මෙවර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් ව සිටින එක්තරා කාන්තාවක් කොස්ගොඩදී පුද්ගලයන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුගේ මව බවද එම ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර කොස්ගොඩ ප්රදේශය භීතියට පත් කරගෙන සිටින දරුණුම ගණයේ පාතාල නායකයකුගේ වැඩිමහල් සොහොයුරිද මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මෙම කාන්තාවන් දෙදෙනා මේ වනවිටත් සිය මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කර ඇති බව ද පැවසේ.