ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 28, 2017

රටේ වටිනා පුරවැසියනට සළකනුයේ මෙසේද...!!! පාහර පාලකයෙනි ලැජ්ජයි..!!! නින්දිතයි...!!!

ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන හිමි ඉසිදෝර් කලාකරුවාට රජයෙන් දෙන දීමනාවෙන් ලොකු පොල්ගෙඩියක්‌ ගත හැකියි...!!!


 ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන ඇතුළු ශ්‍රී ලංකාවේ අත්කම් හා විශ්වකර්ම සම්මාන රැසක්‌ හිමිකර ගනිමින් ශ්‍රී ලංකා මාතාවට ඉමහත් කීර්තියක්‌ අත්පත් කරදුන් ඇම්. ඉසිදෝ මැන්දිස්‌ කලාකරුවා අද රෝගිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටී. මොහුට මේ වනවිට සංස්‌කෘතික දෙපාර්තමේන්තුවෙන් මසකට ලැබෙනුයේ රුපියල් 135/-කි.
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල කිරිමැටියාන ආයුර්වේද රෝහල් මාවත ලිපිනයේ පදිංචිව සිටියි. කලාවට මාහැඟි සේවාවක්‌ කොට තමන් අන්ත අසරණ වූ විට ඔහුට මෙසේ සැලකීම කලා ක්‌ෂේත්‍රයටම කළ මහත් අවමානයක්‌ බව ප්‍රදේශවාසීs ජනතාව පෙන්වා දෙති.

දැව භාණ්‌ඩ නිෂ්පාදනයේ පුරෝගාමි වූ පරපුරකට නෑකම් කියන ඉසිදොර් මහතා දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පුංචි පවුලක පෙරගමන්කරුවා වේ. මුලදී රෙදි විවීමේ අත්යන්ත්‍ර නිෂ්පාදනයත් පසුව දැව භාණ්‌ඩ නිෂ්පාදනයටත් අතදුන් ඔහු තම සහජ හැකියාවන් රටට දැයට පෙන්වමින් ලීකැටයම් කලාවෙන් දස්‌කම් පාන්නට විය.

උපතින් කතෝලිකයකු වුවද කිරිමැටියාන ප්‍රදේශයේ බෞද්ධ ජනතාව හා එක්‌ව 1965 දී කිරිමැටියාන ගමේ ඉදිකෙරුණු දිවයිනේ විශාලතම සිරිපාද ආකෘතිය හා ඊට අදාළ වෙසක්‌ තොරන් ඉදිකිරීමට පුරෝගාමි විය. නාට්‍ය රැසක්‌ නිෂ්පාදන කරමින් හා රඟ දක්‌වමින් ගම්වාසීsන්ට කලාව හුරුපුරුදු කළ මොහු 1965 දී විජයබා කොල්ලය නාට්‍යයේ ලසාර්ගේ චරිතයට පණපොවමින් දුටුවන් මවිත කරමින් විනෝදනී -නාට්‍ය කලා සංගමයක්‌ද පිහිටුවා ගත්තේය.

ගමේ තරුණ පිරිස්‌ සුමගට යොමුකරවීමට තම දිවියම කැප කළ ඔහුගේ දෑතින් නිමාව දුටු ලී කැටයම්වලට ඔහු පණ මෙන් ආදරේ කරන්නට විය. ගමේ පල්ලියට, පන්සලට සහන මිලට කැටයම් කලාවෙන් දායකවූ ඔහුගේ ජීවිතයේ වේදනාත්මක සිද්ධිය ලෙස සඳහන් කරන්නේ තමාගෙන් පසුව යම් කැටයම් කලාව ඉදිරියට ගෙන යැමට පෙරුම්පුරමින් සිටි තම එකම පුතුගේ අකල් මරණය බවයි.

1990 වසරේ සිට මේ දක්‌වා දැව භාණ්‌ඩ හා මූර්ති කලාව සම්බන්ධව ජනාධිපති සම්මාන ඇතුළු කලාභූෂණ සම්මාන රැසකින් පිදුම්ලත් ඉසිදොaර් මැන්දිස්‌ මහතා තම ජීවිතයේ අවසන් භාගයේ හෘද රෝගියකු ලෙස දිවි ගෙව්වද ඔහුගෙන් අප රටට දැයට සිදුවූ සේවය සම්බන්ධව අදාළ වගකිවයුත්තන් හා බලධාරීන් නිසි ලෙස අවබෝධයක්‌ ඇතිකර නොගැනීම නිසාදොa මසකට රු. 135/ දීමනාවකින් රජය ඔහු සනසා ඇතත්, එය වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිනකටවත් නොසෑහෙන බව මාධ්‍යයට කීවේ දෙනෙත් කඳුළින් පුරවා ගෙනයි.
කිරිමැටියාන - ඇන්ටනි රෝස්‌

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.