මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි....!!!
‘වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වවත් තමනට එක රස්සාවක්වත් දෙන්න බැරි වුණා. එනිසා අද මං බදුල්ලේ මිනිසුන්ගේ ටොකු කනවා’ යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ ඔහුගේ අමාත්‍යාංශය පිලිබද වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමිනි.
‘මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්දය දුන්නා. ඒත් මට බදුල්ලේ එක මිනිහෙක්ට වත් රස්සාවක් දෙන්න බැරිවුණා. ටෙලිකොම් එකේවත් රස්සාවක් දෙන්න බැරිවුණා. ඉතං මං මොනවා කරන්නද. සමහරවිට මං ඊළඟ ඡන්දෙන් පරාද කරාවි. ඒත් කරන්න දෙයක් නෑ’ යයිද ඇමතිවරයා සදහන් කලේය