විශේෂයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් එම විහාරස්ථානයේ කෞතුකාගාරයක් ද මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි හිමියන් අතින් සිදු කළ අතර ගරුතර මහා සංඝරත්නය ප්රමුඛව විශාල පිරිසක් එයට සහභාගි විය.
මෙහිදී මහා සංඝරත්නය විශෙහිලා දහවල් දානමය පිංකමක් ද පැවත් වුන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂත් සහභාගි වී සිටියේ ය.
එහිදි මාධ්‍යවෙදීන් විසින් ආචාර්ය විජේදාස රාජපක්ෂගෙන් විමසුවේ මෙම අනුස්මරණ පිං කම් මාලවට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයින් සහභාගි නොවුයේ මන්ද යන්නයි.
ඒ සම්බන්ධව පිලිතුරු දුන් හෙතෙම පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරු තම නිවෙස්වල සිට බොහෝම ශ්‍රද්ධාවෙන් අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමි වෙනුවෙන් පිං පමුණුවමින් ඇති බවයි.කෙසේ වෙතත් උන්වහන්සේ වර්තමාන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපතිවරයා කිරිමට විශාල කාර්යය භාරයක් කලහ.
එමෙන්ම උන්වහන්සේගේ එම ක්‍රියාදාමය තුල පරාජයට පත් වු හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ මෙම දෙවර්ශ පූර්ණ පිං පැමිණවීමේ උත්සවයට සහභාගි විමත්
උන්වහන්සේ බලයට පත් කල පිරිස් එම පිංකමට සහභාගි නොවිමත් මෙම උත්සවය පුරා
කැපි පෙනුණු කාරණයකි. එහිදි විජේදාස රාජපක්ෂ මාධ්‍ය වෙත කරුණු දැක්වු අයුරු වීඩියෝව මෙතනින්