ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 11, 2017

ලංකාවේ පාතාලයේ නරුමයන්ට හෝ පවුල් සාමාජිකයන් හට ඔබේ ඡන්දය නොදෙන්න...!!!

* දකුණ හොල්ලන පාතාල සෙල්ලමේ අලුත්ම තත්ත්වයයි මේ
 


 * කොස්‌ගොඩදි තුනක්‌ මරුට... බටපොලදි පහකට වෙඩි...

  තාරුකගේ මවද මේ වනවිට දේශපාලනයට සම්බන්ධ කාන්තාවක ලෙස කටයුතු කරමින් සිටියි. එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඇය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කිරීමටද වරම් ලබාගෙන සිටින බව පැවසෙයි.!!!
  ලොකුවාගේ සොහොයුරා තාරුක සමග කීවේය. තාරුකට අවශ්‍ය වී තිබුණේ ලොකුවා ඝාතනය කළ පුද්ගලයන්ගෙන් පළිගන්නා අතරම දකුණේ පාතාලයේ තම බලය ව්‍යාප්ත කර ගැනීමය. කොස්‌ගොඩ තාරුක ඒ වනවිට රට පුරා මහා පරිමාණ බැංකු මංකොල්ල රැසක්‌ සිදු කර තිබුණේය. මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ල කෑම, මීරිගම කොමාර්ෂල් බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් විසි ලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කෑම සිදු කළේ තාරුක ඇතුළු කල්ලියක්‌ විසින් ය.

 මීට වසර දෙකකට උඩදී එක්‌තරා දිනක ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි පාතාල ප්‍රබලයන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකින් දකුණේ පාතාලය ගිනිගත්තේය.

 එවකට දකුණේ පාතාලයේ කෙලිකාරයකු වීමට වෙර දරමින් සිටිs කොස්‌ගොඩ සුජී සහ කොස්‌ගොඩ ලොකුවා අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් ගාල්ල බන්ධනාගාරය උණුසුම් විය. ඒ වනවිට කොස්‌ගොඩ ලොකුවා දකුණු පළාතේ පාතාල නායකයා ලෙස සිටි කඹුරුපිටියේ මධුෂ්ගේ ප්‍රධාන පෙළේ ගෝලයකු විය.

 කොස්‌ගොඩ සුජී කුඩා ප්‍රමාණයේ ශරීරයක්‌ ඇති කෙසඟ පුද්ගලයෙකි. අතින් පයින් ශරීර ශක්‌තියෙන් වැඩ පෙන්වීමේ හැකියාවක්‌ ඔහුට නැත. ගිනි අවි පරිහරණය කරමින් අහිංසක මිනිසුන් තමන්ට ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයන් ඝාතනය කරමින් දකුණේ පාතාලයේ චණ්‌ඩියකු වීමට කොස්‌ගොඩ සුජී හැමවිටම උත්සාහ කළේය. කොස්‌ගොඩ සුජී වෙත කඹුරුපිටියේ මධුෂ්ගේ කල්ලියෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවෙද්දී ඔහු හොර රහසේම රටින් පලා යැමට සූදානම් වුණේය.

 ඒ වනවිට කොස්‌ගොඩ සුජී දකුණේ පාතාලයේ මිනීමැරුම් කප්පම් ගැනීම් මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.

 රටින් පලා යැමට උත්සාහ කරද්දී කොස්‌ගොඩ සුජී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කොටුවන්නේ කටුනායක ගුවන්තොටුපළේදීය. අධිකරණය වෙත ඉදිරිපත් කළ කොස්‌ගොඩ සුජී ගාල්ල බන්ධනාගාරය වෙත යවනු ලැබීය.

 කොස්‌ගොඩ ලොකුවා දකුණේ පාතාලයේ කෙරුමා ලෙස නම් දරා සිsටින කඹුරුපිටියේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකි. බෝම්බ ළඟ තබා ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කොස්‌ගොඩ ලොක්‌කාද ගාල්ල බන්ධනාගාරය වෙත යවා තිබිණි.

 දකුණේ පාතාල බල අරගලය ගාල්ල බන්ධනාගාරය තුළදී ද දරුණු අන්දමින් ක්‍රියාත්මක වුණේය. කොස්‌ගොඩ සුජී සහ කොස්‌ගොඩ ලොකුවා බන්ධනාගාරය තුළ මුණගැහෙන හැම අවස්‌ථාවකදීම ඔවුන් පරුෂ වචනයෙන් බැණ ගත්හ. එකිනෙකාට තර්ජනය කර ගත්හ. මොවුන් දෙදෙනා අතර තිබූ වෛරය කෝපය එක්‌තරා දිනක සීමාව ඉක්‌මවා ගියේය.

 එදින කොස්‌ගොඩ ලොකුවා තම ප්‍රතිවාදියා වූ කොස්‌ගොඩ සුජීවට බඩකට පුරා පහර දුන්නේය. ලොකුවා සමඟ අතින් පයින් සටන් කිරීමට තරම් ශක්‌තියක්‌ සුජීවට තිබුණේa නැත. දෙපාර්ශ්වයේම හිතවාදීන් එක්‌ව සුජී සහ ලොකුවා දෙපසට කර ගැටුම සමතයකට පත් කළහ.
 "තෝව මම ඉතුරු කරන්නේ නැහැ. බලාගනින් වැඩි දවසක්‌ යන්න ඉස්‌සර උඹට මොකද වෙන්නේ කියලා.

 කොස්‌ගොඩ ලොකුවාගෙන් හොඳ හැටි ගුටි කෑ සුජී ඔහුට තර්ජනය කළේ වැඩි දවසක්‌ ගතවන්නට පෙර පළිs ගන්නා බව කියමින්ය.

 වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ බන්ධනාගාර ගතව සිටි කොස්‌ගොඩ සුජී මෙන්ම ලොකුවාද ඇප මත මුදා හැර තිබිණි.

 තම ජීවිතයට එල්ලවී තිබූ දැඩි තර්ජන හමුවේ තවදුරටත් රටේ සිටිය නොහැකි බව තේරුම් ගෙන සිටි කොස්‌ගොඩ සුජී හොර රහසේම ඩුබායි දේශයට පලා ගියේය.

 කොස්‌ගොඩ සුජී රටින් පලා යැම සඳහා වැඩිපුරම සතුටු වුණේ කොස්‌ගොඩ ලොකුවාය. ඒ තම ප්‍රධානම පෙළේ වෛරකාරයා රටින් පලායැම නිසා තමාට කිසියම් නිදහසක්‌ ලැබෙනු ඇතැයි සිතාය.

 ජගමුණි මහින්ද රාජාද සොයිසා කොස්‌ගොඩ ඌරගස්‌මන්හන්දිය යුදපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජා ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයකු වූවේය.

 සමාජ සේවකයකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටි මොහු පිරිමි දරුවන් තිදෙනකුගේ පියෙකි. දේශපාලන හයිය නිසාම මහින්දරාජා කොස්‌ගොඩ ප්‍රදේශයේ චණ්‌ඩියෙකු ලෙස ජීවත්වීමේ ආශාවකින් ද පෙළුණු පුද්ගලයෙකි.

 කොස්‌ගොඩ ලොකුවා කොස්‌ගොඩ තාරක ඇතුළු පාතාල මැරයන් කිහිපදෙනකුම පදිංචිව සිටියේ මහින්දරාජා පදිංචි ප්‍රදේශයේමය.

 දකුණේ පාතාලයේ කෙළිකාරයන් වීමට උත්සාහ කරමින් සිටින ලොකුවා සහ තාරුක මහින්දරාජාව එතරම් රිස්‌සුවේ නැත. තම පියාගේ දේශපාලන බලපුළුවන්කාරකම් නිසාම මහින්දරාජාගේ දරුවන් ද කොස්‌ගොඩ ප්‍රදේශයේ ජීවත් වුණේa ගණන්කාරයන් ලෙසය.

 කොස්‌ගොඩ ලොකුවා සහ මහින්දරාජාගේ පවුලේ සාමාජිකයන් අතර අවස්‌ථා කීපයකදීම ගැටුම් ඇති වුණේය. වරක්‌ අලුත් අවුරුදු උත්සවයක්‌ පැවැති දිනකදී මේ දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ හට ගත්තේය. තවත් වරෙක මහින්ද රාජාගේ දරුවකු ඩිමෝ බට්‌ටා ලොරියක යද්දී කොස්‌ගොඩ ලොකුවා සමග පැටලුණේ වාහනය ඉස්‌සර කර යැමේ ප්‍රශ්නයක්‌ මුල් කරගෙනය.

 මහින්දරාජාට මොනතරම් දේශපාලන බලයක්‌ තිබුණත් කොස්‌ගොඩ ලොකුවා එය තඹදොයිතුවකට මායිම් නොකළේය. මේ සියල්ල සිදුවෙද්දී කොස්‌ගොඩ සුජී ලොකුවා කෙරෙහි වූ වෛරය දිනෙන් දිනම ලියලා වැඩෙමින් තිබුණේය.

 කොස්‌ගොඩ සුජී ඩුබායි දේශයේ සිටියද ගාල්ල බන්ධනාගාරයේදී සිදුවූ අමිහිරි සිදුවීම ඔහුගේ සිතේ හොල්මන් කරමින් තිබුණේය. එදින තමන්ට අත්විඳීමට සිදුවූ ලැඡ්ජාව අවමානය ගැන සිතමින් කොස්‌ගොඩ සුජී තම වෛරය අලුත් කරන්නට පටන් ගත්තේය.

 ඒවනවිට දකුණේ පාතාලයේ බල අරගලය ද ඉතා දරුණු අන්දමින් ක්‍රියාත්මක වෙමින් තිබිණි. හෙරොයින් ආධිපත්‍ය තමන් වෙත ලබා ගැනීම සඳහා මධුෂ්ගේ කල්ලියේ පාතාල සාමාජිකයන් සහ කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලියේ සාමාජිකයන් මහ දවල් සටන් කරමින් සිටියහ.

 "මධුෂයට රිදෙන්නත් එක්‌ක කොස්‌ගොඩ ලොකුවට ගහලා දාන්න ඕනෙ. මේ වැඩේ පුළුවන් තරම් ඉක්‌මනට වෙන්න ඕන....."

 කොස්‌ගොඩ සුජී තම ගෝලබාලයන් වෙත ලොකුවා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර කළේය. සුජීගේ ගෝලයන් ද ඒ කොන්ත්‍රාත්තුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස්‌ කළහ.

 මත්පැන් සාදයකට පැමිණෙන ලෙස කොස්‌ගොඩ ලොකුවාට ආරාධනයක්‌ ලැබිණි. සාදය පැවැත්වුණේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසකය. මත්පැන් සාදයට සහභාගී වූ ලොකුවා තවත් ගෝලයකු සමඟ යතුරුපැදියේ නැඟී කොස්‌ගොඩ දෙසට එමින් සිටියේය.

 ඒ අතර කොස්‌ගොඩ සුජීගේ ගෝලබාලයන් මග රැක සිටියහ. වැලිපැන්න කැලෑ ප්‍රදේශයකදී කොස්‌ගොඩ සුජීගේ ගෝලබාලයන් ලොකුවාට සහ ඔහුගේ සගයාට වෙඩි තබා ඝාතනය කරන්නේ සුජීගේ නියෝග අකුරටම ක්‍රියාත්මක කරමින්ය.

 කොස්‌ගොඩ ලොකුවා ඝාතනයෙන් දකුණේ පාතාලය. හෙල්ලී ගියේය. කොස්‌ගොඩ ලොකුවා පරලොව යැමේ සතුට වඩාත්ම භුක්‌ති වින්දේ මහින්දරාජා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ය. වසර ගණනක සිට තමන්ට මහා වධයක්‌ව සිටි පාතාල නරුමයා අවසන් ගමන් යැම පිළිබඳව මහින්දරාජා කතා කළේ දැඩි ප්‍රීතියෙන් යුතුවය.

 එයින් නොනැවතුණු මහින්දරාජා කොස්‌ගොඩ ලොකුවා ඝාතන සිද්ධියේ කොටසක්‌ බලෙන්ම භාර ගෙන තිබුණේය.

 "පේනවා නේද මගේ එක්‌ක හැප්පෙන්න ආව උන්ට වෙන දේවල්."

 කොස්‌ගොඩ ලොකුවා ඝාතනය තමන් ලබා දුන් කොන්ත්‍රාත්තුවක්‌ මත සිදුවූ බවට ඒත්තු ගැන්වීමට මහින්ද රාජා උත්සාහ ගත්තේය. එහෙත් ලොකුවා ඝාතන සිද්ධියට ඔහුගේ කිසිදු සම්බන්ධයක්‌ තිබුණේ නැත. කොස්‌ගොඩ සුජී සමග මහින්දරාජා මිත්‍ර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගෙන සිටියේය. ඒ බව මුළු කොස්‌ගොඩ ප්‍රදේශයම දැන සිටියහ.

 කොස්‌ගොඩ ලොකුවා මරා දැමූ පුවත සැලවීමත් සමගම මහින්දරාජාගේ දරුවන් රතිඤ්Æ පත්තු කරමින් තම ප්‍රීතිය ප්‍රකාශ කළේය. දින ගණනක්‌ යනතුරු මොවුන් ඒ සතුට භුක්‌ති විඳිමින් සිටියේය.

 කොස්‌ගොඩ ලොකුවා ඝාතනය කොස්‌ගොඩ තාරුකට එල්ලවූ මරු පහරක්‌ බඳු විය. ඒ වනවිට කොස්‌ගොඩ තාරුක ද දකුණේ පාතාලයේ කෙරුම්කාරයකු වීමේ සිහින දකිමින් සිටින පාතාලකරුවන්ගේ ලැයිස්‌තුවට එක්‌ව සිටියේය. තමන්ට අවශ්‍යම වේලාවේ ලොකුවා අහිමි වීම තාරුකට විශාල පාඩුවක්‌ විය.

 කඹුරුපිටියේ මධුෂ්ගේ ප්‍රධානම ගෝලයකු බවට පත්ව සිටි කොස්‌ගොඩ තාරුක ඒ වනවිට කොස්‌ගොඩ ප්‍රදේශයේ වෙනම පාතාල ආධිපත්‍යයක්‌ ගොඩනගාගෙන සිටියේය. ඒ සඳහා ඩුබායි දේශයේ සැඟවී සිටින කඹුරුපිටියේ මධුෂ්ගෙන් ලැබුණේ නොමඳ සහායකි.

 මධුෂ්ට අයත් ටී 56 ගිනි අවි 20කට අධික ප්‍රමාණයක්‌ මෙන්ම තවත් අවි ආයුධ රැසක්‌ සඟවා තිබෙන්නේ කොස්‌ගොඩ, ඌරගහ , නියාගම, ඇල්පිටිය ප්‍රදේශවලය.

 මධුෂ්ට අයත් මේ ස්‌වයංක්‍රීය අවි ආයුධවලින් වැඩි ප්‍රමාණයක්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ලබා ගත් ඒවාය. එල්.ටී.ටී.ඊ. අවි ආයුධ මධුෂ්ට ලැබෙන්නේ එවකට සිංහල කොටියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අයිස්‌ මංජු හරහා ය.
 අයිස්‌a මංජු සහ කඹුරුපිටියේ මධුෂ් සමීප මිතුරන් ලෙස කටයුතු කළ කාල සීමාවේ එල්. ටී. ටී. ඊ. අවි ආයුධ තොග පිටින් දකුණේ පාතාලයට ලැබුණේය.

 මධුෂ්ගේ මේ අවි ආයුධ මේ වනවිට පරිහරණය කරන්නේ කොස්‌ගොඩ තාරුක ප්‍රමුඛ පාතාල අපරාධ කණ්‌ඩායම් කීපදෙනකු විසින් ය.

 කොස්‌ගොඩ ලොකුවාගේ අකල් වියෝවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි තාරුක තම සගයාගේ ඝාතනයට සම්බන්ධ වූවන්ගෙන් පළිගැනීමට අධිෂ්ඨාන කර ගත්තේය.

 කොස්‌ගොඩ සුජී මේ ඝාතනය පිටුපස සිටින බව තාරුක හොඳින් දැන සිටියේය. ලොකුවා ඝාතනය කළ සුජීගේ ගෝලයන් ඒ වනවිට සිටියේද බන්ධනාගාරගතවය. ලොකුවා ඝාතනයට පළිගැනීම සඳහා ඊට සම්බන්ධ වූ කවුරුන් හෝ විනාශ කිරීමට තාරුකට අවශ්‍ය විය.

 ඒ වනවිට මහින්දරාජා කොස්‌ගොඩ ලොකුවා ඝාතනය තම කොන්ත්‍රාත්තුවක්‌ මත සිදු කළ බවට පුරසාරම් දොඩමින් සිටින බව තාරුකගේ කනවැකිණි. මහින්දරාජාගේ දරුවන් ද ලොකුවා ඝාතනයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව රතිඤ්Æ පත්තු කළ බවද තාරුකට දැනගන්නට ලැබිණි. මහින්දරාජා කොස්‌ගොඩ සුජී සමග සබඳතා පවත්වන බවද තාරුක දැන සිටියේය.

 කොස්‌ගොඩ සුජීට රිද්දවීමට ඇති එකම මාර්ගය මහින්දරාජා සහ පවුලේ සාමාජිකයන් විනාශ කර දැමීම බව සිතූ කොස්‌ගොඩ තාරුක ඒ සඳහා සැලසුම් සකස්‌ කරන්නට පටන් ගත්තේය.

 තම සොහොයුරා ඝාතනය සම්බන්ධයෙන් කොස්‌ගොඩ ලොකුවාගේ සොහොයුරාද සිටියේ දැඩි වෛරයකින්ය. ලොකුවා ඝාතනයට ගෑවුණු ගෑවුණු උන්ගෙන් පළිගැනීමට ඔහුද සැදී පැහැදී සිටියේය.

 මහින්දරාජාට සහ පවුලේ සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම සඳහා ලොකුගේ සොහොයුරා ද සම්බන්ධ කර ගැනීමට කොස්‌ගොඩ තාරුකට හැකි විය.

 කොස්‌ගොඩ සුජියට රිදෙන්නත් එක්‌ක මහින්දරාජා නැති කරලා දාමු. ...... මගේ අයියා මරපු උන්ගෙන් පළිගන්නකල් මට නින්ද යන්නේ නැහැ.

 ලොකුවාගේ සොහොයුරා තාරුක සමග කීවේය. තාරුකට අවශ්‍ය වී තිබුණේ ලොකුවා ඝාතනය කළ පුද්ගලයන්ගෙන් පළිගන්නා අතරම දකුණේ පාතාලයේ තම බලය ව්‍යාප්ත කර ගැනීමය. කොස්‌ගොඩ තාරුක ඒ වනවිට රට පුරා මහා පරිමාණ බැංකු මංකොල්ල රැසක්‌ සිදු කර තිබුණේය. මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ල කෑම, මීරිගම කොමාර්ෂල් බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් විසි ලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කෑම සිදු කළේ තාරුක ඇතුළු කල්ලියක්‌ විසින් ය.

 මීරිගම බැංකු කොල්ලය සම්බන්ධ අපරාධකාරයන් සියල්ල අත්අඩංගුවට ගැනීමට හැකි වුවද තාරුක අල්ලා ගැනීමට හැකිව තිබුණේ නැත.

 මේ අතර අත්තිඩිය ප්‍රදේශයේ බැංකුවකට කඩා වැදී එහි ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා ඝාතනය කර ඔවුන් සතුව තිබූ ආයුධ සහ මුදල් කොල්ලකාගෙන ගොස්‌ තිබුණේද කොස්‌ගොඩ තාරුක ඇතුළු කල්ලියක්‌ විසින් ය. මේ ආකාරයට රට පුරා සිදු කළ මහා පරිමාණ බැංකු කොල්ලකෑම් රැසකට තාරුක සම්බන්ධ වී සිටියේය.

  කොස්‌ගොඩ ප්‍රදේශයේ සෑහෙන වත්පොහොසත්කම් ඇති පවුලක උපත ලැබූ තාරුකට සොහොයුරන් දෙදෙනකු හා එක්‌ සොහොයුරියක සිටියි. තාරුකගේ පියා අධික ලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහිවී සිටි පුද්ගලයකු නිසා කුඩා කල ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.

 මත්පැන් පානය කර නිsවසට පැමිණෙන පියා තාරුකගේ මවට පහර දෙමින් හිරිහැර කිරීම නිසා ඔවුන් ජීවිතය ගත කළේ දුක්‌ඛ දෝමනස්‌සයන් පොදි බැඳගෙනය. බීමතින් පියා නිවසට එද්දී තාරුකගේ මව දරුවන් සිවුදෙනා ද කැටිව කැලෑවේ සැඟවී සිටීම පුරුද්දක්‌ ලෙස කරගෙන ගියාය. ඒවනවිට තාරුක යන්තම් හයහතර තේරෙන වයසේ පසුවන දරුවකු විය.

 දිනක්‌ බීමත්ව පැමිණි පියා නිවසේ ළිඳ වටා ඇති බැම්මේ නිදා සිටියේය. පසුදා උදෑසන තාරුකගේ පියාගේ නිසල සිරුර ළිං පතුලෙන් හමු වුණේය. මේ මරණය අභිරහසක්‌ ලෙස පොලිස්‌ පොත්වල ලියෑවුණ ද එහි විමර්ශන කටයුතු කාලයේ වැලිතලයෙන් එය මැකී ගොස්‌ තිබුණේය.

 පියාගේ අභාවයෙන් පසු තාරුක මෙන්ම පවුලේ සාමාජිකයන් ද යහපත් අන්දමින් ජීවත් වීමේ හැකියාව ලැබී තිබිණි. තාරුක අපොස උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබුවේය. නැගණිය ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ගියාය. ඔවුන් සියලුදෙනා මේ ව නවිට සමාජයේ වගකිවයුතු ඉහළ රැකියා කරන පුද්ගලයන් බවට පත්ව සිටිති.

 තාරුකගේ මවද මේ වනවිට දේශපාලනයට සම්බන්ධ කාන්තාවක ලෙස කටයුතු කරමින් සිටියි. එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඇය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කිරීමටද වරම් ලබාගෙන සිටින බව පැවසෙයි.

 ඒ සියල්ල නිවැරැදි ආකාරයෙන් සිදුවෙද්දී තාරුක පාතාල ලෝකයට සම්බන්ධ වෙන්නේ රස්‌තියාදුකාරයන්ගේ ඇසුර නිසාය. කලක්‌ යුද හමුදාවේ සේවය කළ තාරුක ඉන් ඉවත්ව යන්නේ පාතාල ලෝකයේ භෞතීස්‌ම ලබමින් ය.

 යතුරුපැදි පැදීමේ ශූරයකු වන තාරුක විවිධ අපරාධ සඳහා තම දක්‍ෂතා උපයෝගී කර ගත්තේය. මොහු බැංකු කොල්ලකෑම් සඳහා යතුරුපැදි වලින් යැමට පුරුදුව සිටියේ ඕනෑම අවස්‌ථාවක ඕනෑම ස්‌ථානයක යතුරුපැදිය හැසිරවීමට හැකි නිසාය.

 තම සමීපතමයා වූ කොස්‌ගොඩ ලොකුවා ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස මහින්දරාජා සහ පවුලේ සාමාජිකයන් විනාශ කිරීම සඳහා තාරුක දිනයක්‌ වෙන් කර ගත්තේය. ප්‍රහාරය සඳහා ලොකුවාගේ සොහොයුරාද එක්‌වුණේය.
   ඒ සඳහා අවශ්‍ය ගිනි අවිය ද තාරුක සතුව තිබුණි. ඒ අවි සියල්ල මධුෂ්ගේ ගිනි අවිය.

 ඉකුත් 29 වැනිදා අලුයම තාරුක සහ ලොකුවාගේ බාල සොහොයුරා යතුරු පැදියකින් මහින්දරාජාගේ නිවස සොයා ආහ. තාරුකගේ තවත් පාතාල සගයන් දෙදෙනකු ද වෙනත් යතුරුපැදියක පැමිණ සිටියහ.

 මහින්දරාජා එදින රාත්‍රි ගමේ විහාරයේ කඨින පිංකමට සහභාගීව සිටි අතර අළුයම ඔහු නිවසට ආවේ තනිවමය. දරුවන් තිදෙනා නිවස තුළ කාමරයේ නිදා සිටියදී මහින්දරාජා නින්දට ගියේ නිවසේ සාලයේය.

 අලුයම 3.30 ට පමණ කිසියම් පුද්ගලයකු මහින්දරාජාගේ නම කියමින් කතා කළේය. ඒ නමින් මහින්දරාජාගේ බිරිඳ අවදි වූවාය. තම සැමියා හමුවීමට කිසිවකු හෝ පැමිණ ඇතැයි සිතූ ඇය දොර විවෘත කළාය.

 නිවස ඉදිරිපස ආලින්දයේ පුටුවක පුද්ගලයන් දෙදෙනකු වාඩි වී සිටි අතර තවත් දෙදෙනකු ආයුධ සන්නද්ධව ප්‍රධාන දොර ඉදිරිපිට සිටියහ.

 "උඹලා කවුද මොනවද මේ කරන්න හදන්නේ."

 මහින්දරාජාගේ බිරිඳට කියන්නට ලැබුණේ එපමණකි. එක්‌වරම නිවසට ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා සාලයේ බිම නිදා සිටි මහින්දරාජාගේ හිසට වෙඩි තැබුවේය.

 තවත් පාතාල සාමාජිකයකු නිවසේ කාමරය වෙත දිවගිය අතර එහි නිදා සිටි මහින්දරාජාගේ දරුවන් තිදෙනා වෙතට නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කළේය.

 ඒ ප්‍රහාරය එල්ල කර සාලයට පැමිණි පාතාල සාමාජිකයන් මියගොස්‌ සිටි මහින්දරාජාගේ හිසට නැවතත් වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර පලා ගියේය.

 මහින්දරාජාගේ බිරිඳ විලාප තබමින් කෑගසද්දී සියල්ල සිදුවී හමාරය. ඒ වනවිට මහින්දරාජා සහ ඔහුගේ දරුවන් දෙදෙනකු අවසන් ගමන් ගොස්‌ සිටියහ. එක්‌ පිරිමි දරුවකුට ජීවිතය බේරා ගැනීමට හැකිව තිබුණේ පූරුවේ වාසනාවකටය.
 
එම ප්‍රහාරය එල්ල කළ කොස්‌ගොඩ තාරුක ඇතුළු පාතාල නරුමයන් කෙළින්ම යන්නේ කොස්‌ගොඩ මැණික්‌ ගම්මානය ප්‍රදේශයටය. මැණිකේa ගම්මානයේ පදිංචි 38 හැවිරිදි කපිලරත්න කොස්‌ගොඩ ලොකුවාගේ නිවස පිහිටා තිබුණේ කපිලරත්න නිවස ආසන්නයේය.

 ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලට ඔත්තු දෙන්නේ කපිලරත්න බවට ලොකුවා තුළ කාලයක සිට සැකයක්‌ මතුව තිබුණේය. ලොකුවාගේ තර්ජන ගර්ජන නිසා කපිලරත්න වසර දෙක තුනක කාලයක්‌ ගේ දොර අතහැර දමා සැඟව සිටියේය.

 කපිලරත්න ගම රට බලා නැවත එන්නේ කොස්‌ගොඩ ලොකුවාගේ ඝාතනයෙන් පසුවය. ලොකුවා ඝාතනයට කපිලරත්න ඔත්තු සැපයූ බවට තාරුක විශ්වාස කළේය.

  කොස්‌ගොඩ තාරුක ඇතුළු පාතාල මැරයන් කපිලරත්නට වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු ඔත්තු ලබාදුන් බවට මතුව තිබූ සැකය මතය.
   කොස්‌ගොඩ සිවු මිනිස්‌ ඝාතනයෙන් දකුණේ පාතාලය හෙල්ලී ගොස්‌ තිබිණි. පාතාල කල්ලි කාලයක සිට එකිනෙකා මරා ගත්ත ද මේ ආකාරයට කුඩා දරු පැටව් පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන තත්ත්වයට පත්ව තිබුණේ නැත.
 

 එහෙත් මේ වනවිට දකුණේ පාතාලය ඒ තරමටම ම්ලේච්ඡ තත්ත්වයට පත්වී හමාරය. එය ඉතා නරක තත්ත්වයක්‌ විය. කොස්‌ගොඩ ප්‍රහාරයට එකට එක කිරීමක්‌ ලෙස කොයි මොහොතක හෝ ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ අතින් තවත් මහා විනාශයක්‌ සිදුවන බව පොලිසිය හොඳින් දැන සිටියහ.

 පොලිසිය මෙන්ම පොලිස්‌ විශේෂ කාර්ය බළකායද එම තත්ත්වය මර්දනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ යොදවා තිබුණේ හැකි ඉක්‌මනින් මෙම සිවු මිනිස්‌ ඝාතනයට සම්බන්ධ කොස්‌ගොඩ තාරුක ඇතුළු පාතාල නරුමයන්ගෙන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

 ඒ අතර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ බලඇණියක්‌ම කොස්‌ගොඩ ප්‍රදේශය වෙත එවනු ලැබුවේ ප්‍රදේශයේ ආරක්‍ෂාවට සහ පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

 කොස්‌ගොඩදී මහින්දාරාජා ඇතුළු සිවුදෙනකු ඝාතනය කරන්නේ තමන්ට අභියෝග කරමින් බව කොස්‌ගොඩ සුජී තේරුම් ගෙන සිටියේය.
   ශ්‍රී ලංකාවේ නොසිටියද තමන්ට අවශ්‍ය විටකදී අවශ්‍ය තැනකදී ප්‍රහාරයක්‌ එල්ල කිරීමට හැකි බව පෙන්වීමට කොස්‌ගොඩ සුජීවට ද උවමනා විය. තාරුක තම ප්‍රතිවාදීන්ගේ පවුල් පිටින් ඝාතනය කරන තත්ත්වයට පත්ව තිබූ නිසා එකට එක කිරීමක්‌ ලෙස ඒ ආකාරයේම ප්‍රහාරයක්‌ එල්ල කිරීමට කොස්‌ගොඩ සුජී ට ද අවශ්‍ය වුණේය.

 කොස්‌ගොඩ සුජීගේ ගෝලයන් තාරුකගේ පවුලේ ඥතීන් සොයා ප්‍රදේශය පීරන්නට විය. පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බළකාය යොදවා සිටියද ඒ සියලු ආරක්‍ෂක වළලු වලින් මිදුණු සුජීගේ පාතාල ගහලයන් බටපොලදී තාරුකගේ ඥතියකු කොටු කරගත්හ. මේ ප්‍රහාරය සඳහා පැමිණ සිටියේ පොඩි ලැසි නමැති පාතාල නායකයාගේ ගෝලයෙක්‌ වන කරුණාරත්න සහ තවත් පාතාල සාමාජිකයෙකි. පොඩි ලැසී ද ඒ වනවිට කොස්‌ගොඩ සුජීගේ සමීපයකු බවට පත්ව සිටියේය.

 තාරුකගේ මවගේ බාල සොහොයුරා තම මෝටර් රථය අලුත්වැඩියා කරගන්නට බටපොල ප්‍රදේශයේ ගරාජයක්‌ වෙත එන්නේ තම දරුවන් තිදෙනා සමගය. තාරුකගේ මාමාද මිනීමැරීමක්‌ සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි.

 තාරුකගේ මාමා වාහන ගරාජය වෙත ගොස්‌ තම මෝටර් රථය අලුත්වැඩියා කරගෙන ආපසු නිවස බලා යැමට සූදානම් වනවිට රාත්‍රි 7.30 පසුවී තිබිණි.

 ගරාඡ් හිමියාට ද ඒ වනවිට තම නිවසට යන්නට වාහනයක්‌ තිබුණේ නැත.

 "මම ඔයාව ගෙදරින් දාන්නම්. අපි යමු."

 තාරුකගේ මාමා ගරාඡ් හිමියා මෙන්ම තම දරුවන් තිදෙනාද සමග ගරාජයෙන් පිට වුණේය. එහෙත් ඔවුන්ට වැඩිදුරක්‌ යැමට ඉඩ ලැබුණේ නැත. මෝටර් රථය පසුපසින් පන්නාගෙන ආ පොඩිලැසිSගේ කල්ලියේ කරුණාරත්න සහ ඔහුගේ සගයා ටී 56 ගිනි අවියකින් ඊට නොකඩවා ප්‍රහාර එල්ල කරන්නට වූහ. තත්පර ගණනක දී සිය ප්‍රහාරය නිම කළ පාතාල සාමාජිකයන් දෙදෙනා පලා යන්නේ තම ඉලක්‌කය නිවැරැදි බව සිතමින්ය. එහෙත් වාසනාව තිබුණේ කොස්‌ගොඩ තාරුකගේ මාමාගේ සහ දරුවන්ගේ පැත්තේය. ප්‍රහාරයෙන් තුවාල ලැබූවද ඔවුන් සියලු දෙනාටම ජීවත්වීමේ වාසනාව උරුමව තිබිණි.
 
 හේමන්ත රන්දුණු










ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.