මේ ජාතියේ විරයින් සොයන වේලාවයි
- වර්ෂ 1815 පෙබරවාරි මස 19 දින සර් රොබර්ට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා
යුද හමුදා මුලාදෑණින් කිහිපදෙනෙක්ද සමඟ රාත්‍රී භෝජනය ගනිමින් සිටියේය.
මෙවේලේ අශ්වාරෝහකයකු පැමිණ ආණ්ඩුකාරවරයාට ඉතා වැදගත් ලියවිල්ලක් භාර
දුන්නේය. මේ ලියවිල්ල අතට ගත් ආණ්ඩුකාරවරයාගේ දෑස විමතියෙන් දිලිසෙන හැටි
සෙස්සන් දුටුවෝය.
"සිංහල ර-ජුරුවෝ හිර භාරයට පත්වෙලා"
අණ්ඩුකාරවරයා සාඩම්බරව කීවේය. සතුටු කඳුළු වගුරමින් තමා සමඟ සිටි අන් සැමට අතට අත දුන්නේය.
"යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට අවුරුදු තුන්සිය ගණනක් මුළුල්ලේ උත්සාහ
කරලත් කරගන්න බැරි වුණුදේ අප කළා. ඒකට උපකාර කළ ඔබලාට මගේ අවංක ස්තූතිය
පුදකරනවා" යෑයි ආණ්ඩුකාරවරයා තවදුරටත් කීවේය.
කතාව ඇත්තය.
පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ සිංහලේ
නමින් හැඳින්වූ ශ්‍රී ලංකාව යටත් කරගැනීමට දරන ලද උත්සාහය සම්පූර්ණයෙන්
සාර්ථක වූයේ එදාය. "විජය රජුගේ පැමිණීමේ පටන් අවුරුදු 2357 ක දීර්ඝ කාලයක්
මුළුල්ලේ අවිච්ජින්නව පැවති සිංහල රාජ්‍යය හා ස්වෛරීභාවය මෙදින ලංකා
භූමියෙන් අභාවප්‍රාප්ත වූයේ" යෑයි නයිටන් නම් ඉතිහාසඥයා කියා තිබේ.
සිංහලේ රජු සිරභාරයට ගෙන දින දොළහකට පසුව මහනුවර මඟුල් මඩුවේ දී අත්සන්
කෙරුණු ගිවිසුම මගින් මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සම්බන්ධ
කරන ලදී. "සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බවටද" බ්‍රිතාන්‍යය විසින් මේ
ගිවිසුමෙන් පොරොන්දු විය. අනතුරුව 1815 මාර්තු 2 දින සිට එංගලන්තයේ
තුන්වැනි ජෝර්- මහරජාණන් ශ්‍රී ලංකාවේ රාජශ්‍රීයට පත්වූ බව ප්‍රකාශ කරමින්
කාලතුවක්කු වෙඩිමුර පවත්වන ලදී.
එහෙත්
මේ ගිවිසුම ප්‍රකාරව ඔවුන් මේ රට පාලනය කළේ නැත. එසේ කියන්නේ කවරෙක්ද?
මෙරට මංමාවත් තැනීමේ පුරෝගාමියා වූ මේජර් තෝමස් ස්කිනර් නම් සුදු
ජාතිකයාම ලියූ Fසඓහ හැaරි සබ Ceහකදබ නම් ග්‍රන්ථයෙන් ඔහු මේ බව ලීවේය. ඔහු
ලියා ඇති මේ වැකි බලන්න.
"අවුරුදු කීපයකට පෙර මේ රටේ මනුෂ්‍යයන්
සීයට එකෙකුවත්a සුරාව තොල ගෑමට පොළඹවාගත නොහැකි විය. සුරා පානය පැතිරී
ගියේය. හැම ගමකම තැබෑරුම් විවෘත විය. වැසියන් සුරා පානයට ඇබ්බැහි කරනු
පිණිස මුලින්ම සුරාව නොමිලේ දුන්හ."
මෙසේ කෝපි වගා කරමින්, රටේ
සම්පත් සූරාකමින්, ප්‍රභූන් භේද භින්න කරමින්, සුරාවට හරවමින් රටට කරන
අනර්ථය ඉවසීමට ජනතාව සුදානම් වූයේ නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1817 අගදී
කැරැල්ලක් පැන නැඟුනි.
ජාතිය කරදරයකට පත්වූ විට සැමදා ජාතිය
අවදි කරමින් පෙරමුණ ගන්නේ මහා සංඝරත්නයයි. එදා ද එය එසේම සිදුවිය. එහෙත් එය
මර්දනය කරන ලදී. මහනුවර දී අත්සන් කළ ගිවිසුමට විරුද්ධ ලෙස බුද්ධ ශාසනික
කටයුතුවලදී රජය ක්‍රියා කිරීම වැසියන්ගේ රාජ්‍ය විරෝධයට හේතුවිය. නැවත
මාතලේ හා කුරුණෑගල ආශ්‍රිතව කැරැල්ලක් ඇතිවිය.
මෙම
කැරලිවලදී දේශීය නායකයන්ට මඟපෙන්වූ හා අනුශාසනය කළ කුඩාපොළ හාමුදුරුවෝ
සුද්දන්ගේ සිර භාරයට පත්විය. ලංකා ඉතිහාසයේ නොමැකෙන නමක් තිබූ කුඩාපොල
හාමුදුරුවෝ ඉපදුණේ ක්‍රි.ව. 1803 සැප්තැම්බර් 04 ඉරිදා උදේ 6.50 ට වන අතර
මේ බව සනාථ කරමින් පැරැණි පොතක මේ කවිය ලියවී තිබේ.
වසේ සත්සිය විසිපහේ සක එක්දහස් අවදිය ලදී
මසේ අවතියවකට බිනරය රේවතී මුල පෙද සැදී
රැසේ කන්නිය දෙපැය තිස් නාඩියට වී රවි දින යෙදී
මෙසේ දිනුවෙය කුඩාපොල හිමි රට නිසා සිය දිවිපිදී
එනම් ශකවර්ෂ 1725 බිනර මස අවතියවක ලත් රවි දින උදයාදී පැය දෙකයි විනාඩි
තිහට උන්වහන්සේ කන්‍යා ලග්නයේ උපන් බවයි. 1848 අගෝස්තු 26 දින වෙඩිතබා
ඝාතනය කරන ලදී. මුළු රටම සූරාකනු ලැබූ සුද්දෝ ඔවුන්ගේ නම්, ගම් ඇඳුම්
පැලඳුම්, කෑම් බීම් හා ආගමික විශ්වාසයන්ද මෙරට ජනතාව පිට බලෙන් පටවන ලදී.
කලු සුද්දන් බිහිවීම ඇරැඹුණේa එසේය.
එහෙත් කුඩාපොළ හාමුදුරුවන්
ඝාතනය කර වසර කිහිපයකට පසුව තවත් පිංවත් කුමරෙක් සිරිලක තුළ ඉපදුණි. එතුමෝ
පසු කලෙක තම දිනපොතේ මෙසේ සටහන් කළහ.
"මගේ කේන්ද්‍රයේ හැටියට
කොළඹ ප්‍රධාන පන්තියේ බෞද්ධ පවුලක මා ඉපදී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1864
සැප්තැම්බර් 17 වෙනිදාය. මා උපදින විට කොළඹ නගරයේ වැඳුම් පිදුම් කරන්නට
බෞද්ධ විහාරස්ථානයක් තිබුණේ නැත. පසළොස්වක පෝය දිනයන්හි සිල් සමාදන්වීම
සඳහා බෞද්ධයෝ කොළඹ සිට සැතපුම් 10 ක් පමණ දුර පිහිටි කැලණියට යති."
මෙම දරුවාට උපතින් පල්ලියෙන් ලැබුණු නම දොන් ඩේවිඩ් නම් විය. දොන් ඩේවිඩ්
හේවාවිතාරණ නම් තරුණයා වැඩි කලක් නොගොස් ජාතියේ පියෙකු විය. ඒ අන්
කවරෙකුත් නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය.
"සිංහලයනි නැගිටිව්" යෑයි එතුමා හ`ඩ නැගීය.
වර්තමාන සිංහලයාට ගැඹුරු ඥානයක් නැත. සුද්දා අඳින ඇඳුම් ඇඳීම, සුද්දා කන
ආහාර අනුභව කිරීම, සුද්දා බොන මත්පැන් බීම පමණක් කරන්නට සිංහලයාට ශක්තිය
තිබේ. සිංහලයාට ප්‍රඥාව තිබේ නම් සිංහල ජාතිය මේ තරම් පහත බසින්නේ නැත"
කියමින් ජාතිය අවදි කළේය. තවදුරටත් මෙසේ කීහ.
"බුද්ධාගම ආරක්ෂා කරන්නට උපන් ජාතිය සිංහල ජාතියයි. වර්ෂ 2500 බුද්ධාගම ආරක්ෂා කළ වෙනත් ජාතියක් නැත"
"අප ජාතිය නැතිවීමට මත්පැන් බීම හේතු වී තිබේ"
"කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කර දමන්නට
කටයුතු කළේ සර්ව සාධාරණ යෑයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය."
ධර්මපාල තුමා රජයේ රැකියාවෙන් ඉවත්වී මුළු ජීවිතයම රට, ජාතිය හා ආගම
වෙනුවෙන් කැප කළේය. ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගත්තේය. බෞද්ධ පාඨශාලා රට
පුරාම ආරම්භ කිරීමට පුරෝගාමී විය. නිදහස් සටනට පණ දුන්නේය.
අප
කතා කළේ ජාතික වීරයන් දෙදෙනෙකු පිළිබඳවය. මෙහි විශේෂත්වය කුමක්ද? කුඩාපොල
හාමුදුරුවෝත්, ධර්මපාලතුමාත් ජාතිය අවදි කරවීමටත් නිදහස ලබා ගැනීමටත් ඇප
කැපවී ක්‍රියා කළහ. ධර්මපාල තුමා උපදින්නේ කුඩාපොල හාමුදුරුවෝ ඝාතනය
කිරීමෙන් පසුවය.
පුදුමය නම් මේ දෙදෙනාගේම උපන් කේන්ද්‍ර දෙක බොහෝ සෙයින් එක සමාන වීමය. මේ බලන්න.
වගුව
දෙදෙනාගේම උපන් වේලාවල්ද, නැකත් හා පාද ද, ලග්නයද බුධ, ශනි, සඳු පිහිටීම්ද සමානය.
මෙයින් වටහාගත හැකිවන්නේ ජාතික වීරවරයන් නැවත නැවත උපදින බව නොවේද?
ඇත්තටම මේ ජාතියට වීරයන් අවශ්‍ය යුගයයි. ධර්මපාල තුමා නැවතත් අප අතර
ඉපදේවායි අපි පතමු.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, December 1, 2017
අනගාරික ධර්මපාලතුමාගේ පෙර ආත්මය කුඩාපොළ හාමුදුරුවෝද ?
Posted by
lankanews
at
December 01, 2017
Labels: anagarika dharmapala, buddha sasana, kudapolahimi, lankanews, rebirth, reincarnation, sinhala rights
අනගාරික ධර්මපාලතුමාගේ පෙර ආත්මය කුඩාපොළ හාමුදුරුවෝද ?
2017-12-01T10:59:00+01:00
lankanews
anagarika dharmapala|buddha sasana|kudapolahimi|lankanews|rebirth|reincarnation|sinhala rights|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...