ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 11, 2017

උතුර, නැගෙනහිර ඉඩම් කොල්ලයේ කාලකණ්‌ණි ...!!!

හමුදා මුරපළවල් ඉවත් කරලා,  දැන් කැලේ අනාරක්‍ෂිතයි... - මස්‌ වැද්දො ඌරා පණපිටින් සිටියදී පස්‌ස කපාගෙන ගිහින්...  - වනජීවී අය ලී ලොරියක්‌ අරගෙන යනකොට පොලිසියට කොටු වෙලා තිබුණා...
 

''කොහොමත් වනජීවී එකට සිතුල්පව්ව දැන් ලොකු බාධාවක්‌. ඒ අය කියන්නේ නිතර සෙනඟ ගැවසෙන නිසා වනසතුන්ට කරදරයි කියලා. ඒත් වන සතුන්ගෙන් එහෙම දෙයක්‌ පේන්න නෑ. සතුන් වැඩිපුර ගැවසෙන්නේ විහාරස්‌ථානය වටේ. හවසට අපි පිරිත් දැම්මාම සත්තු ඇවිත් ඒ හඬට කන්දීගෙන ඉන්නවා. සත්තුන්ට හිරිහැර වෙන විදිහට කිසිම දවසක අපි බෙරවාදනයක්‌වත් කරලා නෑ. පන්සලේ ඝණ්‌ඨාරයක්‌ නෑ. ලංකාවේ ඝණ්‌ඨාරයක්‌ නැති එකම පන්සල සිතුල්පව්ව කියලා මම හිතනවා. ඝණ්‌ඨාරයක්‌ සවි කරන්නේ නැත්තේ කැලේ වනසතුන්ට හිරිහැර වෙන නිසයි. වන සත්තු කිසිම දවසක විහාරස්‌ථානයට එන බැතිමතුන්ට නියපොත්තක්‌වත් ගහලා නෑ. මෙතැන ගැටලුව වෙලා තියෙන්නේ සතුන්ට තේරෙන ගුණදහම් මේ නිලධාරීන්ට නොතේරීමයි. සිතුල්පව්ව වඳින්න එන බැතිමතුන්ට කරදරයක්‌ වුණොත් ඒ වෙන්නේ හොර සතුරන්ගෙන්. දැන් ඉස්‌සර වගේ නෙමෙයි සිතුල්පව්වට එන මගදිගට තිබුණු සේරම හමුදා මුරපොලවල් ඉවත් කරලා. සිතුල්පව්ව පන්සලේ මුරපොළ විතරයි තියෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු වනජීවී අධ්‍යක්‍ෂ කියලා තිබුණේ හමුදාව ඉන්නවට විදේශීය සංචාරකයන් කැමති නෑ කියලා. විදේශිකයන්ට ඕනෑ විදිහට රටේ ආරක්‍ෂාව ස්‌ථාපනය කරන්න අපි සුද්දන්ගෙන් කාලා ඇඳලා ඉන්න ජාතියක්‌ නෙමෙයි නේ. ඒ වගේම විදේශීය සංචාරකයන් එහෙම කියයි කියලා මම හිතන්නේ නෑ. හමුදා ආරක්‍ෂාව තියෙනකොට ඒ මිනිස්‌සුත් කැමතියි. දැන් මඟ දිගට හද්ද පාළුයි. මගදි වන්දනාකරුවන් මංකොල්ල කාගෙන ගියත් කවුරුවත් දන්නේ නෑ...''
 

  අපි ගල් පඩි පෙළ නැඟ සිතුල්පව්ව මහ සෑ රජුන් අභියස හිඳ ගත්තෙමු. යුග ගණනාවක ඉතිහාසය සඟවාගත් යාල මහා රක්‍ෂිතය එකම වන පියසක්‌ ලෙස හරි අපූරුවට දර්ශනය වේ. සියවස්‌ විසිදෙකකට පමණ පෙර රුහුණු රට රජ කර වූ කාවන්තිස්‌ස මහ රජු විසින් ඉදිකරවන ලද දාගැබ්, මහ බෝ, ගිරි ලෙන්, සංඝාවාස, උපෝසථාගාර, දාන ශාලා, ගිනිහල්, දිවා ස්‌ථාන, රාත්‍රී ස්‌ථාන පැන් පොකුණු, පෙත් මං ආදී විහාරාංග අතරින් බොහෝමයක්‌ නටබුqන් ලෙස තැන, තැන විසිsරී ඇති අයුරු ද දිස්‌ වේ. මේ දිනවල විටින් විට, රුහුණු රටට ද ඇදහැලෙන මහා වර්ෂාවෙන් ගල් පොකුණු ජලයෙන් පිරී ඉතිරී ගොස්‌ ඇති අයුරු ද පෙනේ. අපි සිතුල්පව්ව මහ සෑ රජුන් වටා පියවර මනිමින් තව, තවත් අවට සොබාසිරිය සිත් පුරා විඳගත්තෙමු.

  චිත්තල පබ්බත යනුවෙන් මහා වංශයෙහි ද, චිතල පවත යෑයි ශිsලා ලිපිවල ද සඳහන් වන මේ පින්බිම වර්තමානයේ සිතුල්පව්ව යෑයි ව්‍යවහාරව පවතී. එම පින්බිමට යන ඕනෑම කෙනෙකුගේ සිත් ප්‍රීති ප්‍රබෝධයට පත් කරවන සැනසිලිදායක සුවයකින් ද මනස්‌කාන්ත දර්ශනයකින් සහ නොපෙනෙන ගුප්ත බලයකින් සිත් ඇදගැනීමට සමත් නිසා මේ පින්බිමට චිත්තල පබ්බත යනුවෙන් නම් පටබැඳී ඇති බව ද සිහිපත් වේ.

මේ මොහොතේ ද සැඳෑ හිරු රැසින් නැහැවුණු සිතුල්පව්ව මහා සෑ රජුන් අභියස මැවෙන චමත්කාරය මේ යෑයි කිව නොහැකි තරම්ය. සහදේව මහරහතුන් වහන්සේ ප්‍රධාන දොළොස්‌දහසක්‌ පමණ රහතුන් වහන්සේලා වැඩ සිටි ලෙන් කුටි යාල වන පියස යට තවමත් ජීවමානය. ඒ ඇතැම් කුටිවල අදට ද ස්‌වාමීන් වහන්සේලා භාවනානු යෝගීව වැඩ සිටින බව සිහිපත් වන විට සිත චිත්ත ප්‍රමෝදයෙන් පිරිණි. එහෙත් එම ලෙන් කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලාට පසුගිය වස්‌ කාලයේදී දින පහක්‌ පමණ දානය නොලැබුණු බව දැනගැනීමට ලැබීමත් සමඟ පහන් සිත සසල විය.

 
n1 1සිතුල්පව්ව රජමහා විහාරයට දානය නොලැබී ඇත්තේ පින්වන්ත දායකයන් නැතිකමෙන් නොවේ. යාල රක්‍ෂිතය ආරක්‍ෂාවට සිටින නීතිගරුක වනජීවී නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රියා පිළිවෙත නිසාය. වනජීවී, වන සංරක්‍ෂණ නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් දකුණට ක්‍රියාත්මක කරන මේ නීති උතුර, නැගෙනහිර ප්‍රදේශවලදී ද ක්‍රියාත්මක කරන්නේ නම් එම ප්‍රදේශවල රක්‍ෂිත සහ බෞද්ධ උරුමයන් සහිත පුරාවිද්‍යා බිම් අන්තවාදීන්ට ගොදුරු වන්නේ නැත. උතුර, නැගෙනහිර ඉඩම් කොල්ලයේ කාලකණ්‌ණි සිතුවිලි වලින් මනස හොල්මන් කරන්නට පටන් ගන්නා අතරේ අපි සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක ස්‌වාමීන්වහන්සේ වන ශාස්‌ත්‍රපති පණ්‌ඩිත මැටරඹ හේමරතන හිමියන් බැහැදැක පසුගිය දින කිහිපයක දානය නොලැබී යැමට හේතු වූ කරුණු විමසා සිටියෙමු. පහතින් පෙළගැසෙන්නේ එම සිද්ධිය මුල් කොටගෙන සිතුල්පව්ව අවට හමුදා කඳවුරු ඉවත් කිරීම නිසා නිර්මාණය වී ඇති ගැටලුකාරී තත්ත්වය ගැන හේමරතන හිමියන් අප සමඟ පැවසූ අදහස්‌ය.

 ''වන්දනාකරුවන්ට කරදර කරපු මංකොල්ලකාර ඇතා පිටත් කරන්න කියලා සැප්තැම්බර් මාසෙ පාර වහන්න වනජීවී ඇමැතිවරයා මගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ අවස්‌ථාවේ ඇමැතිවරයාට මම කිව්වා පාර වැහුවට ප්‍රශ්නයක්‌ නෑ, සිතුල්පව්වට වැඩම කරන ස්‌වාමීන් වහන්සේලාට, අපිට, දානය ගේන මිනිස්‌සුන්ට පාරේ යන්න, එන්න තියෙන්න ඕනා කියලා. ඇමැතිවරයා මගේ ඉල්ලීමට එකඟ වුණා. අන්තිමේ සැප්තැම්බර් මාසය අවසාන වෙලත් ඒ නීතිය දිගටම පැවැතුණා. ඒ අතර කාලයේදී කිහිප දිනක්‌ම දානය රැගෙන එන මිනිසුන්ට වනජීවී නිලධාරීන් මඟ අහුරලා තිබුණා. ඒ සමහර දායක පිරිස්‌ දුරකථනයෙන් මට කතා කරලා දැනුම් දුන්නා. පස්‌සේ මම වනජීවී නිලධාරීන්ට කතා කළාම ඇතැම් අවස්‌ථාවල දායක පිරිස්‌වලට දානය ගේන්න අවස්‌ථාව දුන්නා. හැම දායකයෙක්‌a ළඟම මගේ දුරකථන අංකය නෑ. මට කතා කරගන්න බැරි වුණ දායක පිරිස්‌ දානයත් අරගෙන ආපහු හැරිලා ගිහිල්ලා තිබුණා. සමහර අයට කියලා තිබුණා කතරගම පාරෙන් එන්න කියලා. ඒ මිනිස්‌සු කතරගම පාර දන්නේ නැතිව හැරිලා ගිහිල්ලා. තව දවසක දායකයන් පිරිසක්‌ කතරගම පාර හොයාගෙන පන්සලට දානය ගේනකොට වේලාව 12.45 යි. එදත් වස්‌ සාමාදන් වෙච්ච හාමුදුරුවන්ටයි අපි කාටවත් දානය වළඳන්න බැරි වුණා. ඔය විදිහට දවස්‌ පහකට දානය නැති වුණා. ඔය ගැටලුව ගැන ලිතව මම ඇමැතිවරයාටයි, උද්‍යානභාර ප්‍රධාන නිලධාරිවරයාටයි දැනුම් දුන්නා. ඒත් තවමත් ඒ සම්බන්ධයෙන් පියවරක්‌ අරගෙන නැති බව තමයි පේන්න තියෙන්නේ...''

 
n1 3''කොහොමත් වනජීවී එකට සිතුල්පව්ව දැන් ලොකු බාධාවක්‌. ඒ අය කියන්නේ නිතර සෙනඟ ගැවසෙන නිසා වනසතුන්ට කරදරයි කියලා. ඒත් වන සතුන්ගෙන් එහෙම දෙයක්‌ පේන්න නෑ. සතුන් වැඩිපුර ගැවසෙන්නේ විහාරස්‌ථානය වටේ. හවසට අපි පිරිත් දැම්මාම සත්තු ඇවිත් ඒ හඬට කන්දීගෙන ඉන්නවා. සත්තුන්ට හිරිහැර වෙන විදිහට කිසිම දවසක අපි බෙරවාදනයක්‌වත් කරලා නෑ. පන්සලේ ඝණ්‌ඨාරයක්‌ නෑ. ලංකාවේ ඝණ්‌ඨාරයක්‌ නැති එකම පන්සල සිතුල්පව්ව කියලා මම හිතනවා. ඝණ්‌ඨාරයක්‌ සවි කරන්නේ නැත්තේ කැලේ වනසතුන්ට හිරිහැර වෙන නිසයි. වන සත්තු කිසිම දවසක විහාරස්‌ථානයට එන බැතිමතුන්ට නියපොත්තක්‌වත් ගහලා නෑ. මෙතැන ගැටලුව වෙලා තියෙන්නේ සතුන්ට තේරෙන ගුණදහම් මේ නිලධාරීන්ට නොතේරීමයි. සිතුල්පව්ව වඳින්න එන බැතිමතුන්ට කරදරයක්‌ වුණොත් ඒ වෙන්නේ හොර සතුරන්ගෙන්. දැන් ඉස්‌සර වගේ නෙමෙයි සිතුල්පව්වට එන මගදිගට තිබුණු සේරම හමුදා මුරපොලවල් ඉවත් කරලා. සිතුල්පව්ව පන්සලේ මුරපොළ විතරයි තියෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු වනජීවී අධ්‍යක්‍ෂ කියලා තිබුණේ හමුදාව ඉන්නවට විදේශීය සංචාරකයන් කැමති නෑ කියලා. විදේශිකයන්ට ඕනෑ විදිහට රටේ ආරක්‍ෂාව ස්‌ථාපනය කරන්න අපි සුද්දන්ගෙන් කාලා ඇඳලා ඉන්න ජාතියක්‌ නෙමෙයි නේ. ඒ වගේම විදේශීය සංචාරකයන් එහෙම කියයි කියලා මම හිතන්නේ නෑ. හමුදා ආරක්‍ෂාව තියෙනකොට ඒ මිනිස්‌සුත් කැමතියි. දැන් මඟ දිගට හද්ද පාළුයි. මගදි වන්දනාකරුවන් මංකොල්ල කාගෙන ගියත් කවුරුවත් දන්නේ නෑ...''

 ''හමුදාව ඉන්නකොට මේ කැලේට පුදුමාකාර ආරක්‍ෂාවක්‌ තිබුණේ. හමුදා නිලධාරීන් හොඳ සිංහල ළමයි. ඒ දරුවෝ බෞද්ධ වෙහෙර, විහාරවලට පරිසරයට, සතා සීපාවට ආදරෙයි. නිතරම කැලය, පුරාවිද්‍යා නටබුqන් ගැන හොඳ සෝදිසියෙන් හිටියා. ඒ නිසා කවුරුවත් ගස්‌ කපන්න ආවේ නෑ. ගංජා වගා කළේ නෑ. මිනිස්‌සු සත්තු මරන්න ආවේ නෑ. හමුදාව ඉන්නකොට මේ කැලේ සත්තුත් හරි සතුටින් හිටියේ. ඒ නිසා හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියලා මම අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා. ඒත් වනජීවී එකට ඕනෑ වෙලා තිබුණේ හමුදා කඳවුරු ඉවත් කරගන්න. ඒක එහෙම වුණා. දැන් කැලේට කිසිම ආරක්‍ෂාවක්‌ නෑ. දඩයක්‌කාරයෝ, දැව ජාවාරම්කාරයෝ කැලෑව රජදහනක්‌ කරගෙන. පහුගිය දවසක පණපිටින් ඌරකුගේ පස්‌ස පැත්ත කපාගෙන ගිහින් තිබුණා. දැන් මිනිස්‌සු යාල දෙක, තුන කලාපවල අක්‌කර ගණනන් ගංජා වගා කරලා කියලා ආරංචියි. ගස්‌ කපන අය ප්‍රසිද්ධියේ ලොරිවල ලී පටවගෙන යනවා. වනජීවී එකේම අය ලී ලොරියක්‌ අරගෙන යනකොට පොලිසියට කොටු වෙලා තිබුණා. බලවත්තු කැලේ විනාශ කරලා. ගඟ අයින දිගට නිවාඩු නිකේතන හදනවා. කොන්ඩච්චි පෙදසේ කිසිම වැඩකට නැතිව පාරක්‌ කපලා. පන්සලේ ඉදිකිරීමක්‌ කරන්න හැදුවොත් ඒකට අවසර නෑ...'' අපට ප්‍රශ්න කිරීමට ඇවැසි නැත. උන්වහන්සේ හරි අපූරුවට සිද්ධි එකෙන් එක ගෙන කරුණු පැහැදිලි කරන්නාහ.

 එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් සිතුල්පව්ව රජමහා විහාරයට පහරදීමට උත්සාහ කරද්දී, හේමරතන නායක ස්‌වාමීන් වහන්සේ විහාරස්‌ථානය අතහැර නොගියහ. විටෙක හමුදා උපදෙස්‌ පිට විහාරස්‌ථානයේ වැඩසිටි ස්‌වාමීන් වහන්සේලා සහ කුටි සෙනසුන්වල භාවනානු යෝගීව වැඩ සිටි සියලු හිමියන් සිතුල්පව්වෙන් පිට වී ආරක්‍ෂිත ස්‌ථානවලට වැඩම කරද්දී, හේමරතන හිමියන් පමණක්‌ ජීවිතය පරදුවට තබා සිතුල්පව්ව පින්බිමේ වත්පිළිවෙත් කරගෙන විහාරස්‌ථානයේම වැඩ සිටියහ. කෙටි විරාමයකින් පසුව නැවත උන්වහන්සේ හඬ අවදි කළහ.

 ''පහුගිය කාලේ දරුණු පෑවිල්ලට අපි වනසතුන්ට වතුර දුන්නා. කන්න බොන්න දුන්නා. ඒකටත් වනජීවී එක විරුද්ධ වුණා. සත්තු මැරෙනවා බලාගෙන ඉන්න බැරි තැන විරෝධතා නොබලා දිගටම අපි ඒ කටයුත්ත කරගෙන ගියා. මිනිස්‌සු ලොරි ගණන් පලතුරු, පොල්, කිතුල්, කොස්‌ අතු, වතුර ගෙනත් දුන්නා. අපි කැලේ තැන්, තැන්වල ඒ වතුර තිබ්බා. කෑම තිබ්බා. අපේ ඒ දානයෙන් සත්ව ජීවිත දහස්‌ ගාණක්‌ බේරාගන්න පුළුවන් වුණා. සත්තුන්ට කෑම දෙන්න කැලේ ඇතුළට ගිය අවස්‌ථාවලදී විහාර, චෛත්‍යය, පෝසථාගාර, පටිමාඝර, බෝධිඝර, කොරවක්‌ගල්, සඳකඩපහණ, මුරගල් ආදී විශාල නටබුqන් ප්‍රමාණයක්‌ අපිට දැකගන්න පුළුවන් වුණා. ඒ සියලු නටබුqන් නිධන් හොරු විනාශ කරලා. හමුදා ආරක්‍ෂාව තිබුණු පහුගිය කාලේ පුරාවස්‌තු සංහාරය ටිකක්‌ නතර වෙලා තිබුණා. හමුදා මුරපොළවල් ඉවත් කරපු හැටියේ ආයෙමත් නිධන් හොරු ක්‍රියාත්මක වෙලා කියලා ආරංචියි. නිධන් කොල්ලකරුවන් සක්‍රිය වෙනවා කියන්නේ විහාරස්‌ථානය යාබද කැලේ තියෙන නටබුqන් ස්‌ථාන ටිකවත් ආරක්‍ෂා කරගන්න වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්න ඕනා...''

 ''මේ කැලේ ඇතුළේ තියෙනවා ආකාස චෛත්‍යය කියලා චෛතයක්‌. ඒ චෛත්‍යයට යන්න තියෙන්නේ මහ ගල් පර්වතයක්‌ ඇතුළේ උමඟකින්. ඒ චෛත්‍යයත් දැන් නටබුqන් වෙලා. ඒ චෛත්‍යය හදන්න ගඩොල් ඇදපු පොඩි හාමුදුරුවො තමයි දුටුගැමුණු කුමාරයා විදිහට ඉපදිලා තියෙන්නේ. ඉතිහාසයේ සඳහන් විදිහට ඒ කතාව මෙහෙමයි. කාවන්තිස්‌ස රජතුමාටයි, විහාරමහාදේවියටයි දරු සම්පත් තිබිලා නෑ. දවසක්‌ රජතුමයි, බිසවයි සිතුල්පව්ව විහාරයට පැමිණ සහදේව මහරහතුන් වහන්සේ සමඟ කතාබහ කරන අවස්‌ථාවක දරුවන් නැති ප්‍රශ්නය ගැන මහරහතුන් වහන්සේට කියලා තියෙනවා. එතකොට උන්වහන්සේ කියලා තියෙනවා අන්න අසවල් ගල්ලෙනේ මරණාසන්න සාමණේaර නමක්‌ ඉන්නවා, පුතෙක්‌ විදිහට ඉපදෙන්න කියලා ආරාධනා කරන්න කියලා. රජතුමයි, බිසවයි හරිම සතුටින් ගිහිල්ලා පොඩි හාමුදුරුවන්ට ආරාධනා කළා. රෝහණ රාජ්‍ය මෙච්චර රාජ්‍ය සම්පත් තියෙනවා. මේ දේවල්වලට භාරකාරයෙක්‌ නෑ. ඒ නිසා උඹවහන්සේ අපේ පුතෙක්‌ විදිහට ඉපදෙන්න... ඒත් පොඩි හාමුදුරුවො ඒකට ප්‍රතිචාරයක්‌ දක්‌වලා නෑ. දෙවැනි වතාවටත් ඒ ඉල්ලීම කරලා. ඒත් ප්‍රතිචාරයක්‌ දක්‌වලා නෑ. තෙවැනි වතාවේ රජතුමා කියලා උතුරේ චෝලයන් වෙහෙර විහාර විනාශ කරනවා, මේ දේවල් ආරක්‍ෂා කරගන්නත් එක්‌ක පුතෙක්‌ වෙලා ඉපදෙන්න කියලා. ඒ අවස්‌ථාවේ පොඩි හාමුදුරුවො චුට්‌ටක්‌ ඔලුව හරවලා බලලා තියෙනවා. රජතුමයි, බිසවයි හරිම සතුටින් අශ්ව කරත්තේ නැගිලා තිස්‌ස මාගම රජ මාලිගාවට පිටත් වෙලා ගිහින්. මඟුල් මහා විහාරය පහුවෙනකොට දේවීය හිටිය පැත්තේ රෝදය කාෂ්ටක පොළවේ එරිලා. රජතුමාට ඒක මහා ප්‍රශ්නයක්‌ වෙලා. මාළිගාවට ගිය ගමන් ඒ සිද්ධිය ගැන රජතුමා පුරෝහිත ඇමැතිවරයාට දැනුම් දීලා. පුරෝහිත ඇමැති තත් කාල කේන්දර හදලා බලලා දේවියගේ කුසේ ගැබක්‌ පිහිටලා කියලා දැනුම් දීලා. ඊට ටික වේලාවකට පස්‌සේ පොඩි හාමුදුරුවො අපවත් වුණා කියලා සිතුල්පව්වෙනුත් පණිවිඩය ගිහිල්ලා. මෙතැන පුදුමාකාර හාස්‌කම් තියෙන සිද්ධස්‌ථානයක්‌. මහා රෑට කැලේ ඇතුළෙන් මිහිරි හඬින් පිරිත් කියනවා ඇහෙනවා. සමහර දවස්‌වලට කුඩා සිතුල්පව්වේ චෛත්‍ය මළුවේ සුදු ඇඳගත්තු අය එහා, මෙහා ඇවිඳිනවා අපිට පේනවා. කොටි කොච්චර වලි කෑවත් මෙතැනට පහර දෙන්න බැරි වුණා. ඒ මේ පින්බිමේ තියෙන ආශ්චර්යයි...''

 දේවානම්පියතිස්‌ස රජු විසින් සිරිමා බෝධියේ අංකුරයක්‌ වැඩමවා රෝපණය කරමින් පූජනීයත්වයට පත් කළ සිතුල්පව්ව පින්බිමේ විහාරාංගයන් ඉදිකර මහරහතුන් වහන්සේලා දොළොස්‌දහසකට පූජා කරන ලද්දේ කාවන්තිස්‌ස මහ රජු විසිනි. එපමණක්‌ නොව මෙරට රජවන රජ, යුව රජ, මහ ඇමැති, ඈපා මාපා ආදීන් විසින් සිතුල්පව්ව විහාරස්‌ථානයේ නව කර්මාන්තයක්‌, ප්‍රතිසංස්‌කරණයක්‌, කවර හෝ සිහිවටනයක්‌ කළ යුතු බවට කාවන්තිස්‌ස රජු විසින් රාජාඥාවක්‌ ද පනවා ඇති බව මහාවංශයේ සඳහන් වේ. කාවන්තිස්‌ස රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් සියලු රජවරු සිතුල්පව්ව පින්බිමේ මොනයම් හෝ සිහිවටනයක්‌ කර ඇති බවට ද සාධක හමු වේ. සිතුල්පව්ව විහාරස්‌ථානයේ සිට කුඩා සිතුල්පව්වට යන තෙක්‌ ඒ සීමාව තුළ පමණක්‌ රජවරු විසිහත්දෙනකු විසින් සිදු කළ ඉදිකිරීම් නටබුqන්ව තිබේ. එසේ රාජ්‍ය ගෞරවාදරයට පාත්‍ර වූ සිතුල්පව්ව රජමහා විහාරයට මෙකල නීතිගරුක වනජීවී නිලධාරීන් කෙණෙහිලිකම් සිදු කිරීම අතීත රජදරුවන්ට ද කරන අපහාසයකි. බුද්ධ ශාසනයට කරන අගෞරවයකි. එහෙයින් අදාළ බලධාරීන් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයට සිදුවෙමින් තිබෙන අකටයුතුකම් ගැන කඩිනමින් සොයාබැලිය යුතුය.

 යාල රක්‍ෂිතයට සිදු වන විනාශය සහ ඉපැරැණි බෞද්ධ සිද්ධස්‌ථාන කඩා බිඳ සූරා කන නිධන් කොල්ලය ගැන නම් කතා කර ඵලක්‌ නැත. එම විනාශයන් පසුපස සිටින්නේ රාජ ලේ උරුමක්‌කරුවන්ය. ඒ දේවල් කතා කරනවාට වඩා හොරාගේ අම්මාගෙන් පේන අහනවා හොඳය.

 තරංග රත්නවීර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.