තැරැවුකරුගේ නිවෙසින් පාස්පෝට් ඇතුළු කූට ලේඛන රැසක් ද සොයාගනී...
- රට යවන බව පවසා කූට ලේඛන සකස් කර කාන්තාවන් රවටා ජංගම දුරකථන මගින් තම
නිරුවත් ඡායාරූප යවා ලිංගික අතවර සිදුකරන බවට චෝදනා ලැබ සිටින පුවක්පිටිය
ප්‍රදේශයේ පුද්ගලයකුගේ නිවෙසක් පසුගිය 15 වැනිදා රාත්‍රි පරීක්ෂාකර විදේශ
ගමන් බලපත්‍ර 21 ක් ඇතුළු සැක කටයුතු ලියෑවිලි තොගයක් අත්අඩංගුවට ගත් බව
පොලිසිය පවසයි.
මෙම සැකකරු විදේශ රැකියා ඒජන්සියක අතරමැදියකු ලෙස
පෙනී සිටින පුද්ගලයෙකි. දැනට මොහු එවැනි චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන
රක්ෂිත බන්ධනාගාරගත වී සිටින අයෙකි. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්
මත මෙම සැකකරුගේ නිවෙස පොලිසිය විසින් සෝදිසි කිරීමේදී අත්අඩංගුවට ගත්
අනෙකුත් ලියකියවිලි අතර කාන්තාවන්ගේ ජාතික හැඳුනුම්පත්, ව්‍යාජ රබර්
මුද්‍ර, කාන්තාවන්ගේ ඡායාරූප, ව්‍යාජ පොලිස් සහතික, උප්පැන්න සහතික
තොගයක් පොලිස් ලාංඡනය සහිත හිස්වැසුමක් පැළඳ සිටින සැකකරුගේ
ඡායාරූපයක් ඇතුළු ලියකියවිලි රාශියක්ද වේ. මෙම සැකකරු කාන්තාවන්ගෙන්
ලිංගික අල්ලස් ඉල්ලා ඔවුන් රවටමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම
සිදුකර ඇති බව පොලිසිය පවසයි. එම තොරතුරු ඔස්සේ දිගටම පරීක්ෂණ පවත්වන බව
උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරුගෙන් තවත්
පුද්ගලයකුට හෝ කාන්තාවකට කරදරයක් හෝ අතවරයක් සිදුවී ඇත්නම් පොලිසියට
පැමිණිලි කරන ලෙසට ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක
විතානාච්චි මහජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකථන අංකය - 066-2289222.
මෙම වැටලීම සඳහා ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක
විතානාච්චි, පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත බණ්ඩාර, උප පොලිස්
පරීක්ෂකවරුන් වන ජානක වීරරත්න, ප්‍රදීප් රණසිංහ, පොලිස් සැරයන්වරුන් වන
52403 සේනානායක, (19282) වනසිංහ, (68938) සංජීව, කාන්තා පොලිස් කොස්තාපල්
(2505) සුනේත්‍රා යන නිලධාරීහූ සහභාගි වූහ.
ගලේවෙල විශේෂ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, December 18, 2017
රට යවන බව පවසා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගත් අපතයෙක්...!!!
Posted by
lankanews
at
December 18, 2017
Labels: forign jobs, lankanews, nude actress srilanka, police arrest, porno film, srilankan visa
රට යවන බව පවසා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගත් අපතයෙක්...!!!
2017-12-18T22:40:00+01:00
lankanews
forign jobs|lankanews|nude actress srilanka|police arrest|porno film|srilankan visa|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
