මේ රටේ ක්‍රිකට් පිරිහුණේ ඇයි? මේ රටේ දේශපාලනය
පිරිහීමට හේතු වූ සාධකයට එයද බලපෑවේය. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය
ක්‍රමයෙන් පවුල් 3 ක් අතට ගියේය. සභාපති පුටුවත්, පරිපාලනයත් කාලයෙන්
කාලයට මේ පවුල් 3 අතට ගියේය. එය හරියටම තට්ටු මාරුවට කුඹුරු කොටන්නාක්
වැනි වැඩකි. මේ පවුල් තුන ආවේ ක්‍රිකට්වලට ඇති ආදරයට නොව ක්‍රිකට් ආයතනය
හරහා හම්බ කළ හැකි මුදලටය.
අද වන විට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව
සුප් හැලියකි. එහෙත් ඒ සුප් එක තුළ කිසිදු එළවළු කැබැල්ලක් නැත. ඇත්තේ
උණු වතුර සහ ලුණු පමණි. නුදුරේදී මෙකී උණුවතුර සහ ලුණු සහ හිස් හැලිය
හොරුන් විසින් ගෙන යනවා ඇත. එවිට ඉතිරි වන්නේ ලිප් ගල් තුන පමණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 'හොඳ
කාලය' පටන් ගත්තේ 1981 දී බව විශ්වාස කරනු ලැබේ. ඒ ගාමිණී දිසානායක ශ්‍රී
ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති තනතුරට පත් වීමත් සමඟම ය. ඒ අතර ශ්‍රී ලංකා
ක්‍රිකට් ඉතිහාසයේ 'හොඳම කාලය' 1995 දී පටන් ගත් බව විශ්වාස කරනු ලැබේ. ඒ
ආනන්ද රාජසිංහ පුංචිහේවා හෙවත් ආනා පුංචිහේවා එම වසරේදී ක්‍රිකට්
මණ්ඩලයේ සභාපති වූ බැවිනි.
හොඳ කාලය සහ හොඳම කාලය යනු එකිනෙකට
වෙනස් තේරුම් දෙකක් ඇති වචනයකි. හොඳ කාලය 60% ක හොඳක් නම් හොඳම කාලය
100% ක් හොඳය. ඒ අනුව ආනා පුංචිහේවාගේ කාලය මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට
100% ක් යහපත් විය. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලය භාර ගන්නා විට මණ්ඩලයේ
බැංකු ගිණුම සතුව රුපියල් ලක්ෂ 3 ක් තිබිණි. එය පරිස්සමින් පාවිච්චි කළ
පුංචිහේවා 1996 මාර්තු 17 වැනිදා ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ක්‍රිකට්
ලෝක කුසලානය දිනා ගන්නා තැනට අපේ ක්‍රිකට් කණ්ඩායම ගෙන ආවේය. ආනා
පුංචිහේවා ක්‍රිකට් ගැන දැනුමක් තිබූ අයෙක් නොවේ. එහෙත් ඔහු එක්තරා
ජාත්‍යන්තර සිසිල් බීම සන්නාමයක් භාරව ක්‍රියා කළ අති දක්ෂ කළමනාකරුවෙකි.
ඔහු කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය සතු ධනය පරෙස්සම් කිරීමත්, ක්‍රිකට්
ක්‍රීඩකයන්ට හොඳින් සැලකීමත්, ක්‍රිකට් පාලක මණ්ඩලයට අයත් ක්‍රිකට්
බිස්නස් එක කළමනාකරණය කිරීමත් පමණි. ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ කාලයේ
නිර්මාතෘ වූ ගාමිණී දිසානායක වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට
ක්‍රිකට් උගන්වන්නට ගොස් වැඩේ අල කර ගත්තේය. එහෙත් පුංචිහේවා එසේ නොවී
සිය ගමන ගියේය. 1996 දී අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ගෙන ගෙදර විත්
ටික දිනකින් ක්‍රීඩා අමාත්‍යාංශය ඔහු ගෙදර ඇරියේය. එය වෙනම කතාවකි.
1996 න් පසු මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට විය.
ලෝක ඉතිහාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමේ මැෂිමක් බවට
ක්‍රිකට් ආයතනය පත්විය. එසේ වුවද ඔ 20 කුසලානයක් හැර වෙනත් කිසිදු විටෙක
ලෝක කුසලාන යළි දිනා ගැනීමට අපට හැකි වූයේ නැත. සනත් ජයසූරිය, මුත්තයියා
මුරලිදරන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන වැනි විශිෂ්ට ක්‍රීඩකයෝ බිහි
වූහ. ජාත්‍යන්තරය විසින් මහත් උත්කර්ෂයෙන් පිළිගන්නා ලද මේ ක්‍රීඩකයෝ පිටරට
විශ්වවිද්‍යාලවල දේශන පවත්වන මට්ටමට පැමිණියහ.
එහෙත් 1996 න්
පසු කවදාවත් අපට ලෝක ක්‍රිකට් කුසලාන හිමි වූයේ නැත. ක්‍රමයෙන් අපේ
ක්‍රිකට් පිරිහිණි. ක්‍රිකට් ආයතනය ද පිරිහිණ. ක්‍රිකට් නිලවරණය ඇතැම්
විට 1996 වයඹ පළාත් සභා ඡන්දය මෙන් විය. ජයග්‍රහණය කළ ශ්‍රී ල. නි. ප මැර
රැලක් පරාජිත එ.ජා.ප ආධාරකාරියක හෙළුවෙන් පාර දිගේ ඇවිද්දවන ලද්දේ මේ
ඡන්දයේදී ය.
මේ රටේ ක්‍රිකට් පිරිහුණේ ඇයි? මේ රටේ දේශපාලනය
පිරිහීමට හේතු වූ සාධකයට එයද බලපෑවේය. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය
ක්‍රමයෙන් පවුල් 3 ක් අතට ගියේය. සභාපති පුටුවත්, පරිපාලනයත් කාලයෙන්
කාලයට මේ පවුල් 3 අතට ගියේය. එය හරියටම තට්ටු මාරුවට කුඹුරු කොටන්නාක්
වැනි වැඩකි. මේ පවුල් තුන ආවේ ක්‍රිකට්වලට ඇති ආදරයට නොව ක්‍රිකට් ආයතනය
හරහා හම්බ කළ හැකි මුදලටය.
අද වන විට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව
සුප් හැලියකි. එහෙත් ඒ සුප් එක තුළ කිසිදු එළවළු කැබැල්ලක් නැත. ඇත්තේ
උණු වතුර සහ ලුණු පමණි. නුදුරේදී මෙකී උණුවතුර සහ ලුණු සහ හිස් හැලිය
හොරුන් විසින් ගෙන යනවා ඇත. එවිට ඉතිරි වන්නේ ලිප් ගල් තුන පමණි.
ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් ගලවා ගෙන පවුල් බලයෙන් මුදාගෙන, වෘත්තීය
ව්‍යාපාරික කළමනාකරුවෙක් හෝ රාජ්‍ය අංශයේ පළපුරුදු සිවිල් සේවකයෙක් අතට
පත් ලිප් ගල් තුනද, සුප් හැලියද ,සුප් එකද,එලවලුද යන සියල්ල බේරා ගත හැකි
බව අපේ හැඟීමය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, November 5, 2017
පවුල් තුන ආවේ ක්‍රිකට්වලට ඇති ආදරයට නොව ක්‍රිකට් ආයතනය හරහා හම්බ කළ හැකි මුදලටය...!!!
Posted by
lankanews
at
November 05, 2017
Labels: arjuna family, Arjuna Ranatunga, cricket board, dayasiri, dayasiri jayasekara, Sri Lankan cricket board, srilankan cricket, yahapalanaya
පවුල් තුන ආවේ ක්‍රිකට්වලට ඇති ආදරයට නොව ක්‍රිකට් ආයතනය හරහා හම්බ කළ හැකි මුදලටය...!!!
2017-11-05T00:26:00+01:00
lankanews
arjuna family|Arjuna Ranatunga|cricket board|dayasiri|dayasiri jayasekara|Sri Lankan cricket board|srilankan cricket|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
