නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩිය ගැන සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මඩකලපුවේ පැවැති හමුවකදීය. උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවා පළාත් ඇමැතිවරයා විසින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම හෙළා දකිද්දී අනෙක් පසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩියට ගරහයි.
කිසිම දේශපාලනඥයකුට ජාතික කොඩියට නිග්‍රහ කිරීමට ඉඩදිය යුතු නැත. මොවුන්ට අවශ්‍ය සිංහ කොඩිය පාගා දමා ඊළාම් කොඩියට ප්‍රේම කිරීමද? බ්‍රිතාන්‍යයේ වෙසෙන එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට එරට ජාතික ධජය නිසා හිත් අමාරුකම් ඇතිව තිබේද? ඒ හිත් අමාරුකම් ගැන ප්‍රකාශ සිදුකර ඇත්ද? ඉන්දියාවේ හින්දු නොවන දේශපාලනඥයකු එරට ජාතික කොඩිය හෙළා දැක්කානම් සිදුවන්නේ කවරක්ද? එය බරපතළ ගැටුමක් පවා වර්ධනයට හේතුවක් වේ. නමුත් අපේ රටේ මේ ඊනියා මන්ත්‍රීවරුන්ට පළාත් ඇමැතිවරුන්ට කැමති කැමති හැටියට ජාතික කොඩියට නිග්‍රහ කිරීමට අවස්ථාව ලැබී ඇත. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ උතුරු පළාත වෙනුවෙන් වෙනම කොඩියක් හා ජාතික ගීයක් සකස් කර ගැනීම විය යුතුය.
ඊනියා සුළු ජන දේශපාලකයන්ගේ හිතේ අමාරු සුව කිරීමට ජාතික කොඩියට ගැරහීමට ඉඩ නොදිය යුතුය. සංහිඳියාවේ නාමයෙන් මේ සිදුවන්නේ රටේ අනන්‍යතාව විනාශ කරදැමීමකි. සිංහ කොඩියට වෛර කිරීම තුළින් හෙළි කෙරෙන්නේ කවරක්ද? දෙමළ සන්ධානය තුළ ඇති සිංහල බෞද්ධ විරෝධය නොවේද? සුළුතරයක් සැනසීම වෙනුවෙන් බහුතරයේ වටිනාකම පාවාදිය යුතු නැත. වසර දෙදහස් පන්සියයක ඉතිහාස කතාවද සංහිඳියාව ගැන සිතා අමතක කළ යුතුද? සුමන්තිරන් මන්ත්රීකම් දරමින්ම සිංහ කොඩිය නිග්‍රහයට ලක්කරයි. මොහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී නැද්ද? දෙමළ සන්ධානය නව ව්‍යවස්ථාව ගැන වඩාත් උනන්දු වන්නේ සිංහ කොඩියටත් විනකැටීම සඳහාද? ඒ සඳහාද නව වගන්ති සකස් කර ඇත්දැයි සැකයකි. මොවුන්ට අවශ්‍ය ජාතික කොඩියේ සිංහයා ඉවත්කර කොටියා ආදේශ කිරීමටද? නමුත් මේ බලවේග සිංහ කඩුපතින්ම පරාජය කර දැමිය යුතුය. සංහිඳියාවේ නාමයෙන් බහුතර ජනයාගේ ආත්මගරුත්වය සහ රටේ ප්‍රෙෘඪත්වය පාවා නොදිය යුතුය. සුමන්තිරන්ගේ ජාතික කොඩි අකැමැත්ත මගින් පෙන්නුම් කරන්නේ සිංහයාට ඇති වෛරය නොවන්නේද? එය වව්නියාව පැරකුම් විද්‍යාලයේදී උතුරු අධ්‍යාපන ඇමැති ප්‍රකට කළේය. ඒ අධ්‍යාපන ඇමැතිවරයා අනිවාර්යයෙන් ධුරයෙන් පහකළ යුතු සේම සුමන්තිරන්ගේ ජාතික කොඩි විරෝධයටද නිසි පිළිතුරු දිය යුතුය. තමන් මධ්‍යස්ථ දෙමළ දේශපාලකයෙක් යෑයි ලෝකය හමුවේ නිරන්තරව ප්‍රකාශ කරන සුමන්තිරන්ගේ සිංහල විරෝධය මේ ජාතික කොඩි විරෝධය හරහා මැනවින් ප්‍රකට වේ. එනිසා මේ ඊනියා මධ්‍යස්ථ මතධාරීන්ගේ වෙස් මුහුණ ගලවා දැමිය යුතුය.

