උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා දිනය යනු මුළු ලෝකවාසීන්ට සුවිශේෂී
දිනයකි. ඒ නිසා ම විවිධ රටවල ජනතාව ඔවුන්ට අනන්‍ය වු ක්‍රමවේදයන්ට අනුව
එදින සමරනු ලබයි. වසරක ආරම්භය උදාවන මොහොතේ රටවල ආවේණික සම්ප්රදායින්ට
අනුකූලව මිනිසුන් තම වසර වෙනස් වු අකාරයට ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මේ
ලෝකයේ විවිධ රටවල ජනයා උදා වන 2018 වර්ෂය සමරන අකාරය වේ.
බිත්රාන්ය
බ්‍රිතාන්‍යයෙහි ජනවාරි පළමු වනදා උත්සවත්ශ්‍රීයෙන් සමරනු ලබයි. ඔවුන්
එදින විවිධ උත්සව, පවත්වමින් ආහාර පාන භුක්තිවිඳිමන් තම යහළුවන් සහ
හිතමිත්‍රාදීන් අතර සුභ පැතුම්පත් හුවමාරු කර ගනියි. බ්‍රිතාන්‍යයෙහි මෙලෙස
ජනවාරි පළමුවන දින ජෝර්ජියානු කැලැන්ඩරයට අනුව උත්සවාකාරයෙන් පැවැත්වීම
ආරම්භ කර තිබෙන්නේ 1752 වර්ෂයේ සිට ය. විශේෂයෙන් ම ජනවාරි පළමු දින
රාත්‍රියේ දී එළිමහන් විවිධ ප්‍රසංග සහ සංදර්ශන සහ විවිධ විනෝද සැනකෙළි
පවත්වනු ලබයි. සංගීතඥයින්,නර්තනවේදීන්, ඩ්රම්වාදන ශිල්පීන්, සහ මැජික්
නිර්මාණ ශිල්පීන් ආදීන් බිත්‍රාන්‍යයේ ප්‍රධාන නගරවලට එක් රැස්වන දිනයක්
වශයෙන් ද ජනවාරි පළමුවැනි දිනය හැඳින්වීමට පුළුවන.
සල්සා නර්තනය අති රමණීය අයුරින් සිදු කරන මෙදින ලෝකයේ අනෙක් රටවලින්
සල්සා නර්තන ශිල්පීන් පැමිණේ. බ්‍රිතාන්‍ය නැරඹීමට පැමිණෙන සංචාරකයින්
ජනවාරි පළමුදින මෙරටට පැමිණීම සාමාන්‍ය සම්ප්රදාය වේ.ජනවාරි පළමුදින
රාත්‍රියේ තම නෑදෑ හිතවතුන් සහ යහළු මිත්රයින් සමඟ සතුටු සාමීචියෙහි යෙදී
බ්‍රිතානයට අනුගත ආහාරපාන භුක්ති විඳිම සිදු කරනු ලබයි.
ජර්මනිය
ජර්මනියේ බර්ලින් නගරයේ දී ජනවාරි පළමුදින උත්සවාකාරයෙන් සමරනු ලබයි.
මෙරට ජනතාව විනෝදකාමී උත්සවලට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නව වසර සොඳුරු කර
ගැනීමට වෙහෙසෙයි. විශේෂයෙන් ම මෙදින බර්ලින් නගරයේ සමාජශාලාවල මිනිසුන්
බහුතරයක් ගැවසෙන්නේ උදා වු නව වසර සැමරීම සඳහා ය.ජර්මනියේ නව වසර සඳහා
පවත්වනු ලබන විනෝදකාමී අංගයන් පවත්වනු ලබන්නේ ජනවාරි පළමුවන දින සවස 6.30 ට
පමණය. මෙදින පවත්වනු ලබන සියලු උත්සව ජනවාරි දෙවැනිදා දක්වාම පැවැත්වීම
සාමාන්‍ය සිරිත වේ. එළිමහන් සජීවි විවිධ ප්‍රසංග පවත්වා ජර්මනියේ
සම්ප්‍රදායික ආහාරපාන සහ අන්තර්ජාතික මටටමේ ආහාරපාන භුක්ති විඳිමින් සතුටු
වේ.
ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රේලියාවේ උදා වන නව වසර සැමරීමේ කටයුතු ජනවාරි 1 දින සිට 6 වන දින
දක්වා උත්සවාකාරයෙන් සමරනු ලබයි. තව ද ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ජනවාරි
පළමුවන දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. මෙරට ජනගහනයෙන් වැඩි
ප්‍රමාණයක් ක්‍රිස්තුභක්තිකයින් ජීවත් වන නිසා මෙදින බහුතරයක් ජනයා පල්ලියට
ගොස් තමන්ට උදා වු නව වසර වාසනාවන්ත වේවා යන්නට ප්‍රාර්ථනා කරනු ලබයි.
ඉන්පසු ඔවුන් තම නැදෑ හිත මිතුරන් සමඟ එක් වී නිවෙස්වලින් පිටත් වී එළිමහන්
උත්සවවලට සහ සංදර්ශන සහ සැනකෙළිවලට ගොස් සතුටු වේ. විශේෂයෙන් ම
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රත්‍රියේ දී ගින්දරවලින් විවිධ සංදර්ශනයන්
පැවැත්වීම සිදු කරනු ලැබීම සාමාන්‍ය සිදු වීමකි. මේ සඳහා අති දක්ෂ ගිනි
සෙල්ලම්කරුවන් 80,000ක් දෙනා පැමිණේ. මෙදින මෙල්බන් නගරයේ ද නර්තන හා සංගීත
අංගයන් සම්මිශ්‍රණය කර ගනිමින් සිදු කරන උත්සව විශාල ප්‍රමාණයක් පවත්වනු
ලබයි. ඔස්ට්‍රේලියානු ජාතිකයින් ජනවාරි පළමුවන දින සමරීම සිදු කරන්නේ තමන්
ජීවත් වන අවසාන දිනය ලෙස සළකා ය. ඒ තරමට ම ඔවුන් මෙම දිනයෙහි විනෝද වීමට
වැඩි කාලයක් වෙන් කරනු ලබයි.
බ්‍රසීලය
ලෝකයේ අධික ජනගහනයක් සිටින රටවල් අතරින් පස්වන ස්ථානය හිමි වන
බ්‍රසීලයෙහි විවිධ සම්ප්‍රදායන්ට ගරු කරන මිනිසුන් ජීවත් වේ. “Ano Nove’“
එසේත් නැත්නම් “Revillion“ යනුවෙන් බ්‍රසීලයේ ජනතාව ජනවාරි පළමු දින
හදුන්වනු ලබයි. මෙම දිනයෙහි බ්‍රසීල ජනයා තමන්ට අවේණික වු ඇදුම්
පැළදුම්වලින් සැරසී බ්‍රසීලයට ආවේණික වු සම්ප්‍රදායික ආහාර පාන පරිභෝජනය
කරනු ලබයි.මෙරට ජනතාව වැඩි වශයෙන් ම මෙම දිනය සැමරීම සිදු කරනු ලබන්නේ
මුහුදු වෙරළ ආශ්‍රිතව උත්සව පැවැත්වීම මඟිනි. එමෙන් ම ජනවාරි පළමු වන දින
ගිනි කෙළි සංදර්ශන සිදු කර පවුලේ සමාජිකයින් එකට එක්රොක් වී සතුටු වේ.
මොවුන් ආගමානුකූල සිරිත විරිත් පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකරන අතර
වසනාවන්ත බවට ප්‍රමුඛස්ථානය ලබා දේ.මොවුන් වෙරළ ආසන්නයට ගොස් සුදු ඇදුමින්
සැරසී රෝසමල් සහ ඉටිපන්දම්වලින් විචිත්‍ර දෑ සිදු කර තම නැදෑ හිතමිතුරන්ට
වාසනාවන්ත වසරක් වේවා යනුවෙන් සුභ පැතීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි.
ජපානය
උදා වන නව වසර මෙරට ජනතාව හඳුන්වනු ලබන්නේ “shogatsu හෝ oshogatsu“
යනුවෙනි. ජනවාරි පළමු වන දින නිවාඩු දිනයක් වශයෙන් නම් කර ඇති අතර මෙම
දිනයෙහි කොපමණ කාර්යබහුල පුද්ගලයෙකු වුව ද තම පවුලේ සමාජිකයින් සමඟ විනෝද
වීම සඳහා නිවසින් පිටත්ව යාම සාමාන්‍ය සම්ප්රදාය වේ.මොවුන් නව වසර සැමරීමේ
කටයුතු ජනවාරි 1 -3 දක්වා සිදු කරයි. ජපානයේ ටොකියෝ නුවර“ Meiji Shrine“
නමැති ආකර්ෂණීය ස්ථානයට මෙදින බහුතරයක් ජපන් ජනතාව පැමිණීම සිදු කරයි. ඊට
අමතරව තම තමන් අදහන ආගමට අනුකූලව පන්සල් වැනි ආගමික ස්ථානයකට ගොස් පෙර වසරේ
දී සිදු කළ වැරදි මේ වසරේ සිදු නොකරනවා යනුවෙන් ප්‍රාර්ථනාවන් සිදු කිරීම ද
මෙරට ජනයාගේ සම්ප්‍රදායික ක්‍රමවේදය වේ. ජනවාරි පළමු වන දින මධ්‍යම
රාත්‍රිය වනතෙක් තම නෑදෑ හිතමිතුරන් සමඟ විවිධ ක්‍රිඩාවන් සහ විනෝදජනක
අංගයන් සිදු කිරිම ද සිදු කරනු ලබයි.මොවුන්ට පමණක් ආවේණික වු ආහාරපාන වන
osechi ryori, otoso සහ ozoni යනා දී ආහාර භුක්ති වීඳීම ද සිදු කරනු ලබන්නේ
තම රටෙහි සංස්කෘතිකාංග මැනවින් පිළිඹිමු කරමිනි.
මදාරා මුදලිගේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, November 30, 2017
උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා ....!!!
Posted by
lankanews
at
November 30, 2017
Labels: 2018, 2018 new year, January 2018, lankanews
උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා ....!!!
2017-11-30T19:00:00+01:00
lankanews
2018|2018 new year|January 2018|lankanews|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...