ඇමති SBගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්....!!! මුන් වගේ දේශපාලන පාහර පවුල්...!!!
ඇමති එස්.බී. දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
සමෘද්ධියේ හරිත උයන ව්‍යාපෘතියෙන් මෙම මුදල ලබාගෙන ඇති බවත් 2017 වසරේදී යොමු කර ඇති මෙම බිල්පත් සදහා ඇය විසින්ම අත්සන් කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කලේය.
නීතිය අනුව එසේ ගෙවීමට හෝ එවන් ව්‍යාපෘතියකින් මුදල් ගැනීමට හෝ නොහැකි යයිද මේ සම්බන්ධයෙන් වහා පරීක්සණ කල යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.