බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව
පරීක්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව
පොලිස්පති නියමයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද
පැවැත් වූ බව කියන සුජීව සේනසිංහ,අජිත් පෙරේරා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට
අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව
පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.
තම රහසිගත දුරකථන සංවාදවලට මෙම නිලධාරියා හොරෙන් සවන්දුන බවට චෝදනා
කරමින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නම් සඳහන් වන මන්ත්‍රීවරුන් පිරිසක්
විසින් පැමිණිලි කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාට එරෙහිව වෙනම
පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවය. මෙම විමර්ශනයද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරනු ඇත.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව
විමර්ශන කිරීම බැඳුම්කර කොමිසමේ නියෝග මත සිදු කර ඇති බවයි. මෙම රහසිගත
දුරකථන සංවාද පිළිබඳව සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත
සහාය වන ලෙස අදාළ දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබුණේද බැඳුම්කර කොමිසමෙන්
බව පොලිස් මූලස්ථානය කියා සිටියි.
එසේ තිබියදී මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කළ නිලධාරියාට
එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවද පොලිස්
මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, November 24, 2017
මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ..
Posted by
lankanews
at
November 24, 2017
Labels: ajith perera, arjun alosius, arjun mahendran, Bond Scam, fake sujeewa, law, sujeewa senasinghe, unp politicians, unp corruptions, yahapalanaya
මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ..
2017-11-24T06:41:00+01:00
lankanews
ajith perera|arjun alosius|arjun mahendran|Bond Scam|fake sujeewa|law|sujeewa senasinghe|unp politicians|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...