පැබ්ලෝ සී. ග්‍රෙයිස් නමැති එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරටට පැමිණියේය. දින 14 ක් මෙරට ගත කළේය.
ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබමින් පිංපඩියක් ලබන හිටපු
කැරලිකරුවකු පැවසුවේ පැබ්ලෝ මහත්මයකු බවයි. ඩොලර් කාක්කකු හැඳින්වූ මේ
අපූරු මහත්තයා පසුගිය 23 දා ප්‍රකාශයක් කළේය.
මානව හිමිකම් කඩකළ
අය රණවිරුවන් නොවෙයි යෑයි ඔහු කීවේය. ඔවුන්ට අධිකරණය හමුවට ගෙනයැමට
ඉඩදෙන්නේ නැහැ යෑයි දේශපාලකයන් පවසන ප්‍රකාශ හුදු දේශපාලන ප්‍රකාශයන් බවත්
එම ප්‍රකාශයට ජාත්‍යන්තර පිළිගැනීමක් නැතැයි ද පැබ්ලෝ පවසනු ලැබිණි. එසේම
ජගත් ජයසූරිය නමැති හිටපු හමුදාපතිට එරෙහි නඩුව වැනි නඩු ඉදිරියේදී විදේශ
රටවල ද සිදුවිය හැකි බව ද පැබ්ලෝ පවසනු ලැබීය.
පැබ්ලෝ කළ
මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්රණයට දිරවාගත නොහැකිවූවත් ද්‍රවිඩ
සන්ධානය සහ එන්. ජී. ඕ. කල්ලිය ඊට අත්පොලසන් දී ඇත.
මානව හිමිකම්
කඩකළ අය ගැන පවසන පැබ්ලෝ හිරෝෂිමා සහ නාගසාකී නගරවලට පරමාණු බෝම්බ දමා
ලක්ෂ ගණනක් ජනතාව ඝාතනය කිරීමට මුල් වූ අයිසන්හවර් නමැති ඇමෙරිකානු ජනපති
යුද වීරයෙක් බව හඳුන්වන්නේද?
ඉරාකයට එල්ල වූ ප්‍රහාර වලට
වගකිවයුතු ජෝර්ඡ් බුෂ් හා ටෝනි බ්ලේයාර් යුද අපරාධකරුවන්ය. එහෙත් පැබ්ලෝ එම
රාජ්‍ය නායකයන් ගැන අද වනතුරු කිසිදු ප්‍රකාශයක් කර නැත.
පැබ්ලෝට සාවද්‍ය අමුද්‍රව්‍ය සැපයුවේ උතුරේ බෙදුම්වාදීන්ය. ද්‍රවිඩ සන්ධානය හා කොළඹ ඩොලර් කාක්කන්ය.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය ගැන හඬනඟන පැබ්ලෝ කොටි සිදුකළ යුද අපරාධ ගැන වචනයක්වත් පවසා නැත.
එහෙත් හමුදා භටයන් සහ නාවික හමුදා භටයන් 26 ක් වෙඩිතබා මරා පිළිස්සූ
සුලක්ෂන් වැනි කොටි මිනීමරුවන් ඇතුළු රැඳවුම් භාරයේ සිටින කොටි ඝාතකයන්
ගැන ඔහු හඬනැඟීය.
පැබ්ලෝ ශ්‍රී ලංකාව සම්බන්ධව නිර්දේශ 30 ක්
ඇතුළත් වාර්තාව සකස් කළේ එන්. ජී. ඕ. කල්ලියට අවශ්‍ය පරිදිය. ඔහු උපදෙස්
ගත්තේ කොටි රූකඩ වූ ද්‍රවිඩ සංධානයෙනි. තමා ශ්‍රී ලංකාවේ කටයුතු ගැන දන්නා
බව ද කීවේය.
එසේ නම් රැඳවුම් භාරයේ සිටින්නේ ප්රභාකරන්ගේ සඟයන් වූ ම්ලේච්ඡ මිනීමරුවන් බව ඔහු අවබෝධ කර නොගන්නේ මන්ද?
පැබ්ලෝගේ ප්‍රකාශයෙන් කන හරහා පහරක් වැදුණේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික
ජාලයේ ක්‍රියාකාරියකු මෙන්ම සුදු හුණු ගෑමේ යෙදී සිටින නරුමයකුටය.
අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තරහ කරගත්තෙමු. හිටපු මානව
හිමිකම් කොමසාරිස් නවිපිල්ලේට අවමන් කළේය. ඒ නිසා බරපතළ අර්බුද ඇතිවුණි
යෑයි රජයේ බලධාරියකු පැවසීය.
එහෙත් අද සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙරටට ගෙන්වාගෙන ඉල්ලන් කෑමය.
ඊට පෙර මාධ්‍යයට එරෙහිව චෝදනා එල්ල විය. එහෙත් පැබ්ලෝ ග්‍රෙයිස්
වැන්නවුන්ට බොරු වාර්තා සපයන උතුරේ මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සිදුකරන
ගිනිඇවිලවීම් ගැන රජයේ නායකයන් අවධානය යොමුනොකරන්නේ මන්ද?
මේ ගිනිඇවිලවීම් ගැන රජයේ නායකත්වය අන්ඳයන් සහ බිහිරන් මෙන් සිටී.
උතුරේ බෙදුම්වාදී යක්ෂයන් පැබ්ලෝ වෙත සැපයූ බොරු තොරතුරු ඔහු කොළඹදී කළ
ප්‍රකාශයට ඇතුළත්ය. ඒ බව පැහැදිලි ලෙස සනාථ වී ඇත. යාපනයේ අඩයාලම් නමැති
හොර සංවිධානය ලෝක ප්‍රජාව රැවටීමට පිටු 36 ක වාර්තාවක් ප්‍රකාශයට පත්කළේය.
මෙම අඩයාලම් කන්නන් සංවිධානයකි. එසේ නම් එම හොර සංවිධානයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට මේ කරුණු යොමුවන්නේද?
ඉන්දියාවේ සෙබළු 600 කට අධික සංඛ්‍යාවකට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ
චෝදනා එල්ලවී ඇත. එහෙත් ඉන්දීය රජය එම චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා
කිසිදු එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයකුට ඉඩදෙන්නේ නැත.
ඇමෙරිකානු රජය පවා ගුවන්තනාමෝබේ සිරකඳවුර පරීක්ෂාවට ලක්කිරීම සඳහා ඉඩදී නැත.
මෙම පසුබිම මැද පැබ්ලෝ සී. ග්‍රෙයිස් මානව හිමිකම් උල්ලංඝනය කළවුන් යුද විරුවන් නොවන බව පවසා තිබේ.
එසේනම් හිටපු බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්, හිටපු ඇමෙරිකානු ජනාධිපති
අයිසන්ඟවර්, රුසියාවේ ජනාධිපති පුටින්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි
බ්ලේයාර් යුද අපරාධකරුවන්ද?
මෙයට පෙර එක්සත් ජාතීන්ගේ නියෝජිත
බෙන් එමර්සන් මෙරටට පැමිණියේය. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය ත්‍රස්ත
රැඳවුම් මැදිරි සහ සිරගෙවල් පවා ඔහුට විවෘත කළේය.
එමර්සන් වාර්තාවක් සකස් කර ශ්‍රී ලංකාව නිර්දය ලෙස විවේචනයට ලක්කළේය.
අධිකරණ ඇමැති සහ එමර්සන් අතර වාදයක් ද ඇතිවිය.
දැන් පැමිණ ඇත්තේ පැබ්ලෝ සී. ග්‍රෙයිස් පැබ්ලෝට සුදුහුණු ගෑමට මෙරට
මාධ්‍ය අඳබාලයන් දැනටමත් සූදානම් වී ඇත. එහෙත් පැබ්ලෝ නොකියා කිව්වේ උඹලා
මොනවා කිව්වත් ඉදිරියේදී රණවිරුවන්ට විදේශයේදී නඩු පැවරෙන බවයි.
එහෙත් ජනතාව තවදුරටත් රැවටීමේ ක්‍රමවේදය දියත් වේ. උතුරේ බෙදුම්වාදී
යක්ෂයන් ගිනි අවුළුවා රට අස්ථාවර කිරීමේ මෙහෙයුමක යෙදෙද්දී වරද පටවන්නේ
දකුණේ මාධ්‍ය වෙතය.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට පට්ටපල් බොරු සැපයුවේ උතුරේ බෙදුම්වාදීන්ය.
එහෙත් ඔවුන් ඉන්දීය සාම හමුදාව යාපනය රෝහලේ කාර්ය මණ්ඩලය ඝාතනය කිරීම ගැන ඉන්දීය බලධාරීන්ට නඩු පැවරිය යුතු යෑයි ඉල්ලුවේ නැත.
පැබ්ලෝ සී. ග්රෙයිස්ව මෙරටට ගෙන්වාගත්තේ ශ්‍රී ලංකාවය.
මොහු මුල්ලිවයික්කාල් යද්දී ඔහු එන්නේ කුමකට ද යන්න අපි අනතුරු ඇඟවූයෙමු.
එහෙත් රාජ්‍ය යාන්ත්‍රණය නිහඬවිය.
ඒ එසේ වුවත් ජනාධිපතිවරයා වව්නියාවට ගොස් දකුණේ මාධ්‍ය වෙත චෝදනා එල්ල කළේය.
එහෙත් සැබෑ සතුරන් කවුරුන්ද? ඒ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන, හොර අඩයාලම්
සංවිධානය, ද්‍රවිඩ සංධානය, උතුරු - නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුවයි.
මොවුන් සිදුකරන රාජෙද්‍රdaහී ක්‍රියා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු නොවීම මවිතයකි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව අරාජික කිරීමට උත්සාහ කරන පිරිස් අපි දුටුවෙමු.
උතුරේ මානව හිමිකම් ක්‍රියාකාරීන් යෑයි හඳුන්වාගත් නීතිවේදීන් ද ජිනීවා පැමිණ සිටියේය.
එහෙත් රහස් පොලිසිය හෝ ත්‍රස්ත මර්දන පොලිසිය ඔවුන් පසුපස හඹා යන්නේ නැත.
ලෝකයේ වැඩිම හමුදාවක් සිටින්නේ මුලතිව්හි බවට හොර අඩයාලම් සංවිධානය වාර්තාවක් ප්‍රකාශ කළේය.
මේ සංවිධානයට එරෙහිව රජය අදවනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
ඒ ද්‍රවිඩ ඡන්ද නිසාද?
මේ පසුබිම මැද රජය පැවසුවේ අපට ජාත්‍යන්තරයේ මිතුරන් සිටිනවා කියායි. එහෙත් එම මිතුරන් කොහිද?
පැබ්ලෝ ශ්‍රී ලංකාවට අනතුරු අඟවද්දී එම මිතුරන් දකින්නට සිටියේ නැත.
මෙහිදී රජය තේරුම් ගත යුත්තේ සැබෑ සතුරන් සහ සැබෑ මිතුරන් ගැනය.
ජිනීවා වලට පෙත්සම් තොග පිටින් යෑවූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ
නරුමයෙක් අද රජයේ පුවත්පතකට ලිපි ලියමින් සුදුහුණු ගෑමේ ක්‍රියාවක යෙදී
සිටී.
එහෙත් ඔහුට එක්සත් ජාතීන් නම්මවා ගත හැකිද? රජය ප්‍රවේශම් විය යුත්තේ මෙවන් දෙබිඩි චරිත වලිනි.
කීර්ති වර්ණකුලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, November 2, 2017
ශ්‍රී ලංකාවට පැමිණි පැබ්ලෝ අමනයාගේ අනතුරු ඇඟවීම
Posted by
lankanews
at
November 02, 2017
Labels: consttution, gamini viyangoda, LTTE agenda, puravesi peramuna, yahapalanaya
ශ්‍රී ලංකාවට පැමිණි පැබ්ලෝ අමනයාගේ අනතුරු ඇඟවීම
2017-11-02T00:21:00+01:00
lankanews
consttution|gamini viyangoda|LTTE agenda|puravesi peramuna|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...