අනිකාට තර්ජනය කළ ශනිල් නෙත්තිකුමාර ඥාතියකු බව ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා - රවි කරුණානායක...!!!
අප දන්නා පරිදි ශනිල් නෙත්තිකුමාර වනාහී දේශපාළු කරුප්පයියා නැමති පට්ට හොරාගේ අති සමීපතම මිතුරෙකී.කපටි කරුප්පයියා මේ දඟලන්නේ කුට්ටමේ වෙනත් තුරුම්පුවක් ඇදීමටයි.
අනිකා විඡේසූරියට තර්ජනය කළැයි කියන
ශනිල් නෙත්තිකුමාර නමැති අය තමන්ගේ ඥාතියකු බවට ඔප්පු කළොත් තමන් ඉල්ලා
අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක (07 දා)
පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය.
කපටි කරුප්පයියා වරප්‍රසාද ප්රශ්නය මතු කරමින් මෙසේද කීවේය.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ (අ) කොටසේ 8 වන ඡේදය යටතේ මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සිදුවී තිබෙනවා.
අද දින මා නැගී සිටින්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම සඳහායි. ඒ සඳහා
මට අවස්ථාව සලසාදීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
2017.10.17 දින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ විසින්
මහ බැංකු බැඳුම්කර කොමිසම අවසාන වීමට නියමිතව තිබූ දිනයේ කරන ලද
ප්‍රකාශයක් නිසා මාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව මම ඔබතුමාට දන්වනු
කැමැත්තෙමි.
ඔහු එදින, එනම් ඔක්තෝබර් මස 17 දින බැඳුම්කර
කොමිසම හමුවේ ප්‍රකාශ කළේ විජිත විඡේසූරිය නමැති පුද්ගලයකු විසින් කොමිසමේ
ලේකම් වෙත යොමු කරන ලද පැමිණිල්ලක පිටපතක් තමා වෙත ලැබි තිබෙන බවයි. එහි
විජිත විඡේසූරිය මෙම කොමිසමේ සාක්ෂිකාරියක වූ අනිකා විඡේසූරියගේ
වැඩිමහල් සොහොයුරා වීම මත කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විෂය
සීමාවට ගැනෙන බවත්ය. ඔහු කොමිසමට පැමිණිලි කර තිබෙන්නේ තම සොහොයුරිය මෙම
කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිය හිටපු අමාත්‍ය රවි කරුණානායකට විරුද්ධ
වීම නිසා ඇයට නිරන්තර තර්ජන එල්ල වීම මත රටින් පලායැමට සිදුවූ බවය. ඇය මෙම
කොමිසම හමුවට සාක්ෂි දීමට ඉදිරිපත් කළ දිනයේදී තමා මෙම කාරණය කොමිසමේ
අවධානයට ලක් කළ බවත්, ඇයට ඇති විය හැකි බලපෑම් නිසා ඇගේ නියම අනන්‍යතාව
හෙළි නොකිරීමට ඉල්ලා සිටි බවත්, ඒ කෙසේ වෙතත් ඇයට නිරන්තරව එල්ල වන තර්ජන
හමුවේ ඇය සිය රටින් පලාගොස් ඇති බවය. ඊට හේතුව හිටපු අමාත්‍ය රවි
කරුණානායකට තම මාමා ලෙස අමතන ශනිල් නෙත්තිකුමාර යන අයෙක් 2017.10.14
රාත්‍රි 10.30 ට පමණ විජිත විඡේසූරිය මහතාට දුරකථනයෙන් අමතා ඉතා පැහැදිලි
ලෙස තර්ජනය කර ඇති බවය. යසන්ත කෝදාගොඩ මහතා කොමිසම ඉදිරියේ කළ ප්‍රකාශ
ඇමුණුම 1 වශයෙන් මේ අවස්ථාවේදී මා සභාගත කරනවා. ඔබතුමාගේ අවසරය පරිදි එය
මුද්‍රණය කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
කෝදාගොඩ මහතාගේ මෙම
ප්‍රකාශය මුළුමනින්ම ගොතන ලද ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශයක්. මෙම
ප්‍රකාශයේ සඳහන් වන ශනිල් නෙත්තිකුමාර නමැත්තා කිසිසේත් මාගේ ඥාතියකු නොවන
බව මා ඉතාම අවධාරණයෙන් පවසනවා.
මා නොදන්නා ඥාතිකමක් යසන්ත
කෝදාගොඩ දන්නේ කෙසේද? අතිරේක සොලිසිටර් ජනරාල් තනතුර දරන අයෙකු මේ ලෙස
වගකීම් විරහිත වන්නේ කෙසේද? කථානායකතුමනි, මා අභියෝග කරනවා යසන්ත කෝදාගොඩ ශනිල් නෙත්තිකුමාර නමැති අයට මගේ ඥාතීත්වයක් ඇති බව ඔප්පු කළහොත්, මා
ඉල්ලා අස්වීමට සූදානම් බවට. ඒ වාගේම ඔහු, ඔහු කළ අසත්‍ය ප්‍රකාශය, මා සහ
ශනිල් නෙත්තිකුමාරගේ ඥාතීත්වය ඔප්පු කළ නොහැකි නම් ඔහු විසින් හිතාමතා නොමග
යෑවූ බැඳුම්කර කොමිසමෙන් ඔහු සමාව ගත යුතුය.
අනිකා විඡේසූරිය
යන අයගේ සොහොයුරකු වන විජිත විඡේසූරියත්, ඔහුත් එකම පාසලේ ඉගෙන ගත් මිතුරන්
බව පවසා තිබෙනවා. 2017 ඔක්තෝබර් 14 වැනි දින ඔවුන් රාත්‍රි සමාජශාලාවක
හමුවී යම් කරුණකට බහින් බස් වී ඇති බැවින් ඒ පිළිබඳව පැමිණිල්ලක්
කුරුඳුවත්ත පොලිසියේ දමා ඇති බවත් පැවසෙනවා. රජයේ අතිරේක සොලිසිටර්
ජනරාල්වරයා කර ඇත්තේ කුමක්ද? රාත්‍රි සමාජ ශාලාවක දෙදෙනෙක් ගැටුණු විට
එයින් එක් අයෙකුට මාගේ ඥාති සම්බන්ධතාවක් පටලා මා වෙත අස්ථාන චෝදනා
ඉදිරිපත් කිරීමයි.
මේ වන විට බැඳුම්කර කොමිසමේ විනිසුරුවන්ට පවා
මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හිසරදයක් වී ඇති බව පුවත්පත් වාර්තාවලින්
පෙනී යනවා. ඔවුන් විනිසුරුවන්ගේ තීරණ එළිපිට අභියෝගයට ලක් කරන්නේ කාගේ
අදිසි හස්තයක බලපෑම් මතද?
එම නිලධාරීන්ට පෞද්ගලිකව කොතරම්
උපදෙස් දුන්නද, ඔවුන් ඒවා පිළිපැදීමට සූදානම් නැති නිසා විවෘත සභාව තුළද
ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමට සිදුවී තිබෙනවා. සභාවේ විනිසුරුවන්ට, "මෙය
මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කර ගන්නට එපා, යනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ
නිලධාරීන්ට අවවාද කරන්නට පවා සිදු වුණා.
අද මේ නීතිපති
දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව මහ බැංකුවේ එස්. පතුමනාපන් ඔහුට
වූ නීති විරෝධී තර්ජන හා හිරිහැර සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් දමා
තිබෙනවා. එම ලියවිල්ල ඇමුණුම 4 වශයෙන් මම සභාගත කරනවා. මෙම ලේඛනය මුද්‍රණය
කිරීමට ඔබතුමාගේ අවසර පතනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ අයිතිවාසිකම්
පිළිබඳ භාරකාරයා වන ඔබතුමන් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකොට මගේ
වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කමිටුවක් පත් කරන ලෙසත්,
මෙවැනි වැරදි කරන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය විනය පියවර ගන්නා
ලෙසත් කොමිසමේ වාර්තා නොවුණු දේ විකෘති කරමින් වාර්තා කරන ලද මාධ්‍යයන්
සම්බන්ධයෙන් මාගේ වරප්‍රසාද කඩවීමට අනුව කටයුතු කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, November 8, 2017
පට්ට හොරෙකුගේ වරප්‍රසාද අඳෝනාව....!!!
Posted by
lankanews
at
November 08, 2017
Labels: arjun alosius, arjun mahendran, bondscam, corruptions ravi, lankanews, ravi karunanayake, ravi karunanayake family, yahapalanaya
පට්ට හොරෙකුගේ වරප්‍රසාද අඳෝනාව....!!!
2017-11-08T21:47:00+01:00
lankanews
arjun alosius|arjun mahendran|bondscam|corruptions ravi|lankanews|ravi karunanayake|ravi karunanayake family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
