ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 1, 2017

ඇඳ සිටින ජංගිය ගලවා මුහුණ වසාගෙන සිටින පිංගුත්තරයා...!!!

සුජීව සේනසිංහ දේශපාලනයට එන්නේ 2007 දී ය. ඊට පෙර ඔහු සුමිත්‍රා පීරිස්‌ගේ චිත්‍රපටයක චරිතයක්‌ නිරූපණය කර තිබිණ. යූ. එන්. පියට එක්‌ව කෙටි කලකට පසු පක්‍ෂය තුළ පැවැති රනිල් වික්‍රමසිංහ විරෝධී බලවේගය සමඟ එකතු වූ ඔහු රෝසි සේනානායක, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල , මෛත්‍රි ගුණරත්න යනාදී රනිල් විරෝධීන් සමඟ එක්‌වීය. අනතුරුව තම පක්‍ෂ නායකයා එලවනු පිණිස මුළු කාලයම වැය කළේය. එහෙත් එය බැක්‌ෆයර් විය. එබැවින් නැවත රනිල් වික්‍රමසිංහට හේත්තු වූ ඔහු රාජ්‍ය ඇමැති තනතුරකට පත්විය. හොඳ වෙලාවට අගමැති වික්‍රමසිංහ ඔහුට දුන්නේ රාජ්‍ය ඇමැතිකමක්‌ පමණය. ජ්‍යෙෂ්ඨ ඇමැතිකමක්‌ දුන්නා නම් ඔහු මේ වන විටත් ඉන්නේ පාර්ලිමේන්තුව පවා විසුරුවන තත්ත්වයකය. සුජීව සේනසිංහගේ වයස අවුරුදු 45 කි. කනිෂ්ඨ දේශපාලනඥයකු වුවද ඔහු තලත්තෑනි මිනිහෙකි. කතා කිරීමට පෙර සිතා බැලීමටත් විරුද්ධකාරයන්ගේ ගර්හාවට ලක්‌ නොවීමටත් ඔහු සිතට ගත යුතුය.
 සුජීව සේනසිංහගේ මාධ්‍ය හමුව සමාන කළ හැක්‌කේ ඇඳ සිටින ජංගිය ගලවා මුහුණ වසාගෙන ලඡ්ජාවෙන් ගැලවීම වැනි කටයුත්තකට බව අපගේ වැටහීමය. හතුරකුටවත් මෙවැන්නක්‌ නොවේවා.
 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සම්බන්ධයෙන් තමන් මහත් සේ කලකිරී ඇතැයි පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ පවසයි. පා.ම. යනු පාර්ලිමේන්තු මන්ත්‍රීය. රා.ඇ. යන රාජ්‍ය ඇමැති ය.
 පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ බැඳුම්කර කොමිසමට විරුද්ධව මෙතරම් නටන්නේ ඇයි? අපගේ වැටහීමට අනුව ඔහු විසින් අර්ජුන් ඇලෝසියස්‌ට දෙන ලද දුරකථන ඇමතුම් ගණන හෙළිවීම මෙයට හේතුව ය. බැඳුම්කරය ගැන පොතක්‌ ලිවීම සඳහා අර්ජුන් ඇලෝසියස්‌ට දුරකථනයෙන් කතා කළ බව ඔහු කියා ඇත. එය ඉතාම ගොං උත්තරයක්‌ බව වෙබ් සයිට්‌ එකක තිබිණ. සේනසිංහ දුරකථන ඇමතුම් ගත් කාලය වන විට පොත ලියා අච්චු ගසා විකුණලාත් අවසන්ලු· 

 කුමක්‌ද මේ කලකිරීමට හේතුව? රටේ ආර්ථිකය හිස්‌ කළගෙඩියක්‌ බවට පත් වීමද? බඩු මිල ඉහළ යැම නිසා ජනතාවට වැලේ වැල් නැති වීමද? කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හටගන්නා වැඩවර්ජන නිසා රටවැසියන් අනාථ වීමද? සුජීව සේනසිංහ ඇතුළු ඡේත්තුකාර පාර්ලිමේන්තුව නඩත්තු කිරීම සඳහා වැය වන බදු මුදල් කන්ද නිසා ජනතාව ශෝකයෙන් පසු වීමද? නැත. ඒ එකක්‌වත් නොවේ. සුජීවගේ කලකිරීමට හේතුව ජනාධිපති විසින් බැඳුම්කර කොමිසම පත්කිරීමය. මිග් ගනුදෙනුව ගැන පරීක්‍ෂා කිරීමට කොමිසමක්‌ පත් නොකිරීමය. නැව් ගනුදෙනු ගැන සෙවීමට කොමිසමක්‌ පත් නොකිරීමය.


 මෙහිදී කිව යුතු වැදගත් දෙයක්‌ තිබේ. නැව් ගනුදෙනු හෝ මිග් ගනුදෙනු මේ රටේ ජාතික ප්‍රශ්න බවට අදටත් පත්ව නැත. එහෙත් බැඳුම්කර ප්‍රශ්නය රටේ හැමදෙනාගේම අවධානයට ලක්‌වූ ජාතික ප්‍රශ්නයක්‌ විය. පටන් ගැනීමේ සිටම එය අවුල්ය. බැඳුම්කර ජාවාරම සම්බන්ධයෙන් ප්‍රමුඛ චෝදනා ලැබූ අර්ජුන් ඇලෝසියස්‌ගේ මාමා මහ බැංකුවේ හිටපු ලොක්‌කා වූ අර්ජුන මහේන්ද්‍රන් ය. ඔහු ලංකාවේ පුරවැසියකු නොව සිංගප්පූරුවේ පුරවැසියෙකි. ඊළඟට බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙන අවස්‌ථාවේදී ඔහු එය පැවැති මහලට ගොස්‌ ඇත. බැඳුම්කර ජාවාරම නිසා මහජන මුදල් රුපියල් බිලියන රැසක්‌ අවභාවිතා වූ බව හෙළිවිය. මේ සියලු කරුණු එකතු කළ විට කොමිෂන් එකක්‌ නොව දෙකක්‌ දැම්මත් මදිවන තත්ත්වයක්‌ මතුවිය. කොමිසමක්‌ දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහෙයවන ලද්දේ එම තත්ත්වය විසිනි.

 පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ බැඳුම්කර කොමිසමට විරුද්ධව මෙතරම් නටන්නේ ඇයි? අපගේ වැටහීමට අනුව ඔහු විසින් අර්ජුන් ඇලෝසියස්‌ට දෙන ලද දුරකථන ඇමතුම් ගණන හෙළිවීම මෙයට හේතුව ය. බැඳුම්කරය ගැන පොතක්‌ ලිවීම සඳහා අර්ජුන් ඇලෝසියස්‌ට දුරකථනයෙන් කතා කළ බව ඔහු කියා ඇත. එය ඉතාම ගොං උත්තරයක්‌ බව වෙබ් සයිට්‌ එකක තිබිණ. සේනසිංහ දුරකථන ඇමතුම් ගත් කාලය වන විට පොත ලියා අච්චු ගසා විකුණලාත් අවසන්ලු·

 සුජීව සේනසිංහ රටේ ජනාධිපති ගැන තමා කලකිරී ඇති බව ප්‍රකාශ කළේ සිරිකොතේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය. එවැනි පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වන්නට තරම් දේශපාලන කොන්දක්‌ සුජීව සේනසිංහට නැති බව අපගේ වැටහීමය. මේ කලකිරීම ප්‍රකාශ කළේ රටේ අගමැති, විපක්‍ෂ නායක, හිටපු ජනාධිපති, කථානායක හෝ ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙක්‌ නම් අපට හිත හදා ගැනීමට පුළුවන. අඩු වශයෙන් ආණ්‌ඩුවේ දූෂණ මර්දන ඒකකයේ සේවකයකු වන රන්ජන් රාමනායක වැන්නෙක්‌ මෙබන්දක්‌ කීවේ නම් එය ඉවසා සිටිය හැකිය. එහෙත් හදිසියේම නිදි පැදුරෙන් නැගිට ගත් කනිෂ්ඨ දේශපාලනඥයකු මෙසේ කීම ඉතාම අභව්‍ය විකාරරූපී තත්ත්වයකි. සුජීව සේනසිංහට මේ ලණුව දුන්නේ කවුද? ඔහු උගත් දේශපාලනඥ සමූහයා ඉදිරිපිට ගර්හාවට ලක්‌කිරීමේ සැලසුම කාගේද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.