 15 දින ජිනීවාහී එවකට සිටි ඇමරිකානු තානාපති ක්‌ලින්ට්‌ විලියම්සන් සහ එවකට දකුණු දිග ආසියාව භාර ජාත්‍යන්තර රතු කුරුසියේ ජාර්ක්‌ ඩී මයියෝ අතර පැවැති සාකච්ඡාව පිළිබඳව රහස්‍ය ලියවිල්ල ශ්‍රී ලංකා හමුදාවට විශාල කීර්තියක්‌ අත්කර දුන්නේය. හමුදා අවශ්‍යතාව නොසලකා සිවිල් ජනතාවගේ සුබ සිද්ධිය සලකා කටයුතු කිරීමෙන් තම පාබල හමුදා වැඩි ජීවිත ප්‍රමාණයක්‌ අහිමි කරගත් බව මයියෝ ඇමරිකානුවාට ප්‍රකාශ කළේය. ඒ මීට වසර 5 කට පෙරය. එවකට රජය ඒ ගැනද තැකීමක්‌ කළේ නැත. විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය මගින් හෙළි කළ අදාළ ඇමරිකානු රහස්‌ ලියවිල්ලේ මෙලෙස සඳහන් විය.
"ක්‍රම ක්‍රමයෙන් සංකෝචනය වන තම බලය යටතේ තියෙන නැගෙනහිර වන්නියේ භූමි ප්‍රමාණයෙන් LTTE කෙසේවත් පලා යාමට ඉඩ නොතැබිය යුතු බව යුද හමුදාවේ එවකට අධිෂ්ඨානයයි. මෙම හමුදා තීරණය සිවිල් ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ බලවත් ප්‍රශ්නයක්‌ ඇති කළේය. හමුදාව මානව හිමිකම් උල්ලංඝනය වීම් බොහෝ සිදුවූ නමුත් එම තත්ත්වය කිසි විටෙක ද්‍රවිඩ ජනතා සංහාරයක්‌ ලෙස සැලකිය යුතු නැත. සාමාන්‍ය ජනතාව රැඳී සිටින තැන්වලට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල වන විට එම තත්ත්වය යුද හමුදාවට දැන්වූ සැණින් එම ප්‍රහාර එල්ල වීම නැවැත්වීය.

ඇත්ත වශයෙන්ම යුද්ධය වඩා වේගයෙන් සාර්ථක අවසානයකට ගෙන ඒමට යුද හමුදාවට ශක්‌තිය තිබූ නමුත් වඩා පරීක්‍ෂාකාරී ක්‍රමවේදයක්‌ නැගෙනහිර වන්නියේ අනුගමනය කිරීමෙන් වැඩි සොල්දාදුවන් ප්‍රමාණයක්‌ මරණයට පත්විය.

කෙසේ වෙතත් රජය සාමාන්‍ය ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඇති පමණට කටයුතු නොකළ බවද, එලෙසම වැඩි හමුදා මරණ සංඛ්‍යාවක්‌ සිදුවූ බවද පිළිගත්තේය. ඔහු පෙන්වා දුන්නේ සොල්දාදුවෙක්‌ සාමාන්‍ය වැසියකුටම වඩා මිය යැමට ඇති ප්‍රවණතාවය වැඩි බවය.

විලියම්සන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ මෙම ලිපියට පාදක වන්නේ ඔහු 2009 ජුලි මස 9 වැනි දින ජාර්ක්‌ ඩී මයියෝ සමග ජිනීවා හී කළ සාකච්ඡාවයි.

රාජපක්‍ෂ රජය මෙවැනි කරුණු කාරණා ගැන සැලකිල්ලක්‌ දැක්‌වූයේම නැත. කිසි විටෙකත් ජාත්‍යන්තර රතු කුරුසිය කළ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සඳහා පාවිච්චි කළේද නැත.

ලියුම්කරු රට වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි මෙවැනි ලිපි ලේඛන සම්බන්ධයෙන් පසුගිය වසර 6 තුළ බොහෝ කරුණු කාරණා වාර්තා කළ නමුත් ඒ පිළිබඳ අවධානයක්‌ යොමු කළේම නැත. අද අප රට එම අතපසුවීම හේතුවෙන් විශාල වන්දියක්‌ ගෙවමින් සිටී. ජාත්‍යන්තර රතු කුරුසිය අදටත් අප රටේ ක්‍රියාත්මක වන සංවිධානයකි. 1989 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමයේ අප රටට පැමිණි ජාත්‍යන්තර රතු කුරුසිය මුළු උතුරු නැගෙනහිර යුද්ධය සිදුවූ කාලයේදී එම පළාත්වල කටයුතු කළේය. ජාත්‍යන්තර රතු කුරුස ප්‍රධානියකු ජිනීවාහී එවකට සිටි ඇමරිකානු තානාපතිවරයාට කළ ප්‍රකාශය අප රටට ආරක්‍ෂාවකි. තම හමුදා අනතුරට පත් කරමින් සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කිරීමට කටයුතු කළ තවත් රටක්‌ ලෝකයේ තිබේදැයි සොයා බැලීම වටී. එම ප්‍රකාශය අප රටේ කිසිවකුගේ අනුදැනුමක්‌ නොමැති උතුරේ ස්‌ථානගතවී සිටි ජාත්‍යන්තර රතු කුරුස සාමාජිකයන් ලබාදුන් තොරතුරු මත එම සංවිධානය ඉදිරිපත් කළ අදහසකි. එම ප්‍රකාශය කරන අවස්‌ථාවේදී ඇමරිකානු රාජ්‍ය පද්ධතිය දුර්මුඛ කරමින් විකීලික්‌ස්‌ වෙබ් අඩවිය රහස්‍ය තොරතුරු හෙළිදරව් කරන බව කිසිවකු සිතා සිටියේ නැත. ජාත්‍යන්තර රතු කුරුසියට කෙලෙසකවත් තම සංවිධානය එවැනි ප්‍රකාශයක්‌ නොකළ බව අද පැවැසිය නොහැක.

යුද හමුදා සංඛ්‍යා ලේඛන අනුව 2,500 කට ආසන්න හමුදා මරණ සංඛ්‍යාවක්‌ වන්නි නැගෙනහිර පෙරමුණේ සිදුවී ඇත. නැගෙනහිර වන්නි පෙරමුණ ලෙස සලකන නුවර-යාපනේ ඒ-9 මාර්ගයෙන් දකුණු ප්‍රදේශය දරුණුම ගැටුම් සිදුවූ භූමියයි.

පාබල හමුදා ජීවිත සිය ගණනක්‌ සිවිල් ජනතාවට වඩා හිතකර ලෙස කටයුතු කිරීම් නිසා අහිමිවී ඇත. ජාත්‍යන්තර රතු කුරුසිය සතු වාර්තා ශ්‍රී ලංකාවට ආරක්‍ෂාවකි. එම වාර්තා සමග තවමත් හෙළි නොකළ කොළඹ පිහිටි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයෙන් පිළියෙළ කරන ලද (2008 අගෝස්‌තු-2009 මැයි 13) රහස්‍ය වාර්තාව සැසඳෙන බව මෙම ලියුම්කරු කීප විටක්‌ පෙන්නාදී ඇත. යුද මෙහෙයුම් දේශපාලන තීන්දුවල ප්‍රතිඵලයකි. එවකට ජනාධිපති රාජපක්‍ෂ තම රජය කොටි ත්‍රස්‌තවාදීන් බිත්තියට හේත්තුකර තර්ජනය කරන තත්ත්වයක්‌ තුළ යුද්ධයට අවතීර්ණ විය. ඒ 2006 අගෝස්‌තු මස 2 වන සතියේ මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ල සුණු විසුණු කළ යාපන අර්ධද්වීපයට කඩා පැනීමත් සමගය. එතැන් පටන් වසර 3 ක කාලයක්‌ තුළ නොනවතින හමුදා මෙහෙයුම් සිදුකරන ලද අතර 6000 කට ආසන්න හමුදා ජීවිත අහිමි විය. එම සංඛ්‍යාවෙන් 2500 දෙනකු පමණ මාස 4 1/2 ක්‌ තුළ (2009 ජනවාරි, මැයි 19) අහිමි විය.

22 2මුළු වැර යොදා ප්‍රහාර එල්ල කිරීමට හමුදාව කටයුතු කළේ නම් මෙම සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමට තිබිණි. නමුත් 300,000 කට ආසන්න නැගෙනහිර වන්නියේ කොටුවී සිටි සිවිල් ජනතාව පිළිබඳව සැලකිලිමත් වීම හේතුවෙන් හමුදා ජීවිත අහිමි විය. ජනතාව කුඩා බිම් කොටසකට හිරවීම හේතුවෙන් කාලතුවක්‌කු හා ගුවන් ප්‍රහාර එල්ල කිරීම අතහැර දැමීය. මෙම තත්ත්වය වන්නි සේනාංකවලට බලවත් පීඩනයක්‌ ඇති කළේය. නමුත් දේශපාලන නායකත්වය ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක වූ අතර එය බරපතළ හමුදා ජීවිත හානිවලට හේතුවිය. දේශපාලන තීන්දු තීරණ මත මෙහෙයුම්වල යෙදෙන හමුදා සේනාංකවලට ඇති උපරිම වෙඩි බලය ලබාදීම දේශපාලන නායකත්වයේ වගකීමකි. නමුත් මානුෂික හේතු මත සහ බලවත් ඉන්දියානු බලපෑම හේතුවෙන් අවැසි වෙඩි බලය ලබාදීමට නොහැකි විය. මේ කරුණු කාරණා නිසා එක හමුදා ජීවිතයක්‌ අහිමි වුවත් එහි වගකීම භාරගන්නේ කවුද?

නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය අධ්‍යයනය කළ යුත්තේ ජාත්‍යන්තර රතු කුරුසිය 2009 ජුලි 9 වන දින ශ්‍රී ලංකා හමුදා පිළිබඳ ප්‍රකාශය සහ නැගෙනහිර වන්නියේ ගුවන් සහ කාලතුවක්‌කු ප්‍රහාර නවතා දැමීම සැලකිල්ලට ගෙනය.

තවද යුද අපරාධ චෝදනාකරුවන් තමන්ගේ පහසුවට අමතක කරන ලද ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට හේතුවන ප්‍රබල කරුණු 2 ක්‌ තිබේ.

2011 ජුලි මස එවකට ශ්‍රී ලංකාවේ සිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත් LTTE සංවිධානයේ සන්නද්ධ අංශය සහ ශ්‍රී ලංකා රජය අතර කිසිදු යටත්වීමේ ක්‍රියාවලියක්‌ නොතිබූ බව පැවැසීය. එම ප්‍රකාශය යුද්ධය නිමවී වසර 2 කට වැඩි කාලයකට පසුව කරන ලද බව ඉතාමත් පැහැදිලිය. ඔහු කතා කළේ සියල්ල දැනගෙනය. එම ප්‍රකාශය කරන විට රටවල් 40 අධික ප්‍රමාණයකින් උසස්‌ හමුදා නිලධාරීන් කොළඹ ප්‍රථම ආරක්‍ෂක සමුළුවට සහභාගිවී සිටියේය. මෙම ලියුම්කරුද එම අවස්‌ථාවට සහභාගි විය. ඇමරිකානුවා මෙම ප්‍රකාශය කළේ ඉන්දියානු සාම සාධක හමුදාවේ (1987 ජුලි සිට 1990 මාර්තු) විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක්‌ මේතා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඉදිරිපත් කළ ප්‍රශ්නයකටය. එම ඇමරිකානු පෙන්වාදීම 2009 පෙබරවාරි මාසයේ එවකට ලංකාවේ සිටි නෝර්වේජියානු තානාපති විසින් බැසිල් රාජපක්‍ෂට ලියූ ලිපියක තිබූ කාරණාවක්‌ සනාථ කළේය. එනම් LTTE සංවිධානය තම අත්අඩංගුවේ සිටින ජනතාව නිදහස්‌ නොකරන බව තමන්ට හැඟෙන බවය. 2009 පෙබරවාරි මස 16 දින තානාපති ටෝරේ හැට්‌රම් රාජපක්‍ෂට පැවැසුවේ සිවිල් ජනතාව නිදහස්‌ කිරීමට ඇති අවස්‌ථාව මාර්ග කීපයකින් LTTE නායකත්වයට දන්වා ඇති නමුත් ඔවුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නොමැති බවය. එලෙසම යහපත් ප්‍රතිචාරයක්‌ නුදුරු අනාගතයේදී ලැබීමේ හැකියාවක්‌ද නොමැති බවය. කනගාටුවට කරුණක්‌ වන්නේ බටහිර රාජ්‍ය නිලධාරීහු ලබාදී ඇති බොහෝ කරුණු කාරණා කිසිවක්‌ අධ්‍යයනය කර නොමැති අතර ඒවා අදාළ ස්‌ථානවල පාවිච්චි කර නොමැත. නේස්‌බි සාමිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු කාරණා ලබා ගත්තේ මහ බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශයෙන් එම වාර්තා එම අමාත්‍යාංශයට ලබාදී තිබුණේ වන්නි යුද සමයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවය කළ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් දුන් රහස්‍ය වාර්තා මතය. ගෑෂ් ලංකාවේ සේවය කළ කාලයේදී ලෝරන්ස්‌ ස්‌මිත් ද සේවය කළේය. ඔවුන් දෙදෙනා තම රටවල්වලට යවන වාර්තා කිසිදු ආකාරයකින් වෙනස්‌ විය නොහැක. ගෑෂ් ඉදිරිපත් කළ වාර්තා අනුව නේස්‌බි කළ ප්‍රකාශය අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට ලෝරන්ස්‌ ස්‌මිත් වොෂිංටනයට යෑවූ රහස්‍ය ලිපිවල තිබූ සංඛ්‍යා ලේඛන ගැන පහසුවෙන් තේරුම් ගත හැක. ශ්‍රී ලංකා හමුදා ජන සංහාරයක්‌ නොකළ බවත් ජිනීවාහිදී අප හට කළ චෝදනා සත්‍යයෙන් තොර බවත් ඔප්පු කළ හැකි බොහෝ කරුණු කාරණා එම චෝදනාවන් කරන රටවල් සතුය. දෙමුහුන් යුද අධිකරණයක්‌ නොව පූර්ණ විදේශීය අධිකරණයක්‌ තුළ පවා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි කරුණු කාරණා එම චෝදනා කරන රටවල් හරහාම ඉදිරිපත් කරවීමේ හැකියාවක්‌ ඇත.

බොරු බේගල් ගොන්නක්‌ හේතු සාධක ලෙස දක්‌වා 30/1 ජිනීවා යෝජනාවලිය 2015 ඔක්‌තෝබර් 1 වැනි දිනදා සම්මත කරගත් බටහිර බලවතුන් සහ යහපාලන රජය නේස්‌බිගේ හෙළිදරව්ව හමුවේ දුර්මුඛ වී ඇත. නේස්‌බිගේ කථාව ජාත්‍යන්තර රතු කුරුසිය සහ ඇමරිකානු හමුදා නිලධාරී ස්‌මිත් කළ ප්‍රකාශ සමග පූර්ණ අධ්‍යයනයකට ලක්‌ කළෝය. යුද අපරාධ චෝදනාව අසත්‍යයක්‌ බව සනාථ වේ.

 ශමීන්ද්‍ර ර්ඩිනැන්ඩෝ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.