වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට සෑම පාර්ලිමේන්තු මන්ත්රීවරයකුගෙන්ම දිවුරුම් ප්රකාශ ලබා ගැනීමට ක්රියා කරන ලෙස පැµරල් සංවිධානය කථානායක කරු ජයසූරියගෙන් ලිපියක් යවමින් ඉල්ලා සිටී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි ගීතා කුමාරසිංහ හැර වෙනත් කිසිදු මන්ත්රීවරයකු ද්විත්ව පුරවැසි සහතිකයක් නොමැති බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවද ද්විත්ව පුරවැසිභාවය හෙළිදරව් නොකළ පිරිස් පිළිබඳ නිශ්චිත හා නිරවුල් අදහසක් ඒ තුළින් ඉදිරිපත්ව නැතැයිද එම සංවිධානය පවසයි.
වර්තමානය වන විට ඒ පිළිබඳව විශාල වශයෙන් සමාජ කතිකාවතක් ඇතිව ඇතැයිද යම් ආකාරයකට පාර්ලිමේන්තු මන්ත්රීවරයකු තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක් මෙන්ම නීතිය නොසලකා හැරීමක් බවද සඳහන් කරයි.
ජනතාවගේ ගෞරවය රැකෙනුයේ පාර්ලිමේන්තුවේ ගෞරවයත් මහජන නියෝජිතයන්ගේ ගෞරවයත් රැකුණහොත් පමණක් වන බැවින් වහාම මේ පිළිබඳව තම අවධානය යොමු කරන ලෙසද එම සංවිධානය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.