ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 4, 2017

මම මෙලෝ දෙයක් දන්නෙ නැහැ මෙලා තමයි දන්නෙ...!!! කරුප්පයියා කළ ඩීල් හෙළිවේ...!!!

“තවත් මහා වංචාවක් අතේ පත්තු වෙයි..- කඳපොළ මහකුඩුගල මුළු වතුයායම රුපියල් 8000කට තීන්දු වෙයි”


රජයට අයත් නුවරඑළිය, කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය මසකට රුපියල් 8000ක් වැනි අඩු මුදලකට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් ට වර්තමාන ආණ්ඩුවේ පාලන කාලය තුළදී ලබාදීමේ අප්‍රකට ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ. එම ප්‍රසාදජනක ආර්ථික වාසිය ලබා ඇති ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ගේ පියා බවද සඳහන් කළ යුතුය. බරපතළ රාජ්‍ය දේපළ අපහරණයක් ලෙස සැලකිය හැකි මෙම ගනුදෙනුව සිදුකර තිබෙන්නේ 2016 සැප්තැම්බර් 26 වැනි දිනය. ජෙෆ්රි ඇලෝසියස් විසින් මෙම ගනුදෙනුව සඳහා සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගම නමින් නව සමාගමක්ද ලියාපදිංචි කොට තිබේ.
බි්‍රතාන්‍ය රන් පවුම් වතු රජයට පවරා ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ වතු 440ක් පසුව පෞද්ගලික සමාගම් 22කට බදු පදනමින් පවරා දෙනු ලැබීය. ප්‍රථමයෙන් වසර 5කට බදුදෙනු ලැබූ අතර එය පසුව වසර 50ක් දක්වා දීර්ඝ කරන ලදී. ඉහත සඳහන් කඳපොළ මහකුඩුගල වතුයාය පාලනය කරන ලද්දේ මතුරට ප්ලාන්ටේෂන් ලිමිටඩ් (නමැති සමාගම විසිනි. මහකුඩුගල වතුයාය ජෙෆ්රි ඇලෝසියස්ලාට පවරාදී තිබෙන්නේ එම සමාගම විසිනි.

එලෙස අතුරු බදු ගිවිසුමක් හෝ ඒකාබද්ධ ව්‍යාපාරයක් සදහා ගිවිසුමකට එළැඹීමට මතුරට වැවිලි සමාගමට නීතිමය ප්‍රතිපාදන නැත. නමුත් 2016 ඔක්තෝබර් 01 දින සිට මහකුඩුගල පාලනය කරන්නේ ඇලොසියස්ලාගේ සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන් සමාගම මඟිනි. එකී ගිවිසුමට මතුරට වැවිලි සමාගම වෙනුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඩී.එස්.කේ. අමරසේකර  සහ සංජීවනී කොටකදෙණිය  අස්සන් තබා ඇත. සෙරන්ඩිපිටි වැවිලි සමාගම වෙනුවෙන් ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් සහ ජේමිස් ඔලිවර් වෙයිට් මහත්වරුන් අස්සන් තබා තිබේ.
මෙම ගිවිසුමෙහි කොන්දේසි විස්මය දනවනසුලුය. ඉන් සමහරක් මෙසේය. මහකුඩුගල වතුයාය හෙක්ටයාර් 219.75කි. ප්‍රධාන අයිතිකරු වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි. බදු අයිතිකරුවන් වන්නේ මතුරට වැවිලි සමාගමයි. එකී බදු අයිතිය මෙම ගිවිසුමෙන් 2016 ඔක්තෝබර් පළමු වැනි දා සිට 2045 ජුනි මස 21 වැනි දින දක්වා සෙරන්ඩිපිටි වැවිලි සමාගමට පැවරේ.
2016 ඔක්තෝබර් 01දා සිට 2017 මාර්තු මස 31 දක්වා ගෙවිය යුතු බදු මුදල රු. 52,073කි. ඒ අනුව මහකුඩුගල වතුයාය වෙනුවෙන් ඇලෝසියස්ලා ගෙවන මාසික බද්ද රු. 8000කට අඩුය. ඊටත් වඩා සුවිශේෂී කරුණක් වන්නේ අදාළ ගිවිසුමෙහි 5.2(4) අංකය යටතේ මහකුඩුගල වතු යායේ සේවක අර්ථසාධක මුදල් සහ පාරිතෝෂික මුදල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක්ද සෙරන්ඩිපිටි සමාගමට හිමිවීමය.
මෙම ඊනියා ගිවිසුමට අනුව රුපියල් 8000කට අඩු මාසික බද්දකට 2045 වසර දක්වා හිමිවන මහකුඩුගල වතුයාය පහත සඳහන් අංගයන්ගෙන් සමන්විතය.
තේ කර්මාන්තශාලාව, ගබඩා, පෙට්රල් පිරවුම් හල, පුස්තකාලය, වෛද්‍ය මධ්‍යස්ථානය, පාසල, හින්දු කෝවිල, මාතෘ රෝහල් වාට්ටුව, ළදරු නිවාසය, කාර්යාලය ප්‍රජා ශාලාව සහ සුපිරි, බංගලා දෙකකින් යුක්තය.
මහකුඩුගල වතුයාය තේ අක්කර 400කින් පමණ සමන්විත වන අතර තේ අක්කරයක වර්තමාන බදු කුලිය රු. 10,000ක් විය යුතුයි. තේ වගාවට අමතරව වතුයාය සතුව ඇති වටිනා දැව සහිත ගස් සංඛ්‍යාව 19,320කි. ඒවා මේ වන විට වතුයායේ තිබේද නැද්ද යන්න නොදනී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.