ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 19, 2017

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න -

මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්...!!!
 යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියලුම කල්ලි ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්  යාපනයේ පොලිස්‌ ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.
  මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ඉලන්චෙලියන්ගේ ආරාධනයකට අනුව උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම් නාගරත්නම් නිශාන්තන්, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු කීප දෙනකුම සහභාගි වී තිබේ.

 මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඇප ලබාදීමට පොලිසිය මැදිහත් නොවන ලෙසයි.

 යාපනයේ සාමාන්‍ය ජනජීවිතයට හානි පමුණුවන හා ඊට බාධා කරන මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක්‌ කොට ඇති ඉලන්චෙලියන් විනිසුරුවරයා පසුගිය දින කීපයේම යාපනයේ විවිධ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවලට සහභාගි වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් වාර කීපයක්‌ම පොලිසියෙන් ඉල්ලා තිබේ.

 යාපනයේ වැසියන්ට මේ අවස්‌ථාවෙදී සාධාරණ සමාජයක ජීවත්වීමේ අවශ්‍යතාවක්‌ ඇති බව සියලු දෙනාම පිළිගත යුතු කාරණයක්‌ බවත් ඊට හානි පමුණුවන පිරිස්‌වලට නිදහසේ සැඟවී ජීවත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.