ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 26, 2017

නපුංසක ආණ්ඩුවේ නීතිය....!!! කොටියා ඇල්ලූ බුද්ධි ප්‍රධානියා තවම හිරේ කොටියා නිදහස්...!!!

මුලු කොළඹම පුපුරවන්න කිලෝ 1200ක බෝම්බ ගෙනා කොටියා ඇල්ලූ බුද්ධි ප්‍රධානියා” සිරගත කර සිටින කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය දරු දුකෙන් ළිදට පනී ...!!!


නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය සිය දිවි නසා ගත් පුවත අප ඔබට මින් පෙර වාර්තා කළෙමු. කමාන්ඩර් සුමිත් රණසිංහ මේ වනවිට සිරගත කොට සිටින අතර මාස ගණනක් ගත වූවත් කමාන්ඩර් සුමිත් රණසිංහට ඇප හිමි නොවීමේ වේදනාව උහුලාගත නොහැකිව , ඔහුගේ නැන්දණිය වන මේරී මාතාව පසුගිය දින රාත්‍රීයේ බඹ හතක් ගැඹුරු ගෙදර ළිඳට පැන සිය දිවි නසා ගෙන තිබුණි.
මේරි අම්මා නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය ය. සුමිත් රණසිංහගේ පියාගේ නැඟණිය ය. සුමිත් විවාහ වුණේ සිය නැන්දණියගේ දියණිය සමඟය. කුඩා අවධියේත් අම්මා කෙනෙක් මෙන් සුමිත්ව ඇති දැඩි කරගෙන තිබුණේ මේරි අම්මාය. සුමිත් මේරි අම්මාගේ දියණිය විවාහ කරගත් පසු ඇය නැවැතී සිටියේ සුමිත්ගේ නිවෙසේය. සිය කුලුඳුල් දරු උපතේදීවත් බිරිය ළඟ නොඉඳ ක්‍රියාන්විත රාජකාරියේ නියැළී සිටි සුමිත්ගේ බිරියට රැකවරණය ලබාදුන්නේ මේරි අම්මාය.

බුද්ධි ප්‍රධානී සුමිත් රණසිංහ පුරා මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරගව සිටියද ඔහුට එල්ල ව තිබූ පැහැර ගැනීම හා කප්පම් ගැනීම පිළිබඳ චෝදනාවලින් ඔහු අධිකරණයෙන් නිදහස්ව තිබීමත් විශේෂයකි.
පසුගිය වකවානුව පුරාම මේරි අම්මා බලා සිට ඇත්තේ අඩුම වශයෙන් සුමිත් රණසිංහට ඇප ලැබී ගෙදර එනතුරුය. සිය දියණිය දරුවන් දෙදෙනා සමඟ හුදකලාව සමාජ අපවාදයන්ට මුහුණ දෙන ආකාරය මේරි අම්මා බලා සිට ඇත්තේ වේදනාවෙන්ය. සුමිත්ගේ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත බව පිළිබඳවත් ඇය ඉඳ ඇත්තේ කම්පනයෙන්ය.
හිටපු නැගෙනහිර බුද්ධි ප්‍රධානීයා වුවද කමාන්ඩර් සුමිත් රණසිංහගේ නිවස පවා තවමත් සාදා අවසන් කර නැත, ඔහුගේ නිවසේ බිත්ති ටික ගොඩනංවා වහලය ගැසුවා පමණය. බිමට සිමෙන්ති දමාවත් නැත. බිත්ති කපරාරුව තබා උළුවහු ජනෙල් ටිකවත් නැත. වහල සෙවිලි කර දී තිබෙන්නේ රණවිරු අරමුදලය. මේරි අම්මා ගත කර ඇත්තේ මේ අවිනිශ්චිත භාවය පිළිබඳ තිගැස්මෙන්ය.
මේ පිළිබදව කමාන්ඩර් සුමිත් රණසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“අම්මා ගොඩක් කල්පනා කරමින් හිටියේ. සුමිත් පොඩි දවස්වල ඉඳලා අම්මට ආදරෙයි. සුමිත් ඇරස්ට් කරපු එක අම්මාට දරා ගන්න අමාරු වුණා. ඒ එක්ක දරුවෝ දෙන්නත් එක්ක මං විඳින දුක ගැන අම්මා කල්පනා කළා. මගේ යාළුවෝ එක්කත් අම්මා මේ ගැන කියලා තිබුණා.”
“දරුවෝ දෙන්නා බලාගත්තේ අම්මා. එයාට දරුවෝ ගොඩක් ආදරෙයි. එදා රෑ අම්මා කිසිම අමුත්තක් නැතිව හිටියා. අපි කෑම කාලා නිදාගන්න ගියේ රෑ 9ට විතර. පාන්දර 2ට විතර මට ඇහැරුණා. ගෙයි වටේ ලයිට් දාලා. ලොකු දුව සමහර වෙලාවට එහෙම ලයිට් දානවා. මං හිතුවා එයා ලයිට් දාන්න ඇති කියලා. ලයිට් ටික ඕෆ් කරන්න හදනකොට ඉස්සරහ දොරත් ‍අඩවල් වෙලා. එකපාරටම මට හිතුණේ හොරෙක් ගෙට ඇවිත් කියලා. ගේ ඇතුළේ බලන කොට සල්ලිවත් සුමිත්ගේ බඩු මුට්ටුවත් අඩු නෑ. ඒත් මට හිතුණේ නෑ අම්මා ගෙයින් පිටවෙලා කියලා. මං දොර වහලා නිදිය ගත්තා. පාන්දර උයන්න නැඟිටිනකොට අම්මා සාමාන්‍යයෙන් නැඟිටිනවා. එයා නැඟිට්ටේ නැත්තේ ඇයි කියලා හිතන ගමන් මං වැඩ කරමින් හිටියේ. ඒ අතරේ දුව නැඟිට්ටා. දුව නැඟිටලා අම්මාගේ කාමරේ ලයිට් එක දාලා කිව්වා අම්මේ අත්තම්මා කාමරේ නෑ කියලා”
“මට අමුත්තක් දැනුණා. දරුවෝ දෙන්නයි මායි එළියට දිවුවා. පුංචි දුව කෑ ගැහුවා අම්මේ….ආච්චිගෙ පුටුව ළිඳ ළඟ කියලා. මාව කැරකෙන්න ගත්තා. මං පුළුවන් හයියෙන් කෑ ගැහුවා. වටේ පිටේ කට්ටියම දුවගෙන ආවා. අල්ලපු ගෙදර මල්ලි දිව්වා ළිඳ ළඟට. ළිඳ බඹ 4 කට වඩා ගැඹුරුයි. මල්ලි ළිඳ ඇතුළේ බලලා කිව්වා අම්මා ළිඳ ඇතුළේ ඉන්නවා කියලා”
මේරි මාතාවගේ අවසන් කටයුතු පසුගිය බදාදා (15දා) සිදු කර තිබේ. අමංගල්‍යය සදහා හෝ කමාන්ඩර් සුමිත් රණසිංහගේ නිවස ප්‍රමාණවත් නොවන නිසා අවමංගල්‍ය උත්සවය පවත්වා තිබුනේ කමාන්ඩර් සුමිත් රණසිංහගේ සොයුරාගේ නිවසේය. කෙසේ වෙතත් නැන්දණියගේ මරණය දැක ඇයට අවසන් ගෞරව දැක්වීමට හෝ කමාන්ඩර් සුමිත් රණසිංහ අවසර හිමි නොවීම විශේෂත්වයකි.
සුමිත් රණසිංහගේ වර්ෂ 2006න් පසු එල්. ටී. ටී. ඊ. යේ නැඟෙනහිර කොටි කඳවුරු අතරට වැදී ඔවුන්ට මාරාන්තික ප්‍රහාර මාලාවක් එල්ල කර දියත් කළ නාවික මෙහෙයුමේ ප්‍රධානම චරිතයකි. ඔහු එල්ටීටීඊයේ මාරක ප්‍රහාරයකට ලක්ව 60%ක් පමණ ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසුත් නාවික හමුදාවේ ක්‍රියාන්විතය අත් නොහළ නිලධාරියෙක් බව සදහන්.
එතැන් සිට නැඟෙනහිර නාවික බුද්ධි මෙහෙයුම් ක්ෂේත්‍රය ප්‍රායෝගික නැඟෙනහිර බුද්ධි ප්‍රධානියා වුයේ ඔහුය.
කොළඹ ජනාධිපති කාර්යාලය ආසන්නයේ පුපුරුවා හැර වර්ග කිලෝමීටරයක් තුළ ඇති සියලු දේ විනාශ කිරීමේ අරමුණින් සූදානම් කර තිබුණු කිලෝ 1200ක් පුපුරන ද්‍රව්‍ය සහිත ලංකාවෙන් හමුවූ බිහිසුණුම බෝම්බ ලොරිය මරාගෙන මැරෙන කොටි සාමාජිකයාත් සමඟ වර්ෂ 2007 ජුනි මාසයේ අත්අඩංගුවට ගන්නේ සුමිත් රණසිංහගේ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය.
මේ බිහිසුණු අපරාධය සැලසුම් කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කනගරත්නම් ජීවරත්නම්ය. ත්‍රිකුණාමලය අම්බවේලිපුරම්වලට මාළු ව්‍යාපාරිකයකු මෙන් පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මේ හිටපු ත්‍රස්තවාදී සමාජිකයා පසුගිය නොවැම්බර් 9දා නිදහස් වීමද විශේෂත්වයකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.