මහ පොළව නුහුලන අපරාධ මෙන්න..බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ වගා ඉඩමි වල අස්වැන්න විනාශ කරන ලෙස පාලන අධිකාරියෙන් සේවකයන්ට නියෝගයක්…. එසේ නොකරන සේවකයන්ගේ වැඩ තහනමි කිරිමට පාලන අධිකාරිය පියවර....
ජාතික පශු සමිපත් මණ්ඩලය යටතේ පාලනය වන බෝපත්තලාව රජයෙ සත්ත්ව ගොවිපළේ
සේවකයන්ගේ නිළ නිවාස අසල එම මණ්ඩලය මගින් එළවලු වගා කිරිම සදහා ලබාදි තිබු
ඉඩමි පර්චස් විස්සකට සිමා කිරිම හේතුවෙන් එම රජයෙ සත්ත්ව ගොවිපළේ සේවකයින්
ගැටලු රැසකට මැදිවි තිබෙනවා.
1948 වර්ෂයසේ සිට 2014 වසර දක්වා පුරා වසර හැට නවයක් ගොවිපලින් ලබා දි
තිබුසේවක නිළ නිවාස ආසන්නයේ ලබා දි තිබු ඉඩමි වල් එළවලු වගා කරමින් එයින්
ලැබෙන ආදයමින් එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගත් එම ගොවිපළේ ජිවත් වන බවයි එහි
සේවකයන් පවසන්නේ.
එම සත්ත්ව ගොවිපළේ සේවය කරන සේවකයින්ට දිනක වැටුප වශයෙන් රැපියල් හාරසිය
පහළොවක වැනි සුලු වැටුපක් ලැබෙන බවත් එම මුදල ජිවත් විමට ප්‍රමාණවත් නොවන
නිසා අමතර ආදයමක් වශයෙන් ගොවිපලේ පාලන අධිකාරිය විසින් එවකට ලබා දි තිබෙන
ඉඩමි කැබැල්ලේ තමන් එළවලු වගා කර තම ජිවන උපායසිදුකරගෙන ගිය බවයි එම
ගොවිපළේ සේවකයන් පවසන්නේ.
දැනට වසර ගණනාවක් වගාකර ඇති ඉඩමි ගොවිපළේ පාලන අධීකාරිය මගින් මැන
පර්චස් විස්ස බැගින් වෙන්කර ඇති බවත්, එම පර්චස් විස්සට වඩා වගා කර තිබෙන
ඉඩමිවල අස්වැන්න ඔහුන් ඉදිරියේම විනාශ කරන ලෙස පාලන අධිකාරිය මගින් ගොවින්ට
දැනුමි දි ඇති බවයි එම ගොවිපළේ සෙවකයින් පවසන්නේ. එසේ වගාව විනාශ නොකරන
ගොවින් අටදෙනෙකුගේ සේවයද මේ වන විට ගොවිපළේ පාලන අධිකාරිය මගින් තාවකාලිකව
අත්හිටුවා ඇති බවද එම ගොවිපළේ සේවකයින් පවසනවා.
දැනට ගොවිපළ මගින් ලබා දි ඇති සේවක නිළ නිවාස වලද කිසිදු පහසුකමක්
නොමැති බවත් තමන් එම ගොවිපළේ ඇතිකරන ගවයන්ට තිබෙන පහසුකමිවත් තමන්ට නොලෙබෙන
බවයි සේවකයන් චෝදනා කරන්නේ. තවද එම ගොවිපළේ ඉවතලන ගොම පොහොර තම වගා කටයුතු
වලට පවා ලබා නොදි එම ගොම පොහොර කොත්මලේ ජලාශයට දියකර මුදාහරින බවද සේවකයන්
පවසන්නේ.
මේ වන විට පාලන අධීකාරියේ ඉල්ලිම මත ගොවිපළේ රැකියාව සුරක්ෂිත කර ගැනිම
සදහා වගා කළ අර්තාපල්, කැරටි, මාලු මිරිස්, ගෝවා ඇතුලු එළවලු වගාව
සේවකයින් කිහිපදෙනෙකු විසින් විනාශ කර ඇති බවත් දැනටදිවයිනේ අඩුම වැටුපකට
වැඩ කරන සේවක පිරිසක් සිටින්නේ බෝපත්තලාව රජයේ ගොවිපළේ බවයි එම ගොවිපළේ
සේවකයින් පවසන්නේ.
බෝපතල්ලාව ගොවිපල සතුව අතිවිශාල ඉඩමි ප්‍රමාණයක් පවතින අතර එයින්
ගොවිපළේ ප්‍රයෝජනයට ගන්නේ 40% ක ඉඩමි ප්‍රමාණයක් බවත් ඉතිරි ඉඩමි සියල්ල
වල්බිහිවි මුඩු ඉඩමි සේ කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බවයි සේවකයින්
පවසන්නේ. තවද සත්ත්ව ගොවිපලට කිසිදු ආකරයකින් හානියක් නොවන සේ තම වගා
කටයුතු සිදුකරගෙන ආ බවද එම සත්ත්ව ගොවිපළේ සේවකයන් වැඩි දුරටත් කියා
සිටියේ.
ෙමි සමිබන්ධයෙන් අප කරුණු විමසිමට එම ගොවිපළ භාරව කටයුතු කරන සහකාර
සාමාන්යධිකාරිවරයාගෙන් කරුණු විමසිමට අවස්ථා කිහිපයකදි උත්සහ කළත් එය
ව්‍යාප්ත වුණා.
රංජිත් රාජපක්ෂ -හැටන්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Wednesday, November 1, 2017
බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ වගා ඉඩමි වල අස්වැන්න විනාශ කරන ලෙස පාලන අධිකාරියෙන් සේවකයන්ට නියෝගයක්….
Posted by
lankanews
at
November 01, 2017
Labels: agriculture, agriculture building, agriculture ministry, duminda disanayake, lankanews, yahapalanaya
බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ වගා ඉඩමි වල අස්වැන්න විනාශ කරන ලෙස පාලන අධිකාරියෙන් සේවකයන්ට නියෝගයක්….
2017-11-01T23:28:00+01:00
lankanews
agriculture|agriculture building|agriculture ministry|duminda disanayake|lankanews|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...