වාහන, සල්ලි පවා සමහරු අරගෙන ගිහිල්ලා... සෝභිත හිමියෝ නොමැතිව වසර දෙකක් ගතවූ නාග විහාරයට ගියෙමි...!!!
කෝට්ටේ ශ්‍රී නාග විහාරය පාලනය කරන වතුරුවිල සුජාත හිමියෝ...
ස්වාමින් වහන්ස, නාග විහාරය ඉදිරිපසින් දිවෙන මේ මාර්ගය සෝභිත ස්වාමින්
වහන්සේ වෙනුවෙන් නම් කර ගන්න තවම ඔබ වහන්සේට බැරි වී තිබෙනවා...
ඇත්තටම අපි ඒ ඉල්ලීම කළේ, උන්වහන්සේගේ පළවැනි ගුණ සමරුව සමඟයි. අපේ
බලාපොරොත්තුව වුණේ උන්වහන්සේගේ අපවත්වීමෙන් වසරක් සපිරෙන විට ඒ කර්තව්‍යය
ඉටුකරන්නයි. ඒ සඳහා අවශ්‍ය සියලු අනුමත කිරීම් ලැබිලා තිබුණා. වෙන එකක්
තබා, උන්වහන්සේගේ නමින් ඉදිකරන පුවරුව පවා සකස් කොට තිබුණා. ඒත් හිටි
හැටියේම ඒ කටයුත්ත නතර වුණා. මම හිතන්නේ තවම ඒ කට්ටියට කාලය මදිවෙලා ඇති.
ජනවාරි අට සිදුවූ ආණ්ඩු පෙරළියේ
නිර්මාතෘවරයා උන් වහන්සේය. නොවැම්බර් අට වැනිදා දවසක උන් වහන්සේ ජාතියට
සමුදුන් සේක. දැන් උන් වහන්සේට අයිතිකාරයෝ බොහෝය. අද උන්වහන්සේ සිටියා නම්
යන මාතෘකාව යටතේ තම අපේක්ෂාවන් වෙනුවෙන් කතා කරන පිරිස බොහෝය. ඒ සියල්ල
අතරින් අපි කෝට්ටේ නාග විහාරයට පැමිණියේ මාදුළුවාවේ සෝභිත ස්වාමින්
වහන්සේගේ උද්දේසිකත්වය තවමත් එහි රැඳී ඇති නිසාය. උන්වහන්සේ සමරමින් කරන ලද
පිංකම්, සහ සැමරුම් හි අවශේෂ ඒ වන විටත් එහි ශේෂව පැවතුණේය. ඊට පෙර දින
ශතාධික මහා සංඝරත්නය විෂයෙහි දෙන ලද දාන පිංකම සඳහා ඉදිකරන ලද ශාලාව, ඒ
සඳහා පිළියෙළ කරන ලද කළමනා ආදිය අස්පස් කරමින් තිබුණි. එම වැඩ සඳහා
නායකත්වය දෙමින් සිටියේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල
සුජාත හිමියෝය. සෝභිත හිමියන්ගේ ඇවෑමෙන් දෙවසරකට පසු යන මාතෘකාව අපි
උන්වහන්සේ වෙතින් විමසුවෙමු.
ස්වාමින් වහන්ස... ඔබ වහන්සේ සහ නාග විහාරය අතර සම්බන්ධතාව ගැන අපි මුලින් දැන ගන්න කැමැතියි...
නාග විහාරය කියන්නේ මා පැවිදි වූ තැන. ගරු කටයුතු මාදුළුවාවේ සෝභිත
හාමුදුරුවෝ මගේ ආචාර්යයන් වහන්සේ හැටියට, මගේ දිවි ඇතිතාක් මා පිළිගනු
ලබනවා. අපි කවුරුත් නොහිතපු අවස්ථාවක උන්වහන්සේගේ අපවත්වීම සිද්ධ වෙනවා. ඒ
අපවත් වීමෙන් අනතුරුව, මේ ස්ථානයේ යම් අධිපතිත්වයක් හිමිවෙනවා නම්, එය
හිමිවිය යුත්තේ මා හට බවයි මගේ විශ්වාසය. එයයි සාමාන්‍ය සම්ප්රදාය සහ
ස්වභාවය. ඇත්තටම මේ නාග විහාරයේ පමණක් නොවෙයි, වෙනත් කිසිම තැනක සිද්ධ
නොවිය යුතු දෙයක් තමයි, පන්සලේ ක්‍රියාපටිපාටිය බිඳ හෙළීම... ඒ වගේම
දායකකාරකාදීන්ගේ අභිමතාර්ථයන්ට පිටුපාලා වැඩ කරන එක. ගරු කටයුතු නායක
හාමුදුරුවන් වහන්සේලාගේ නායකත්වය මත මේ විහාරස්ථානයේ ජනප්‍රියත්වය
ඇතිවුණා...රඳා පැවතුණා. මේ ස්ථානය ඒ ලෙසම ඉදිරියට රැගෙන යැමේ ශක්තිය
පවතින, භික්ෂුන් වහන්සේලා අතර,
ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයන් වහන්සේ
මා බව ගරු කටයුතු මහා සංඝරත්නය සේම, සමස්ත සතර පේරුවේ දායකකාරකාදීන් මෙන්ම
අප දන්නා සියලු රට වැසියන් දන්නා කාරණයක්. එසේ වුණාට එසේ නොවුණු කාලයක් ද
නාග විහාරයට පසුගිය කාලයේ තිබුණා.
නාග විහාරය සම්බන්ධයෙන් දැනට නඩු කීයක් විතර තියෙනවාද...?
ඇත්තටම මේ හා බැඳුණු නඩු ගණනාවක් දැනට පවතිනවා. ප්‍රධාන නඩු සහ ඒ හා
බැඳුණු නඩු ගණනක් නාග විහාරය සම්බන්ධව දැනට පවතිනවා. අපි කෙදිනකවත්
පොලිසි, උසාවි ගානේ ගිය අය නෙමෙයි. එසේ වුවත් මේ ශාසනික කාරණා නිසා අපිට ඒ
තැන් වලත් ඇවිදින්න සිද්ධවෙලා තියෙනවා. ගුරුදේව ලොකු හාමුදුරුවන්ගේ
අපවත්වීමත් සමඟ එතෙක් මෙතෙක් මේ රටේ තරුණ භික්ෂූන් වහන්සේ නමකට විඳින්න
සිදු නොවූ ගැහැට ගණනාවක් මට විඳින්න සිදුවුණා. නායක හාමුදුරුවන්ගේ දේහය
බලන්න එන්න බැහැ, කියලා නියෝග ගත්තා. ආදාහනයට එන්න බැහැ කියලා නියෝග ගත්තා.
තමන්ගේ කෙනෙක්ගේ මරණයක් වුණොත් හිර ගෙවල්වල ඉන්න අයට පවා මාංචු ගලවලා හෝ
ඒවා පිටින් එම අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒ
වුණත් මට එම අවස්ථාව පවා ලැබුණේ නැහැ.
නාග විහාරයේ තිබූ දේපළ පචා අතුරුදන් වෙච්ච බවට සමහර අවස්ථාවලදී ප්‍රකාශ වුණා...?
ඇත්තටම ආයතනයක ප්‍රධානියා නැතිවුණහම, විශේෂයෙන්ම පන්සලක එම තත්ත්වය
ඇතිවුණහම ඒ වගකීම් දරන්න ඊළඟ දෙවැනියාට අවස්ථාව හම්බු වෙනවා. ඒ අවස්ථාව
මග හරිමින් පන්සල සතු වටිනා දේවල්, ගරු කටයුතු නායක හිමියන් සතු මිල මුදල්
යාන වාහන පවා සමහරුන් අරගෙන ගිහිල්ලා තිබෙනවා. ලොකු හාමුදුරුවන් පරිහරණය
කරන ලද රථය ආපසු ගන්න අපිට විවිධ උපක්‍රම යොදන්න සිද්ධ වුණා. මාදුළුවාවේ
සෝභිත හාමුදුරුවෝ කියන්නේ නාග විහාරාධිපති වහන්සේ පමණක් නොවෙයි. උන්වහන්සේ
ජාතික, ජාත්‍යන්තර සංවිධාන ගණනාවකට නායකත්වය දුන්නා. උන්වහන්සේ නායකත්වය
දුන් පන්සල් සාදන ව්‍යපෘති, ගම්මාන නඟාසිටුවන ව්‍යපෘති, නිවාස ව්‍යපෘති ආදී
දේවල් ගණනාවක් සිදු කෙරුණේ මේ නාග විහාරය කේන්ද්‍ර කරගෙන. ඒ සියල්ලේ
මුදල් හදල් තිබුණේ මේ විහාරස්ථානයේ. දේශීය මුදල් වගේම විදේශීය මුදල් මේ
විහාරස්ථානය සතුව තිබුණා. ඒ සියල්ල අද වෙනකොට පන්සලෙන් බාහිර යම් යම්
බලවේග සතුකරගෙන තිබෙනවා.
ඒ කියන්නේ එම මුදල්, සම්පත් ආදිය රැගෙන ගිය පිරිස් පිළිබඳව ඔබ වහන්සේ දන්නවා...
ඇත්තටම මම ඒ ගැන දන්නවා... ඒ වකවානුව තුළ අපේ පැමිණීම වළක්වමින් මේ
ස්ථානයට අමුතු පිරිසක් ඇවිල්ලා කරපු, කියපු දේවල් අපි දන්නවා. ඇත්තටම
වතුරුවිල සුජාත කියන මේ චරිතය ගැන මහා නායක ස්වාමීන්වහන්සේ ලා ප්රමුඛ මේ
රටේ සංඝරත්නය දන්නවා. ,මේ රටේ ජනතාව මා ගැන දන්නවා. ඒ වුණත් යම් පිරිසකට
මාව මේ සියල්ලෙන්ම ඉවත් කරන වුවමනාවක් තිබෙන බව පේනවා. ශාසනික ජීවිතය තුළ
මෙවැනි අභියෝග රාශියකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා.
සෝභිත
හාමුදුරුවන් වෙනුවෙන් පවත්වපු දානමය පිංකම සඳහා විවිධ තලවල දේශපාලන නායකයන්
පැමිණුනා... නමුත් ජනවාරි අට වැනිදා ජයග්‍රහණය කරපු කණ්ඩායමේ පිරිසෙන්
එදා නාග විහාරයට ආවේ අඩු පිරිසක් බව පෙනුණා..
මෙවර
දානමය පිංකම සඳහා අපි ආරාධනා කළේ, සහ බලාපොරොත්තු වුණේ ශතාධික මහා
සංඝරත්නය වුවත් එමෙන් දෙගුණයක් පමණ හාමුදුරුවරු එදා මේ නාග විහාරයට වැඩම
කළා. ජනතාවත් එහෙමයි... ඒකට පාට පක්ෂ බේද තිබුණේ නැහැ. සෝභිත හාමුදුරුවෝ
පාට පක්ෂ බේද කිසිවක් පන්සලේදී බලලා කටයුතු කරපු චරිතයක් නෙමෙයි. අපි
නායක හාමුදුරුවන්ගේ පළමුවැනි සංවත්සරයට උන්වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ
ප්‍රතිමාවක් ඉදිකරලා, විවෘත කළා. සමරු මුද්දරයක් නිකුත් කළා. ඒ ආදී
වශයෙන් කාරණා ගණනනාවක් ඉටු කළා. ඒ සියල්ලට පක්ෂ බේද තිබුණේ නැහැ.
විශේෂයෙන්ම මල්වතු මහා විහාරයේ අනු නායක නාහිමියන් ප්‍රධාන විහාරාධිපති
ස්වාමින් වහන්සේලා, මහාචාර්ය ස්වාමීන් වහන්සේලා, පරිවේනාධිපතින් වහන්සේලා
ආදී මහා සංඝරත්නය එදා නාග විහාරයට වැඩම කළා. ඒ සියලු ගිහි පැවිදි පිරිස
දේශපාලනයක් කර දරාගෙන නෙමෙයි මෙහෙට වැඩියේ... ආවේ... එදා අපි සෝභිත නායක
හාමුදුරුවන් පරිහරණය කරන ලද ද්‍රව්‍ය අඩංගු කර කෞතුකාගාරයක් විවෘත කළා.
උන්වහන්සේගේ නමින් පුස්තකාලයක් විවෘත කළා. මේ ආදී පිංකම් රැසක් අප
විසින් ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වෙනුවෙන් ඉටු කළා.
අපේ
නායක හාමුදුරුවෝ හැමදාම රටේ ජාතියේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටියා. මේ රටේ
ඒකීයභාවය වෙනුවෙන් හැමදාම උන්වහන්සේ පෙනී සිටියා. ඒ මතවාදය සමඟ වරින් වර
විවිධ කණ්ඩායම් උන්වහන්සේ වටා ඒකරාශි වුණා. ඒ වුණාට මේ රටේ සියලු මත දරපු
පිරිස් උන්වහන්සේට ගරු කළා. ඒ සියලු දෙනා මේ පිංකම් මාලාවට සහභාගි වුණා.
ස්වාමින් වහන්ස, නාග විහාරය ඉදිරිපසින් දිවෙන මේ මාර්ගය සෝභිත ස්වාමින්
වහන්සේ වෙනුවෙන් නම් කර ගන්න තවම ඔබ වහන්සේට බැරි වී තිබෙනවා...
ඇත්තටම අපි ඒ ඉල්ලීම කළේ, උන්වහන්සේගේ පළවැනි ගුණ සමරුව සමඟයි. අපේ
බලාපොරොත්තුව වුණේ උන්වහන්සේගේ අපවත්වීමෙන් වසරක් සපිරෙන විට ඒ කර්තව්‍යය
ඉටුකරන්නයි. ඒ සඳහා අවශ්‍ය සියලු අනුමත කිරීම් ලැබිලා තිබුණා. වෙන එකක්
තබා, උන්වහන්සේගේ නමින් ඉදිකරන පුවරුව පවා සකස් කොට තිබුණා. ඒත් හිටි
හැටියේම ඒ කටයුත්ත නතර වුණා. මම හිතන්නේ තවම ඒ කට්ටියට කාලය මදිවෙලා ඇති.
සෝභිත හාමුදුරුවන්ගේ සටන අද අරගෙන යන්න මහා සංඝරත්නය ඉන්නවාද කියන ප්රශ්නය හැමෝම අහනවා. ඒ සඳහා අද පෙරමුණ ගෙන සිටින්නේ කවුද ...?
මේ රට, ජාතිය අර්බුදයකට ලක්වෙන අවස්ථාවල සඟ තලය තුළින් හැම විටම
නායකත්වය ලැබුණා. ප්‍රධාන නායක නාහිමිවරු මේ සඳහා කටයුතු කරනාකාරය අපි පසු
ගිය කාලයේදී දැක්කා. අපේ බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ පසුගිය දවස්වල
බොහොම ඍජුව කතාකරන ආකාරය අපි දැක්කා. තමන්ගේ ජීවිතය පවා පුජා කරන්න
සූදානම් බවට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා අදත් මේ රට වෙනුවෙන්, ජාතිය
වෙනුවෙන් කතා කරන්න උගත්, වියත් භික්ෂු පරපුරක් සිටින බව අපට කියන්න
පුළුවන්. ගරු කටයුතු නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ අපවත්වීමෙන් නතර කරන ලද
තැන ඉඳලා නාග විහාරය ඉදිරියට ගෙන යැම තමයි අපෙත් අරමුණ.
නාග
විහාරයට අද නඩු කියන විදිහ දැක්කාම දායක කාරකාදීන්ට හිතෙන්නේ 'අපිටත් වඩා
මේ භෞතික දේවල් සඳහා සංඝයා වහන්සේලා රණ්ඩු කරනවා ද කියන එකයි...?"
ඇත්තටම අපි මොකටද පන්සල් වෙනුවෙන් නඩු කියා ගන්නේ... ඒක ඇත්තටම අවශ්‍ය
නැහැ. ඒත් සමහර දෙනෙක් කරලා තියෙන දේවල් නිසා අපිට නඩුවලට යන්න වෙලා
තියෙනවා. පන්සල කියන්නේ ගමට නායකත්වය සපයන ස්ථානය. වැඩ සිටින හාමුදුරුවෝ
වෙනස් වුණාට පන්සල වෙනස් වෙන්නේ නැහැ. ඒත් අවස්ථාවාදී සමහරු දේශපාලනය,
කුමන්ත්‍රණ ආදිය කරමින් තරුණ හාමුදුරුවරුන්ට කරදර කරනවා. මේ විවිධ කල්ලි
කණ්ඩායම් අන්තවාදීව වෙනත් දේවල් ලබා ගැනීමේ අරමුණ සහිතව කරන දේවල් නිසා
අපිත් ඒ අයුක්තියට අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම උදෙසා අධිකරණයට යන්න
අපිටත් සිද්ධ වෙලා තියෙනවා.
මනෝඡ් අබයදීර
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, November 12, 2017
නාග විහාරය ඉදිරිපස මාර්ගය සෝභිත හිමි වෙනුවෙන් නම් කරන්නට බැරි යහපාලන පාහරයො ගැන මොන කථාද....!!!
Posted by
lankanews
at
November 12, 2017
Labels: kotte naga temple, lankanews, maduluvave sobitha thero, Maduluwawe sobitha thero, rev sobitha, sobitha himi, yahapalanaya
නාග විහාරය ඉදිරිපස මාර්ගය සෝභිත හිමි වෙනුවෙන් නම් කරන්නට බැරි යහපාලන පාහරයො ගැන මොන කථාද....!!!
2017-11-12T20:34:00+01:00
lankanews
kotte naga temple|lankanews|maduluvave sobitha thero|Maduluwawe sobitha thero|rev sobitha|sobitha himi|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...